එක්සත් ජාතීක්ගේ තැපැල් සේවාව මගින් නිකුත් කර ඇති අළුත්ම මුද්දරවල ඇති සත්ව විශේෙෂ ඉතා පියකරු නමුත් මෑතකදී වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ජලජ සත්වයන්ය.
1998 සිට මේ දක්වා එක්සත් ජාතීන්ගේ තැපැල් සේවාව විසින් එසේ විනාශ මුඛයට යෑමේ තර්ජනයට මුහුණ දී ඇති සත්ව විශේෂ සම්බන්ධයෙන් මුද්දර කුලක 22ක් නිකුත් කර ඇත. මේ වසරේ නිකුත් කර ඇති මුද්දර දොළහ චිත්රශිල්පී ඇමඩියෝ බචාර් විසන් අදින ලද අත්ර මෙහි දැක්වෙන මුද්දර වලින් පිළිබිඹු වන්නේ සෙන්ටි මීටර් 1.5ක් දිග ඩෙනිස්ගේ පිග්මි මුහුදු අශ්වයා (Denise’s pygmy seahorse), ලොව විශාලතම මත්ස්‍යයා වන තල්මස් මෝරා (whale shark), බීක්කු මිටි හිස් මෝරා ( scalloped hammerhead shark) සහ ඇතැම් සංසකෘතින් විසින් වාසානාවේ සංකේතයක් ලෙස සැලකෙන ආසියානු ඇරොවානා (Asian arowana )යන ජලජ ජීවී විශේෂයි. මේ නව මුද්දර නිකුතුව ස්විස් ෆ්රැන්ක්, ඉයුරෝ සහ ඩොලර් යන මුදුල් වර්ග වලින් මිළ කළ ඇති කට්ටල තුනකින් සමන්විතය.
මේ මුද්දර වලංගු වන්නේ එක්සත් ජාතින්ගේ තැපැල් කාර්යාල අතර ලිපි හුවමාරු කටයුතු සඳහා පමණි. එහෙත් ලොව පුරා මුද්දර එකතු කරන්නන් අතර මේවාට ඉල්ලුමක් ඇති බැවින් වඳවී යාමට ආසන්න සත්ව විශේෂ පිලිබඳ අවධානය දිනා ගැනීමට මුද්දර නිකුත් කිරීම වැනි ක්‍රියාවන් ප්රායෝජනවත් වන බව එක්ස්ත් ජාතීන්ගේ සංවිධානය පවසයි.