විදු නැන නුවණ – Science Literacy for All

වැසිකිළි නොයා ඉන්න බැරි අැයි?

වැසිකිළි යන්නේ වැසිකිළි යන්න  ඕනවුණහමනේ කියලා  ඕන කෙනෙක් කෙළින්ම පිළිතුරු දේවි. එකත් ඇත්ත තමයි. ඒත් සැබෑ ප‍්‍රශ්නය තියෙන්නේ ඇයි අපට වැසිකිළි යන්න  ඕනවෙන්නේ කියන එකයි. ඇයි අපි මල පහ කරන්නේ? ඇයි අපි මුත‍්‍රා කරන්නේ? කුඩා කාලයේ ඉඳලාම වාගේ වැසිකිළි යන්න අපි පුරුදුවෙලා හිටියත්, ඒ ක‍්‍රියාවලිය ගැන අපි බොහෝ දෙනෙකුට හරි අවබෝධයක් නොතිබෙන්න පුළුවනි.

මලපහ කරන්නත් මුත‍්‍රා කරන්නත් සිද්ධවෙන්නේ වෙනස් හේතු දෙකක් නිසයි. අපට මුත‍්‍රා කරන්න  ඕනවෙන්නේ අපේ මුත‍්‍රා බොක්ක පිරුණහමයි. මුත‍්‍රා බොක්ක අපේ බඩ ඇතුලේ පහතට වෙන්න තියෙන සමෙන් තැනුණු දැඩිනොවූ බෑගයක් වාගෙයි. ඒකට මුත‍්‍රා පිරෙනකොට ඒක පිම්බෙන්නේ හරියට හුළං පිඹිනකොට බැලූමක් පිම්ඹෙන අන්දමටයි. මුත‍්‍රා බොක්ක සම්පූර්ණයෙන් වගේ පිරෙනකොට මොළයට පණිවුඩයක් යැවෙනවා මුත‍්‍රාකරන්න  ඕන කියලා. මුත‍්‍රාබොක්ක වැහිලා තියෙන්නේ පිධායක පේශිය (sphincter) කියන ඇදෙන සුලූ මුදුවකින් නැතිනම් වළල්ලකින්. ඒක හරියට රබර් බැලූමක මුදුනේ තියෙන තදපටිය වාගෙයි. වැසිකිළියට ගියහම මුත‍්‍රාබොක්ක වැහිලා තියෙන ඇදෙන  සුලූ පටිය බුරුල් කළහම මුත‍්‍රා  බොක්කේ කට විවෘත වෙනවා. එතකොට මුත‍්‍රා ගලාගෙන යනවා.

එතකොට මුත‍්‍රා හැදෙන්නෙ කොහොමද? අපේ ශරීරයේ මාංශ පේශී වර්ධනය හා අලූත් වැඩියාව සඳහා අප දිනපතා ප්‍රෝටීන ආහාරයට ගත යුතුයි. බිත්තර, මස්, මාළු, කිරි, කේජු. බෝංචි, සෝයා යනාදි විවිධ මාර්ගවලින අපට ප්‍රෝටීන ලැබෙනවා. මෙකී ආහාරවල තියෙන ප්‍රෝටීන අපේ සිරුර මගින් බිඳලා, කොටස් කරලා තමන්ගේම ප්‍රෝටීන ගොඩනගා ගන්නවා. මේ සෑම ප්‍රෝටීනයකම නයිට‍්‍රජන් කියන ද්‍රව්‍ය අඩංගුයි. අපේ මාංශ පේශී සඳහා නයිටජන් අවශ්‍ය තමයි. ඒ නිසා ඒවා ප‍්‍රමාණවත්ව ලබාගනීම සහතික කරන්න අපි ඒවා වැඩිපුර ගන්න පෙළඹෙනවා. ඒ අතිරේක නයිට‍්‍රජන් ශරීරයට මදක් විස නිසා ඒවා ශරීරයෙන් ඉවත් කරන්න සිද්ධවෙනවා. සිරුර එය ඉටුකරන්නේ  ඒවා අක්මාවට යැවීමෙනුයි. එතැනදී ඒවා යූරියා කියන රසායනය බවට හැරවෙනවා. අපි හොඳහැටි වතුර පානය කරනවා නම් යූරියා රුධිර ධාරාව ඔස්සේ වකුගඩු වෙත යැවෙනවා. වකුගඩු කරන්නේ ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි(නැවත ප‍්‍රයෝජනයට ගත හැකි) රසායන පෙරා, අර යූරියා වතුරේ දියවෙන්න හරින එකයි. ආන්න ඒවා තමයි මුත‍්‍රා.

අපි මල පහ කරන්නේ ප‍්‍රධාන හේතු දෙකක් නිසයි. නොදිරවූ තන්තු හෙවත් කෙඳි ඉවත් කිරීම මුල් හේතුව වශයෙන් දක්වන්න පුළුවනි. තන්තු කියන්නේ අප ආහාරයට ගන්නා ශාක කොටස්වල දිරවීමට අපහසු කෙඳි තමයි. හැකි තරම් කෙඳි බහුල කොටස් ආහාරයට තන්න කියලා නිතර අපට උපදෙස් ලැබෙනවා ඇහිලත් ඇති. අපේ ආහාර බොහොමයක් ජීරණය වෙන්නේ කුඩා බඩ වැල් වලදීයි. එය ඔබේ මාපටැඟිල්ල තරම් මහත, මීටර පහක් හයක් දිග දැඩි නොවූ බටයක්. බඩවැල් තදකිරීමෙන් ඒවා දිගේ ආහාර පහළට යවන අතර තද කෙඳි ඒ කාර්යය සඳහා උදව්වෙනවා. ඉතින් ඔබට තන්තු දිරවා ගන්න අපහසු වුණත් අනෙක් ආහාර දිරවාගන්න ඒවායේ සහාය ලැබෙනවානේ.

මල පහ කරන්න  ඕන වෙන අනික් හේතුව තමයි, අපේ පරණ රුධිර ෙසෙල කොටස් ඉවත් කරගැනිම. ඔබේ පෙනහළුවලින් ලබා ගන්නා ඔක්සිජන් සිරුර පුරා අරගෙන යන්නේ රුධිර ෙසෙල මගිනුයි. එයින් තමයි ඔබේ මොළය සහ මාංශ පේශී ක‍්‍රියාකරන්න ඉඩ ලැබෙන්නේ. ඔක්සිජන් රුගෙන යන්නේ හීමෝග්ලොබින් (haemoglobin)  කියන රසායනය මගිනුයි. ඉතින් ඔය හීමෝග්ලොබින් වල කල් ඉකුත්වන දිනය පැන්නහම රුධීරය එය අක්මාව කරා රැුගෙන යනවා. ප‍්‍රතිචකී‍්‍රය කරන්න පුළුවන් කොටස් එක්රැස් කරගන්නා අක්මාව ඉතිරිය මලවලට එක්කරනවා.  හීමෝග්ලොබින් කල් ඉකුත් වූණහම බිලිරුබින් කියන දුඹුරු පැහැයට හුරු කහ පැහැ රසායනයකට පරිවර්තනය වෙනවා. ඔබේ මල දුඹුරු කහ පැහැයක් ගන්නේ ඒ නිසයි.

ඉතින් ඔන්න ඔය හේතු නිසා තමයි අපි වැසිකිළි යන්නේ.

Big Questions from Little People පොතෙහි Why do we go to toilet ලිපිය ආශ‍්‍රයෙන්  සරත් කැල්ලෙපාත ලියූවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: