සැමට විදු නැන නුවණ – Science Literacy for All

ජීවයේ මුල්ම බීජ සොයා යන ග‍්‍රහක මෙහෙයුම දෙසැම්බර් 01 දා

HAYABUSA2 චන්ද්‍රිකාව

ග‍්‍රහකයක සිට එහි සාම්පල ආපසු පෘථිවියට ගෙන ඒමේ සාර්ථක මෙහෙයුමකින් පසුව ඓන්ද්‍රීය ද්‍රව්‍ය කොටස් සෙවීමේ අරමුණින් ජපානය දෙවැනි වරටත් ග‍්‍රහක(asteroid) ගවේෂණ මෙහෙයුමක් දියත් කිරීමට සැරසෙයි. හයබුසා – 2 (Hayabusa – 2) යනුවෙන් නම් කර ඇති රොබෝ අභ්‍යාවකාශ යානය තනෙගෂිමා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් දෙසැම්බර 1 දා සඳුදා ගුවන් ගත කිරීමට නියමිතයි. එය 29 සෙනසුරාදා ගුවන් ගත කිරීමට කලින් සැලසුම් කර තිබූ නමුත් අයහපත් කාලගුණය නිසා කල්දැමිණ. 2018 ජුනි වන විට මෙය සේන්දුවීමට බලාපොරොත්තු වෙන්නේ 1999 JU 3 යනුවෙන් නම් කර ඇති අඳුරු ග‍්‍රහයකය වෙතයි. සූර්යයා වටා කක්ෂයක ගමන් කරමින් පෘථිවියේ කක්ෂය හරහා ද යන මෙම ග‍්‍රහකය දළ වශයෙන් අඩි 3,000 ක් පමණවේ. 1999 දි සොයා ගැනුණු JU 3 , C වර්ගයේ ග‍්‍රහකයකි. ගල් අඟහරු වැනි අංගාරමය පාෂාණ උල්කාෂ්මවල (carbonaceous chondrite meteorites ) ඇති ද්‍රව්‍යවලට සමාන කාබන්, ඇමයිනෝ අම්ල සහ ජල පෝෂිත ඛනිජ එහි ඇතැයි විද්‍යඥයෝ විශ්වාස කරති. C වර්ගයේ ග‍්‍රහක සාමාන්‍යෙයන් පෘථිවිය අාසන්නයේ දැක ගත නොහැකි වන අතර ඒ්වා වැඩිපුර ගැවෙසන්නේ අඟහරු හා බෘහස්පති අතර ග්‍රහක පථයෙහිය.

‘‘මෙවැනි ද්‍රව්‍ය අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය බිහිවීෙම් අවධි ගැන දැනගැනීමට යොදා ගත හැකිවෙනවා පමණක් නොව පෘථිවිය මත ජීවය හටගත්තේ කෙසේ ද යන්න මෙන්ම පෘථිවිය මත සාගර සෑදුනේ කොයිබද යන්න ගැනත් අධ්‍යයනය කිරීමට මහෝපකාරීවෙනවා’’ යයි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ග‍්‍රහලෝක විද්‍යාඥ පෝල් ඇබෙල් පවසයි.
උල්කා නිරන්තරයෙන් මහ පොළව මත පතිතවේ. ඒව පතිතවන තැන් පරික්ෂාවේ දි මතුවන ගැටළුව වන්නේ පරීක්ෂාවට ලක්වන ද්‍රව්‍ය කෙතෙක් දුරට පෘථිවි ද්‍රව්‍ය හා මිශ‍්‍ර වී දැයි සැක හැර දැන ගැනීමයි. ‘‘ අපට ඇත්තවශයෙන්ම අවශ්‍යවන්නේ මුල් තත්ත්වයෙන්ම පවතින නොකිලිටි ද්‍රව්‍යය’’ යි ඇබෙල් කියා සිටී.

තාක්ෂණය ප‍්‍රදර්ශනය කිරීමක් ලෙස සැලකුණු හයබූසා 1 මෙහෙයුමෙන් ක‍්‍රි.ව. 2010 වසරේ දී S වර්ගයේ ග‍්‍රහයකයකින් සාම්පල පෘථිවියට ගෙන ඒමට හැකිවිණ. එහි අත්දැකීම් පාදක කර ගත් හයබූසා 2 මෙහෙයුම විද්‍යා ගවේෂණයට වඩාත් නැඹුරුය. විවිධ වර්ගවල ග‍්‍රහක අතර සබඳතාවත් සෞර ග‍්‍රහ මණ්ඩලය බිහිවීමේ දී එය බලපෑ ආකාරය මෙන්ම අපගේ පෘථිවි ග‍්‍රහයා මත ජීවය කෙරෙහි බලපාන්නට ඇති ආකාරයත් ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙවර උත්සාහයක් දරනු ඇත.

ඩිස්කවරි අඩවිය ඇසුරෙන්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: