විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය

සංකල්ප සාර සංග්‍රහය 7: දර්ශනය(Philosophy)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

දර්ශනය, දර්ශන විද්‍යාව, න්‍යාය ශාස්ත්‍රය ලෙසින් සිංහලෙන් හඳුන්වන ‘Philosophy’   නම් ඉංග්‍රීසි පදය බිඳී ඇවිත් ඇත්තේ philosophos යන පුරාණ ග්‍රීක වචනයෙන්.  එහි තේරුම ‘බුද්ධි ලෝලියා’ යන්නයි. පුරාණ ග්‍රීකයින්ට එය ඉතා පුළුල් විෂය පථයක් වුනා. දර්ශනය යන්නෙන් ස්ථාපනය වන්නේ කුමක් ද යන්න ගැන අද අපට ඇත්තේ වඩාත් පටු දැක්මක්. දර්ශනය යන්න විග්‍රහ වී ඇත්තේ සත්‍යය කුමක්ද යන්න පිලිබඳ මුලික විශ්වාසයන්ගේ පදනම ගැන කෙරෙන විචාරාත්මක පරීක්ෂාවක් ලෙස මෙන්ම එකී විශ්වාසයන් ප්‍රකාශයට පත්කරද්දී අප භාවිත කරණ සංකල්පයන්ගේ විශ්ලේෂණයක් හැටියටයි.

images-socrtes

සොක්‍රටීස්ට (ක්‍රි.පු. 469—399) පෙර සිටි ග්‍රීක දර්ශනවාදීන් වඩාත් ප්‍රමුඛව සැලකිල්ල දැක්වුයේ පදාර්තයෙහි ස්වභාවය හෝ විශ්වයෙහි හැඩය වැනි භෞතික ලෝකය පිලිබඳ මානසවිචාරයන් කෙරෙහිය. එවැනි  සොයාබැලීම් මධ්‍ය කාලින යුගයේදී හදුන්වනු ලැබුවේ “ස්වභාවික දර්ශනය” යනුවෙන්  —  ඔව් අද අපි ඊට කියන්නේ විද්‍යාව.

විද්‍යාව වනාහි භෞතික ලෝකය පිලිබඳ සත්‍ය ගවේෂණයට අදාළ “ප්‍රථම ගණ” (“first-order”) ක්‍රියාකාරකමක් ලෙස වර්ගීකරණය කරන්න පුළුවනි. තවත් ප්‍රථම ගණ ක්‍රියාකාරකමක් වන්නේ සද් උපදේශනයයි– කුමන ක්‍රියාවක් හොඳද කුමන ක්‍රියාවක් නරකද යන්න, කෙටියෙන් කිවොත් හොඳ නරක අපට කියාදීමයි. ප්‍රතිවිරුද්ධව ගතහොත්, දර්ශනය හෙවත්  දර්ශන විද්‍යාව වනාහි ප්‍රථම ගණ ක්‍රියාකාරකම් පිටුපස ඇති උප කල්පනාවන් පරික්ෂා කර බලන  “දෙවැනි ගණ” (“second-order”) ක්‍රියාකාරකමක්.

අපි දන්නවා සොක්‍රටිස්ගේ චින්තනය සංරක්ෂණය වී ඇත්තේ ඔහුගේ ගෝල ප්ලේටෝ ලියා තබා ඇති සංවාද ඔස්සේ පමණක් බව. සොක්‍රටිස්, දර්ශනයේ අවධානය හෙවත් කෙන්ද්‍රගතවිම “හොඳ යනු කුමක්ද?” වැනි මිනිසත්බව මුල් කරගත් ප්‍රශ්න කෙරෙහි යොමු කරා. මේ තමයි ආචාර ධර්මවල ආරම්භය. ආචාරධර්ම තමයි සදාචාර විනිශ්චවයන්ගේ (oral judgments) පදනම පැහැදිලි කිරීමට වෙර දරන දර්ශනයේ ශාඛාව. එපමණක් නොවෙයි, සොක්‍රටිස් තර්කයන්ගේ වලංගුතාවය පරික්ෂා කිරීමේ ක්‍රම වැඩිදියුණු කරා — ඒ තමා තර්ක ශාස්ත්‍රයේ ආරම්භය.

mind-2

ආචාරධර්ම සහ තර්ක ශාස්ත්‍රය දර්ශන විද්‍යාවේ ප්‍රධාන ශාඛා දෙකක්. තුන්වැනි, තවත් ප්‍රධාන ශාකාවක් වනුයේ පාරභෞතික විද්‍යාවයි (metaphysics). පාරභෞතික විද්‍යාව, “සත්තාව(being) යනු කුමක්ද?” වැනි යථාර්ථයෙහි පරම ස්වභාවය පිළිබඳව ප්‍රශ්න මතුකරයි. දර්ශන විද්‍යාව ඇතුලත අනෙකුත් ක්ෂේත්‍ර අතර ඥානය ගැන හදාරන ඥාන විභාගය(epistemology), සෞන්දර්යයෙහි සහ කලාවෙහි ස්වභාවය විමසා බලන එමෙන්ම විචාරාත්මක විනිශ්චවයෙහි පදනම ප්‍රශ්න කෙරෙන සෞන්දර්ය විද්‍යාව(aesthetics) දක්වන්න පුළුවන්. මිට අමතරව විද්‍යාව, ඉතිහාසය සහ දේශපාලන න්‍යාය වැනි අනෙකුත් ප්‍රථම ගණ විෂයන්ගේ දර්ශන පුළුල් පරාසයක ද පවතිනවා.

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  Philosophy කොටස ඇසුරෙනි

සංකල්ප සාර සංග්‍රහය 23: මානවවාදය හෙවත් මානවියවාදය (Humanism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් අපගේ අවධානය යොමු කරන කාරනා මධ්‍යයෙහි  මනුෂ්‍යයන් තබන බුද්ධිමය ආකල්පය මානවවාදය ලෙස පුළුල් ලෙස…

අප්‍රේල් 8, 2017 0 Comments Read article

සංකල්ප සාර සංග්‍රහය 23: ඇරිස්ටෝටලියානුවාදය (Aristotelianism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් ග්‍රීක දාර්ශනිකයකු වන ඇරිස්ටෝටල්(ක්‍රි.පූ. 384 – 322) ප්ලටෝගේ (ප්ලටෝ සහ ප්ලටෝගේ ලෙන ගැන තතු මාර්තු4 දා  සහ මාර්තු 25 දා පළවූ ලිපි බලන්න)  ගෝලයෙක්. එත් ඔහුගේ ප්‍රවේශය බෙහෙවින්ම වෙනස්ය. පරම යථාර්ථය වනාහි මානව අනුභූතිය ඉක්මවන්නක් යයි ප්ලටෝ අදහස්…

Read article

සංකල්ප සාර සංග්‍රහය 22: ප්ලටෝගේ ලෙන(Plato’s cave)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් මිනිස් සංහතිය ලෙනක් තුල යදමින් බැඳ  දමා තිබෙන සිරකරුවන් පිරිසකට සමාන කෙරමින් ප්ලටෝ The Republic නම් සිය කෘතියෙහි උපහැරණයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ සිරකරුවන්ට දැක ගත හැකි එකම දෙය තමන් ඉදිරියෙන් ඇති බිත්තිය පමණකි.  මෙලෙස වස්තුන් පිළිබඳව ඔවුන්ගේ…

Read article

සංකල්ප සාර සංග්‍රහය 21: චර්යාවාදය (Behaviorism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් චර්යාවාදය යනු විසිවැනි සියවසේ මුල් භාගය පුරා මනෝවිද්‍යා ක්ෂේත්‍රය තුල ආධිපත්‍යය පතුරුවාගෙන සිටි  මනෝවිද්‍යා ගුරුකුලයකි. මෙහි ආදිතම යෝජකයෙකු වුයේ ඇමරිකානු චර්යාවාදියෙකු වූ ජේ. බි. වොට්සන්(1878 – 1958) ය.  කලින් ප්‍රචලිතව පැවතී  ක්‍රම වේදයක් වූ අන්තරාවලෝකනය හෙවත් අන්තරික්ෂණය()වොට්සන් බැහැර…

Read article

සංකල්ප සාර සංග්‍රහය 20: තත්වාරෝපණය සහ තත්වාරෝපිත ප්‍රතීකය(Conditioning and conditioned reflexes)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් තත්වාරෝපණය(Conditioning) කියන්නේ  චර්යාව හා  සම්බන්ධ උත්තේජක වෙනස්කිරිමෙන් සහ ඒ අනුව  ප්‍රතිචාරය වෙනස්කිරිමෙන් චර්යාව සංශෝධනය කරන ක්‍රියාවලියයි. සම්භාව්‍ය තත්වාරෝපණයේ පුරෝගාමියාවූ රුසියානු භෞතවේදී අයිවන් පව්ලොව්(1849–1936) මිට අදාළ සම්පරික්ෂණ මාලාවක් පැවැත්වුවා. එහිදී ඔහු පෙන්වා දුන්නා ආහාර පෙනෙන්නට තිබීම සුනඛයන්ට කෙළ ඉනිමට…

Read article

සංකල්ප සාර සංග්‍රහය 19: ප්ලතෝනිකවාදය (Platonism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් සමස්ත බටහිර දර්ශනවාදයම වනාහි, ප්ලටෝගේ අදහස්වලට එක්කල පාදක සටහන්  හෙවත් අධෝලිපි මාලාවක් ලෙස විස්තර කෙරනවා. අතීතයේ විසු ග්‍රීක දර්ශනවාදියෙකුවන ප්ලටෝගේ කල් පවතින බලපෑම කෙබඳු දැයි එයින්ම වටහා ගත හැකියි. ප්ලටෝ(ක්‍රි: පු: 427 – 347) ජිවත් වුනෙත්, ඔහුගේ ඉගැන්වීම්…

Read article

සංකල්ප සාර සංග්‍රහය 18: අපෝහකය

සංකල්ප සාර සංග්‍රහය 17: අපෝහකය (Dialectic) මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් අපෝහකය යනු ප්‍රතිවිරුද්ධ දෘෂ්ටි, මත දෙකක් සාකච්ඡාවට ගනු ලබන තර්කානුසාරී සංවාද ක්‍රමයක්. මේ සංවාදය පැවැත්වෙන්නේ එක මතයක් හෝ දෘෂ්ටියක් සත්‍යය ලෙස කියාපෑමේ අරමුණින් නොව එහෙත්, ඒවා(මත) අතර විසදෘශ්‍යය විසඳාගෙන එමගින් සත්‍යයට වඩා…

Read article

සංකල්ප සාර සංග්‍රහය 17: ගණිතය (Mathematics)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් ගණිතය යනු සංඛ්‍යාව, රාශිය(ප්‍රමාණය), හැඩය සහ අවකාශය ගැන සහ ඒවායේ එකිනෙකකට සබැඳිකම් ගැන හෙවත් අන්තර්ක්‍රියාකාරිත්වයන් ගැන හැදෑරීමයි. භෞතික සහ තාක්ෂණික ක්‍රියාදාමයන්  වටහාගනු  වස් අපට උපකාරීවිම පිණිස ව්‍යවහාරික ගණිතය(Applied math), ගණිතමය උපක්‍රම යොදාගනියි. ශුද්ධ ගණිතය තනිකරම  අමුර්තය — ඒ…

Read article

සංකල්ප සාර සංග්‍රහය 16: විඥානය (consciousness)

විඥානය මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් විඥානය යනු බාහිර ලෝකය ගැන පමණක් නොව අප ගැනම මෙන්ම අපගේ මනසෙහි, චිත්තාභ්‍යන්තරයෙහි හටගන්නා දෑ පිලිබඳ අවබෝධයයි. මෙකි ඇතුළත ලෝකයට වේදනය(හැඟීම් feelings), ස්මෘතින්(මතකයන් memories), විශ්වාසයන්(ඇදහිලි beliefs), සංජානනයන්(perceptions) සහ අනෙකුත් මානසික සිද්ධීන්ඇතුලත්ය. විඥානය තමයි මිනිසා අනෙකුත් සත්වයින්ගෙන් වෙන්කර…

Read article

සංකල්ප සාර සංග්‍රහය 15: විද්‍යාව (Science)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් විද්‍යාව යනු භෞතික විශ්වයේ සිදුවන්නේ කුමක්ද යන්න ගැන ක්‍රමානුකුල පැහැදිලිකිරිමක් සැපයීම  උදෙසා තැත් කරන මානව බුද්ධිමය ක්‍රියාකාරකමට අදාළ ක්ෂේත්‍රයයි. විද්‍යාත්මක වාදයක් හෝ න්‍යායක් පිළිගැනීමට ලක්වීමට නම් එය බහුවිස්තිර්ණ හෙවත් සර්වග්‍රාහී වියයුතුය – එනම් ඊට ව්‍යතිරේක හෝ අපවාද තිබිය…

Read article

සංකල්ප සාර සංග්‍රහය 14: නියතිවාදය (Determinism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් සිදුවන සෑම සියලු දෙයටම  හේතුවක් තිබෙන්නේය එමෙන්ම එනිසා නොවැලක්විය හැකිය යන මතවාදය හෙවත් ධර්මය, නියතිවාදයයි(Determinism).  එම සිදුවීම් වල ප්‍රතිඵලය නැවත වතාවක් තවත් ප්‍රතිඵලවල  හේතු බවට පත්වෙයි. ඒ අනුව මෙම හේතුඵල දාම,  කාලය සහ අවකාශය හරහා විහිදෙනවා.  සමහරුනට අනුව…

Read article

සංකල්ප සාර සංග්‍රහය 13: සත්‍යය (Truth)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් “ඔබේ ඇඳුම  මසා ඇත්තේ පට රෙදි (සේද රෙදි) වලිනි”  යන ප්‍රකාශය(කීම),  පරිසිද්ධි (facts) වශයෙන් අනුකුල වේ නම්,  සත්‍යයකි.  එමෙන්ම “ මා ඔබේ ඇඳුමට කැමතිය” යන කියමන ද, එසේ කියා සිටින්නා  හිතාමතා බොරුවක්  නොකියන්නේ නම්, සත්‍යය  විය හැකිය.  මෙහි…

Read article

සංකල්ප සාර සංග්‍රහය 12: ස්වර්ගය සහ නිරය (Heaven and Hell)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් ස්වර්ගය සහ නිරය — එනම් සදාකාලික ආශීර්වාද ලත් සහ සදාකාලික ශාප ලත් තැන් පිලිබඳ සංකල්ප බොහෝ ආගම්වල දැක ගන්න පුළුවන්. ස්වර්ගය– අප අතර සමහරුනට  වඩා හුරු විදිහට කිවොත්, දිව්‍ය ලෝකය කියන්නේ පුණ්‍යවන්තයන් සහ/හෝ වීරවරයන්  අනේක වූ සුඛ අනුභව…

Read article

සංකල්ප සාර සංග්‍රහය 11*: ඉතිහාසය(History)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් ඉතාම සරලම ලෙස ගෙන සලකා බැලුවොත්, ඉතිහාසය සමන්විත වන්නේ අතීතය ගැන අප අපටම කියාගන්නා කතාන්තර වලිනුයි. ආදිතම ඓතිහාසික ලේඛන වන්නේ පුරාණ කාලයේ මැද පෙරදිගින් හමුවූ අකාරයේ ඒවා මෙන් රජවරුන්ගේ නමාවලින්ය. මේවා සාමාන්‍යයෙන්,   එම අවස්ථාවේ පාලන බලයේ රැඳී සිටින…

Read article

සංකල්ප සාර සංග්‍රහය 10: මිනිස් ස්වභාවය (Human Nature)

‘මිනිස් ස්වභාවය’ යනුවෙන් යම් දෙයක් වේද, එසේ නම් එම ස්වභාවය කුමක් ද යන්න  ශත වර්ෂ ගණනාවක් තිස්සේ චින්තකයන් පිඩාවට පත් කල කාරණායි. ආදම් සහ ඊවා දෙවියන්ට අකීකරුව ඊඩන් උද්‍යනය අතහැර යාමේ සිට මෙලොවට ජනිත වූ සෑම  මනුෂ්‍යයෙක්ම පැමිණියේ ජන්ම පාපය හෙවත් මුල පාපය කරපින්නාගෙන යයි ක්‍රිස්තියානි දේව ධර්මයේ කියවෙයි. මේ…

Read article

සංකල්ප සාර සංග්‍රහය 9: ප්‍රතිභානය(Reason)

  Reason යන ඉංග්‍රීසි වචනය විවිධාර්ථ ගැන්වෙන්නක් ලෙස දැක්විය හැකියි. එය, මානවයන් වන අපට සාමන්‍යයේ  සිට සුවිශේෂීය දක්වා(අනුමානය) හෝ සුවිශේෂියේ සිට සමාන්‍යය (උද්ගමනය) දක්වා තර්ක කරමින් තර්කානුකුල අනුමානයන් කිරීමට ඇති  අභියෝග්‍යතාවයි. සමහර දර්ශනවාදින්ට අනුව “ප්‍රතිභානය”(reason) යන්න හඟවන්නේ අනුභූතිය, අත්දැකීමට ප්‍රතිවිරුද්ධව දැනුමේ ප්‍රභවයක් ලෙස බුද්ධියයි. ප්‍රතිභානය  බොහෝ විට චිත්තාවේගය හෝ පරිකල්පනය…

Read article

සංකල්ප සාර සංග්‍රහය 8: නියතිවාදය (Determinism)

නියතිවාදය යනු සිදුවෙන සිල්ලටම හේතුවක් ඇත, එය  ඒ නිසා නියතයි හෙවත් නොවැලක්විය හැකිය යන මතවාදයයි.  මෙම ඵලයන්  නැවතත් තවත් ඵලයන් වලට හේතු වෙයි. මෙලෙස හේතු සහ ඵල දම්වැල කාලය සහ අවකාශය හරහා පැතිරෙනවා. සමහරුනට නම්  මේවා දෙවියන්ගේ කැමැත්ත විද්‍යමාන වීමක්.  අනෙක් ඇයට නම් මේවා ස්වභාව නියමයන්ගේ(laws of nature) නොවැලක්විය හැකි…

Read article

සංකල්ප සාර සංග්‍රහය 7: දර්ශනය(Philosophy)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් දර්ශනය, දර්ශන විද්‍යාව, න්‍යාය ශාස්ත්‍රය ලෙසින් සිංහලෙන් හඳුන්වන ‘Philosophy’   නම් ඉංග්‍රීසි පදය බිඳී ඇවිත් ඇත්තේ philosophos යන පුරාණ ග්‍රීක වචනයෙන්.  එහි තේරුම ‘බුද්ධි ලෝලියා’ යන්නයි. පුරාණ ග්‍රීකයින්ට එය ඉතා පුළුල් විෂය පථයක් වුනා. දර්ශනය යන්නෙන් ස්ථාපනය වන්නේ කුමක්…

Read article

සංකල්ප සාර සංග්‍රහය 6: පදාර්ථය

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් පදාර්ථ කියන්නේ ඝන, ද්‍රව සහ වායු යන ස්වරූපවලින් අවකාශයක් පුරවන එමෙන්ම ස්කන්ධයක් ඇති ඕනෑම ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන්න පුළුවන්. පුරාණ ග්‍රීකයන්ට පදාර්ථය පිලිබඳ පරමාණුක සිද්ධාන්තයක් තමන්ගේම  සිද්ධාන්තයක් තිබුනේ වී නමුත්  පදාර්ථය පිලිබඳ පරමාණුක සිද්ධාන්තය ඇරඹුණේ දහනව වන සියවසේ මුල්…

Read article

සංකල්ප සාර සංග්‍රහය 5: මානවවාදය(Humanism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් මානවවාදය  හෙවත් මානවියවාදය(Humanism) යන්න අපගේ ආවේක්ෂාවන් මධ්‍යයේ මානවයා තබන බුද්ධිමය ආකල්පයක් ලෙස පුළුල්ව අර්ථ දක්වන්න පුළුවනි.  සොක්‍රටීස්ට පෙර සිටි ග්‍රීක දාර්ශනිකයන්ගේ මුලික වශයෙන් සැලකිල්ල දැක්වුයේ විශ්වයේ ස්වභාවය ගැනයි. එසේ වුව ද, දේශපාලනය සහ ආචාර ධර්ම ගැන උනන්දුවෙන් පසුවූ…

Read article

සංකල්ප සාර සංග්‍රහය 4: ස්වභාවිකව හැදීම ද? හදා වඩා ගැනීම ද?

සංකල්ප සාර සංග්‍රහය 3 යටතේ පසු ගිය සෙනසුරාදා අපි කතාකලේ  පරිණාමය ගැනයි. අදත් අපි කතාකරන්නේ ඊට අදාළ කාරණාවක් ගැන. ඔව්, සම්භෘතිය (nurture) ගැන. පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාර්වින් ස්වභාවික වරණය තුලින් සිදුවන පරිණාමය  පිලිබඳ සිය සිද්ධාන්තය(the theory of evolution by natural selection) ඉදිරිපත් කරණ අවධියේ දැන නොසිටි දෙයක් තමයි…

Read article

සංකල්ප සාර සංග්‍රහය 3: පරිණාමය

ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥ චාල්ස් ඩාර්වින් සිය The Origin of Species (1859)  නම් සම්භාව්‍ය කෘතිය මගින් ඉදිරිපත් කළ ස්වභාවික වරණය තුලින් සිදුවන පරිණාමය  පිලිබඳ සිද්ධාන්තය විද්‍යාවේ ඇති සිද්ධාන්ත අතුරෙන් සරලතම එමෙන්ම වඩාත් සුසැබි සිද්ධාන්තයකී. එම සිද්ධාන්තය අප අපගැනම හිතන ආකාරය පරිවර්තනයකට ලක් කළේය. පරිණාමය  පිලිබඳ සිය සුප්‍රකට  සිද්ධාන්තය පළ කිරීමට…

Read article

සංකල්ප සාර සංග්‍රහය 2: තරංග වාදය

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන ලිපි පෙළක්  තතු මගින් අප මුලික වශයෙන් තරංග ගැන සිතන්නේ ජල කඳක ඇතිවන තරංගන ලෙසයි. ශබ්දයේ සිට ආලෝකය දක්වා ආලෝකයේ සිට X-කිරණ දක්වා බොහොමයක් භෞතික සංසිද්ධි ඇත්තටම සමන්විත වන්නේ තරංග  වලිනි. තරංගයක් යනු මාධ්‍යයක් හෝ අවකාශයක් හරහා  ප්‍රාවරණය කෙරන ඕනෑම ආවර්තිය(ක්‍රමානුකුලව යළි යළිත්…

Read article

සංකල්ප සාර සංග්‍රහය 1: ප්‍රයෝග(තරග) න්‍යාය

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන ලිපි පෙළක්  තතු මගින් ආර්ථික විද්‍යාව කියන්නේ සමීකරණ සහ ප්‍රස්තාර වලින් සමන්විත වන්නක් හැටියට සිතිමටයි අප සාමාන්‍යයෙන් පෙළඹේන්නේ. එහෙත්, එය මිනිසුන් හැසිරෙන ආකාර — මිනිසුන් නොවරදවාම හැමවිටම තාර්කිකව හැසිරෙන්නේ නැති බව අප දන්නවානේ– මිනිසුන් හැසිරෙන ආකාර හෙවත් මානව චර්යා රටා ද සැලකිල්ලට ගන්නා…

Read article

%d bloggers like this: