පෘථිවියේ වයස දැනගන්නේ කොහොමද?

Posted by

අප ජීවත්වන මේ මහා පොළවට, ඒ කියන්නේ පෘථිවි ග‍්‍රහයාට කොපමණ වයසක් දැන් ගතවෙලාද යන්න මතභේදාත්මක මාතෘකාවක් විය හැකියි. ඒ මන්ද, විවිධ ආගමිවල, විවිධ ජාතීන් අතර පෘථිවියේ ආරමිභය නැතිනමි ප‍්‍රභවය ගැන විවිධ අදහස් පැතිර තිබෙන නිසාවෙනි. එහෙත් විද්‍යාවේදී නමි මහ පොළවෙහි වයස නිර්ණය කෙරෙන්නේ තර්කානුකූල, එමෙන්ම නිරීක්‍ෂණ හා පර්යේෂණ පාදක කරගත් සාක්‍ෂි පදනමි කර ගනිමිනි. ඒ අනුව, පෘථිවිය සහ අපේ මේ සෞර ග‍්‍රහ මණ්ඩලය සෑදී ඇත්තේ මීට වසර බිලියන 4.53 ටත් 4.58ටත් ප‍්‍රථමය. සෞර ග‍්‍රහ මණ්ඩලය අයත් අපේ ගැලැක්සිය වන ක්‍ෂීර පථය දළ වශයෙන් වසර බිලියන 13 ක් පැරණිය

මේ වයස් ගණනය සිදුකරන්නේ කුමණ සාක්‍ෂි පදනමි කරගෙන ද? චන්ද්‍ර හා පෘථිවි පාෂාණවල වයස සොයා ගන්නේ විකිරණශීලී සමස්ථානික (radioactive isotopes)පරිවර්තනය නැතිනමි තත්වාන්තරණය (transmutation – ඒ කියන්නේ වෙනත් රුවක්, හැඩයක්, ගතියක් ගැනීම) මැනීමෙනි. විකිරණශීලී යුරේනියමි-235 සහ යුරේනියමි 238 කල්ගතවන විට අනෙකුත් මුල ද‍්‍රව්‍ය බවට තත්න්‍වාත්තරණය වී අවසානයේ ස්ථායි ඊයමි බවට පත්වෙි. වඩා බහුල  යුරේනියම් -238 න්, P6-206 උපදවෙි. වඩා දුලබ යුරේනියම්-235 හේ අවසාන ඵලය වනුයේ P6-207 යි. පෘථිවියෙහි ඇති සියඵම ඊයමි ලැබී ඇත්තේ මූලික වශයෙක් යුරේනියමි වලිනි.

ඊයමි වලට සාපේක්‍ෂව යුරේනියමි ඉහළ අනුපාතයක් සහිත පාෂාණයක් ඔබ සතුව ඇතැයි සිතමු. මෙයම වෙනත් අන්දමකට කීවොත් එම පාෂාණයෙහි යුරේනියමි බහුලය. ඊයමි එතරමි නැත. එයින් තේරුමි යන්නේ ඔබ සතුව ඇත්තේ බොහොම තරුණ. (වයස්ගත නොවු) පාෂාණයක් යන්නය. ඊට හේතුමව යුරේනියමි, ඊයමි බවට පත්වීමට ප‍්‍රමාණවත් තරමි කාලයක් එම පාෂාණය පැවතී නැති බවයි.

දැන් අපි මෙහෙම හිතමු: ඔබ ළඟ දැන් තිබෙන්නේ ඊයමි වලට සාපේක්‍ෂව යුරේනියමි පහළ අනුපාතයක් සහිත පාෂාණයකුයි. ඒ කියන්නේ ඊයමි බහුලයි ඒත් යුරේනියමි ස්වල්පයයි. එයින් අදහස් වන්නේ ඔබ සතුව දැන් තිබෙන්නේ බෙහෙවින් බෙහෙවින් වයස් ගත පාෂාණයකි. එය යුරේනියමි, ඊයමි බවට පත්වීමට තරමි ප‍්‍රමාණවත් කාලයක බිහිවූ  පාෂාණයකි. ඉතින්, යුරේනියම් ඊයම් බවට පත්වීමට ගත වන කාලය විද්‍යාඥයන් දන්නා බැවින් පාෂාණයක ඇති යුරේනියම් ඊයම් අනුපාතය අනුව එම පාෂාණයේ වයස තීරණය කළ හැකිය.

පෘථිවියේ වයස නිර්ණය කිරීම චන්ද්‍රයාගේ වයස මැනීමට වඩා දුෂ්කරය. භූ ගිනියමි වීම හා සිසිල්වීෙමි හේතුවෙන් බොහෝ පෘථිවි පාෂාණ ප‍්‍රතිචක‍්‍රීකරණය වීමට, එමෙන්ම විනාශ වීමට භාජනය වී ඇත. පාෂාණ, ඒවායේ නොවෙනස්වු මුල් ස්වරූපයෙන් පෘථිවිය මත දැකීම අසීරුය. එහෙත්, වයස අවුරුදු මිලියන 3.5 ක් පමණ පැරණි පාෂාණ සෑම මහාද්වීපයකින්ම හමුවී ඇත.

චන්ද්‍රයාගේ කතාව මෙයට වෙනස්ය. වසර මිලියන ගණනක් මුලූල්ලේ චන්ද්‍රයා මත මහා වෙනස්කමි සිදුවී නොමැත. පෘථිවිය මත හමුවී ඇති පැරණිතම පාෂාණය වසර මිලියන 4.3 ක් පැරණියයි දින නියම කර ඇති අතර සඳේ සිට අභ්‍යවකාශගාමීන් ගෙන ආ පාෂාණ වසර මිලියන 4.4 ත් 4.5 ත් අතර පැරණි ඒවා යයි පෙන්නුමි කෙරේ.

පෘථිවියේ වයස පිළිබඳ වඩා හොඳ තක්සේරුවක් ලබා ගත හැක්කේ හුදු පාෂාණවල දින බැලීම වෙනුවට පෘථිවිය, චන්ද්‍රයා, සහ උල්කාෂ්ම එකම පද්ධතියක් ලෙස සළකා බැලීමෙන්ය. එවැනි පද්ධතියක ඊයමිවලට සාපේක්‍ෂව යුරේනියමි අනුපාතය සැලකිය යුතු දුරකට නිවැරදිව වයස දැක්වීමට මගපාදයි. වර්ග හතකට වඩා අයත් උල්කාෂ්ම දහස් ගණනක් (විකිරණ බලය හා තීවුතාව මනින උපකරණ යොදාගෙන) විකිරණමාන ක‍්‍රමයෙන් කාල නිර්ණය කර ඇත. ඒවා අනුව පෙන්නුමි කෙරෙන්නේ, පෘථිවිය සාමාන්‍යය වශයෙන් වසර මිලියන 4.56 ක් පැරණි බවය. මේ අගය, පෘථිවියේ සහ සඳෙහි සොයාගත් පැරණිතම පාෂාණවල වයසත් එකට ගත්විට පෘථිවියේ වයස වසර බිලියන 4.53 සිට 4.58 අතර විය හැකි යයි තක්සේරු කළ හැක.

 Ask a Science Teacher 250 Answers to Questions ග්‍ර‍න්ථයේ How do we know the Earth’s age? කමැති පරිච්ඡෙදය ඇසුරෙනි.