ලෝකයේ ගොවිපල අතරින් තුනෙන් එකක් වඩාත් පරිසර හිතකාමී කෘෂිකාර්මික භාවිතයන් අනුගමනය කරන අතර ඒවා දිගටම ඵලදායීව පවත්වාගෙන යන්නේ යැයි රටවල් පහක් තුළ විද්‍යාඥයන් 17 දෙනෙකු සිදුකළ ගෝලීය ඇගයීමකින් හෙළිවෙයි. පර්යේෂකයෝ කිසියම් ස්වරූපයක ‘ධරණීයත්වය තීව්‍රකිරීමේ'(“sustainable intensification”) ගොවිතැන් ක්‍රමයක් යොදා ගන්නා ගොවිපොළ විශ්ලේෂණය කර බැලූහ. ධරණීයත්වය තීව්‍ර කිරීම යනු භූමිය, ජලය, ජෛව විවිධත්වය, ශ්‍රමය, දැනුම, තාක්ෂණය යොදාගන්නා භෝග වගා කිරීම සහ පලිබෝධ දූෂණය, පාංශු ඛාදනය සහ හරිතාගාර වායු ආදී පාරිසරික බලපෑම් අඩු කිරීමට ක්‍රියා කරන ඓන්ද්‍රිය ගොවිතැන ඇතුළු විවිධ භාවිතයන් සඳහා යොදා ගන්නා පදයකි. බොහෝ විට බෙහෙවින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගනිමින් ලෝකයේ ගොවිපල භූමිවලින් දහයෙන් එකක් ම, යම්කිසි ආකාරයක ධරණීයත්වය තීව්‍රකරණය යටතේ පවතින බව පර්යේෂකයෝ Nature Sustainability සඟරාවට වාර්තාවක් සපයමින් ගණන් බලති. නව භාවිතයන්, ඵලදායිත්වය, ජෛවී විවිධත්වය සඳහා පාරිසරික පද්ධති සේවා වැඩි දියුණු කිරීමට මෙන්ම ගොවියන්ගේ වියහියදම් අඩුකිරීමට මගපාදන බව පර්යේෂකයන්ට පෙනීගොස් ඇත. නිදසුනකට බටහිර අප්‍රිකාවේ ගොවීන් බඩ ඉරිඟු සහ මඤ්ඤොක්කා අස්වනු වර්ධනය කරගෙන ඇති ආකාරය, කියුබාවෙ ගොවීන් 100,000 පමණ සිය පළිබෝධනාශක භාවිතය 85%කින් අඩුකර ගනිමින්, ඵලදායිතාවය 150% ක් වැඩි කර ගත් ආකාරය පර්යේෂකයන් විසින් ලේඛන ගතකරනු ලැබ ඇත.
ධරණීයත්වය තීව්‍ර කිරීමට කෘෂිකාර්මික ප්‍රතිදානය (agricultural output) සහ ස්වභාවික ප්‍රාග්ධනය(agricultural output) යන දෙකටම වාසිදායක ප්‍රතිඵල ළඟා කර දිය හැකි බව පර්යේෂකයෝ සඳහන් කරති. “අපට තව හුඟාක් දුර යා යුතු වුණත් ලෝකය පුරාවට, විශේෂයෙන්ම අඩුවෙන් සංවර්ධිත රටවල ගොවීන් අපගේ ආහාර නිපදවන පද්ධති යහපත් ඉසව්වක් කරා ගෙනයාමේ දී අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ගැන මට ඇත්තේ ඉමහත් පැහැදීමකි” යයි ජෝන් රෙජිනෝල්ඩ් කියා සිටියි. හෙතෙම වොෂින්ටන් රාජ්‍ය විශ්ව විද්‍යාල පාලක මඩුල්ලේ පාංශු විද්‍යාව සහ කෘෂි පාරිසරික විද්‍යා මහාචාර්ය මෙන්ම මෙම අධ්‍යයන වාර්තාවේ සම කතුවරයෙකි. ධරණීයත්වය තීව්‍ර කිරීමේ මාර්ගෝපදේශන වලට අනුකූලවන ගොවිතැන් ක්‍රම හඳුනාගැනීමට සහ දත්ත විශ්ලේෂණයට රෙජිනෝල්ඩ් සහාය දැක්විය.
ඵලදායිත්වය විශාලතම වර්ධනයන් දැකීමේ ප්‍රවණතාවක් සංවර්ධනයෙන් අඩු රටවල පෙන්නුම් කරන අතර කාර්මික රටවල “කාර්යක්ෂමතාවයේ (වියදම අඩුකරගැනීම) වැඩි වීමක්, පාරිසරික පද්ධති සේවාවන්ට සිදුවෙන හානියෙහි අවම කිරීමක් මෙන්ම බොහෝ විට භෝග සහ පශු සම්පත අස්වැන්නෙහි යම් අඩුවක් පෙන්නුම් කිරීමේ ප්‍රවණතාවක් දක්වන්නේ යයි කතුවරු සඳහන් කරති.
එංගලන්තයේ එසෙක්ස් විශ්වවිද්‍යාලයේ පාරිසරය සහ සමාජය මහාචාර්ය ජූල්ස් ප්‍රෙටී අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා ය. ධරණීයත්වය තීව්‍ර කිරීම යන යෙදුම ප්‍රෙටී මුලින්ම යෙදුවේ අප්‍රිකානු කෘෂි කර්මාන්තය ගැන 1997 දී පළ කෙරුණු අධ්‍යයනයක දීය. ‘තීව්‍රකරණය‘ යන වදන සාමාන්‍යයෙන් භාවිතා වන්නේ පාරිසරික හානි පමුණුවන කෘෂිකර්මාන්තය සම්බන්ධයෙනි. එහෙත් ප්‍රෙටී එය යෙදුවේ වැඩිවැඩියෙන් ආහාර, වඩාත් යහපත් පාරිසරික සේවා ආදී යෝග්‍ය ප්‍රතිවිපාක දැක්වීමට වන අතර අන්‍යෝන්‍ය වශයෙන් සුවිශේෂී වීම අනවශ්‍යය“ යන්න දැක්වීමටය. මේ පදය දැන් වසරකට ශාස්ත්‍රීය ලේඛන සීයකට වැඩි සංඛ්‍යාවක සඳහන් වන අතර එක්සත් ජාතීන්ගේ ධරණීය සංවර්ධන ඉලක්කයන්ට කේන්ද්‍රීය වේ.
Nature Sustainability සඟරාවේ වාර්තාව සඳහා පර්යේෂකයෝ ලොව වටා ධරණීයත්වය තීව්‍ර කිරීමේ ව්‍යාපෘති වැඩසටහන් සහ මුල පිරීම් 400ක් පමණ නිරික්සුම සඳහා විද්‍යාත්මක ප්‍රකාශන හා දත්ත කට්ටල යොදා ගත්හ. ඔවුන් තෝරාගත්තේ ගොවිපොළ 10,000 ක් හෝ හෙක්ටයාර 10,000කට වැඩි හෝ අක්කර 25,000 කට ආසන්න ප්‍රදේශයක ක්‍රියාත්මක කර ඇති ඒවා පමණකි. ඔවුන් ගණන් බලා ඇති අන්දමට අක්කර බිලියනයකට වැඩියෙන් ආවරණය වන ගොවිපල මිලියන 163ක් බලපෑමට හසුව ඇත. “ශුද්ධ පාරිසරික පිරිවැයක් දැරීමක් නොමැතිව සමස්ථ කාර්ය ඵලය වැඩි වෙන“ විවිධ ගොවිතැන් ක්‍රම විපර්යාසයන් හතක් වෙත පර්යේෂකයෝ අවධානය යොමු කළහ. මේ වෙනස්කම් අතර රටවල් 90 කට වැඩියෙන් ක්‍රියාත්මක කෘෂි පරිසරාත්මක භාවිතයන් හා සම්බන්ධ උසස් මාදිලියේ ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය ඇතුලත්විය.
ධරණීයත්ව තීව්‍රතාවයෙහි වාසි පැහැලිය. එය ප්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති බව දක්වන පර්යේෂකයෝ එය වඩාත් පුළුල් ආකාරයෙන් යොදා ගත හැක්කේ ආණ්ඩුවල දිරිගැන්වීම් මෙන්ම පිළිවෙත් අනුගමනය කිරීමෙන් බව පෙන්වා දෙති. ‘එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවල අනුමැතිය ලද ධරණීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගත හැක්කේ එවිට“යැයි කියා සිටින රෙජිනෝල්ඩ් පාරිසරික බලපෑම අවම කරගැනිමට් මෙන්ම සාධාරණ දිවි පෙවෙතක් ගෙන යාම සඳහා නිෂ්පාදකයන්ට අවස්ථාව සලසන ගමන්ම සැමට ප්‍රමාණවත්ව සහ පෝෂදායි ආහාර සැපයීමට උපකාරී වනු ඇත” යයි කියා සිටියි.
Science Daily Environmentally හී පළවු friendly farming practices used by nearly one third of world’s farms යන ලිපිය ඇසුරෙනි