විදු නැන නුවණ – Science Literacy for All

හඳේ බිම් ගෙවල්

චීස් කැබැල්ලක් නොවූවත් ස්විස් චීස් කැබැලි වල ඇති ගුහා ගුල් මෙන් සිය ගනනක් බිම් ගෙවල් හඳෙහි ඇති බව නාසා ආයතනයේ LRO (Lunar Reconnaissance Orbiter)   චන්ද්‍රිකාවෙන් ලබාගත් මේ ඡායාරූපයෙන් පෙනෙන්නේයැ’යි විද්‍යාඥයෝ පවසති

සඳ දැවැන්ත බිම් ගෙවල් වලින් සමන්විත තැනක් බව පළමු වරට අනාවරණය වූයේ පසුගිය වසරේ ජපානයට අයත් කගූයා අභ්‍යවකාශ යානයෙන් ලබාගත් ඡායාරූප වලිනි.  ඉන්පසුව නාසා ආයතනයට අයත් LRO  චන්ද්‍රිකාවෙන්  ඉහළ තී‍්‍රවතාවයක් සහිත කැමරා යොදා ලබා ගත් ජායාරූප වලින් මෙම දැවැන්ත බිම්ගෙවල් වල විවරයන් පවා පැහැදිලිව දැක ගත හැකි  වූ අතර ඒවා පිහිටි පරිසරයද  ඡායාරූප වල සවිස්තරව සටහන් වී තිබුනි.

ඡායාරූප වල දක්නට ලැබුනු දැවැන්ත බිම්ගෙවල් නිර්මාණය වන්නට ඇත්තේ සඳ මතුපිටට යටින් 1960 ගණන්වල ගලා ගිය ලාවා දහර නිසා බව පර්යේෂකයෝ සදහන් කරති. මෙම නිගමනයට හේතුව ටික කලකට පෙර  මේ පෙදෙසින් ගත් ජායාරූපවල ලාවා ගලා ගිය දිගු ඇලවල් දක්නට ලැබී තිබුනු බැවිනි.

“අපට මෙම කාරණය ඔප්පු කරන්න පුලුවන් වීම ගැන හරි සතුටුයැ”යි ප‍්‍රධාන ජායාරූප විශ්ලේෂක ඇරිසෝනා ජාතික විශ්ව විද්‍යාලයේ මාර්ක් රොබින්සන් පවසයි.

LRO සහ කගුයා යාන වලින් ලබාගත් ජායාරූප වලට අනුව සද මත ඇති මෙම බිම් ගෙවල් ලාවා බට වලට සම්බන්ධ බව තහවුරු කරයි. කඩින් කඩ වසර මිලියන ගණනක් තිස්සේ මෙවැනි බිම්ගෙවල් බිහි වන්නට ඇති බවත් ඒවායින් ඇතමක් අවුරුදු බිලියන ගණනක් තිස්සේ  පවතින්නට ඇති බව ද පර්යේෂකයෝ සදහන් කරති. සඳේ භූවිද්‍යාව හැදෑරීමේදී මේ බිංගෙවල් අතිශයින් වැදගත් විය හැකිය.

මෙම බිම් ගෙවල් දිගටම විවරව පැවතුනහොත් අනාගතයේ සද මත පා තබන අජටාකාශගාමින්ට  උල්කාපාත වලින් බේරීමටත් -150ºC ත් 100ºC ත් අතර දෝලනය වන සඳමතුපිට උෂ්ණත්වයෙන් ආරක්ෂාවීම පිණිසත් ඒවා යොදා ගත හැකි බව පර්යේෂකයෝ සදහන් කරති.  රොබින්සන් පවසන අන්දමට විකිරණයන්ගෙන් ආරක්ෂාවීමටත් හිතකර උණුසුමක් පවත්වාගැනීමටත් මේ බිංගෙවල් ඉතා ප්‍රයෝජනවත් විය හැකිය.  “සඳ මතුපිට සිට  මීටර් දෙකක් යටට ගියහොත් උණුසුම සෙල්සියස් අංශක -30º Cසිට -40º Cදක්වා ස්ථාවර තත්වයක පවතිනවා” යැයිද  රොබින්සන් පැවසීය .

 

BBC Knowledge Asia සඟරාව ඇසුරෙන් සකස් කළේ රුවන් හරිස්චන්ද්‍ර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: