විදු නැන නුවණ – Science Literacy for All

නිතිපතා ව්‍යායාම කරන ළමයි විභාගයට බියවිය යුතු නැහැ.

 

බුද්ධිය වර්ධනය වී විභාග ආදියෙන් ඉහළ ලකුණු ගැනීමට නම් දරුවන් වැඩි වැඩියෙන් පාඩමට යෙදවිය යුතුය යන්න තමයි බොහෝ වැඩිහිටියන්ගේ විශේසයෙන්ම බොහෝ දෙමාපියන්ගේ මතය. එහෙත් ඉතා මෑතක සිදුකෙරණු පර්යේෂණයකින් පළවෙන්නේ තරමක් ඊට පටහැණි අදහසක්. ඇමරිකානු ළමා වෛද්‍යවේදීන්ගේ බාලචිකිත්සක ඇකඩමියේ නිල සඟරාව වන paediatrics හි පළකෙරුණු  ලිපියකට අනුව ඒ පර්යේෂණයෙන් තහවුරු වන්නේ පාඩම් කිරීම තරම්ම අවධානයක් ව්‍යායාම කිරීමටද යෙදවිය යුතු බවයි.

ශාරීරික ක‍්‍රියාකාරකම්වල යෙදෙන දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න වනවා පමණක් නොවෙයි ව්‍යායම නොකරන දරුවන්ට වඩා බුද්ධි පරීක්ෂණවලදි ලකුණු ලබාගන්නා බව පර්යේෂණයකින් හෙළවෙයි. පූර්ව ගැටවර වියේ ළමුන්ගේ බුද්ධි හා චර්යා දර්ශක කෙරෙහි ශාරීරික ක‍්‍රියාකාරකම්වල බලපෑම ගැන මේ පර්යේෂණය සිදුකොට ඇත්තේ පර්යේෂකයන් 10 දෙනෙකුගේ ප‍්‍රධානත්jයෙනුයි. වයස අවුරුදු 7-9 අතර සිසුන් දෙසීය විසි එක්දෙනෙකු මාස නවයක් තිස්සේ පාසලින් පසුව රඳවාගෙන හාරීරික ව්‍යායාමවල යොදවමිනුයි මේ පර්යේෂණය සිදුකොට ඇත්තේ. එහි ප‍්‍රතිඵල දුව පැන දැ`ගලීමට ඇලූම් කරන දරුවන්ගේ සිත් ගන්නවා නොඅනුමානයි’

මේ පර්යේෂණය සඳහා ළමුන් තෝරා ගනු ලැබුවේ අහඹු ලෙසhs. ඉන් tla කණ්ඩායමක් පාසලෙන් පසු පැයක කාලයක් ව්‍යායාම්වල යෙදීම සඳහා තෝරා ගනු ලැබූ අතර අනෙක් කණ්ඩායම පොරොත්තු ලේඛනයකට ඇතුල්කොට තබා ගැනුණේ  පාලන කණ්ඩායම ලෙසටයි. (පාලන කණ්ඩායම යනුවෙන් හැඳින්වෙන්නේ සැසඳිම සඳහා තබන කන්ඩායමයි. මෙහිදී පාලන කණ්ඩායම අනෙක් කන්ඩායම මෙන් ව්‍යායාමයට යොදවන්නේ නැහැ) මාසයක් තිස්සේ ක‍්‍රියාත්මක වූ  මේ වැඩ සටහනේ දී කරුණු තුනක් ගැන අවධානය යොමු වුණා. ළමයින්ගේ ශාරීරික යෝග්‍යතාවේ වෙනස්කම්වලට (උපරීම ඔක්සිජන් පරිභෝජනය) අමතරව මොළයෙහි විද්‍යුත් කී‍්‍රයාකාරිත්වය, ප්‍රතිචාරයේ නිරවද්‍යතාව, ප‍්‍රතික‍්‍රියා කාලය වැනි චර්යාමය මාන ගැන ද දත්ත එකතු කෙරුණා. පූර්ව පර්යේෂණ හා පශ්චාත් පර්යේෂණ ප‍්‍රතිඵල සැසඳීමේ දී පෙණී ගියේ පොරොත්තු ලේඛනයේ තබා ගෙන සිටි ව්‍යායාම්වල නොයෙදුණු සිසුන්ට සාපේක්ෂව ව්‍යායාම්වල යෙදුණු සිසුන්ගේ  ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක තිබුණා පමණක් නොව අවධානය යොමු කිරිමෙහි  සහ අවබෝධ කරගැනීමට ඇති හැකියාවේ වර්ධනයක් ඇතිවී තිබෙන බවයි. එපමණක් නොව අවධානය යොමුවීමෙහි වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ ව්‍යායාම්වල යෙදුණු සිසුන් පමනක් වීම මෙහිදී විශේෂත්වයකි. පර්යේෂකයන් සොයා ගත් තවත් කාරණයක් වූයේ ව්‍යායාමයට කැපවීමේ හැකියාවද බලපෑමක් ඇති කරන බවයි. ඒ කියන්නේ, ඇතැම් දවස්වල ව්‍යායාමෙහි නොයෙදී කට්ටි පැන්න සිසුනට වඩා දිගටම ව්‍යායාම්වල යෙදුණු සිසුන්ගේ ප‍්‍රතිඵල ඉහළ මට්ටමක තිබුනේය යන්නයි.

වයස අවුරුදු 6 සිට 17 දක්වා සෑම ළමයෙකුම දිනපතා පැයක් හෝ ඊට වැඩි වේලාවක් මධ්‍යස්ථ මටටමක හා ප‍්‍රබල මට්ටක ශාරීරික ක‍්‍රියාකාරකම්වල යෙදිය යුතුය යන්න ඇමරිකානු රජයේ මාර්ගෝපදේශ මගින් දැනටමත් නිර්දේශ කර තිබෙන්නකි. එහෙත් ළමුන් බොහොමයක් එම මට්ටමට නොපැමිණේ. මේ නව පර්යේෂණයෙන් හෙළිවෙන පරිදි ව්‍යායාමයෙන් ඥානන හැකියාවන් ද වර්ධනය වේය යන කාරණය ශාරීරික කි‍්‍රයාකාරම් වැඩ සටහන් ජනප‍්‍රිය කරවීම කෙරෙහි ද ශුභවාදීව බලපානු ඇතැයි පර්යේෂකයෝ අදහති.

ශාරීරික ක‍්‍රියාකාරකම් වැඩසටහන් ළමුන්ගේ ඥානන කාර්ය ඵලය මෙන්ම මොළයේ ව්‍යුහය හා කාර්යය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතිකරන බව පෙණී ගොස් තිබූ සාධකයකි. කෙසේවෙතත් දෛනික ශාරීරික ක‍්‍රියාකාරකම් ඥානන පාලනය කෙරෙහි සිදුකෙරෙන බලපෑම තීරණය කිරීමට සසම්භාවීකෘත අතිරේක පරීක්ෂණ අවශ්‍යව තිබුණි. මේ පර්යේෂණය සැලසුම් කෙරුණේ ඒ අනුවයි. එහි ප‍්‍රතිඵල ඥානන පාලනය කෙරෙහි ශාරීරික ක‍්‍රියාකාරකම් වැඩසටහන් ඉමහත් බලපෑමක් දක්වන බව පෙන්වාදෙන පර්යේෂකයන් පවසන්නේ මේ පර්යේෂණය ළමාවියේ ඥානනය හා මොළයේ සෞඛ්‍ය වර්ධනයෙහි දී ශාරීරික ක‍්‍රියාකාරකම් වැඩසටහන්වල අගය වටහා ගැනීමට රුකුලක් වෙන බවයි.

කෙසේවෙතත්, ඥානන කාර්යන්හී දී වැඩි නිරවද්‍යතාවක් ඇතිකිරීම කෙරෙහි වඩාත් බලපාන්නේ ශාරීරික ක‍්‍රියාකාරකම් වැඩසටහන්වල දී ශාරීරික යෝග්‍යතාව වර්ධනයවීම ද එසේ නැතිනම්  එවැනි වැඩසටහන්වල දී ළමුන් එකිනෙකා අතර ඇතිවන සමාජමය අන්තර්ක‍්‍රියාකාරත්වය ද යන්න තෝරා බේරා වෙන්කොට හඳුනාගැනීමට මෙම පරීක්ෂණය සමත් වී නැත. එහෙත්, ඥානනය සම්බන්ධයෙන් හුදෙක් සමාජමය අන්තර්ක‍්‍රියාකාරිත්වයට වඩා ව්‍යායාම හොඳ බව වෙනත් පරීක්ෂණවලින් හැඟවේ. ඒ අනුව සාධක  දෙකම අඩංගු වැඩසටහනක් කොහොමටත් ඵලදායී විය යුතුය.

සයන්ටිෆික් ඇමෙරිකාන් සඟරාව ඇසුරෙන් සංස්කරණය කළේ සරත් කැල්ලපත

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: