දේශගුණය වෙනස්වීම වැලැක්විය නොහැකි මට්ටමට එළඹ ඇති බවත් කිසිදු සැකයකින් තොරව එයට තුඩුදුන් හේතු මිනිස් ක්රියාකාරීකම් නිසා ඇති වූ ඒවා බවත් වවිධ රටවල ව්ෂේශඥයන්ගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ දේශගුණය වෙනස්වීම පිළිබඳ අනතර්ජාතික මණ්ඩලය (IPCC) ඊයේ ඩෙන්මාක්හි කෝපන්හේගන් අගනුවර පැවැති රැස්වීමේදී එකඟව නිකුත් කළ විෂ්ලේශන වාර්තාවේ සඳහන් වෙයි. මේ වර්තාව පසුගිය හත්වසර තුළ දේශගුණය වෙනස් වීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද ඉතාමත් පරිපූර්ණ වාර්තාව වශයෙන් සැලකේ. “දේශගුණ පද්ධතිය සම්බන්ධ මිනිස් බලපෑම ඉතා පැහැදිලිය. මිනිස් ක්රියාකාරීකම් නිසා මෑතකදී වායුගෝලයට එක්වී ඇති හරිතාගාර වායු ප්‍රමාණය වාර්තාගත මිනිස් ඉතිහාසය තුළ එක්වූ විශාලතම ප්‍රමාණයයි“ යනුවෙන් වාර්තාව සඳහන් කරයි. විද්‍යාත්මක දත්ත රැසක් සංස්ලේෂණය කොට ග්රාපිකව ඉදිරිපත් කරමින් වාර්තාව මෙසේ සඳහන් කරයි. “නිසැකවම වායුගෝලයේ සහ සාගරයේ උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ. හිම සහ අයිස් වල ප්‍රමාණය අඩුවී ඇත. ඉතිහාසෙය් පෙර නොවූ විරූ අන්දමට හරිතාගාර වායු නිකුත්වීම ඉහළ ගොස් ඇත”.
තෙසේ වෙතත් සියලු රාජ්‍යන් එකමුතුව කටයුතු කළෙහාත් දේශගුණ වෙනස් වීම නිසා ඇතිවෙන හානි පාලනය කරගැනීමට හැකිවෙතැයි යන බලාපොරොත්තුවද වාර්තාවේ සඳහන් වෙයි. උෂ්ණත්වය වැඩිවීම සෙන්ටිග්‍රෙඩ් අංශක 2කට නොවැඩි මට්ටමක පවත්වා ගැනීමට නම් ඉදිරි දශක කිහිපය තුළ මිනිස්ක්රියාකාරිත්වය නිසා කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට නිකුත් කිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකළ යුතු යැයිද ඒ සඳහා ගතහැකි පියවර තිබේ යැයිද වාරතාව අවධාරණය කරයි. වාර්තාව ලබන වසරේ පැරිසියේ පැවැත්වීමට නියමිත මුල්පෙලේ දේශගුණ විද්‍යා සමුළුවේ තීරණ සම්බන්ධයෙන් සැලැකිය යුතු බලපෑමකට හේතුවෙතැයි අදහස් කෙරේ.
වාර්තාව ඉදිරිපත් කරමින් කථාකළ IPCC මණ්ඩලයේ සභාපති ඉන්දියානු විද්‍යාඥ ආර්.කේ. පචවුරි මෙසේ පැවසීය. “මේ තත්වයට මුහුණ දීම සඳහා විසඳුම් රැසක් අපසතුව ඇත. එහෙත් අවශ්‍ය කරන්නේ වෙනස්වීම් සඳහා නොපසුබට කැමැත්තයි. දේශගුණය වෙනස්වීම පිළිබඳ විද්‍යාත්මක සත්‍ය නිසා ඇතිවන ඥණය එම වෙනසකම් සඳහා අප පොළඹවනු ඇතැයි විශ්වාස කරමු”.
පහත දැක්වෙන්නේ වාර්තාවේ සඳහන් නිගමන වලට තුඩුදුන් ප්‍රධාන සාධක හුවාදක්වන ග්‍රාපික සටහන්ය.



