ගුහා සිතුවම් බොහෝ දෙනාගේ අවධානය ඇද ගැනීමට සමත් කලා විශේෂයක් ලෙස හඳුන්වන්න පුළුවනි. ඒවායේ විශේෂ ලක්ෂණ සැලකිල්ලට ගන්නා සමහරු ගුහා බිතු සිතුවම් පිට සක්වලින් පැමිණි අයගේ නිර්මාණ ලෙස හුවා දැක්වීමටත් පෙලඹෙති. මේවා අඳින ලද්දේ කුමන කාල වකවානුවලදී ද? ඒවා නිර්මාණය කළෝ කවරහු ද? කුමන අරමුණක් ඇතිව ද? මේවා විවාදයට තුඩුදුන් ප්රශ්නය. එහෙත්, 19 වැනි සියවසේ දී ප්‍රංශයෙන් සහ ස්පාඤ්ඤයෙන් ගුහා චිත්‍ර සොයා ගැනීමෙන් අනතුරුව අවිවාදිතව තහවුරුවෙන්නට පටන් ගත් එක් මතයක් විය: එනම්, ගුහා චිත්‍ර මුලින්ම නිරමාණය කළ ආදී මානවයන් යුරොපීයයන් බවයි. එහෙත්, ළඟදී ඉන්දුනීසියානු දූපතකින් හමුවූ ගුහා චිත්‍ර ගැන සිදු කළ පර්යේෂණයකින් එම මතය දැන් අභියෝගයව ලක්ව තිබේ.
ඉන්දුනීසියානු සුලවෙසි දූපතෙහි සතුන්ගේ ගුහා චිත්‍ර හා අත් සටහන් රූප ලොව ආදිතම ගුහා චිත්රවල කාල වකවානුවලට ළංවන බව විද්‍යාඥයෝ පිරිසක් පළකරති. ඕස්ටේ්රලියාවේ නිව් සවුත්වේල්ස් වොලොන්ගොං විශ්ව විද්‍යාලයෙහි ආචාර්ය ඇන්තනි ඩොසෙටෝ ප්රමුඛ ඕස්ටේ්රලියානු හා ඉන්දුනීසියානු විද්‍යාඥ කණ්ඩායමට අනුව සුලවෙසි දූපතෙහි ලියෑං තිම්පුසෙං ලෙනෙහි ඇති අත් කටහන් රූපය වසර 39,900ක් ද, ඉතා සැලකිල්ලෙන් විචිත්රව සකසා ඇති ගැහැණු සතෙකුගේ චිත්‍රය වසර 35,400ක් ද පැරුණිය.
සුලවෙසි දූපතෙහි දකුණුදිග මරොස් අසළ හුණුගල් ගූහාවල ඇති චිත්‍ර ගැන මුලින්ම වාර්තාවූයේ 1950 ගණන්වලදීයි. ඉන්දුනීසියානු පර්යේෂකයන් ඒවා ගැන පෘථුලව අධ්‍යයනය කර ඇත නමුත් විස්තරාත්මක වාර්තා පළවී ඇත්තේ ස්වල්පයකි. ගුහා බිත්තියේ ඇති සටහන්(ස්ටෙන්සිල්) සකසා ඇත්තේ අතෙහි සැකිල්ල සටහන් වෙන අන්දමට කලාකරුවා අත තබා තෙත් වර්ණක පිඹීමෙනි. ස්වාභාවිකවාදී ආරට ඇඳ ඇති විශාල ගුහා චිත්රයෙන් දැක්වෙන්නේ සුලවෙසි වලට ආවේණික ක්ෂීරපායි සතුන්ය. ඒ අතර ගවයන්ට සමාන කම් ඇති කුරු අනෝආ, ඉන්නන් සහිත සුලවෙසි ඌරන් සහ ‘ඌරු-මුව´ බබිරුසා සත්වයෝ වෙත්. මේ ගුහා චිත්‍ර වසර 40,000 පමණ පැරණි යයි අලූතෙන් සිදුකරන ලද විකිරණශීලි කාබන් කාලනිර්ණය අනුව පෙණීගොස් ඇත. එයින් පැහැදිලිවන්නේ මේවා ලෝකයේ පැරණිතම ගුහා චිත්‍ර අතරට වැටෙන බවයි. එහෙත් මේ වනතුරු පොදුවේ විශ්වාස කෙරුණේ ගුහා චිත්‍ර මුලින්ම මතුවන්නේ යුරෝපයෙන් බවයි. ඒ, අඩුතරමින් වසර 41,000 වත් පැරැණි ස්පාඥ්ඤයේ එල් කැස්ටලෝ ගුහා චිත්‍ර සැලකිල්ලට ගනිමිනි. නෙසේවෙතත්, ගුහා චිත්රවල මූලාරම්භය යුරෝපයෙහි යන මතය සුලවේසි ගුහා චිත්‍ර සොයා ගැනීම හමුවේ අභියෝගයට ලක්වේ. නව සොයා ගැනීමෙන් පෙනීයන්නේ ආදී යුරෝපීයයන් ගුහා බිත්තිවල චිත්‍ර අඳිමින් සිය කලා කුසලතාවන් පෙන්නුම් කරන කාල වකවානුවලම වාගේ අද ඉන්දුනීසියාව යනුවෙන් දැක්වෙන ප්‍රදේශයේ ජනතාවද එවැනි දස්කම් පා ඇති බවයි.
(අමූර්ත මනසක් යනු සිද්ධි හා අදහස් යළි සිහියට නගා ගැනීමට හෙවත් ප්රත්යක්වේෂණයට හැකි මොළයකින් යුතු යන්නයි)
’‘අමුර්ත මනසක් වර්ධනය කරගත් මුල්ම මානවයන් ලෙස පෙනීසිටීමට යුරෝපීයයන්ට පමණක් තවදුරටත් අවකාශ නොලැබේ. එම හැකියාව ඔවුන් අඩුතරමින් ඉන්දුනීසියානුවන් සමගවත් බෙදා හදා ගතයුතුයි ‘‘ පර්යේෂණ කණඩායමේ නායක ආචාර්ය ඇන්තනි ඩොසෙටෝ කියා සිටියි.
‘‘සෙල් රූ කලා හැකියාව යුරෝපයේ මෙන්ම අග්නිදිග ආසියාවේ මුල් නූතන මානව ජනයා අතර ඉස්මතුවෙන්නට ඇත. නැතිනම්, එම කලා විශේෂය මෙයට වසර දස දහස් ගණන් අතීතයේ අප්‍රිකාවෙන් පිටව ගිය මුල්ම නුතන මානවයන් අතර ප්‍රචලිතව තිබෙන්නට ඇත’’ යි සුලවෙසි ගුහා චිත්‍ර පිළිබඳ පර්යේෂණ වාර්තාවේ සම කර්තෘ, වොලොන්ගොං විශ්ව විද්‍යාලයෙහිම තොමස් සුටික්නා පවසයි.
Sci-news.com වාර්තාවක් ඇසුරනි
http://www.sci-news.com/archaeology/science-indonesian-cave-paintings-02194.html