විදු නැන නුවණ – Science Literacy for All

අහම්බෙන් සොයා ගත් අපූරු ප්ලාස්ටික් වර්ගයක්

බලාපොරොත්තු නොවු ආකාරයකට අහම්බෙන් හමුවු නව සොයා ගැනීම් විද්‍යා ඉතිහාසය තුළ වරින්වර අසන්නට ලැබේ. ඒවා අහඹු සිදුවීම් වුවද හාස්කමකින් නොව පර්යේෂණවල කොටසක් ලෙසම සිදුවන්නක් ලෙස සැලකිය හැකිය. මෝටර් රථ හා අහස්යානාවලට යොදා ගත හැකි, පරිසර හිතකාමී, ශක්තිමත් ප්ලාසටික් විශේෂයක් ලෙස යොදාගත හැකි බහු අවයවකයක් හෙවත් පොලිමර (Polymer) මෙලෙස ‘අහම්බෙන්’ සොයාගැනීමට අයිබීඑම්  (IBM)ඇල්මොඩෙන්  (Almoden)පර්යේෂණ ආයතනයේ විද්‍යාඥවරියක් සමත්වෙයි (බහු අවයවක හෙවත් පොලිමර් වලට රබර් සහ ග්ලූකෝස් පදනම් කරගත් බොහෝ ද්‍රව්‍යය ද ඇතුළත් ස්වභාවිකව ඇතිවන ද්‍රව්‍ය ගණනාවක් අයත් වේ).

ජෙනට් ගාර්ෂියා නමැති මේ පර්යේෂණ රසායනඥවරියට,  මෑතක භාවිත කළ ප්ලාස්කුවක තිබී ටොෆියක් තරමවු සුදුපැහැ ද්‍රව්‍යය කැටියක් සම්භවී ඇතත් එය කුමක්දැයි ඇයට වැටහීමක් නොවීය. එම ද්‍රව්‍යය වීදුරු ප්ලාස්කුවේ ඇළී තිබුණි.  මිටියක් යොදාගෙන එම කැටිය කැඞීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත. ‘‘එය කොපමණ නම් ශක්තිමත් දැයි මට පෙනී ගිය නිසා එය කුමණ ද්‍රව්‍යයකින් සෑදී ඇත්දැයි පරීක්‍ෂා කිරීමට මට හිතුනා’’ ගාර්ෂියා පවසයි.

ප‍්‍රහේලිකාව විසඳා ගැනීමට ඇය සිය පර්යේෂක සගයන්ගේ සහාය පැතීය. ඇයට අහම්බෙන් සොයා ගැනීමට හැකිවී ඇත්තේ තාප සවි  (thermoset) හෙවත් මුලදී මෘදුව තිබී රත්කිරීමෙන් පසුව නැවත වෙනස් කළ නොහැකි ලෙස දැඩිවන අතිශය ශක්තිමත් ප්ලාස්ටික් වර්ගයක්ය. ඒවා .ස්මාට්ෆෝන්.  හෙවත් බුහුටි ජංගම දුරකතන හා අහස්යානාවලට යොදා ගන්නා ප්ලාස්ටික් ය. සෑම වසරකම ගෝලීය වශයෙන් නිපදවන බහු අවයවක වලින් තුනෙන් එකක්ම තාප සවි ප්ලාස්ටික වර්ගය. එහෙත් ඒවා ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම පහසු නැත. ජෙනට් ගාර්ෂියා .අහමිබෙන්. සොයාගත් නව ද්‍රව්‍යය නම් කර ඇත්තේ ටයිටෑන් (Titan) යනුවෙනි. කෙසේ වෙතත්, ටයිටෑන් මෙතෙක් සොයාගෙන ඇති කර්මාන්ත ක්‍ෂේත‍්‍රයට උචිත ශක්තියකින් යුතු  (industrial strength) ප‍්‍රතිචක‍්‍රීය කළ හැකි ප‍්‍රථම ප්ලාස්ටික වර්ගයයි.

නැවත වාත්තු කිරීමට, හැඩගැස්වීමට නොහැකි සාම්ප‍්‍රදායානුකූල තාප සවි ද්‍රව්‍ය මෙන් නොව අළුතෙන් සොයාගත් මෙම බහු අවයවකය රසායනික ප‍්‍රතික‍්‍රියාවක් මගින් යළි සැකැසිය හැකිය. කල්පවතින, ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික වර්ග සඳහා ගෝලීය ඉල්ලූම ඉක්මණින්ම ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. උදාහරණයක් ලෙස ගතහොත් යුරෝපයේ සහ ජපානයේ 2015 වන විට නිපදවන මෝටර් රථ කොටස්වලින් සියයට 95ක්ම ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි ඒවා විය යුතු යයි අපේක්‍ෂිතයි. ”ටයිටෑන් ඒ සඳහා සුදුසුම ද්‍රව්‍යයක් ” යයි ගාර්ෂියා පවසන්නීය. එමෙන්ම, නව තාප සවි ද්‍රව්‍යය අන්තිෙමිදී වෙනත් ප‍්‍රයෝජන ගණනාවකට එනම් මල නිවාරක  (anti corrosive)  හා ක්‍ෂුද්‍රජීවීවාරක (antimicrobial) ආලේපන, ඇලවුම් ද්‍රව්‍ය, 3-D මුද්‍රණය, ජල පවිත‍්‍රණය ආදිය ද ඇතුළත්ව ප‍්‍රයෝජන ගණනාවකට යොදා ගැනීමට හැකිවෙතැයි ඇය විශ්වාස කරයි.

ටයිටෑන් සමග තවත් ‘අතිරේක’ ද්‍රව්‍යයක් සොයාගැනීමටද ගාර්ෂියා ප‍්‍රමුඛ පර්යේෂකයෝ සමත්ව සිටිති. ඉබේටම පිළියම් වෙන හෙවත් ස්වයං-පිළියම්  (self-healing) ජෙලි වැනි ද්‍රව්‍යයක් වන මෙය ඔවුන් නම් කර ඇත්තේ හයිඩ්‍රෝ යනුවෙනි. අඩු උෂ්ණත්ව මට්ටමක දී සෑදෙන මෙම ද්‍රව්‍ය ”දෙකට කපා යළි එක්කළොත් වහාම බැඳුම් (bonds)  ඇති කර ගනී” යි ගාර්ෂියා කියයි. එය ඇලවුම් ද්‍රව්‍යයක් ලෙස හෝ ස්වයං-පිළියම් තීන්තාලේපනයක් ලෙසද යොදා ගත හැක. ”මෙය හුදෙක් එක් අළුත් බහු අවයවකයක් පමණක් නොව නව අවයවයක සෑදෙන ප‍්‍රතික‍්‍රියාවක් ” යයි ඈ තවදුරටත් පැහැදිලි කරයි.

සයන්ටිෆික් අමෙරිකන් සඟරාව ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: