මෙලොව බිහි වූ විශාලතම සත්වයායැ‘යි සැලකෙන වසර මිලියන 100 ක් පැරණි ඩයිනසොරසයෙකුගේ පාෂාණිභුත ඇටකටු සොයාගැනීමට අජන්ටිනාවේ පාෂාණිභූත විද්‍යාඥයෝ සමත් විය. සොයාගත් කළවා ඇට නෂ්ටාවශේෂයකට අනුව මේ ඩයිනසෝරසයා මීටර 40ක් දිගින්ද මීටර 20ක් උසින්ද යුක්ත වේ යැ‘යි සැලකේ. බරින් ටොන් 77ක් විය යුතුයැයිද ගනණය කර ඇත. වැඩුනු අප්‍රිකානු ඇතුන් 14 දෙනෙකුගේ බරට සමාන එම බර ප්‍රමාණය මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම ඩයිනොසොරසයාට වඩා ටොන් හතකින් වැඩිය. මේ ඩයිනසෝරයා මීට වසර මිලියන 66- 149 අතර පැවැති ක්‍රෙටේසියස් අවදියේ ජීවත වූ නව ටයිටනසෝරයන් විශේෂයක් බව සැලකේ. මේ පාෂාණිභුත මුලින්ම සොයාගත්තේ පැටගෝනියාවේ ලා ෆ්ලෙචා කාන්තාරය අසලදී ගොවිපොල සේවකයෙකු විසිනි.
