විදු නැන නුවණ – Science Literacy for All

මිනිසුන් හැරෙන විට තම වර්ගයා මරණ එකම සත්තු චිම්පන්සි

උගන්ඩාවේ කිබාලා ජාතික වනෝද්‍යානයේ වෙසෙන වැඩුණු පිරිමි චිම්පන්සියෙක්

සත්වරාජධානියේ වඳුරන්,වානරයන්, මිනිසුන්, උණහපුලුවන් වැනි සතුන් අයත්වන්නේ එකම ගෝත්‍ර‍යකටයි.

චිම්පන්සින්ගේ මිනීමරු හැසිරීම අස්වාභාවික නැති බවත් චිම්පන්සීන් අතර ඝාතන සිදුවන්නේ මිනිස් බලපෑම හෝ ආභාෂය නිසා නොවන බව නවතම අධ්‍යයනයකින් තහවුරුවේ. වඳුරන්, වලිගය රහිත වානරයන් (ape) සහ අප වැනි මානවයන් ද අයත්වන  ප‍්‍රිමාටේ (primate) ගෝත‍්‍රයේ අය අතුරෙන් මානවයන් හැරුණු කොට කල්ලි ගැසී තමන් අවට ඉන්නා තම වර්ගයේ අය මරා දමන්නේ චිම්පන්සීන් පමණකි. එහෙත් මේ හැසිරීමට පාදක වන හේතු ගැන ප‍්‍රිමාටේ වර්ග අධ්‍යන කරන සත්ව විද්‍යාඥයන් අතර දිගු කාලයක් තිස්සේ මතභේද පැවතුණි. සමහරුන්ගේ මතය වූයේ වාසභූමි විනාශවීම, ආහාර සම්බන්ධයෙන් මැදිහත්වීම ආදී මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් චිම්පන්සීන්ගේ ආක‍්‍රමණශීලී ගතිය වර්ධනය වන බවයි. එහෙත් Nature සඟරාවේ පළ කර ඇති මේ ප‍්‍රධාන පෙළේ අධ්‍යයනයේ ප‍්‍රතිඵල වලින් හුවා දක්වන්නේ ඊට පටහැණි සාධකයකි: එනම් චිම්පන්සි ප‍්‍රජාවක් තුළ සිටිනා පිරිමි සතුන්ගේ සංඛ්‍යාව, එවැනි ප‍්‍රජාවන් වසන ප‍්‍රදේශයේ සමස්ත චිම්පන්සිගහණය යන සාධක  චිම්පන්සීන්ගේ  ප‍්‍රචණ්ඩකාරී චර්යාව කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරන බවයි.

මෙම අන්තර්ජාතික අධ්‍යයනයේ සම සම්පාදකයන් වශයෙන් විද්‍යාඥයන් 30 දෙනෙකු සහභාගී වු අතර විවිධ චිම්පන්සී ප‍්‍රජා කණ්ඩායම් 18 ක් ඔස්සේ පර්යේෂකයන් සමගාමීව සිදු කළ කාලය එකතු කළ විට වසර 426 ක නිරීක්ෂණ මගින් රැස් කළ දත්ත ඊට පාදක කර ගැනුණි. නිරීක්ෂණ කාලය තුළ චිම්පන්සීන් විසින් සිදු කළ ඝාතන 152ක් වාර්තාවිය. ඉන් 68 ක් පර්යේෂකයන් විසින් කෙළින්ම නිරීක්ෂණය කළ ඒවාය. අනෙක් ඒවා රහස් පරීක්ෂකයන් කරන ආකාරයෙන් සිදුව ඇති තුවාල, මළමිණී, අතුරදන්වීම් ගැන සෙවීමෙන් තහවුරු කරගත් ඝාතනයි. චිම්පන්සීන් ජීවත්වන්නේ පැහැදිලිව සළකුණු කළ භූමිභාග තුළය. පිරිමි සත්තු පිරිසක් සීමා මායිම් ඔස්සේ මුර සංචාරයෙහි යෙදෙති. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැඩිකොටම සිදුවන්නේ පිරිමි චිම්පන්සීන් අතරය. ඒ ප‍්‍රජාවකට අයත් පිළිගත් භූමිභාගයේ මායිම්වලදීය. මේ සාධක මගින් ප‍්‍රචණඩත්වය ස්වාභාවික වරණයට (natural selection) සම්බන්ධකරනු ලබයි: තරඟකාරයා ඝාතනය කිරීමෙන් චිම්පන්සි පිරිමි සතුන්ට ආහාර, භූමිය, සහකාරියන් වැනි ප‍්‍රතිලාභ ලබාගැනීමට ඇති ඉඩකඩ වැඩි කරයි.

Nature සඟරාවේ පළවු වාර්තාවට එහිම අනුගාමී පරිකතනයක් සපයන ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මහාචාරිණී ජෝන් සිල්ක් කියා සිටින්නේ මානවයන් නොවන ප‍්‍රිමාටේ ග්‍රෝත්‍ර‍යට අයත් සතුන් විශේෂයෙන්ම චිම්පන්සින්ගේ චර්යා පිළිබඳ අපේ අදහස් බොහෝ විට දර්ශන මතවාද හා මනුෂ්‍යත්‍වාරෝපණ මගින් විකෘති වන බවයි. එමගින් සිදුවන්නේ අනුවේදනය, පරහිතකාමිත්වය වැනි සදාචාරාත්මකව අභිමත ලක්ෂණ පරිණාමීය වශයෙන් ගැඹුරට මුල් බැසගෙන ඇත. එහෙත්  කල්ලි මට්ටමේ ප්‍රචණ්ඩත්වය, ලිංගික බලහත්කාරකම වැනි අප‍්‍රසන්න ලක්ෂණ එසේ නොවේය යනුවෙන් විශ්වාස කිරීමට ලැදිකමක් ඇති කිරීමයයි  කියා සිටින මහචාරිණිය එවැනි අගතිගාමී මත බොලඳ මට්ටමේ නියතිවාදයකියැ’යි පවසන්නීය.

“මේ වාර්තාව පළකිරීම ගැන මම සතුටුවෙනවා. ඒ මන්ද කීවොත් හීලෑනැති චිම්පන්සින් අතර අන්තර්-ප‍්‍රජාප‍්‍රචණ්ඩත්වය ස්වාභාවිකව සිදුවන්නක් යන මතයට දිගු කාලයක් තිස්සේ විරෝධතාවක් තිබුණත් මෙයින් ඊට පිළිතුරක් ලබා දී ඇති හෙයිනුයි”  යනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ එමරි සරසවියේ මහාචාර්ය සත්ව චර්යා විශේෂඥයෙකු වනප‍්‍රාන්ස් ඩි වාල් පවසයි.

                                     Washington Post වාර්තා ඇසුරෙන් සකස් කලේ සරත් කැල්ලපොත

සදාචාරය අපේ සහජ උරුමයක් වුණේ කෙසේද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: