සැමට විදු නැන නුවණ – Science Literacy for All

ජීවයේ ආරම්භය ගැන අලූත් හෝඩුවාවක්

ජිවය සකසන රසායන අපේම ගැලැක්සියෙන් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත්වෙති.

චිලී රාජ්‍යයේ පිහිටා ඇති ALMA දුරේක්ෂය සහායෙන් අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය අයත් ගැලැක්සිය වන ක්ෂීර පථයේ මධ්‍යයට ආසන්නයේ ඇති අණු හෙවත් කුඩා අංශු වර්ගයක් සොයා ගැණිනි . මේ අණු මෙතෙකේ අභ්‍යවකාශයෙන් සොයාගෙන ඇති වඩාත්ම සංකීර්ණ ඒවාය. ක්ෂීර පථයේ Sagittarius B2 නම් අති දැවැන්ත වායු වලාකුළෙහි අයිසොප්‍රොපයිල් සයනයිඞ් (isopropyl cyanide) ඇති බව මේ අංශු වලට අනුව හෙළිවිය. මෙය ප්‍රෝටීනවල මූලික අංග සෑදෙන 20 ක් පමණ වන  ඇමයිනො අම්ල වල ජීවය ගොඩ නැගෙන නිර්මිත කොටස් අතර ප‍්‍රධාන කොටසකි. ජීවය හටගත්තේ කොයිබින් ද යන්න සොයා යන ගමනේ මෙය බෙහෙවින් උනන්දුව ඇති කරවන පියවරක් ලෙස සැලකිය හැක්කේ මෙවැනි සංකීර්ණ කාබොනික ව්‍යුහයන් මෙතෙක් කිසිදිනක අභ්‍යවකාශයෙන් සොයාගෙන නැති හෙයිනි. මෙම ව්‍යුහයන්ගේ වඩාත්ම අවධානය යොමුවන කොටස වන්නේ බෙදීගිය කාබොනික ආධාරකයි (branched carbon backbone)එමෙන්ම මෙය, අප වෙසෙන ක්ෂීර පථය ගැලැක්සිය තුළ තවත් බොහෝ සංකීර්ණ ව්‍යුහයන් සොයාගැනිමට අපට හැකිවෙන බවට බලාපොරොත්තු ඇති කරයි. විශ්වය තුළ ජීවය හටගත් ආකාරය ගැන තව තවත් හැදෑරීම් කිරීමට එය මිණි පහනක් වනු ඇත.

මෙම අධ්‍යයනය සිදුකරන්නේ රේඩියෝ තාරකා විද්‍යාව පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් අයතනයයි (Max Planck Institute for Radio Astronomy). මෙවැනි ඇමයිනො අම්ල තවත් සොයාගැනීම පිණිස ආයතනය ක්ෂිර පථයේ මධ්‍යය  තව තවත් සෝදිසි කිරීමට බලාපොරොත්තුවෙයි. අපේ ක්ෂිර පථය ගැලැක්සියෙන් හා ඉන් ඔබ්බෙන් වඩාත් සංකීර්ණ ව්‍යුහයන් තව තවත් සොයාගැනීමට සමත් වුවහොත්, ඉන් අපට තේරුම් යන්නේ විශ්වයේ වෙනත් ස්ථානවල ද ජීවය හට ගෙන තිබීමට ඉඩකඩ ඇතිබවයි. වයිනිල් මද්‍යසාරය (vinyl alcohol) සහ එතයිල් ෆෝමේට් (ethyl formate)  තිබෙතැයි සොයා ගෙන ඇති Sagittarius B2 වළාව අණු සඳහා හොඳ නිධානයක් බවට දැනටමත් ඔප්පු වී හමාරය.

ALL ABOUT SPACE 2014 කලාප 31 ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: