අප ජීවත්වන මේ මහ පොළොව හෙවත් පෘථිවිය මැද තියෙන්නේ මොනවද කියලා ඇහුවොත් අපට ලැබෙන පිළිතුරු විවිධයි. ඇත්තටම ඒ ගැන වැඩිදුර හිතලා නැති නිසා බොහෝ දෙනෙකු කියාවි අපි නම් හිරිහැටි දන්නේ නෑ කියලා. ඕකත් අහන්න දෙයක්ද? කියලා අහන අයත් ඉඳීවි. පොළොව මැද තියෙන්නෙ අපාය කියලා තවත් සමහරු කියනවා. ඇත්ත්ටම පෘථිවිය ඇතුළේ තියෙන්නේ මොනවාද කියලා භූ විද්‍යාඥයෙකු වන මහචාර්ය ලේන් ස්ටුවර්ට් ගෙන් විමසමු.
පෘථිවිය අභ්‍යන්තරයේ තියෙන්නෙ මොනවාද?
පාෂාණ කියලයි මහචාර්ය ස්ටුවර්ට් පවසන්නේ. මහ පොළොව මතුපිට සිට මැදට කිලෝමීටර් හය දහසකට වැඩි දුරක් දක්වා තියෙන්නේ පාෂාණ. ඒ කියන්නේ දළවශයෙන්, ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉඳන් පැරීසියට තියෙන දුරට සමාන දුරක්. ඇතුළටම වෙන්න පෘථිවියේ අභ්‍යන්තර හරයේදී මේ ලෝහ බහුල පාෂාණ ඉහළින් එන ඉතා අධික පීඩනය හෙවත් තෙරපුම හේතුවෙන් ඝන යකඩ ලෙස කැටි ගැසී තිබෙනවා දැක ගන්න පුළුවන්. අභ්‍යන්තරයට යා ගන්න හැකියාවක් තියෙනවා නම් දිගින් මීටර සිය ගණනක් වෙන තනි තනි යකඩ ස්ඵටික එහි දැක ගන්නත් හැකිවේවි.
අභ්‍යන්තර හරයේ සිට පිටතට එද්දී පීඩනය අඩු බව දැනුණත්, උෂ්ණත්වය නම් තවමත් සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයට වඩා වැඩියි. ඝන යකඩ දැන් ද්‍රව (දියර) යකඩ ලෙස ගලායමින් පවතිනවා. පෘථිවියේ බාහිර හරය ලෙස හඳුන්වන මෙම කැළැඹුණු යකඩ සාගරයේ භ‍්‍රමණය නිසා තමයි පෘථිවියේ චුම්භක කේෂ්ත‍්‍රය උත්පාදනයවෙන්නේත්, ඒ වගේම පෘථවියේ මතුපිට කොටස්වල චලනය සිදුවෙන්නේත්.
කහ මදය අර්ධ වශයෙන් ඝනවූ තම්බාපු බිත්තරයක් සිතට නගාගන්න. කලින් සඳහන් කළ ද්‍රවමය බාහිර හරය ඒ දියාරු කහ මද කොටස වාගෙයි. ඒ චිත්ත රූපය සිත තබාගෙන සලකා බලද්දී, තම්බාපු බිත්තරයේ සුදු පැහැ කොටසින් සංකේතවත් වෙන්නේ බාහිර හරය වට කොටගත් මහත දෙහෙත, සැහැල්ලූ පාෂාණමය කොටසයි. මෙ තමයි පෘථිවියේ ප‍්‍රවාරණය. ගැඹුරින් පිහිටි මෙහි උෂ්ණත්වය ප‍්‍රවාරණ පාෂාණය පහසුවෙන් උණුවීමට තරම් ප‍්‍රමාණවත්. එහෙත් අධිකතර පීඩනය නිසා එය ඝනව, අඩුතරමින් උණුසුම් ක්ලේ හෙවත් ඇඹුම් මැටි (ප්ලැස්ටිසන්) තරමේ ඝන මට්ටමකින් තබා ගන්නට සමත්වෙනවා.
ප‍්‍රවාරණයට පිටතින් ඇත්තේ සංසන්දනාත්මකව තුනී ස්තරයක් වන පෘථිවියේ කබොලයි. මේ කට්ට හෙවත් කබොලෙහි ඝනකම කිලෝමීටර කිහිපයක් පමණයි. එහි ඝනකම අඩුම සාගර පත්ලේදී. වැඩිම කඳුවලදීයි. මහද්වීප පිහිටි ප‍්‍රදේශ මහද්වීප කබොල ලෙසත් සාගර පිහිටි ප‍්‍රදේශ සාගරික කබොල ලෙසත් හඳුන්වනවා. තම්බාපු බිත්තර උදාහරණය නැවත ගත්තොත් මෙය සමාන වෙන්නේ බිත්තර කටුවටයි. කෙසේ හෝ මේ කබොල්ලේදී තමයි අවසානයේ පෘථිවියේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක සියයටත් වඩා අඩු මට්ටමකට පහත වැටෙන්නේ. පෘථිවිය අභ්‍යන්තරයෙන් එන අධිකතර උෂ්ණ ප‍්‍රවාහය සිසිල් කබොලෙහි ගැටී සීතලවී අපසු අභ්‍යන්තරයට ගමන් කරනවා. සංවහනය ලෙස හඳුන්වන මෙම ක‍්‍රියාවලිය නිරතුරුව සිදුවීම නිසා කබොල කැබැලි වෙනවෙලයි තියෙන්නේ. මේවාට කියන්නේ භූ තැටි කියලයි. මහද්වීපික තැටි හා සාගරික තැටි යනුවෙන් භූ තැටි දෙකොට්ඨාශයක් දැක්වෙනවා.
මේ භූ තැටි කැඩී පළුදුවන තැන්වලින් පෘථිවි අභ්‍යන්තරයේ පීඩනය මුදා හැරෙන නිසා, කබොල එක්කම පහතින් තිබෙන ප‍්‍රවාරණයේ ක්ලේ ස්වරූපයේ ද්‍රව්‍ය (බිත්තර සුදුමදය)ක්ෂණිකව උණුවී කබොල පළුදුවූ තැනින් නිකුත්වී උඩට ඇදෙනවා. එය පොළොව මතුපිටින් පුපුරා විදාරණයවෙන්නේ (පිටවන්නේ) යමහල් (ගිනි කඳු) ලාවා (ලෝ දිය) හැටියටයි. ගිනි කඳු වඩාත් පහසුවෙන් පැළී පුපුරන්නේ සාගර පතුලෙන්. පෘථිවි කබොලේ වඩාත්ම තුනීයට ඇත්තේ සාගර පතුල වීම ඊට හේතුවයි. මේ පළුදු සිසිල් වීමෙන් අලූත් කබොල බිහිවෙනවා.
බරෙන් වැඩි මහද්වීපික තැටියක් හා සාගරික තැටියක් එකට ගැටුණු විට, සාගරික තැටියට උඩින් මහද්වීපික තැටිය ගමන් කිරීම නිසා තැටි දෙක අතර දාරය ගිලා බසිනවා.එසේ ගිලා බසින තැන් වල ආගාධ හටගන්නවා.
මහද්වීපික තැටි දෙකක් එකිනෙක හ තෙරපෙන විට භූ කබොලූ දාර ආශ‍්‍රිත ප‍්‍රදෙශය ඉහළට නෙරා එනවා. එසේ නෙරා එන කොටසින් තමයි කඳු නිර්මාණය වෙන්නේ. හිමාලය, ඇන්ඞීස් වැනි මහා කඳු වැටි බිහිවුණේ එහෙමයි.
මෙලෙස කොයි ආකාරයෙන් පෘථිවියේ මුහුණත දෙස බැලූවත් – මහද්වීප ද, සාගර ද, කඳු වැටි ද, ගිම් හල් ද – මේ කොයි ආකාරයෙනුත් පෙන්නුම් කරන්නේ වසර මිලියන ගණනාවක් සිදුවෙමින් පවතින තිස්සේ භූ තැටි චලනයේ ප‍්‍රතිඵලයි.
Edward J. Tarbuck iy Frederick K. Lutgens යන කීර්තිමත් ලේඛකයන් විසින් රචනා කරන ලද Earth Science නම් ග‍්‍රන්ථයේ සඳහන් කරන අන්දමට භූ තැටි ක‍්‍රියාදාමය බලගැන්වෙන්නේ පෘථිවියේ (පරිමිත) තාපය හේතු කොටගෙන නිසා කිසියම් අවස්ථාවක භූ තැටි චලනය ඇණහිටිණු ඇති. (සුළං, ජලය, අයිස් වැනි) බාහිර බලවේගවල ක‍්‍රියා කාරිත්වය තවදුරටත් දිගටම පැවතුනොත් දුර අනාගතයේ දී පෘථිවියේ භූ ලක්ෂණ බොහොමයක් ක්ෂය වී ගොස් පොළෙව මතුපිට පැතැලි ස්වරූපයක් ගනු ඇතැයි ඔවුන් සඳහන් කරනවා. එවිට, අපේ මේ වාසභූමිය භූ කම්පන නොමැති, යමහල් නොමැතිෙ, කඳු නොමැති තනිකර පැතැලි බිමක් පමණක් වනු ඇති. හැබැයි” ඊට තව බොහොම කාලයක් ගතවේවි.
Big Questions from little People …(Faber & Faber, 2012) නමැති පොතේ What’s inside the World? නම් පරිච්ඡෙදය ඇසුරෙන් සකස් කළේ සරත් කැල්ලපත
good
useful for everyone.