මෙතෙක් කිසිදු ආකාරයක අණ්වික්ෂයකින්වත් දැක ගැනීමට නොහැකිවූ මොළයේ පිහිටි ශෛල වල රැඳී ඇති මතක ඒකකයන්, සජීවී DNA සහ ඇල්සයිමර් රෝගය නිසා මොළ ශෛල වල බැඳෙන සියුම් අංශු වැනි ඉතාමත්ම ක්ෂුද්‍ර දේවල් සියැසින් දැක බලා ගැනිමට දැන් විද්‍යාඥයන්ට හැකිය. මේ වසරේ රසායන විද්‍යාව පිළිබඳ නොබල් තයාගය හිමිවූයේ මේ සොයා ගැනීම සිදුකළ විද්‍යාඥයන් තිදෙනාටයි.
මේ ත්‍යාගය අමෙරිකාවේ හොවාඩ් හ්යුජ් වෛද්‍ය ආයතනයේ එරික් බෙට්සිග්, ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ විලියම් මොමර් සහ ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ ස්තෙපාන් හෙල් අතර සමව බෙදීයයි. ඔවුන් තිදෙන කළ පර්යේෂණ නිසා මෙතෙක් ජීව විද්‍යාඥයන්ට දැක බලාගත නොහැකි තරම් කුඩා වූ නැනෝ මට්ටමේ අතිෂය ක්ෂුද්රදේවල් බලා ගත හැකි ෆ්ලොරසන්ට් මයික්රොගැපි අණ්වීක්ෂයක් නිපදවා ගත හැකිව තිබේ.
නැනෝවීක්ෂය යනුවෙන් හැඳින්විය හැකි මේ අණ්වීක්ෂය නිපදවීමේදී ඇබේගේ විවර්තන සිමාව නමින් හැඳින්වෙන ස්වාභාවික සීමාව ජය ගැනීමට ඹවුන්ට සිදුවිය. ඒ සීමාවට අනුව මීටරයකින් මිලියන 0.2කකට අඩු ඕනෑම ද්‍රව්‍යක් පවතින අණ්වීක්ෂ වලින් බැලිය නොහැකි විය’
එහෙත් මෙකී විද්‍යාඥයන් තිදෙන විසින් ප්‍රවර්ධනය කරගත් සුපිරි ෆ්ලොරසින් අණ්වේක්ෂීය ක්‍රමය නිසා ඇබේ විවර්තන සීමාවට ඔබ්බේ ඇති වයිරස, ප්‍රෝටීන්, කුඩා කාබනික අණු පමනක් නොව ශෛල තුළ පිහිටි ක්ෂුද්රකොටස් පවා නිරීක්ෂනය කිරීමට හැකිය.
‘මේ නොබල් ත්‍යාගලාභින් තිදෙනාගේ දායකත්වය නිසා දැන් අපට ජීව ශෛල ඇතුලත සජීවි ලෙස සිදුවන දේවල් දැකගත හැකිවේයැ‘යිද, මෙහි අපූරුව DNA වැනි ක්ෂුද්‍ර දෙයක් තමන්ට ආවේනික උපදෙස් කියවමින් ප්‍රෝටීන තනන ආකාරය සියැසින්ම දැක ගැනීමට අපට හැකිවීමයි යනුවෙන් ස්වීඩනයේ උප්සලා සරසවියේ මාන්ස් එර්හන්බර්ග් පැවසීය.