සාමාන්‍යයෙන් කැන්ගරුවන් ගමන් කරන්නේ පැන පැන මිස අපමෙන් ඇවිදගෙන නොවේ. එහෙත් මීට වසර 30,000කට පෙර මුලු මනින්ම වඳවී ගිය මීටර් දෙකක් උස යෝධ කැන්ගරු වර්ගය දෙපයින් ඇවිද ගියා මිස අද වෙසෙන කැන්ගරුවන් මෙන් පැන පැන නොගිය බවට සාක්ෂි ඇති බව විද්‍යාඥයෝ පවසති.
හාවෙකුගේ වැනි කෙටි මුහුණක් ඇති, ස්තෙනුරයින් යනුවෙන් හැඳින්වුණු මේ යෝධ කැන්ගරු විශේෂය මීට අවුරුදු මිලියන 12.5 පමණ ඉහත සිට ඔස්ට්‍රෙලියාවේ සැරසැරූ බවට සාක්ෂි හමුවී ඇත. එහෙත් අවරුදු 30,000 පෙර ස්තෙනුරයින් කැන්ගරුව්න මුලු මනින්ම වඳවී ගියේ මන්දැයි තවමත් නිශ්චය කර ගෙන නොමැත. ඇතැම් මතයකට අනුව එකල ඔස්ට්‍රෙලියාවේ දේශගුණය තදබල වෙනසකට ලක්වීම ඊට හේතුව විය හැකිය.
“අද ඉන්න කැනගරුවො වගේ නෙවෙයි මේ සත්තු පාදයක් ඇර පාදයක් ඉදිරියට තබමින් අපි වගේ ඇවිදගෙන ගිය බවට සාක්ෂි තිබෙනවා“ යනුවෙන් මේ කැන්ගරුවන් පිළිබඳ පර්යේෂණ කරන රෝඩ් දූපත් වල බ්‍රවුන් සරසවියේ ආචාර්ය ක්‍රිස්ටින් ජානිස් පවසයි. මේ නිගමනයට පැමිණීමට ඇය සහ ඇගේ පර්යේෂණ කණ්ඩායම දැනට ජීවත්වන කැන්ගරු විශේෂ 66ක සහ වඳ වී ගිය කැන්ගරු විශේෂ 78 ක ඇටකටු මැන ඒවායේ ප්‍රමාණය හා ඒවා මගින් ඉටුවුණු එක් එක් කාර්යයන් සසඳා බැලුවේය. ඒ අතර ස්තෙනුරයින් විශේෂයේ ඇටකටු 71කක්ද විය.
ස්තෙනුරයින් කැන්ගරුවන් ගේ අස්ථි පඤ්ඤජරය මිනිසුන් සහ වානරයන්ට සමාන අන්දමට එක පයකින් අනෙක් පයට බර අඩි තබමින් ගමන් කරන සතෙකුගේ මෙන් පිහිටා තිබුණි. මිනිසුන්ගේ සහ අශ්වයන්ගේ මෙන්ම ශරීරයේ බරින් සිරුර පැත්තට ඇඹරීයාම වැලැක්වීම සඳහා මේ සතුන්ගේ පාදයේ ඇට වල දාරද පිහිටා තිබිණ. ඒ හැර ඇවිදින වානරයන්ගේ මෙන් උකුලු ඇටය පිටතට නෙරා තිබීම නිසා නිතඔ මාංශපේශි වර්තමාන කැන්ගරුවන්ට වඩා බෙහෙවින් විශාල වන්නට ඇතැයි සිතිය හැකි බවත්, එවැනි විශාල නිතඔ මාංශපේශි ඇවිදින සත්වයන්ගේ ලක්ෂණ මිස පනින සත්වයන්ගේ ලක්ෂණ නොවන බවත් ජානිස් පවසයි.
වර්තමාන කැනග්රුවන් පැන පැන යන ගමනේදී තමන්ගේ දිගු වල්ගය පස්වෙනි පාදයක් මෙන් පාවිච්චි කරන නමුත් ස්තෙනුරයින් කැන්ගරුවන්ට තිබුණේ තද පිට කොන්දක් සහ තරමක් කෙටි වලිගයක් බවද ජානිස් පෙන්වා දෙයි. ජානිස් අදහස් කරන අන්දමට මීටර දෙකක් පමණ උස, කිලෝ 250ක් පමණ බර මේ දැවැන්ත කැන්ගරුවන් ශරීරය කෙලින් කොට අවට හොඳින් විමසා බලා ආහාර ඇති තැන් කල් තියා නිශ්චය කොට ඇවිද ගොස් ආහාර සපයා ගත්තා මිස වර්තමාන කැන්ගරුවන් මෙන් හැම අතේම දුව පැන ඇවිද ආහාර සෙවීමක් නොකළේය.