අප අයත්වන හෝමෝ සේපියන් මානව විශේෂය මීට වසර 30,0000 කට පමණ පෙර මිහිපිටින් තුරන්ව ගිය නියැන්ඩර්තාල් මානව විශේෂය සමග සහාවාසයෙන් සම්මිශ්‍රය වූබව ඩීඒන්ඒ විශ්ලේෂණ මත පදනම් වු නවතම පර්යේෂණ වලින් සොයාගෙන තිබේ. ජර්මනියේ ලිප්සිග්හි මැක්ස් ප්ලෑන්ක් පර්යේෂණායතයේ ජැනට් කෙල්සෝ ඇතුළු පර්යේෂකයන් විසින් පවත්වන ලද ඩිඑන්ඒ සමීක්ෂණයකට අනුව අප්‍රිකාවේ උප සහරා කලාපයේ ජීවත්වන අය හැරෙන විට ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල අද ජීවත්වන බොහෝ මිනිසුන්ගේ ජෙනෝමයෙන් 2%කක් පමණ නියැන්ඩර්තාල් ජාන වලින් සමන්විතය. මීට වසර 45,000කට පෙර මිය යන්නට ඇතැයි සැලකෙන සයිබීරියාවෙන් සොයාගත් උස්ට්-ඉෂිම් (Ust-Ishim) මිනිසාගේ ශරීර ඇටයේද ඒ හා සමාන නියැන්ඩර්තාල් ජාන ප්‍රමාණයක් තිබුණ බව ජාන විශ්ලේෂණය කළ විටදී දැනගන්නට ලැබුණි. හෝමෝ සේපියන් මිනිස් ජාන අනුපිළිවෙල වාර්තාවට ගත් පැරණිම සිරුරු ඇටය උස්ට්-ඉෂ්ම් මිනිසාගේය. උස්ට්-ඉෂ්ම් ශීතල සයිබීරියාවේ එම සිරුර සොයාගත් ස්ථානයයි.
උස්ට් -ඊෂිම් මිනිසාගේ පරපුරේ කවර අවස්ථාවකදී මේ සම්මිශ්‍රය ඇතිවන්නට ඇත්දැයි සොයා බලනු වස් ඔහුගේ ජෙනෝමයේ නියැන්ඩර්තාල් ජාන සංයුතියේ දිග ප්‍රමාණය පරීක්ෂා කරන ලදී. හැම පරම්පරාවක් පාසාම ඩීඑන්ඒ කැපී කලවම් වෙන බැවින් ඒ අනුව මහු ජීවත්වූයේ මිනිසුන් සහ නියැනිඩර්තාල් මානවයන් සම්මිශ්‍රය වී පරම්පරා 230 -400 අතර කාලයක් හෙවත් අවුරුදු 7000 -1300 අතර කාලය තුළ විය යුතුයැයි නිගමනය විය. ඒ අනුව මේ සම්මිශුණ සහාවාසය සිදුවන්නට ඇත්තේ මින් වසර 50,000 -60,000 අතර කාලය තුළයැයි විද්‍යාඤයෝ කල්පනා කරති.
එහෙත් උස්ට්-ඉෂ්ම් මිනිසාගෙන් පැවැත එන්නන් ඇති බවක් නොපෙනෙන බැවින් අනුප්‍රාප්තිකයන් නොමැතිවම ඔහුගේ පරපුර අවසන්වන්නට ඇතැයි විද්‍යාඥයෝ සිතති. ජානමය වශයෙන් ගත්විට උස්ට්-ඉෂ්ම් මිනිසා යුරෝපීයන්ට වඩා පෙරදිග ආසියානුවන්ට සමාන වේ.
“අප දැනගත් පරිදි අඩුම වශයෙන් වකවානු දෙකකදී හෝමෝ සේපියන්-නියැන්ඩර්තාල් සම්මිශ්‍රය ඇතිව තිබෙන බව පෙනේ. ඉන් එකක් සිදුවන්නට ඇත්තේ වර්තමාන මිනිසා (හෝමෝ සේපියන්) අප්‍රිකාවෙන් පිටතට සංක්‍රනය කළ වහාමය. අනෙක සිදුවන්නට ඇතතේ වර්තමාන ආසියාතිකයන්ගේ ආදි මුතුන් මිත්තන් සමගයි” යනුවෙන් කෙල්සෝ පවසයි. නියැන්ඩර්තාල් ජාන ලක්ෂණ උපසහරා කලාපයට අයත් රටවල වෙසෙන මිනිසුන්ගෙන් දක්නට නොලැබුණු බැවින් ඔවුන් මේ සම්මිශ්‍රයට හසු නොවූ බව පෙනේ.
නිව් සයන්ටිස්ට් වාර්තාවක් ඇසුරෙන්
.