විදු නැන නුවණ – Science Literacy for All

පිළිකා රෝගය සිරුරේ ප්‍ර‍තිශක්තියට අභියෝගයක් වී ඇත්තේ ඇයි?

ලිම්පොසයිට් පිලිකා ශෛලයක්

 

සුදුසු විෂ බෙහෙතකකින් පිළිකා ශෛල විනාශ කළ නොහැක්කේ එම විෂ නිසා මනා සෞඛ්‍යකින් යුත් ශෛල ද විනාශ වෙන නිසයි. පිලිකා රෝගයට නිසි බෙහෙතක් සොයා ගැනීමට තවමත් අපහසුව අැත්තේ අපේ ප්‍ර‍තිශක්ති පද්ධතියේ පරිනාමය තවමත් අසම්පූර්ණ නිසාද?

පරපෝෂිතයන්ගේ උවදුරු වලින් ආරක්ෂා වීම පිණිස බොහෝ විට හොඳින් ක‍්‍රියාත්මක වන ආරක්ෂණ ක‍්‍රමයක් සත්ත්වයන්ට ස්වාභාවයන් ම උරුම වී තිබෙනවා. අප එය හඳුන් වන්නේ ප‍්‍රතිශක්ති පද්ධතිය යන නමින්. මේ ප‍්‍රතිශක්ති පද්ධතිය කොතරම් සංකීර්ණ එකක්දැ’යි කිවහොත් එය මුලූ මනින් ම විස්තර කර දීමට වෙන ම පොතක් ලිවිය යුතයි. ලූහුඬින් කියනවා නම් මෙහි දී සිදු වන්නේ හානිදායක පරපෝෂිතයෙකු ගැන ඉව වැටුනු විගස එය විනාශ කිරීම පිණිස ශරීරය ඒ සඳහා සුදුසු ප‍්‍රතිශක්ති ශෛල විශේෂයක් නිපදවීමට කටයුතු කරන බව සහ පරපෝෂිතයා ආක‍්‍රමණය එල්ල කළ තැන කරා රුධිරය ඔස්සේ ගමන් කරන එම ප‍්‍රතිජීවී ශෛල වහාම ආක‍්‍රමණිකයා විනාශ කිරීමට සටන් කරන බවයි. සාමාන්‍යයෙන් මෙහි දී ප‍්‍රතිශක්ති පද්ධතිය සිය කටයුත්ත මැනැවින් ඉටු කරනවා. වරක් එසේ සටන් කළ විට එම සටන සඳහා විශේෂයෙන් නිපදවන ලද ප‍්‍රතිශක්තියේ අණුක ව්‍යුහය කුමක් ද යන වග ප‍්‍රතිශක්ති පද්ධතියට හොඳින් මතක සිටිනවා. ඒ නිසා යළිත් එවැනි පරපෝෂිතයෙකුගෙන් අනතුරක් ලක්වන බව දැණුනු විගස කොයි තරම් සීඝ‍්‍රයෙන් ක‍්‍රියාත්මක වීමට ප‍්‍රතිශක්ති පද්ධතියට හැකියාව ලැබෙන්නේදැ‘යි කිවහොත් අපට ඒ රෝගය ගැන දැනෙන්නේවත් නැහැ. ඔබට එක් වරක් සරම්ප, කම්මුල් ගාය හෝ පැපොල් වැනි රෝගයක් වැළඳුන විට නැවතත් බොහෝවිට එම රෝගය වැළඳීමට ඉඩක් නොමැත්තේ ඒකයි. ළමා කාලයේ කම්මුල්ගාය වැළඳෙන එක හොඳ දෙයක් බව අප දන්නේ වැඩිහිටි වියේ නැවත කම්මුල්ගාය වැළඳීම වැළැක් වීමට ප‍්‍රතිශක්ති පද්ධතියේ ඒ මතකය සමත් වෙන නිසයි. (ළමාවියට වඩා වැඩිහිටිවියේ කම්මුල්ගාය වැළඳීම වඩා අප‍්‍රසන්න දෙයක් වන්නේ එවිට රෝගය කෙළින්ම වෘෂණ කෝෂ වලට බලපාන නිසයි.) රෝග වැළැක් වීම සඳහා එන්නත් යොදා ගැනීමේ දී ඇත්තටම කරන්නේ මළ විෂබීජයක් මගින් රෝගයේ දුර්වල මාදිළියක් සිරුරට ඇතුළ් කොට සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධතියට ඒ රෝගය වැළැක් වීම සඳහා අවශ්‍ය මතකය ලබා දීමයි. බොහෝ විට එන්නත මගින් සිරුරට ඇතුළු කරන්නේ මළ විෂබීජයක් නිසා එවිට ඇතිවෙන දුර්වල මාදිළියේ රෝගය ඔබට දැනෙන්නේවත් නැහැ. එහෙත් ශරීරයේ ප‍්‍රතිශක්ති පද්ධතිය රෝගයේ ඒ දුර්වල මාදිළිය හොඳින් ග‍්‍රහණය කොට මතක තබා ගන්නවා. එනිසා ප‍්‍රහාරය සඳහා නියම විෂබීජය පැමිණෙන විට එයට එරෙහි ව සාර්ථක ව සටන් කිරීමේ නිතැත හැකියාව ප‍්‍රතිශක්ති පද්ධතියට ලැබෙනවා.

සිරුරට අත්‍යවශ්‍ය සජීවි ශෛල වලින් වෙන් කොට අහිතකර ආගන්තුකයා කව්දැ’යි තීරණය කිරීම ප‍්‍රතිශක්ති පද්ධතියට මුහුණ දීමට සිදුවන තරමක් දුෂ්කර කටයුත්තක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් පිළිසිඳ ගැනීමෙන් ඇති වෙන කලලයක් ප‍්‍රතිශක්ති පද්ධතිය විසින් ආගන්තුකයෙක් වශයෙන් වරදවා හඳුනා ගනු ලැබීමට ඉඩ කඩ තියෙනවා (කලලයක ජාන වලින් අඩක් පියාගෙන් උරුම වෙන බැවින් කලලය සම්පූර්ණයෙන් ම මවගේ ජාන හා අනන්‍ය වෙන්නේ නැහැ) එහෙත් මෙහිදී ප‍්‍රතිශක්ති පද්ධතිය කලලයට එරෙහිව සටන් කිරීමෙන් වැළැක් වීම ඉතා වැදගත් අවශ්‍යතාවයක්. ගර්භාෂයක දරුවන් පිළිසිඳ ගැනීම දක්වා ක්ෂීරපායී සත්ත්වයන් පරිණාමය වීමේ දී මේ ගැටළුවට පිළියම් වර්ධනය කරගත යුතුව තිබුණා. එහෙත් එයට විසඳුම වුනේ කලලයන් අතරින් බොහෝමයකට කරදරයකින් තොරව වර්ධනය වී ළදරුවන් වශයෙන් බිහි වීමට අවශ්‍ය ප‍්‍රතිශක්තිය ලැබීමෙනුයි. නමුත් ඒ අතර බොහෝ ගබ්සාද ඇති වීමෙන් පෙන්නුම් කරන්නේ පරිණාමයට මෙම ගැටළුව මුලූමනින්ම විසඳාගත නොහැකි වූ එකක් බවයි. අද පවා ඇතැම් ළදරුවන් නොමැරී ජීවත් වෙන්නේ ප‍්‍රසූතයේ දී ඔවුන්ට නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලැබෙන නිසයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ඇතැම් අත්‍යන්ත අවස්ථාවල දී මවගේ ප‍්‍රතිශක්ති පද්ධතිය පමණ ඉක්මවා ප‍්‍රතික‍්‍රියා දැක්වීම නිසා ප‍්‍රසූතිය සිදුවූ වහා ම ළදරුවාගේ රුධිරය ඉවත්කොට වෙනත් රුධිරයක් ළදරුවාට එන්නත් කිරීමට සිදු වෙන අවස්ථා ද තිබෙනවා.

ප‍්‍රතිශක්ති පද්ධතියට සිදු විය හැකි තවත් වැරැදීමක් නම් ආක‍්‍රමණිකයෙකු ලෙස හඳුනාගත් ආගන්තුකයාට පමණ ඉක්මවා දැඩි ලෙස ප‍්‍රහාර එල්ල කිරීමයි. ඇතැම් විටෙක අපේ සිරුරේ ආසාත්මික තත්වයන් උද්ගත වන්නේ එනිසයි. එහි දී සිදු වන්නේ ප‍්‍රතිශක්ති පද්ධතිය හානිදායක ලෙස හා අනවශ්‍ය අන්දමට කිසිදු අනතුරක් නැති ආගන්තුකයන්ට පහර දීමයි. උදාහරණයක් වශයෙන් ගතහොත් පොලන් නොහොත් මල් පරාග හානිදායක දේවල් නොවේ. එහෙත් ඇතැම් අයගේ ප‍්‍රතිශක්ති පද්ධතිය ඒවාට එරෙහි ව පමණ ඉක්මවා ප‍්‍රතික‍්‍රියා කරනවා. ඒ නිසයි ඇතැම් විටෙක ඔබේ ඇස් රතු කරන, ඔබට නොකඩවා කිවිසුම් යවන පීනස් රෝග, කෘෂඋණ වැනි අප‍්‍රසන්න තත්වයන් ඇති වෙන්නේ.  තවත් උදවියට බළලූන් හෝ බල්ලන් නිසා ආසාත්මික තත්වයන් ඇති වෙන්නට පුළුවන්. මෙහි දී සිදු වන්නේ ඒ සතුන්ගේ රෝමකූප වල ඇති කිසිම උපද්‍රවයකින් තොර අණු වලට එරෙහි ව ප‍්‍රතිශක්ති පද්ධතිය අනවශ්‍ය ලෙස ප‍්‍රතික‍්‍රියා දැක්වීමයි. මෙවැනි ආසාත්මිකතා ඇතැම් විට මරණීය විය හැකියි. මිනිසුන් අතරින් සුළු ප‍්‍රමාණයක් රටකජුවලට කොයි තරම් දරුණු ලෙස ආසාත්මිකදැ’යි කිවහොත් එක රටකජු ඇටයක් කෑ පමණින් එවැන්නන් මරණයට පත් විය හැකියි.

මෙය කෙතෙක් අත්‍යන්තයට යනවාදැ’යි කිවහොත් ඇතැම් විට මෙසේ පමණ ඉක්මවා ප‍්‍රතික‍්‍රියා දක්වන ප‍්‍රතිශකති පද්ධතිය නිසා පුද්ගලයෙකු තමාට ම ආසාත්මික විය හැකියි. මේ තත්වය හඳුන් වන්නේ ස්වයං ප‍්‍රතිශක්ති රෝගය (auto immune disease) යන නමිනුයි. ඇලොපේසියා යනුවෙන් හඳුන්වන කෙස් හැලෙන රෝගය මෙවැනි ස්වයං ප‍්‍රතිශක්ති රෝගයකට එක් උදාහරණයක්. එහි දී සිදු වන්නේ ප‍්‍රතිශක්ති පද්ධතිය හිසේ ඇති රෝමකූපයන් සතුරන් ලෙස සලකා ප‍්‍රහාර එල්ල කිරීමයි. තවත් එවැනි උදාහරණයක් තමයි ‘ප්සෝරියාසිස්’ නමින් හඳුන්වන රෝගය. එම රෝගයට හේතුව පමණ ඉක්මවා ප‍්‍රතික‍්‍රියා කරන ප‍්‍රතිශක්ති පද්ධතිය රෝස පැහැති ආසාදන ලප හම පුරා ඇති කිරීමයි.

ප‍්‍රතිශක්ති පද්ධතිය ඇතැම් විටෙක මේ අන්දමින් අනවශ්‍ය ලෙස ප‍්‍රතික‍්‍රියා දැක්වීම පුදුමයකට කාරණයක් නොවෙයි. එයට හේතුව අවශ්‍ය විටෙක නොපැකිළ ප‍්‍රහාර එල්ල කිරීමත් අනවශ්‍ය විටෙක ප‍්‍රහාර එල්ල කිරීමත් අතර ඇති පටු සීමාව තුළ නිරන්තරයෙන් ම කටයුතු කිරීමට ප‍්‍රතිශක්ති පද්ධතියට සිදු වීමයි.  අනවශ්‍ය ලෙස ප‍්‍රතික‍්‍රියා දක්වන ප‍්‍රතිශක්ති පද්ධතියක් සතු නිතර ආසාත්මිකතාවයන්ගෙන් පෙළෙන හෝ ස්වයං ප‍්‍රතිශක්ති රෝගයට ගොදුරු වන හෝ අයට සමහරක් වයිරස හා පරපෝෂිතයන්ගෙන් ඒතරම් ම හානියක් සිදු නොවේදෝයි ඇතැම් විටෙක මට සිතෙනවා.

ඉහතකී අන්දමට ආගන්තුකයාගෙන් අනතුරක් සිදුවේද? නොවේද? වැනි උභතෝකොටික අවස්ථාවල දී මැදහත් සිතින් කටයුතු ඉටු කිරීම තරමක අසීරු වැඩක්. කිසි දු උපද්‍රවයකින් තොර රට කජු ඇටයකට හෝ ශරීරය සතු පටක ශෛලවලට එරෙහි ව අනවශ්‍ය ලෙස දැවැන්ත ප‍්‍රතිශක්ති ප‍්‍රහාරයක් එල්ල කරමින් නැති අවදානමක් ගැන පමණට වඩා ප‍්‍රතික‍්‍රියා දැක්වීම බොහෝ විට සිදුවිය හැකි දෙයක්. අනෙක් අතට ඇත්තට ම අනතුරුදායක පරපෝෂිතයෙකුට එරෙහිව කලට වේලාවට ප‍්‍රතිශක්ති ප‍්‍රහාරයක් එල්ල කිරීමට අසමත්වීමද සිදුවිය හැකියිි.  මේ දෙඅන්තයෙන් ම වැලැකී ප‍්‍රවේසමෙන් කටයුතු කිරීම ප‍්‍රතිශක්ති පද්ධතියට එතරම් පහසු දෙයක් නොවෙයි. ඉන් කිනම් අන්තයකට බර වූවද අපට විඳීමට වෙන ද`ඩුවම සුළු පටු නැහැ.

අපට ඇතිවන කරදර අතරින් තවත් වැදගත් මෙන් ම විශේෂ දෙයක් තමයි පිළිකා රෝග වැළැඳීම. අපේම සිරුරේ ඇති ඇතැම් ශෛල තමන්ට සාමාන්‍යයෙන් පැවැරුනු කටයුත්තෙන් ඉවත් වී වෙන ම පරපෝෂිතයන් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට වෑයම් කිරීම නිසයි පිළිකා රෝග ඇති වෙන්නේ. පිළිකා සෛල මෙසේ ගොනු වූ විට සාමාන්‍යයෙන් එය හඳුන් වන්නේ ටියුමරයක් ලෙසයි. පළමුවෙන් ම තමන්ට ආසන්නව පිහිටි ශරීර පටක පරිභෝජනය කරන මේ ටියුමරය කල් නොයවා පාලනය කළ නොහැකි මට්ටමට වැඩෙනවා.  එසේ අසාධ්‍ය වූ විට සිරුරේ අනෙකුත් තැන් වලට ද පිළිකාව පැතිරෙනවා. මෙටාස්ටසිස් (metastasis) යනුවෙන් හැඳින්වෙන මේ ක‍්‍රියාවලිය නිසා සිරුර හිමි තැනැත්තා බොහෝ විට මරණයට පත් වෙනවා. ඒ නිසයි එවැනි පිළිකා ටියුමර මාරක ටියුමරයැ’යි (malignant tumour) යැයි හඳුන් වන්නේ.

පිළිකා මේතරම් ම භයානක වීමට එක් හේතුවක් වෙන්නේ පිළිකා ‍ශෛල ආගන්තුක ඒවා නොව අපේ ශරීරයේ ම නිෂ්පන්න වූ ශෛල නිසයි. අනෙකූත් සාමාන්‍ය ශෛල වලට වඩා මඳ වෙනසකට ලක් වී තිබුනත් ඒවා අපේම ශරීරයේ තිබූ ශෛල. මේ නිසා ඒවා ආගන්තූකයන් වශයෙන් සලකමින් වහා ප‍්‍රහාර එල්ල කිරීමට අපේ ශරීරයේ  ප‍්‍රතිශක්ති පද්ධතියට ඉතා අසීරු දෙයක්. එකී හේතුව නිසාම පිළිකා මර්ධනයට සුදුසු ප‍්‍රතිකාරයක් සොයා ගැනීමත් ඉතා අපහසු කටයුත්තක් වී තිබෙනවා. සුදුසු විෂ බෙහෙතකකින් පිළිකා ශෛල විනාශ කළ නොහැක්කේ එම විෂ නිසා මනා සෞඛ්‍යකින් යුත් ශෛල ද විනාශ වෙන නිසයි. එහෙත් බැක්ටීරියා ශෛල අපේ ශෛල වලට වඩා බෙහෙවින් වෙනස් නිසා අපට බැක්ටීරියා ශෛල අනතුරකින් තොර ව විනාශ කළ හැකියි. අපේ ශෛල වලට අනතුරක් නොකොට බැකටීරියා ශෛල විනාශ කරන ප‍්‍රතිකාරක ඖෂධ අප හඳුන් වන්නේ ‘ඇන්ටිබයොටික්’ හෙවත් ප‍්‍රතිජීවක යන නමිනුයි. චෙමෝතෙරපි (Chemotherapy) යනුවෙන් හඳුන් වන රසායනික චිකිත්සාවෙන් කරන්නේ රසායනික විෂ මගින් පිළිකා ෙසෙල විනාශ කිරීමයි. එහෙත් එමගින් පිළිකා ශෛල පමණක් නොව අපේ සෞඛ්‍ය සම්පන්න ශෛලද විනාශ වන්නේ ඒ ශෛල දෙවර්ගයට ම ඇත්තේ එකම සම්භවයක් නිසයි.

අප ඉහතින් සඳහන් කළ ස්වයං ප‍්‍රතිශක්ති රෝගය (auto immune disease)  අපේ ආදි කාල්පික මතුන් මිත්තන් පරම්පරා ගණනක් තිස්සේ මුහුණ දුන් පරිණාමීය අරගලයක අතුරු ඵලයක් විය නොහැකිද?. පූර්වපිළිකා පටක වලට එරෙහි ව කළ සටන් වලදි එම ශෛල මාරක ශෛල බවට පරිවර්තනය වීම වළක්වාලමින් අපේ ප‍්‍රතිශක්ති පද්ධතිය සිය මෙහෙවර සාර්ථකව ඉටු කරන්නට ඇති. මෙහි දී මා අදහස් කරන්නේ පූර්ව පිළිකා ශෛල වලට එරෙහිව දැඩි අවදියකින් කටයුතු කරන ප‍්‍රතිශක්ති පද්ධතිය ඇතැම් විට පමණ ඉක්මවා ප‍්‍රතික‍්‍රියා කොට උපද්‍රව රහිත පටක, එනම් සිරුර සතු සෞඛ්‍ය සම්පන්න ශෛලවලට ද සිය ප‍්‍රහාරය එල්ල කරන බවයි. එයයි අප ස්වයං ප‍්‍රතිශක්ති රෝගයක් යනුවෙන් හඳුන් වන්නේ. ඒ අනුව ස්වයං ප‍්‍රතිශක්ති රෝගය යනු පිළිකා වලට එරෙහිව සුදුසු අවියක් නිපදවා ගැනීමේ නොනිමි පරිණාමීය අරගලයක සාක්ෂියක් නොවිය හැකිද?

ආචාර්ය රිචඩ් ඩෝකින්ස්

(©ඇත්තක අරුමය පොතෙනි)

3 Responses to “පිළිකා රෝගය සිරුරේ ප්‍ර‍තිශක්තියට අභියෝගයක් වී ඇත්තේ ඇයි?”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: