විදු නැන නුවණ – Science Literacy for All

අහිතකර බැක්ටීරියා සහ ශ්වේතාණු අඩුවැඩිවීම

බැක්ටීරියා ගැන කියනකොටම අපට ඇතිවෙන්නේ භීතියක්, තැතිගැන්මක්. ළඟින් ගියොත් ඇහැක් නෑ. යන කියමන තමයි බැක්ටීරියා ගැන කතා කරන්න මුල පුරන කොටම අපට මතක් වෙන්නේ. ඊට හේතු වෙන්නේ, බැක්ටීරියා යනු අපට විණ කරන රෝගකාරක ජීවීන් විශේෂයක් ලෙස අප බොහෝ දෙනා සැලකීමයි. ඇතැම් රෝගාභාධ වලට බැක්ටීරියා හේතුවන බව සත්‍යයක්. ඒත් සෑම බැක්ටීරියාවක්ම නරක නැතැයි යන්න සමහරුනට නුහුරු පුවතක් වෙන්න පුළුවනි. ඔව්, සෑම බැක්ටීරියාවක්ම නරක නැහැ. එපමණක් නොවෙයි සමහර බැක්ටීරියා අපට උපකාරී වෙනවා පමණක් නොව ඇතැම් බැක්ටීරියා වර්ග මිනිස් අපට නැතුවම බැරි බව ඔබ දන්නවාද?

අප කවුරුත් දන්නා ‘නරක’ බැක්ටීරියා ගැන මුලින් කතා කරමු. එවැනි හානිකර බැක්ටීරියාවක් අපේ සිරුරට ඇතුල් වුණොත්… මෙය සිතින් මවා ගන්න අපහසු තත්ත්වයක් නොවෙයි. එය නිතර සිදුවන්නක්. එවැනි බැක්ටීරියා සිරුරට රිංගා ගෙන කෙරෙන අන විණ අපට හොඳට හුරුපුරුදුයි. ඇත්තටම ඔබ මෙය කියවන මොහොතේ පවා බැක්ටීරියා ටි‍්‍රලියන ගණනක් ලොව පුරා සැරිසරමින් මිනිසුන්ගේ ශරීර වලට – ඔව් ඔබේත් මගේත් ශරීර වලට ඇතුල් වීමට මාන බලමින් සිටිති.

එසේ අප සිරුරට ඇතුල් වීමට තැත් කරන බැක්ටීරියා වලට සාර්ථක විය හැක්කේ, අපේ ප‍්‍රතිශක්ති පද්ධතිය හා ප‍්‍රතිචාරය මතයි. ශරීරය ආක‍්‍රමණය කිරීමට සැරසෙන බැක්ටීරියාවන්ගෙන් අපට රැකවරණය සපයන්නේ බොහෝ කොට අපේ සිරුරේ සමයි. එහෙත් සම කැඞී තිබුණොත් එවිට ආක‍්‍රමණිකයන්ට එමඟින් ඇතුල්වීමට මග සැලසේ. ඇඟිල්ලක සුළු කැපුමක් සීරුමක් වුව ක්‍ෂුද්‍ර ජීවීන්ට ඇතුළු වීමට ප‍්‍රමාණවත්ය. සිරුරට ඇතුළුවීමෙන් පසුව ඒවා ශරීරාභ්‍යන්තරයේ උණුසුම්, රුධිර ප‍්‍රවාහයේ මැනවින් වැජඹෙයි. ස්ථාපිත වීමත් සමගම බැක්ටීරියා සීඝ‍්‍රයෙන් විභේදනය වීමට (බෙදීමට) පටන් ගනිති. එහෙත් ඒ සමගම එම බැක්ටීරියා විශේසයට විරුද්ධ අපේ සිරුරේ විශේෂිත ප‍්‍රතිශක්ති පද්ධතිය එහි ප‍්‍රතිප‍්‍රහාරය අරඹයි. සමහර වෙලාවට මේ සටනේ ප‍්‍රතිඵල පිටතින් ද දිස්වේ. සමෙහි සැරුවා පිටවන, රතු පැහැ ගැන්වුණු ඉලිප්පුමක් ඊට නිදසුන්ය. රුධිර ප‍්‍රවාහය තුළ බැක්ටීරියා ගිලගන්නා ලිම්ෆොසයිට හෙවත් වසා සෛල (ප‍්‍රතිදේහ ගැන විමසිල්ලෙන් සිටින සුදු රුධිරාණු හෙවත් ශ්වේතාණු) ආක‍්‍රමණික බැක්ටීරියා වසා ගැටිති වෙත රැගෙන යති. සිරුරට ආක‍්‍රමණයක් එල්ලවෙද්දී මේ හේතුව නිසා,  සිරුර වැඩිවේගයකින් ශ්වේතාණු නිපදවීමට පටන් ගනියි. එවැනි ආක‍්‍රමණයක් ඇත්දැයි බැලීමට වෛද්‍යවරුන් ඇතැම් විට රෝගියාගේ ශ්වේතාණු ප‍්‍රමාණය (white blood count) මැන දැනගන්නේ එහෙයිනි. එම සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතී නම් රෝගියාගේ සිරුර තුළ කොහේ හෝ බැක්ටීරියා නිසා ආසාදනයක් සිදු විඇති බව වෛද්‍යවරයාට නිගමනය කළ හැකිවේ.

ෆැගොසයිට(phagocyte) යනුවෙන් හැඳින්වෙන බැක්ටීරියා නාශක රුධිර සෛල බැක්ටීරියා ගිලගෙන ජීරණය කරති. එහෙත් එය සිදුවෙන අවස්ථාව වනවිටත්, බැක්ටීරියාව සීඝ‍්‍රයෙන් ප‍්‍රජනනය වී සංඛ්‍යාවෙන් වැඩිවීම නිසා ප‍්‍රතිශක්ති පද්ධතියට අභියෝග එල්ල වෙයි. සටනේ ජය කාටද? ආසාදන කාරක ඒ කියන්නේ ආසාදනය ඇතිකරවන බැක්ටීරියාව, ශරීරයේ ප‍්‍රතිශක්ති පද්ධතියට පාලනය කරගත නොහැකි මට්ටමකින් ප‍්‍රජනනය වන්නේ නම් වෛද්‍යවරිය සහායට ඉදිරිපත් වෙයි. ඇය සිය සහාය පළ කරන්නේ ප‍්‍රතිජීවක (antibiotic) ලබාදීමෙනි. එසේ නැතහොත්, විකල්ප ක‍්‍රියාමාර්ගයක් ලෙස වෛද්‍යවරිය හෝ වරයා මතුපිට ඇතිවී තිබෙන ආසාදිත තුවාලයක් කපා විවෘත කර හැරවා ආදිය ඉවත් කිරීමට සලස්වයි. ඊට අමතරව ආසාදන වළක්වන විෂබීජනාශක ද යෙදීමට ඉඩ ඇත. බැක්ටීරියා ආක‍්‍රමණය සුළු එකක් නම් ප‍්‍රතිශක්තී පද්ධතිය මගින් ඉක්මණින් එය මැඩපැවැත්වීමෙන් අනතුරුව පද්ධතිය යථා තත්වයට පත්වේ. බොහෝ විට එවැනි ආක‍්‍රමණික බැක්ටීරියා වලට එරෙහිව සුදු රුධිරාණු ප‍්‍රතිදේහ ගොඩනගන්නේ, එම ක්‍ෂුද්‍ර ජීවියාගෙන් ම අනාගතයේදී නැවත ඇතිවිය හැකි ආසාදන වලට එරෙහිව සටන් වැදීමට සිරුර සුදානම් කිරීමක් ලෙසය. සුදු රුධිරාණු ගණන යළි සාමාන්‍ය මට්ටමට පැමිණෙන නමුත් කෙටි දැනුම් දීමකින් ප‍්‍රතිශක්ති ආරක්‍ෂාව ලබාගැනීමේ හැකියාව සිරුර  තුළ ඒ් වනවිට ස්ථාපිත කර අවසන්ය.

ඇතැම් බෝවෙන රෝග වලට එරෙහිව එන්නත් ලබාදීමේ පදනම ද සුදු රුධිරාණුවල මෙම ප‍්‍රතිචාරය මත පිහිටා ඇත. එහෙත් ඇතැම් විට ප‍්‍රතිදේහ ගොඩ නැගීමේදී යම් දෝෂයන් සිදු වුවහොත් ආක‍්‍රමණියන්ට එරෙහිව සිරුර හොඳින් ආරක්‍ෂා කරනු වෙනුවට ප‍්‍රතිශක්ති පද්ධතිය අසාත්මිකතා (අසාමාන්‍ය සංවේදීතාවක්) ඇති කරයි.

Science of Everyday Things: Vol 3 Real-Life Biology  ග්‍රන්ථය අැසුෙරනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: