පිටු වැකිය – දෙලෝ රත්වීමට පෙර
පෘර්‍ථවියේ දේශගුණ පද්ධතිය උණුසුම් වීම අතිශයින්ම නිසැක බව දේශගුණය වෙනස්වීම පිළිබඳ අන්තර්ජාතික මණ්ඩලය 2014 දී එළිදැක්වූ සිය අළුත්ම වාර්තාවෙන් තහවුරු කළේය. දේශගුණය වෙනස්වීම පිළිබඳ අන්තර්ජාතික මණ්ඩලය මේ ෂ්‍ත්‍රෙයේ නියුතු අතිවිශිෂ්ඨ විදාඥයන්ගෙන් සමන්විතය. . 1865 සිට ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් රැස්කර ගනු ලැබූ ගෝලීය උෂ්ණත්වයේ අඩුවැඩිවීම් පිළිබඳ දත්තයන් වලට අතිරේකව ධ්‍රැවාසන්නයේ අයිස් ඝණය තුල වසර දස දහස් ගනනක් තිස්සේ හිරව තිබු වායු බුබුලු විශ්ලේෂය කිරීම මගින් ගතවූ වසර දහසතුල පෘර්‍ථවි උෂ්ණත්වයේ අඩුවැඩිවිම් ප්‍රස්තාර ගත කිරීමට අද විද්‍යාඥයන්ට හැකිව ඇත.
ගෝලීය දේශගුණ පද්ධතිය උණුසුම්වෙමින් පවතින බව නිසැකබව තහවුරුකල මේ අතිශයින් වැදගත් නිගමනය මූලික වශයෙන් පහත දැක්වෙන ක්‍ෂෙත්‍රයන්හී දත්ත මත පදනම් විය:
- පොළෝතලයේ, වායුගෝලයේ සහ මහ සයුරේ උෂ්ණත්වයේ සාමාන්‍ය අගය ඉහලයාම.
- අයිස් ග්‍ලැසියර සහ හිමතලාවන් වැඩි වැඩියෙන් දියවීයාම.
- සාගරයේ ජල මටිටම වැඩිවෙමින් පැවැතීම.
දේශගුණයේ රත්වීම නිසා උත්‍රධ්‍රැවයේ උෂ්ණත්වය වැඩිවීම සහ හිමතලය අඩුවීම, සාගර ජලය උණුසුම් වීම හා ලවණ සාන්ද්‍රණය වෙනස්වීම, වායුගෝලයේ වාෂ්ප ගහණය සහ වායු සංසරණ රටාව වෙනස්වීම ආදිය දේශගුණය වෙනස්වීම අන්තර්ජාතික මණ්ඩලයේ නිරීෂණ වාර්තාවලින් දැඩි අවධාරණයට ලක් විය.
මේ විපරීත දේශගුණයේ ප්‍රර්‍ථපල ලෝකයේ විවිධ ප්‍රදේශවල ඡනතාවට දැඩි නියග හා සීඝ්‍ර කාන්තාරීකරණය, ධාරානිපාත වැස්ස හා නිරන්තර ගංවතුරු, දැරිය නොහැකි ඌෂ්ණ වායු තරංග, විපරීත සෘතු විපර්යාස හා අසාමාණ්‍ය ලෙස තියුණු ඝර්මකලාපීය සුළිසුලං යනාදි වශයෙන් දැනටම අත්දැකීමට ලැබී ඇත. පෘථර්‍වි පරිසර පද්ධතිය පිළිබඳ විශිෂ්ඨ ගණයේ විශේෂඥයෙකු වන මහාචාර්ය ජේම්ස් ලව්ලොක් පැවසූ පරීදි මේ විපරීත දේශගුණය වනාහී පොලෝවාසීන්ට මහාවිපත්තියක් ගෙනෙමින් ප්‍රචන්ඩලෙස ප්‍රතික්‍රියා කිරීමට පෘර්‍ථවිය කිසිසේත්ම පසුබට නොවන බවට කල්තියා කරන අණතුරු ඇගවීමකි. ඔහු සිතන පරිදි දේශගුණයේ මේ වෙනස් කම් ඇති කිරීමට හේතුකාරක වූ මානව ක්‍රියාකාරීකම් පාලනය කිරීමට දැනටමත් අප පමාවූවා වැඩිය.
කෙසේවෙතත් අද ජීවත් වන මනුෂ්‍යයන්ගෙන් 70%ක්ම වසර 2050 වන විටද ජීවත් විය යුතුය. ඉදිරි දශක දෙක තුන ලෝක දේශගුණය ගමන් ගන්නා දිසාව සමස්ත මානව වර්ගයාගේත් අවශේෂ සත්වයන්ගේත් පැවැත්ම පිළිබඳ තීරණාත්මකව බලපානු ඇත. ඒනිසා වැදගත්ම කරුණ මේ විපර්යාසය මනාව තේරුම්ගෙන දේශීය හා ජාත්‍යාන්තර වශයෙන් ගතයුතු ක්‍රියා මාර්ගයන් නොවලහා ගැනීමත් අන් සියලු කටයුතු පරයා ඒ සඳහා කැපවීම අවශ්‍යයබව අපවිසින් තෝරාපත්කරගත් නායකකාරකාදීන්ගේ යුතුකමබව අවබොධකර දීමයි.
කාලෝ අයංතේ
දයානන්ද ගුනවර්ධනගේ නරිබෑණා නාට්‍යයයේ මගුල්කෑමට පැමිණි නරියා සිය අනාගත මාමණ්ඩිය හා කතාවට පූර්විකාව කරගන්නේ “එහෙත් හරිවැස්ස – මෙහෙත් හෙම නැද්ද?” යනුවෙන් කාලගුණය විමසමිනි. අනන්ත කාලයක් තිස්සේ කාලගුණය මිනිසුන්ගේ එදිනෙදා කතා බහේ ප්‍රස්තාවනාව බවට පත්ව ඇත්තේය. කෘෂිකර්මයෙන් ජීවත්වූ මිනිසුන්ට කාලගුණය අතිශයින්ම වැදගත්වූ අතර කාලගුණයේ ඉදහිට ඇතිවන අස්වාභාවික වෙනස්කම් දේවකෝපයන් වැනි අදෘෂ්‍යමාන බලවේගයන්වල ඵලයන්යයි අතීතයේදී මිනිසුන්විශ්වාස කලහ. අද අපි ජන මාධ්‍යය ඔස්සේ දිනපතා ප්‍රචාරයවන විද්‍යාත්මක දත්ත මත පිහිටි වඩා නිවැරදි කාලගුණ තොරතුරු උපයෝගීකර ගැනීමට පුරුදු වී සිටිමු.
එහෙත් කාළගුණයත් දේශගුණයත් එකිනෙකට වෙනස් අරුතින් තේරුම් ගතයුතුය. අපි එදිනෙදා මුහුණදෙන අව්-වැසි, සිසිල-උණුසුම ආදී ස්වභාවික හැසිරීම් කාලගුණයෙන් තේරුම්කෙරෙන අතර දේශගුණයෙන් නිරෑපණය කෙරෙන්නේ යම්කිසි භූගෝලීය කලාපයක් හෝ සමස්ථ පෘර්‍ථවිය පුරාම හෝ කිසියම් නිශ්චිත කාල පරිච්ඡෙදයක් පුරා පවතින කාලගුණයේ සමස්ත ඓක්‍යයයි. ශිශිරය, වසන්තය, ගිම්හානය හා හේමන්තය ආදීවශයෙන් නිවරෟතන කලාපවල සෘතුවෙන් සෘතුවට ඇතිවෙන වෙනස්කම් වෙනස් දේශගුණයන්ට උදාහරණය.
තම ආසන්න වටාපිටාවේ සිදුවන ඇතැම් දේශගුණික වෙනස්කම් අසීමිත කැලෑ එලිකිරීම් නිසා සිදුවිය හැකිබව කලක සිට මිනිසුන් විසින් තේරුම් ගෙන තිබූ නමුත් මුලු පෘර්‍ථවිය පුරාම දේශගුණය ඉදුරාම විපරීත කිරීමට එවැනි සීමිත මානව ක්‍රියාකාරීකම් සමත් වන බවට සාක්ෂි එතල නොවීය. බොහෝ සංශයවාදීන් විසින් නිරතුරුව හුවා දක්වන පරිදි පෘථර්‍වි ගෝලය බිහිවී ගතවු වසර බිලියන හතරහමාරක කාලයතුලදී ඇතැම්විටක අතිශයින්‍ම සීතලවූත් තවත් විටෙක මහ පොළොව දවා හළුකලාවුත් විවිධ සීමාන්තික දේශගුණික වෙනස්කම් දහස් සංඛ්‍යාතවාරයක් පුණපුණා සිදුවූ බව නිසැකය.
අතිශයින් ශීතල අයිස් යුග, මුරුගසන්වැසි සහ මහපොලොව කකාරවමින් ගිනිවරුසාවන් ඇදහැලුනු යුගයන් ගැන විද්‍යාත්මක තොරතුරු අප කලෙක සිටම දැන සිටියෙමු. ඒවාට හේතුභූතවූ කරුණු අතර එකවර දස දහස් ගනනින් විදාරණය වූ ගිනිකදු නිසා හෝ දැවැන්ත වල්ගාතරු මහපොලොව හා ගැටීම නිසා හෝඇතිවුන සුවිශාල ඡත්‍රාකාර ධූමස්තරයන්ගෙන් වාතලය ආවරණය වීමේ සිට සූර්ය පෘෂ්ඨය පුපුරා විදාරණය වීම් සහ පෘර්‍ථවි කක්ෂයේ භ්‍රමණ පථය හදිසියේ වෙනස්වීම දක්වා විවිධවූ සවභාවික හේතු විය.
මේ සවභාවික හේතු නිසා ඇතිවූ අසීමිත දේශගුණ විපර්යාසයන් විද දරා ගැනිමට වසර බිලියන ගනනාවක් තිස්සේ මහපොලොවට හැකිවිය. හැම අසීමිත දේශගුණ විපර්යාසයකටම අනතුරුව මහ පොළොව සිය පරිසරය අළුතින් ගොඩ නගා ගත් ජීවගෝලයක තහවුරු කලේය. එහෙත් කලින් මහ පොළෛාව මත සිටි හැම ප්‍රාණීයෙකුටම තම පැවැත්ම පෙර පැවැති අයුරින්ම නැවත සාක්ෂාත් කරගැනීමට මේ හැම පරිවර්තනයන්ම ඉඩදුන්නේ නැත. මහපොලොවට අයිතිවාසිකම් කීමට සත්ත්‍වයන් නිරන්තරයෙන්ම උත්සුකවන නමුත් තමන්ගෙන් චුත වූ ශාක සත්වයන් ගැන ලතවනවාට වඩා තම පැවැත්ම ඇත්තේ නවතත්වයන්ට අනුවර්තනය වීමට තමාට ඇති හැකියාව මත බවත් නව තත්තවයන් විසින් නව සත්ත්‍වයන් විකාශණය කරනු ලබන බවත් මහපොලොව මැනවින් දනී.
මෙතෙක් යට කී ස්වභාවික හේතුන් නිසා ඇතිවූ එකදු ව්‍යසනයක්වත් ඉතා නුදුරු අනතුරක් පිලිබදව මනුෂ්‍යය වර්ගයා භීතියටපත් කිරීමට සමත් නොවීය. එහෙත් අද අප මුහුණදී සිටින බැරෑරුම් අනතුර සංශයවාදී තර්ක වලින් තව දුරටත් වසන් කල නොහැකි බවට විද්‍යාත්මක සාක්ෂි එමටය.
මිනිස් ක්‍රියාකාරීකාම් දේශගුණ විපර්යාසයට වගකිවයුතු බව සැක සහිතයයි තවමත් අදහන සංශයවාදීන් විසින් පිළිතුරුදිය යුතු වැදගත් පැණ සතරක් 2006 දී පළකල”පොළාව ගිණියම් වීම වලක් වන්නේ කෙසේද” යන සිය කෘතියෙන් ජෝර්ජ් මොන්බියොට් ඉදිරිපත් කරයි.
- වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් තිබෙන්නේද?
- වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වල ප්‍රමාණය වැඩිවීම නිසා පෘර්‍ථවි උෂ්ණත්වයේ සාමාන්‍ය අගය වැඩිවේද?
- එම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය තවත් වැඩිවුවහොත් උෂ්ණත්වය තවත් උත්සන්න වේද?
- වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතුවීමට මානව ක්‍රියාකාරීකම් හේතුවක්ද?
ඉහත කී සතර පැණයට “නැත” යනුවෙන් පිළිතුරුදෙන විද්‍යාඥයෙකුයැයි කියා ගන්නා ඕනෑම පුද්ගලයෙකු නොවලහාම නෝබල් ත්‍යාගය සඳහා ඉදිරිපත්විය යුතුය. මන්ද දේශගුණය පිළිබඳ මෙතෙක් ගොනුකර ඇති සියළුම විද්‍යාත්මක දැනුම ඔළුවෙන් සිටුවීමට ඔහුට සිදුවන බැවිනියි මොන්බියොට් පවසයි.
ගතවූ වසර විසි දහසක කාලයතුල පසුගිය සිය වසර තරම් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහල ගිය වෙනත් අවදියක් නොවීය. 1960 දී වායුගෝලයේ කොටස් මිලියනයක තිබූ කාබන් ඩයොක්සයිඩ් කොටස් ප්‍රමාණය 320කි. 2016 වන විට වන එය කොටස් 400 කි. ගල් අගුරු, ඛනිජතෙල් ආදී කාබනික ඉන්ධන දැවීම කරගෙනයාම දිගින් දිගටම වැඩිවුවහොත් වසර 2035 වනතරම් මෑත වන විට මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කොටස් 550 දක්වා ඉහලයාමට හැකි බව ගනන් බලා ඇත. මේතරමට කාබන් ඩයොක්සයිඩ් වායුගෝලය ට එක්වූවිට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් 2°- 4° දක්වා වැඩිවිය හැකි බව බ්‍රිතාන්‍යය රජයෙන් පළකල ස්ටර්න්වාර්තාව යෝජනා කරයි. කාබනික ඉන්ධන දැවීම පෘථුලවූ ගතවූ සිය වස පුරා ලෝකයේ සාමාන්‍යය උෂ්ණත්වය වැඩිවුයේ සෙන්ටිග්‍රෙඩ් 0.6° කිනි. මේ හා සැසදූවිට සෙන්ටිග්‍රෙඩ් 2°- 4° වැඩිවීමක් යනු ව්‍යසනයේ සිට විනාශය දක්වා වන ඕනැම අවස්ථාවකට අප ඇද දැමීමට සමත් තත්වයකි
මානව ක්‍රියාකාරිකම් අසීමිත දේශගුණ විපරීතයක් ඇතිකිරීමට දායකවෙතැයිද මේ තත්වය වහාම පාලනය කර නොගතහොත් එහි ඵලවිපාක මානව වර්ගයා දැවැන්ත ව්‍යසනයක් කරා ඇද දමනු ඇතැයිද යන්න තවදුරටත් හුදු මතවාදයක් නොවේ. නිසැක අනතුරක එළිපත්තද ඉක්මවා අප අද ගමන්කර ඇතිබවට සාධක එමටය. මේ අනතුර අපකරා ලංකරන්නේ පසුගිය දශක කීපයපුරා අප විසින්ම වගාකරගත් කල්කිරියාව විසින්බව තවදුරටත් අවතක්සේරු කිරීම මහ පොළොව නුහුලනු ඇත. අ
වැඩි විස්ආතර සඳහා ආචාර්ය ටිම් ෆ්ලැනරි ලියූ We are the weather makers නමැති අගනා පොතේ සිංහල පරිවර්තනය මේ වෙබ් අඩවියේ කියැවිය යුතු පොත් පිටුවෙන් කියවන්න.
දේශගුණ විපර්යාසය ගැන තතු වෙබ් අඩවියේ පළ වූ තවත් තොරතුරු
අයිස් සමය කොපමණ ඉක්මනින් ඇතිවේද?
අවසාන අයිස් සමය(ice age) ලොම් මැමතා කරලියට ඒමට සහ ග්ලැසියර අධිකව පැතිරයාමට මග පෑදීය. ඒත් ඉතින් එය අපේ මේ පෘථිවිය බිහිවී ගත වූ වසර බිලියන 4.5ක ඉතිහාසය තුළ ඇති වූ අයිස් සමය අතරින් එකක් පමණයි.මේ ආකාරයට කොපමණ කාලයකට සැරයක් අයිස් සමයවල් ඇති වෙනවාද? ඒ වගේම, ඊළඟ අයිස් සමය කවදා ඇතිවෙතැයි…
උත්තර හා දක්ෂිණ ධ‍්‍රැව අයිස් වර්තාගත අඩුවීමක්
පෘථිවියෙහි ධ‍්‍රැව ප‍්‍රදේශවල මුහුදු අයිස් ක‍්‍රමයෙන් අඩුවීගෙන යන අතර මේ වසරේ මාර්තු මාසයේ දී වාර්තාගත අඩුවක් දැක්වී යයි විද්‍යාඥයෝ වාර්තා කරති. 2017 මාර්තු 7 දා ආක්ටික්…
දේශගුණ විපර්යාස: යාවත්කාලීන කළ මූලික තොරතුරු
දේශගුණ විපර්යාසයන් දැන් සිදුවෙමින් පවති: අපේ පෘථිවිය උණුසුම් වෙයි: පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය ශතවර්ෂය ඇතුලත ෆැරන්හයිට් අංශක 1.5කින් ඉහල ගොස් ඇති අතර ඉදිරි වසර සියය ඇතුලත තවත් ෆැරන්හයිට් අංශක 0.5 සිට 8.6 දක්වා ප්‍රමාණයකින් ඉහල යනු ඇතැයි ප්‍රක්ෂේපනය් කෙරේ. පෘථිවි ග්‍රහයාගේ සාමාන්‍ය උෂ්ණත්වයේ කුඩා වෙනස් කම් වුවද දැවැන්ත එමෙන්ම අන්තරයකාරිවීමේ…
ඇත්තටම මුහුදු මට්ටම් කොපමණ නම් ඉහළ යයි ද?
ඇමරිකා එක්සත් ජනපද දේශගුණ විද්‍යාඥ (climatologist ) ජේම්ස් හැන්සන් ප‍්‍රමුඛ ඉහළ පෙළේ අධ්‍යයන කණ්ඩායමක් අනතුරු හඟවන්නේ මේ සියවස අවසන් වන විට මුහුදු මට්ටම මීටර් ගණනාවකින් ඉහළ…
මුහුදු මට්ටම් මීටර 6 කින් වත් ඉහළ යයි?
දේශගුණය ගැන වර්තමානයේ ලෝක මට්ටමෙන් ඇති වන කතා බහ, සාකච්ඡාවලදී ඉලක්ක කර ඇති පරිදි ගෝලීය උණුසුම්වීම සෙල්සියස් අංශක 2 කට සීමා කර ගැනීමට අපට හැකි වුවත්…
CO2 විමෝචන හේතුවෙන් ඊළඟ අයිස් සමය කල් ප්‍රමාද වෙයිද?
අවසාන අයිස් සමය (last Ice Age) මෙයට වසර 11,500කට පමණ පෙර නිමා වූ අතර ඊළඟ අයිස් සමය ඇරඹිය යුත්තේ කවර කාලයකද යන්න එතරම්ම පැහැදිලි නැත. එහෙත්…
දේශගුණ ගැටළුවලට පිළියම් ලෙස න්‍යෂ්ටික බලය කෙරෙහි යළි අවධානය
ලොව කාබන් විමොචන අඩුකිරීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා තාක්ෂණ විකල්ප සියල්ලම උපයෝගී කර ගත යුතු යයි විද්‍යාඥයන් පිරිසක් කියා සිටිති. ක්‍රි.ව. 2030 වන විට උෂ්ණත්වයක ඉහළ…
සාගර මතුපිට ප‍්‍රවාහයන් ගැන අප දැනගත යුත්තේ මන් ද?
අනාදිමත් කාලයක සිටම නාවිකයන් විශ්වාසය තබා ක‍්‍රියා කළේ සාගර මතුපිට ප‍්‍රවාහයන් මතය. ගවේෂකයන් ඒවා මතින් යාත‍්‍රා කළේ නව රටවල් නව ලෝකයන් සොයා යාම පිණිසය. සිය වෙළඳ…
පෘථිවියත් මතු කලෙකදී වීනස් ගිය මග ම යයිද?
වේගය පැයට කිලෝමීටර් 360 ඉක්මවා අහස සිසාරා හමන නිරන්තර සුළි සුළගින්ද ඊයම් උණු කරන තරම් උණුසුමකින් යුතු වූ භූමි උෂ්ණත්වයකින්ද කිලෝමිටර් 0.6ක් පමණ ගැඹුරු වූ මුහුදු පත්ලකට සමාන වූ මතුපිට වායුපීඩනයකින් ද සමන්විත වීනස් ග්‍රහයා සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති පෘථිවියට බෙහෙවින්ම සමාන මෙන්ම අසමාන ග්‍රහයා ද වෙයි. කිසිදු ජීවියෙකුට විසිය…
පැරණි ටිබෙට් ජාතිකයන් මීටර් 3400ක් තරම් ඉහළ වාසය කළේ බාර්ලි වල පිහිටෙන්
මීටර් 3000ක උසින් පිහිටි උස්බිමක ජිවත්වීම දුෂ්කරය. එවැනි තැනක වාතය තුනීය. එනිසා හුස්ම ගැනිම ආයාස කර දෙයකි. මොළය ඉදිමීම පෙනහළු දියරයෙන් පිරීම වැනි තත්වයන්ට මුහුණ දීමට සිදුවීම නිසා එහි ජිවිතය වඩාත් අසිරුවේ. එහෙත් වසර දහස් ගණනක් තිස්සේ ඇන්ඩිස් කඳු සහ ටිබෙට් සානුව වැනි උස් බිම් වල මිනිසුන් ජීවත් වූහ. එසේ…
තේ දල්ලේ ලියැවෙන දේශගුණ විපර්යාස බලපෑම්
ගහ කොළ, සතා සීපාව පමණක් නොව මේ මිහිතලය මත ඇති සියල්ලට දේශගුණය සහ එහි විපර්යාස බලපාන බව අප කවුරුත් දන්නා කරුණකි. අප රටේ ප්‍රධාන අපනයන බෝගයක්ද…
අම්ල වැස්ස
ඇතැම් වායුගෝලීය වායු (මුලික වශයෙන් කාබන්ඩයොක්සයිඞ් CO2, සල්ෆර් ඩයොක්සයිඞ් සහ නයිට‍්‍රජන් ඔක්සයිඩ) වායුගෝලයේ හෝ පොළවෙහි ඇති ජලය හා සම්බන්ධ වී ආම්ලික ද්‍රව්‍ය බවට හැරුණු විට…
ග්ලැසියර මගින් සිදුවන ඛාදනය
ග්ලැසියර ඛාදනය යනු කුමක්දැයි දැන ගැනීමට ප්‍රථමයෙන් ග්ලැසියර සෑදෙන අන්දම ගැන සොයා බැලීම වටී. ඊටත් කලින්. ග්ලැසියර් ගැන ක්‍රියාකාරී නිර්වචනයක් සොයා ගැනීමත් වැදගත්. ග්ලැසියර යනු…
වායුගෝලය හා දේශගුණය
දේශගුණ විපර්යාස පෘථිවියට අපූර්ව යමක් නොවෙයි. පෘථිවි ග්‍රහයාගේ ඇලයත්, සූර්ය වටා කක්ෂ ගතව යන ගමනත් නිසා නිර්මාණය වී ඇති දේශගුණික රටා හඳුන්වන්නේ මිලන්කොවිච් චක්‍ර(Milankovitch cycles)…
වෙනස්වන දේශගුණයට හැඩගැසෙන සත්තු
වෙනස් වෙමින් යන දේශගුණ තත්වය අනුව වන සත්ව විශේෂ දශකයකයට කිලෝමීටර හයක වේගයෙන් තම වාසස්ථාන ධ්‍රැව ප්‍රදේශ වලට වඩා ලංකරන බවත්, උස් කඳු ප්‍රදේශවල ජීවත් වන…
අපි දේශගුණ විපර්යාසවලින් සිදුවන හානිය වළක්වාගැනීමේ අවස්ථාව අහිමිකරගෙනද?
කාබන් විමෝචනය පාලනය කර ගැනීමට ඉතාමත් ඉක්මනින් ක්‍රියා නොකළහොත් හිම වලසුන් ඇතුළු තවත් සත්ව විශේෂයන් ගෝලීය උණුසුම්වීමේ බලපෑමෙන් විනාශ වී යාම වළක්වා ගත නොහැකි වනු ඇත.…
අප කෘෂිකර්මය හඳුනාගත් ඒ දිගු වසන්තය
ගතවු වසර අටදහස තිස්සේ පැවති සන්සුන් දේශගුණය නිසැක වශයෙන්ම මිනිස් ඉතිහාසයේ තීරණාත්මක සාධකය විය. මීට වසර 10,500 කට පෙර මැදපෙරදිග ගංගාධාර ආශ්‍රිතව කෘෂිකර්මය ආරම්භ වු…
තවමත් අපි ගල් අඟුරු යුගයේ
2012 වසර වන විට රටවල් 59ක ගල් අඟුරු දහනයෙන් ක්‍රියාකරන නව විදුලි බලාගාර ඉදිතිරීමට විදුලිබල සැපයුම සමාගම් 483ක් සැලැසුම් කර තිබූ බව ලෝක සම්පත් ආයතනය වාර්තා…
උණුසුම මනින තුන් මිම්ම
සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය 5778ºK = 5505ºC = 9941ºF උෂ්ණත්ව මාපකවල ඇති දර්ශක වල මිනුම් සටහන් වෙන්නේ සෙලසියස් හෝ ෆැරන්හයිට් අංශක වලිනුයිි. මේ මිනුම් දෙකෙන් කූමක් භාවිතා…
අප ඉන්නේ අයිස් සමයක ඉන්ටවල් එකේ?
අයිස් සමයක් (Ice-Age) යනු පෘථිවියේ උෂ්ණත්වය සැලැකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම නිසා ධ්‍රැවාසන්න හිම තට්ටු වල ව්‍යාප්තියෙන් පෘථිවි ගෝලයෙන් සැලැකිය යුතු ප්‍රමාණයක් ඝන අයිස් තට්ටුවකින්වැසීයන වකවානුවකි. මීට වසර…
වසර අගදී එළඹෙන එල්-නිනෝ
සාගර ජලයේ උණුසුම ඉහළ නංවන තවත් ස්වාභාවික සංසිද්ධියකි එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ. සාගර ජලය උණුසුම් වීම නිසා එල් නිනෝ සමයේ විශේෂයෙන්ම අග්නිදිග ආසියාවේ සහ බ ටහිර ඔස්ට්‍රෙලියාවේ නියඟ ඇතිවීම ස්වාභාවයක්. ඇතැම් විට එල්-නිනෝ නිසා ලංකාවේ පවා නියඟ ඇති වී තිබෙනවා. මෙවර එල්නිනෝ චක්‍රය (El Niño cycle) වසර අගදී එළඹෙන බවත් එය 2015…
එළඹෙන ශීත සෘතුව හිම වලසුන්ට තවත් අහිතකර විය හැකියි.
ගෝලීය උණුසුම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස මේ එළඹෙන සීත සෘතුව වඩා උණුසුම් විය හැකි බව බ්‍රිතාන්‍යයේ එක්සෙටර් සරසවියේ ජේම්ස් ඒ ස්ක්‍රීන් පසුගිය ජුනිමාසයේ Nature Climate සඟරාව පළ කළ පර්යේෂණ ලිපියකින් ප්‍රකාශ කෙළ්ය. වඩ වඩා උණුසුම් වන ශීත සෘතු හිම වලසුන්ට බෙහෙවින් අහිත කර වූ බව මෙතෙක් කරන ලද නිරීක්ෂන වලින් දැන ගන්නට…
ගෝලීය උණුසුම වැඩිවෙන තරමට විදුලි කෙටීම් ද වැඩිවිය හැකියි.
ගෝලීය උණුසුම අනුක්‍රමයෙන් ඉහළයාම දේශගුණ විපර්යාසයට බලපාන අන්දම ගැන කලක සිටම විද්‍යාඥයෝ විමසිලි මත් වූහ. කලාපීය දේශගුණ රටාවන්ට අනුව දරුණු සුළි සුළං සහ ටොනාඩෝ කුණාටු වැඩිවිශයෙන්…
මේ වසර උත්තරධ්‍රැවයේ වැඩිම හිම දියවීම් ඇතිවූ වසරක්
බ්‍රිතාන්‍යයේ ජාතික හිම සහ අයිස් දත්ත මධ්‍යස්ථානය රැස් කළ දත්ත වලට අනුව මේ වසර උත්තර ධ්‍රැව ප්‍රදේශයයේ වැඩිම ගිම්හාන හිම දියවීම් ඇතිවූ වසරවල් අතරින් හයවැනි තැනගන්නා බව පැවසේ. මේ බව වාර්තාකරන ගාඩියන් පුවත්පත ආක්ටික් හිම දියවීම පිළිබඳ වාර්තා සටහන් කිරීම වසර 145ට පෙර ඇරඹු දා සිට මෑතකදී වැඩියෙන්ම හිම දියවීම සිදුවූයේ…
දේශගුණය වෙනස්වීම වැලැක්විය නොහැකියි. ඊයේ නිකුත් වූ IPCC වාර්තාව තීරණාත්මකයි
දේශගුණය වෙනස්වීම වැලැක්විය නොහැකි මට්ටමට එළඹ ඇති බවත් කිසිදු සැකයකින් තොරව එයට තුඩුදුන් හේතු මිනිස් ක්‍රියාකාරීකම් නිසා ඇති වූ ඒවා බවත් වවිධ රටවල ව්ෂේශඥයන්ගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ දේශගුණය වෙනස්වීම පිළිබඳ අනතර්ජාතික මණ්ඩලය (IPCC) ඊයේ ඩෙන්මාක්හි කෝපන්හේගන් අගනුවර පැවැති රැස්වීමේදී එකඟව නිකුත් කළ විෂ්ලේශන වාර්තාවේ සඳහන් වෙයි. මේ වර්තාව පසුගිය හත්වසර තුළ…
වැඩියෙන් වැස්සට ගෝලීය උණුසුම වැඩිවීම නතර වෙන්නේ නැහැ
සැලකිය යුතු හිමපතනයක් ඇති වූ විට හෝ නියඟය අවසන් කොට ධාරානිපාත වැසි වසින්නට පටන්ගත් විට දැන්නම් ගොලීය උණුසුම වැඩිවීමේ තර්ජනය අඩුවෙන බව පෙනේ යැයි යමෙකු පැවසුවොත් එය සත්‍යයකැයි පිළිගැනීමට ඔබ ඉක්මන් විය යුතු නොවේ. වරින්වර සීතල හෝ වැහිබර කාලගුණයක් ඇතිවීමෙන් ගෝලීය උණුසුම අඩුවෙන බවක් නොහැඟේ. කාලගුණය යනු දේශගුණය නොවේ. කාලගුණයෙන්…
ජන සමාජ කඩා වැටෙන්නේ ඇයි?
කලක් ඉතා විභූතිමත්ව පැවැති මායා, යුකටාන්, අනසාසි, අන්ග්කෝර් වට්. මහා සිම්බාබ්වේ වැනි ජනසමාජ සහමුලින්ම නැතිවී ගියේ මන්ද? ඇතැම් පුරාවිද්‍යාඥයන්ට අනුව ඊට හේතුව අතිශයින් උත්සන්න වූ පාරිසරික ගැටළු ඇතිවීමයි. එහෙත් එවැනි කඩා වැටීමකින් තොරව වසර දහස් ගණනාවක් තිස්සේ අඛණඩව පැවැත එන ජනසමාජ අදද වෙති. ජපාන, ජාවා හා ටොන්ගා එවැනි ජනසමාජ වලට…
සාගරවල ඇසිඩ් ගතිය වැඩිවීමට නොපමාව පිළියම් යෙදිය යුතුයි
සාගරවල ඇසිඩ් ගතිය වැඩිවීම හෙවත් ආම්ලිකතාවය වැඩිවීම නිසා 2100 වන විට ලෝක ආර්ථිකයට සිදුවන පාඩුව ඩොලර් ට්‍රිලියනයක් වියහැකියැයි ගණන් බලා ඇත. මේ ගණන් බැලීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්වය පිළිබඳ සම්මුතිය විසින් මීට දෙසතියකට පෙර නිකුත්කරක ලද අලුත්ම වාර්තාවකය. ජලයේ ආම්ලිකතාවය මනින්නේ එහි pH අගයෙනි. pH අගය අඩුවීමෙන් පෙන්වන්නේ ජලයේ…
දෙපයින් ඇවිදිමින් වඳවී ගිය දැවැන්ත කැන්ගරුවා
සාමාන්‍යයෙන් කැන්ගරුවන් ගමන් කරන්නේ පැන පැන මිස අපමෙන් ඇවිදගෙන නොවේ. එහෙත් මීට වසර 30,000කට පෙර මුලු මනින්ම වඳවී ගිය මීටර් දෙකක් උස යෝධ කැන්ගරු වර්ගය දෙපයින් ඇවිද ගියා මිස අද වෙසෙන කැන්ගරුවන් මෙන් පැන පැන නොගිය බවට සාක්ෂි ඇති බව විද්‍යාඥයෝ පවසති. හාවෙකුගේ වැනි කෙටි මුහුණක් ඇති, ස්තෙනුරයින් යනුවෙන් හැඳින්වුණු…
වසර 40ක් තුළ වනසත්වගහණය 50% අඩුවෙයි – ලෝක වන සත්ව අරමුදලේ අළුත්ම වාර්තාව හෙලි කරයි
කුඩාකාලයේ අප පිහිනන්නට ඉගෙන ගත්තේ අපේ නිවස පිටුපස ඕලන්ද ඇලට පැන නෑමෙනි. එකල දුන්කළවත්තේ ඇල යනුවෙන් හැඳින්වූ ඒ ඇල අප කුඩා අවදියේදී ඉතා විසිතුරු මිරිදිය මතස්‍යන් වර්ග වලින් ගහණ විය. ඒ අතර ඉලත්තියා, කපු හැන්දා. දළයා සහ කහ කොරලියා විශේෂය. එහෙත් දැන් ඒ ඇල මුළු මනින්ම මිය ගිය ඇලකි. ගලා…
වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය සහ අපේ අනාගතය
ටිම් ෆ්ලැනරි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය දේශගුණය කෙරෙහි ඉමහත් ලෙස බලපාන බව මුල්වරට දැනගත්විට බොහෝ විද්‍යාඥයෝ මවිතය පළ කළෝය. මන්ද, වායුගෝලයේ සමස්ත සංයුතියෙන් ඉතා අල්පයක් වූ කාබන් ඩයොක්සයිඩ්, මුළු මහත් පෘර්‍ථවියේ පරිසර පද්ධතියට තීරණාත්මක ලෙස බලපාන්නේ කෙසේදැයි වටහා ගැනීම මුලදී ගැටළු සහගත වූ බැවිනි. එහෙත් ප්‍රබල හරිතාගාර විපාක ගෙන දෙන…
දේශගුණය කැපී පෙනෙන ලෙස වෙනස් කරමින් වායුගෝලයේ කාබන් ප්‍රතිශතය ඉහළ යයි.
පසුගිය සතියේ පැවැති අන්තර්ජාතික කාලගුණ සමුළුව නිමිත්තෙන් ලෝක කාලගුණ සංවිධානය නිකුත් කළ අළුත්ම වාර්තාවට අනුව වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සංයුතිය නොසිතූවිරූ ලෙස වැඩිවෙමින් පවතී. මේ වැඩිවීම පසුගිය දශක වල දක්නට ලැබුණු වැඩිවීමේ සාමාන්‍ය මෙන් දෙගුණයක්බව වාර්තාව පෙන්වා දෙයි. වාතයේ ඇති මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අපේ වායුගෝලයේ සමස්ත සංයුතියෙන් 1% දක්වා වැඩි…