විද්‍යා ගුරුවරයෙක් ලෙස පත්වීම ලැබුණු වහාම මම ඒ ගැනබොහොම උදම් උනා. අවශ්‍ය පාඩම් ලක ලැහැස්ති කර ගැනීමටත් බොහොම වෙහෙස මහන්සි වුණා. ඒත් ළමයි ඇත්තටම මගෙන් ඉගෙන ගනිවීද කියන එක පිලිබඳ මට පුදුම බයකුත් ඇති වුනා.
ජීව විද්‍යාව උගන්වන එක දවසක මගේ ජනප‍්‍රිය තේමාවක් වන වයිරස සහ ඒවා ක‍්‍රියාත්මක වෙන ආකාරය ගැන පන්තියට නියමිත පෙළ පොතෙන් කොටසක් කියවා ඒ කොටසේ සඳහන් කළ මුලික කරුණු මොනවාද ඒ කරුණු අපූරු ඇයි කියලා කියන්න පුළුවන්ද යනුවෙන් මා ළමයින්ගෙන් විමසුවා.
කිසිම කෙනෙක් එයට පිළිතුරු දීමට ඉදිරිපත් වුණේ නැහැ. පන්තියේ හොඳම ශීෂ්‍යාව ’’අපෝ පොතෙන් කියපු කිසිම දෙයක් මට තේරුණේ නැහැ. හරිම නීරසයි’’ කියා කීවා. එය අනුමත කරන්නවගේ අනිත් හැමෝම උපහාසයෙන් වගේ මදහසක් පෑවා. එතකොට ඊළඟට කරන්නේ මොකක්ද කියලා මට හිතා ගන්න බැරි වුනා. ඒනිසා මං මෙහෙම කීවා.
‘‘හොඳයි මං ඔයාලට කතන්දරයක් කියන්නම්කෝ. බැක්ටීරියාව සහ වයිරසය තමයි මේ කතාවේ ප‍්‍රධාන චරිත. මේ චරිත දිහා අපි බලන්නේ ඔවුන්ගේ නියම ප‍්‍රමාණයට වඩා මිලියනවාරයක් විශාල කරලයි. නියම බැක්ටීරියා සහ වයිරස කොයිතරම් කුඩාද කීවොත් අන්වීක්ෂයක් නැතුව අපට ඒවා බලන්න බැහැ. බැක්ටීරියා සහ වයිරස් යන දෙකටම අපිව ලෙඩ කරන්න පුළුවන් කියලා සමහරක්විට ඕගොල්ලෝ දන්නවා ඇති. ඒත් හුඟ දෙනෙක් නොදන්න කාරණයක් තමයි බැක්ටීරියාවලට පවා ලෙඩ කරවන්න වයිරස් වලට පුථවන් බව.˜
මං මේ අන්දමට කතාව පටන්ගත්තේ හරියට ළමයින්ට සංත‍්‍රාස ජනක සිදුවීමක් කියනව වගේ. “එකමත් එක කාලෙක පුංචි බැක්ටීරියාවක් හිටියා. සමහර්ක විට එයා ඉන්න ඇත්තේ ඔයගොල්ලන්තේ බඩ ඇතුලේ පාවෙවි එහෙමත් නැත්තම් නරක්වෙන්න යන ආහාර ද්‍රව්‍යක වෙන්න පුළුවන්. හිටි ගමන් මේ බැක්ටීරියාවට අසනීප ගතියක් දැනෙන්න පටන් ගත්තා. සමහරක් විට එයා දවල් කෑමට නරක දෙයක් ගත්තා වෙන්න බැරිනැහැ. ටික වෙලාවක් ගියාට පස්සේ බැක්ටීරියාවට දැනුනා තමුන්ගේ හම පුපුරලා යනබවත් පිපුරුනු තැන්වලින් බැක්ටීරියාව ඇතුලෙ ඉඳලා වයිරස මතුවෙන බවත්. තව ටික වෙලාවකට පස්සේ මුළු බැක්ටීරියාවම පුපුරගෙන වයිරස රාශියක් පිටවෙන්න පටන් ගත්තා. ඒක ඇත්තටම වුනේ මෙහෙමයි. මුලින්ම බැකටීරියාව ආක‍්‍රමණය කළ වයිරසයක් එයාට ආවේනික ඞීඑන්ඒ බැක්ටීරියාවට ඇතුල් කළා. එතකොට වයිරස් ඞීඑන්ඒ බැක්ටීරියාවට අයිති ඞීඑන්ඒ කඩාබිඳ විනාශකරන්න පටන් ගත්තා. ප‍්‍රතිඵලය වුණේ බැක්ටීරියා ශෛලයේ පාලනය වයිරස් ඞීඑන්ඒ විසින් අත්පත් කරගෙන තවතවත් වෛරස් නිපදවීමට බැක්ටීරියා ශෛලයට අණ කිරීමයි. මෙතෙන්දි අපි මතක තියාගන්න ඕනේ ඞීඑන්ඒ කියන්නේ හරියට ජීවී ෛෛලයක් මොනවගේ වියයුතුද යන්න තීරණය කරන සැලැසුමක පිටපතක් වගේ දෙයක් කියන එක. දැන් මේ කියන අවස්ථාවෙදි සිද්ද වුනේ මොටර්රථ කර්මාන්ත ශාලාවක් ඇතුළට කඩා වැදුනු කෙනෙක් ඒකෙ තිබුනු මෝටර්රථ සැලසුම් පිටපත විනාශකරලා ඒ වෙනුවට මිනීමරු රොබෝවරුන් හදන සැලසුම් පිටපතක් තිබ්බා වගේ වැඩක්. මොටර් රථ කම්හලේ අයගේ කටයුත්ත තමුන්ට ලැබිල තියෙන සැලසුම් පිටපත මොකක් වුනත් ඒ සැලසුමට අනුව කටයුතු කරන එකයි. ඉතින් බැක්ටීරියා ඞීඑන්ඒ වෙනුවට වයිරස් ඞීඑන්ඒ තිබ්බාම බැක්ටීරියාවට සිද්දවෙන්නේ බැකටීරියාවෙ ශෛළ බිත්ති පුපුරන තුරුම වයිරස් හදන එකයි.
ඒත් බැක්ටීරියාවන් අනතුරට ලක්කර්න්න වයිරස් යොදාගන්නා එකම උපක‍්‍රමය ඒක නෙවෙයි. බැනටීරියාවට ප‍්‍රහාර ඒල්ල කරන්න කලින් එක් වයිරසයයක් යොදා ඔත්තු බැලීමකුත් කරනවා. එතෙනදි ඔත්තුකාර වෛරසය කරන්නේ බැක්ටීරියාවට වහාම හානියක් සිදු නොවෙන විදියට තමන්ගේ ඞීඑන්ඒ බැක්ටීරියාව තුළට රිංගවන එකයි. ඊට පස්සේ ඒ ඞීඑන්ඒ තමන්ට උපදෙස් ලැබෙන තුරැු බලා ඉන්න ත‍්‍රස්ත‍්‍රවාදියෙක් වතේ හැංගිලා ඉන්නවා. නමුත් මෙතෙන්දි සිද්දවෙන එක අපූරු දෙයක් නම් බැක්ටීරියාව පැටව් ගහන කොට ඒ හැම පැටවෙකු තුළම අර ඔත්තුකාර වෛරසයේ ඞීඒන්ඒ පැල පදංචි වීමයි. එතකොට ඉතිං බැක්ටීරියා පවුලේ හැම සාමාජිකයෙක් ඇතූළේ අර වෛරස ඞීඑන්ඒ තියෙනවා. මෙහෙම කල්යල් බලා නිසි සංඥාව ලැබුනු ගමන් හැංගිලා හිටපු හැම ඞීඒන්ඒ එකක්ම නැගිටලා බැක්ටීරියා ශෛලයේ පාලනය තමුන්ගේ අතට අරන් තවදුරටත් බැක්ටීරියා නිපදවනවා වෙනුවට වෛරස් නිපදවන කර්මාන්ත ශාලාවක් බවට ඒ බැක්ටීරියාව පත්කරනවා. මේ විදියට මුළු බැක්ටීරියා පවුලෙ හැම සාමාජිකයෙක්ම ඇතූලේ හැංගිලා හිටපු වෛරස ක‍්‍රියාත්මක වෙන් පටන් ගත්තාම මුළු බැක්ටීරියා පවුලම වහල්ලූ වගේ බැක්ටීරියාවෙනුවට වෛරස නිපදවන්න පටන්ගන්නවා. එත කොට මේ අනුව ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෛරස වලින් ශෛල මැඩපවත්වන්නේ මොන ආකාර වලටද කියන එක. මේ ක‍්‍රම දෙකෙන් ශෛලයට කෙලින්ම ඇතුළු වෙලා ශෛලය පාලනය කරන ක‍්‍රමයට අපි කියන්නේ ලයටික් ක‍්‍රමය කියලා. එතකොට රහස් ඔත්තුකාරයෙක් වගේ ශෛලය ඇතුලේ හැංගිලා නිසිවෙලාව ආවාම ශෛලයේ බලය අල්ලා ගන්නා ක‍්‍රමයට කියන්නේ ලයිසොජෙනික් ක‍්‍රමය කියලා.˜
ඉතිං ඔන්න ඔය විදියට කියල දුන්නම ළමයින්ට ඒක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වුණා. පොතේ ලියල තිබුනු ආකාරය නීරසයැ‘යි කියූ ළමයින් මේ අන්දමට කරුණු කියලා දෙනවට කැමැති වුණේ ඇයි.?
පළමුවෙනි කරුණ විද්‍යා පෙළපොත්වල ඔත්තුකාර වෛරස්ගැන කියවෙන්නේ නැහැ. සංත‍්‍රාස ජනක කතන්දර ඇත්තේත් නැහැ. අපි හැමෝම විද්‍යා විෂය කරුණු කියල දෙන්න හදන්නේ බොහෝම ගම්භිර දෙයක් කියල දෙන විදියටයි. කලක් මම අධ්‍යාපන ප‍්‍රකාශන සමාගමකත් වැඩකළා. එතකොට මට දීල තිබුනු උපදෙස තමයි කවදක්වත් විනෝද ජනක දේවල් පාසැල් පෙළ පොත් වලට යොදා නොගත යතුයි යන පණ්ඩිතමානී උපදේශය. එහෙම නැත්නම් පෙළපොත් වල විද්‍යාත්මක ස්වරූපය පවත්වා ගන්න බැරිලූ.
ඊළඟ දුර්වල කම තමයි පෙළපොත්වල එන භාෂාව තේරුම් ගැනීමට අපහසු භාෂාවක් වීම. ‘මේ වෛරසයන් තම ඞීඒන්ඒ බැක්ටීරියාවක අභ්‍යන්තරයට සංක‍්‍රමණය කරවීමෙන් තමන්ගේම පිටපත් බැක්ටීරියාවතුළ නිෂ්පාදනය කරවීමට පියවරගනී‘ යනුවෙන් ලියනවා වෙනුවට ‘‘බැක්ටීරියා භක්ෂක ප‍්‍රතිගුණනය ආරම්භ වන්නේ වෛරසයක න්‍යෂ්ටික අම්ල බැක්ටීරියාව තුළට හදුන්වාදීම මගිනි‘‘ යන්නයි පෙළපොත්වල සඳහන්වෙන්නේ. ඉතිං ඒ වගේ භාෂා ව්‍යවහාරයක් 13 හැවිරිදි දරුවෙකුට නීරසවෙන එක පුදුමයක් නොවෙයිද?
කොහොම නමුත් මං උගන්වන්න භාවිතා කළ කතන්දර ක‍්‍රමයට සමහරක් අය එකඟ නොවෙන්න පුළුවන්. ‘‘අපොයි ඔය අන්දමට කතන්දර කිය කිය විද්‍යාව වගේ බරපතල් විෂයක් උගන්වන්න හදන එක වැරදියි. මොකද ඕකෙදි යොදාගන්න භාෂාව, උදාහරණ හරියටම නිවැරදි නැහැ’’ කියල ඒ අය කියාවි. උදාහරණයක් ලෙස බැලුවොත් මගේ කතාවෙදි වයිරස වල ඞීඑන්ඒ තියෙන බව මා කීවා. ඒත් හරියටම කිව්වොත් අතලොස්ස්ක් විතර වයිරස ප‍්‍රමාණයකට ඞීඑන්ඒ නැහැ. ඒ වෙනුවට ඒ වයිරස අතලොස්ස්ට තියෙන්නෙ ආර්එන්ඒ. ඒ නිසා සම්ප‍්‍රදායික විද්‍යා පොත් රචකයෙක් ඒක වැරැද්දක් විදියට සලකුණු කරන්න පු`ථවන්. ඔය අන්දමට බැලුවොත් මගේ කතන්දරයට යොදාගත් හැම වචනයකම වැරදි හොය හොයා ඒවා 100%ක් නිවැරදි කරන්න විද්‍ය පොත් රචකයෙක් තැත් කළොත් මා පුදුම වෙන්නේ නැහැ. ඒත් බරපතල භාෂාව සහ විද්‍යාත්මක පාරිභාෂික පද අතින් කොයතරම් නිවැරදි වුණත් ළමයින්ට කියවන්න ආසා හිතෙන් නැත්නම් ඒ පෙළ පොතෙන් අති වැඬේ මොකක්ද?
කතන්දර කීම ගැන මං මේතරම් ඕනැකමින් කියන්නේ විද්‍යා දැනුම පැතිරවීමේ කටයුත්ත කතන්දර සඳහා භාෂාව යොදා ගැනීම අවහිර කරන නිරවද්‍යතාවය නමැති ද`ඩු අ`ඩුවට හසුවී ඇති නිසයි. ඒක හරියට ‘‘හරි වැඬේ මහ ? නැගිටල අපිට හැතැප්ම පහක්ම පයින් යන්න වුණා’’ කියල කෙනෙක් කියන කොට, ‘‘නැහැ හරියටම බැලූවොත් අපි ගියේ හැතැප්ම හතරයි දශම හතයි’’ කියල තවත් කෙනෙක් කියනව වගේ දෙයක්. එත කොට ‘‘කට වහගන්නවා. මං මේ කියන්නේ කතන්දරයක්‘‘කියල අර මුලින් කතා කරපු තැනැත්තට කියන්න සිද්ද වෙනවා.
කතන්දරයක් කියද්දී කරන්නේ භාවාතිෂය සම්බන්ධයක් ගොඩනගා ගැනීමක්. ‘‘ඇත්ත තේරුම් කර දීමට සමහරක් විට ඔබට බොරුවක් ගොතන්නත් සිදු වෙනවා’’ යනුවෙන් ප‍්‍රසිද්ධ වාස්තු විද්‍යාඥයෙකුවන මීස් වැන්ඩර් රොහේ වරක් කීවා. මං හිතන්නෙ ඒ කියමන ප‍්‍රාථම්ක ළමයින්ට සාර්ථක විද්‍යා අධ්‍යාපනයක් ලබාදීමේදී හරියට අදාළ වෙනවා.
කතන්දර කියමින් මං විද්‍යාව බාල්දු කරන බව ඇතැම් අයෙක් කියන විට ඇත්තටම මට දුක හිතෙනවා. ගුරුවරයෙක් වගේම මම ඒම්.අයි.ටී ආයතනයේ ආචාර්ය උපාධියකට පර්යේෂණ කරන කෙනෙක්. ඒ නිසාම ප්‍රමාණිකයන් අතර විද්‍යාත්මක කරුනු සාකච්ඡුා කිරීමේදී අතිශයින්ම නිවැරදි විස්තරාත්මක තොරතුරු වල අවශ්‍යතාවය සහ අගය මා මැනවින් දන්නවා. ඒත් 13 හැවිරිදි දරුවෙකුට විද්‍යාව උගන්වන විටත් ඒ මට්ට්මට නිවැරදි වෙන්න ඕනැද? සියලූම වයිරස් වර්ග වලට ඩිඒන්ඒ තියෙන බව මගේ කතන්දරය නිසා ඒ දරුවෙක් විශවාස කළත් ඒනිසා විශාල හානියක් වෙයි කියලා හිත් කාවදින අන්දමට ඉගෙන ගැනීමට ඔවුන්ට ඇති ඉඩකඩ වලක් වන්න ඕනැද?. අනික් අතට පෙළපොත්වල තියෙන දේවල් තේරුම් ගන්න තියා කියවන්නවත් ආසාවක් නැත්නම් ළමයි කොහොමද විද්‍යාව ඉගෙන ගන්නේ?
මංහිතන්නෙ මේ කාරණය ගැන අපි මීට වඩා අවධානය යොමුකරන්න ඕනැ. මුලින්ම කරන්න තියෙන්නේ ළමයින්ට විද්‍යා පෙළපොත් ලියන අය විද්‍යාව බරපතල දෙයක් විදියට සලකල ළමයින්ට වැඩ අමාරු කරන එක නවත්තන එකයි. මේක අපේ අධ්‍යාපන ක‍්‍රමයේ ආයතනික ප‍්‍රශ්නයක්. ඉංග‍්‍රිසියෙන් විද්‍යාව ඉගෙනගන්නා ළමයින්ට වාසනාවකට වගේ දැන් නොයෙක් ආකාරයේ රසවත් සිත් ඇදගන්නා ලෙස විද්‍යාත්මක කරුණු සරලව පහදා දෙන වෙඞ් අඩවි රැසක් තියෙනවා. අන්තර්ජාලයේ යූ-ටියුබ් එක බැෙලූවොත් බෙහොම නිර්මාණශීලී අන්දමට විද්‍යාත්මක කරුණු පැහැදිලි කර දෙන අපූරු වීඩියෝ වැඩසටහන් නරඹන්න පුළුවන්.
ගුරුවරුන් වන අපටම තවත් බොහොමයක් දේවල් කරන්න පු`ථවන්. ඔබේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කරගත් දර්ශනවලින් නිර්මාණාත්මකව සැදූ කෙටි වීඩියො වැඩසටහන් ළමයින්ගේ විද්‍යා පාඩම් වලට අඩංගු කරන්න පු`ථවන්. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා පුහුණුව අපි හැමෝටම වැඩි අමාරුවක් නැතිව අන්තර්ජාලය ඔස්සේම ලබා ගන්නත් පු`ථවන්. ඒ නිසා ගරුගාම්භීර කම්, බරපතල භාෂාව අතෑරල අන්තර්ජාලයේ විද්‍යා කතන්දර බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න. විනෝද ජනක අන්දමට ළමයින්ගේ ඉගෙන ගැනීමේ ආසාව පුබුදු කරන්න. අත්‍යවශ්‍ය නොවන විස්තර අතෑරල කෙලින්ම වැඬේට බහින්න ‘‘ අහන්නකෝ! මං කතන්දරයක් කියන්නයි යන්නේ’’ කියලම පටන් ගන්න.
ටයිලර් ඩිවිට්