බ්‍රිතාන්‍යයේ ජාතික හිම සහ අයිස් දත්ත මධ්‍යස්ථානය රැස් කළ දත්ත වලට අනුව මේ වසර උත්තර ධ්රැව ප්‍රදේශයයේ වැඩිම ගිම්හාන හිම දියවීම් ඇතිවූ වසරවල් අතරින් හයවැනි තැනගන්නා බව පැවසේ. මේ බව වාර්තාකරන ගාඩියන් පුවත්පත ආක්ටික් හිම දියවීම පිළිබඳ වාර්තා සටහන් කිරීම වසර 145ට පෙර ඇරඹු දා සිට මෑතකදී වැඩියෙන්ම හිම දියවීම සිදුවූයේ 2012 වසරේදී බව ද සිහිපත් කළේය. මිනිස් ක්‍රියාකාරක්ම නිසා වැඩිවන ගෝලිය උණුසුම මෙන්ම වෙනත් සාධකද ආක්ටික් හිම දියවීම් පෘථුල වීමට හේතුවේ. 2012 හා සංසන්දනය කරන විට 2013 හා 2014 යන දෙවසරේ හිම දියවීම උග්රනොවූ නමුත් මේ ග්‍රාපික සටහනෙන් පෙන්වා දෙන ආකාරයට 1980 සිට ලබාගත් දීර්ඝ කාලීන දත්ත වලට අනුව ප්‍රවණතාවය වන්නේ ගිම්හාන සමයේදී ආක්ටික් ප්‍රදේශයේ හිම දියවීම එන්න එන්නම වැඩිවෙමින් යන බවයි.
මිනිස් ක්‍රියාකාරකම් නිසා වැඩිවන ගෝලීය උණුසුම හේතු කොට ආක්ටික් ගිම්හානය නුදුරු අනාගතයේ මුලුමනින්ම අයිස් කඳුලක්වත් නැති ගිම්හානයක් වනු ඇත. එය කොතරම් ඉක්මනින් සිදුවේදැයි කිව නොහැකිය. එහෙත් ඒ පිලිබඳ විවාදයෙදී මධ්‍යස්ථ මතයක් දරන බොහෝ දේශගුණ විශේෂඥයන් පවසන අන්දමට ඒ සඳහා තව දශක දෙක තුනක් ගතවිය හැකිය. කෙසේ වෙත්ත ගිම්හාන හිම දියවීම පෘතුල වීමේ පලවිපාක වල්රුස් නම් මුහුදු අලින් සහ හිමවලසුන්ට මුහුණ පෑමට සිදුව ඇති අසීරුකම් වලින් වැටහෙන බවත් ආක්ටික් දේශගුණයේ ත්‍රීවු වෙනස්කම් වඩ වඩා බරපතල විපාක ඇතිකරන බවත් විශේෂඥ මත හුවාදක්වමින් ගාඩියන් පුවත් පත වාර්තා කරයි
බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත් පත් වෙබ් අඩවියට ඩානා නුසිටෙල්ලි සැපයූ වාර්තාවකින්