විදු නැන නුවණ – Science Literacy for All

සෛල වර්ධනය මොහොතින් මොහොත නිරීක්ෂණය කළ හැකි නව ක්‍ර‍මයක්

පළතුරු මැස්සෙකුගේ කලලය වර්ධනය වන ආතාරය පැය තුනක් තිස්සේ ලයිට් ෂීට් මෛක්‍රොස්කෝප් ක්‍ර‍මයට අනුව නිරීක්ෂණය කිරීමේදී උපුටා ගත් මේ තනිරූපරාමුව, එම කලල රූපය ඩිජිටල් තාක්ෂණයට අනුව නිර්මාණයවී ඇති අයුරු පෙන්නුම් කරයි. මෙහි එක් එක් රවුමෙන් පෙන්වන්නේ තනි තනි සෛල න්‍යස්ටියි. සෛල වැඩි වෙන අන්දම වර්ණ කේත ක්‍ර‍මයකට මෙහි දක්වා ඇත.

පුළුල් අරුතින් ගත් විට කලලයක් වර්ධනය වෙන්නේ කෙසේදැයි අපිදනිමු. සාමාන්‍යයෙන් කලලය ඇරඹෙන්නේ තනි සෛලයකිනි. ඉන්පසු ඒ සෛලය බෙදී දුහිතෘ සෛල ඇතිවේ. මේ ක්‍රියාවලිය නැවත නැවතත් සිදුවීමෙන් සුවිශේෂී සෛල වර්ග බිහිවී අළුත් ජීවියෙක් පවත්වාගෙන යා හැකි ඉන්ද්‍රිය පද්ධතියක් බවට විවිධාකාර සෛල සංවිධාන ගත ‍වේ. එහෙත්  සෛලයෙන් සෛලයට සිදුවන මේ අපූරු පරිවර්තනය නිරීක්ෂණය කිරීම පහසු දෙයක් නොවේ. ඊට හේතුව තත්පරයකින් 100/1කක් තරම් සුළු කාල ‍පරාසයන් තුළ මයික්‍රෝමීටර තරම් ක්ෂුද්‍ර ප්‍ර‍මාණයෙන් ඇතිවන සංකීර්ණ සෛල වෙනස්වීම් නිරීක්ෂණය කිරීමට තරම් මෙතෙක් පැවැති  පර්යේෂණ  විධි ක්‍ර‍ම ප්‍ර‍මාණවත් නොවූ බැවිනි.

මෙවැනි පර්යේෂණ විධික්‍ර‍ම වල ඇති වර්තමාන සීමා පුළුල් කිරීම සඳහා වෙහෙසෙන එක් විද්‍යාඥයෙකි හොවාඩ් හියු වෛද්‍ය ආයතනයේ සේවයේ නියුතු ජීවභෞතික විද්‍යාඥයෙකු වන පිලිප් කෙලර්.පිලිප් සහ ඔහුගේ සගයන් ලයිට් ෂීට් මෛක්‍රොස්කොපි (Light-sheet microscopy) නමැති නව තාක්ෂණික උපක්‍ර‍මයක් පරිගණික විධික්‍ර‍ම සමග යොදා ගනිමින් සෛල ඛන්ඩනය වීම, සෛල සංක්‍ර‍මණය සමග මුල් අවධියේ කලලය වැඩෙන අන්දම සූක්ෂම ලෙස නිරීක්ෂණය කළහ. මෙහිදී  මුල්ම කලල අවස්ථාවේ සිට අනුක්‍ර‍මයෙන් ස්නායු පද්ධතිය වර්ධනය වන ආකාරය ඔවුන්ගේ ඉමහත් කුතුහලයට ලක්වීය. “සත්වයන්ගේ පිලිසිඳ ගැනීමේ සිට සියලු පටක පද්ධති ඇතිවන විට ඒ හා සමගාමීව ස්නායු පද්ධතිය ඊට අයත් සංකීර්ණ ලක්ෂණ සහ කාර්යභාරය සමග බිහිවන ආකාරය අතිශයින්ම අපූරු දෙයක්” යැ’යි කෙලර් පවසයි.

ලයිට් ෂීට් මෛක්‍රොස්කොපි ක්‍ර‍මය යොදාගත් විට ඉතාමත්ම තුනී පටක ආදර්ශකයක් වුවද පියවරෙන් පියවර වැඩෙන හැටි වීඩියෝ වාර්තාගත කළ හැකිවේ. මේ ක්‍ර‍මයේදී යොදාගන්නා ලේසර් කිරණ ඇතිරිල්ලට මයික්‍රොමීටර කිහිපයක් තරම් ඝණකම ඇති අතිශයින්ම ක්ෂුද්‍ර‍ වූ බහු පටක පනේලයක ඇති එක් එක් පටලයක් පාසා ඇතිවන වෙනස්කම් පවා වීඩියෝ කළ හැකිය. ඒ හැකියාව යොදා ගත් අවස්ථාවකි මේ කෙටි විඩියෝ ඇමණුමෙන් දැක්වෙන්නේ.

ඉහත සඳහන් උපක්‍ර‍මයට අනුව කාල ප්‍ර‍මාද ක්‍ර‍මයට පටිගත කළ මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ බිත්තර දමා පැය පහකට පමණ පසු ඩ්‍රොසෝපිලා  යනුවෙන් හැඳින්වෙන පළතුරු මැසසෙකුගේ කලලයක් වැඩෙන අන්දමයි. මෙහි දැක්වෙන වීඩියෝවේ කොළ පැහැයෙන් පෙනෙන්නේ ස්නායු සෛල බිහිවීමේ ක්‍රියාවලිය සිදුවන ස්ථාන, ඒ වායේ සංචලනය සහ සෛල විඛන්ඩනයයි. මෙය වීඩියෝ කිරීමට හැකිවූයේ ලයිට් ෂීට් මෛක්‍රොස්ක්‍රොපි, පරිගණක ආධාරයෙන් සෛලවල වැඩීම සටහන් කිරීම සහ සෛල න්‍යෂ්ටි ෆ්ලොරසන්ට් ප්‍රෝටීන වලින් සටහන් කිරීම වැනි තාක්ෂණික විධික්‍ර‍ම කිහිපයක්ම එකට යොදා ගැනීමෙනි.  සෛල වර්ධනය වීම පිළිබඳ මින් පෙර නොවූ විරු දැනුමක් ලබා ගැනීමට ලයිට් ෂීට් මෛක්‍රොස්කොපි ක්‍ර‍මය යොදා ගැනීමෙන්හැකිවෙතැයි පිලිප් කෙලර් සහ ඔහුගේ සගයෝ බලා පොරොත්තුවෙති.

අපට නිරීක්ෂණය කළහැකි අජීවී ලොකයේ  සිදුවන ස්වාභාවික දේවල් සම්බන්ධයෙන් ඒවා එසේ සිදුවන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට හැකි භෞතික විද්‍යා නියාම ධර්ම තිබේ. එ් සමානව ජීවී ලෝකයේ සිදුවන දේවල් සම්බන්ධයෙන්ද  ජීව විද්‍යාත්මක නියාමයන් පැවැතිය හැකියැයි සෛල වැඩීම පිළිබධ මේ සංකීර්ණ ක්‍රියාවලිය තේරුම් ගැනීමට පුරෝගාමී වූ පිලිප් කෙලර් පවසයි.

ඇමෙරිකන් සයන්ටිස්ට් සඟරාවෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: