සැමට විදු නැන නුවණ – Science Literacy for All

අපේ සිරුරේ සෛල කීයක් නම් ඇත්ද?

මිනිසෙකුගේ ශරීරය තුළ සෛල කොපමණ සංඛ්‍යාවක් තිබේදැයි ඇසුවොත් ඊට ලැබෙන පිළිතුර අහසේ තරු කොපමණ තිබේදැයි යන්නට ලැබෙන පිළිතුරට සමාන විය හැකියි. ඒ දෙකම ගැන පැහැදිලි එකඟතාවක් නැත. දෙකෙහිම සංඛ්‍යාවක් නිශ්චිතව දැක්විය නොහැකිය. මිනිස් සිරුරේ ඇති සෛල සංඛ්‍යාව ඇස්තෙමින්තු කර ඇත්තේ (ගණන් බලා ඇත්තේ) ට්‍රිලියන දහයේ සිට ටි‍්‍රලියන සියයක් අතර සංඛ්‍යාවක් හැටියටයි. ටි‍්‍රලියනය කියන්නේ මිලියන මිලියනයකටයි. එහෙම නමි මිනිස් සිරුරේ සෛල සංඛ්‍යාව මිලියනවලින් කීවොත් 10,000,000,000,000 සිට 100,000,000,000,000 අතරයි. ඇත්තටම, සෛල සංඛ්‍යාව රඳා පවතින්නේ පුද්ගලයාගේ ප‍්‍රමාණය අනුවයි. පුද්ගලයෙකු ප‍්‍රමාණයෙන් විශාලවෙත්ම සෛල ප‍්‍රමාණයද වැඩිය. තවද, පරණ සෛල මියගොස් අඵත් සෛල සෑදෙද්දී ද අපේ සිරුරේ සෛල සංඛ්‍යාව වෙනස් වෙයි.  සාමාන්‍යයෙන් සෛල කොපමණ නමි කුඩාද කීවොත් ඒවා දැකිය හැක්කේ මයික‍්‍රස්කෝපයක් හෙවත් අන්වීක්ෂයක් මාර්ගයෙන් පමණකි. සෑම සෛලයක්ම සෑදෙන්නේ දැනටමත් පවතින ෙසෙලයකිනි. සිරුරේ ඇති සෑම ෙසෙලයක්ම කුඩා පරිමාණයේ කමිහලක් ලෙස ක‍්‍රියා කරන අතර ප‍්‍රධාන කොටස් (සංඝටක) දෙකකින් සමන්විත ෙවි. එනමි සෛල ප්ලාස්මය හා න්‍යෂ්ටිය යනුවෙනි. බල ශක්තිය පරිභෝජනය කරන සහ පරිවර්තනය කරන ව්‍යුහයන් ප්ලාස්මයෙහි අඩංගුය. එමෙන්ම, සෛලයේ විශේෂිත කාර්යයන් ගණනාවක්ම ඉටුකරන්නේ ප්ලාස්මයයි.  සෛලමය ද්‍රව්‍ය ගබඩාකිරීම සහ ප‍්‍රවාහනය කිරීම, අපද්‍රව්‍ය බිඳ දැමීම, ප්‍රෝටීන නිපදවීම හා සැකසීම එම කාර්යයන් අතර වේ. සජීවී සෛලවල ශ්වසනයටත් එමෙන්ම ශක්තිය නිපදවීමටත් බලපාන ව්‍යුහයක් වන මයිටොකොන්ඩි‍්‍රයම (mitochondrion) තමයි  සෛලයේ වැඩපොල. බලශක්තිය නිපදවීම සඳහා ආහාර සහ ඔක්සිජන් එකට එක්කෙරෙන්නේ එහිදීය. අන්තර්ගත ද්‍රව්‍ය එක්ව තබාගැනීම සඳහා මානව සෛල සහ අනෙකුත් සත්ව සෛලවල පටලයක් ඇත. මේ තුනී සිවියෙන් තමයි පෝෂකවලට ඇතුළට ඒමටත් අපද්‍රව්‍යවලට පිටතට යාමටත් ඉඩසැලසෙන්නේ.  සෛලයට අවශ්‍ය ශක්තිය තමයි ආහාර. ආහාර මගින් මුදාහැරෙන පෝෂක දැමීමට හෙවත් භෞතික විපර්යාසයන්ට භාජනය වීමේ ක‍්‍රියාදාමය සඳහා සෑම සෛලයකටම ඔක්සිජන් අවශ්‍ය  වේ.

biology-bits-cell-parts-slide-01

සෛල විභාජනයට (බෙදීමට) බඳුන් නොවන ඇතැම් සෛල ද සිරුරෙහි ඇත. එමෙන්ම, රතු රුධිරාණුවල සහ පිටත සමෙහි සෛලවල ප්ලාස්මය ඇතත් න්‍යෂ්ටිය නැත. සෛල තුළ ක‍්‍රියාදාමය හඳුන්වන්නේ ශ්වසනය (හුස්ම ගැනීම) හැටියටයි. ආහාර ඔක්සිජන් මගින් කුඩා කැබැලිවලට බිඳ දමනු ලැෙබි. ආහාර කුඩා අංශු ඔක්සිකරණය මගින් කාබන් ඩයොක්සයිඩි හා ජලය බවට පත්කෙරේ. සෛලයේ බරෙන් තුනෙන් දෙකක් පමණ සැදුමිලන්නේ ජලයෙනි. මුදාහැරෙන බලශක්තිය සෛලයේ සෑම ක‍්‍රියාකාරකමක් සඳහාම උපයෝගී කරගනු ලැෙබි. අවට ඇති  සෛල හඳුනාගැනීම පිණිස සෛල පටලයේ ප‍්‍රතිග‍්‍රාහක (receptors) ඇත. එක එක වර්ගයේ සෛලය එක එක රසායන මුදාහරියි. එක් එක් රසායනය අහල පහළ අනෙකුත් වර්ගවල සෛලවලට යමි ආකාරවලට ප‍්‍රතික‍්‍රියා දැක්වීමට සලසයි. එකිනෙකට වෙනස් මේ සෑම සෙලයක් තුළම ඉන්ද්‍රියකා (Organelles) හෙවත් සංවිධානාත්මක හෝ විශේෂිත ව්‍යුහයන් දැකිය හැකියි.

biology-bits-cell-parts-slide-02

දෙසීයකට මදක් වැඩි වර්ගවල සෛවලින් මිනිස් සිරුර සමන්විත වේ. ඒ හැමකම හැඩය සහ ප‍්‍රමාණය තීරණය වන්නේ එහි කාර්යය හෙවත් ක‍්‍රියාකාරකම අනුවය. මාංශපේශී සෛල බොහෝ විවිධ වු ස්වරූප ගන්නා අතර විවිධ වු කාර්යයන් ගණනාවක් ඉටුකරති. රුධිර ෙසෙල ඈදීමක් නොමැතිව තනිකඩව හැසිරෙන අතර රුධිර ධාරාව තුළ නිදහසේ එහා මෙහා යති. සමේ සෛල ගත්තොත්, ඒවා ඉක්මණින් විභේදනය (වෙන්වන) වන අතර ඉක්මනින් ප‍්‍රජනනය වෙයි. ඇළ දිව යයි සාමාන්‍යයෙන් හඳුන්වන අග්න්‍යාශයේ ඇතැමි සෛල ඉන්සියුලින් නිපදවන අතර සමහරක් සෛල ජීරණය (ආහාර දිරවීම) සඳහා අග්න්‍යාශයික යුෂ නිපදවති. සෙම හෙවත් ශ්ලේශ්මල ස‍්‍රාවය නිපදවනු ලබන්නේ පෙනහඵ මතුපිට ස්තරය තුළය. රුධිරයෙන් වායු ලබාගැනීෙමි වගකීම බාර (කුඩා වායු සිදුරක් වන) ගර්ත(alveolar) සෛලද පිහිටා ඇත්තේ අපේ පෙනහඵ තුළය. අන්ත‍්‍රය හෙවත් බඩවැල් තුල ඇතිරී තිබෙන ෙසෙලවල විස්තීරණ සෛල පටල ඇත්තේ මතුපිට වපසරිය වැඩිකිරීමටය. වැඩිපුර ආහාර අවශෝෂණය(උරාගැනීම) කරගැනීමට ඒවා උපකාරීවේ. හෘදය වස්තුෙවි සෛල තුළ මයිටොකොන්ඩ‍්‍රියම විශාල ප‍්‍රමාණයක් ඇත්තේ බලශක්තිය වැඩි ප‍්‍රමාණයක් සැකසීමටය. එසේ කිරීම අවශ්‍ය වෙන්නේ හෘදයේ සෛලවලට බොහෝ වෙහෙසෙන්නට සිදුවීම නිසයි.

biology-bits-cell-parts-slide-03

ස්නායු සෛල විද්‍යුත් ආවේග (impulses) ජනනය කරනවා සේම සන්නයනයද කරයි (යවයි). බොහෝ අවස්ථාවලදී ස්නායු සෛල විභේදනය වන්නේ (බෙදෙන්නේ) නැත. එක් එක් ස්නායු සෛලය සඳහා අපගේ ස්නායු පද්ධතිය තුළ විශේෂිත වු ස්ථානයක් ඇත. මොළයෙන් පරිබාහිර වු ස්නායු සෛල බොහෝ සේ දිගැටිය. මොළය හා සිරුරේ සෙසු කොටස් අතර සංඥා එහාමෙහා යැවීෙමි කාර්යය පැවරී තිබෙන්නේ මෙම දිගැටි සෛලවලටය. අපේ මාංශපේසීන් චලනයට මෙන්ම අවට ලෝකය සංවේදනයට ඉඩ සැලසෙන්නේ එමගිනි. අපේ ඉතිරි ස්නායු ෙසෙල සියල්ල – ඒ කියන්නේ අපේ සිරුරේ සෛල අතුරෙන් බිලියනයක් පමණ මොළයේ  සෛලය.

අපේ සිරුරේ ඇති සෛල අතුරෙන් වඩාත්ම වැදගත්කමක් ගන්නේ මොළයේ සෛලය. අප කවුද යන්න නිර්ණය කරන්නේ අපගේ මොළයයි. වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ මොළ සෛලවලට ප‍්‍රජනනය කිරීෙමි හැකියාව එක්තරා දුරකට ඇත. ඒ කෙසේ වෙතත්, අපට මොළයේ සෛල නිරතුරුවම අහිමි වී යයි. වඩාත්ම හොඳින් ගණන් බැලූවොත්, දිනකට මොළ සෛල හානිය නව දහසක් සේ සැලකේ. එය එකවරම පෙනී යන්නේ විශාල සංඛ්‍යාවක් හැටියටය. එහෙත් අප මතක තබා ගත යුත්තේ මොළයේ සෛල බිලියන 100 ක් පමණ ඇති බවයි. ඉතින්, නව දහසක හානියක් කියන්නේ එතරමි ප‍්‍රමාණයක් නොෙවි. මැලියමි, පෙට‍්‍රල් (ගැසොලීන ඉන්ධන), තීන්ත ගෑමේදී භාවිත කරන තිනර් ආදී ආනනකයන් (ආඝ‍්‍රාණය කරන ද්‍රව්‍ය) සෛල හානිය සාමාන්‍ය ප‍්‍රමාණය මෙන් තිස් ගුණයකින් ඉහළ යවයි.

biology-bits-cell-parts-slide-04

 

මොළයේ  සෛලවලට සිදුවන හානියට විශාල වශයෙන් දායක වන්නකි මද්‍යසාරය. එකම කාර්යය ඉටුකරන සෛල, අස්ථි(ඇට), සම හෝ මාංශපේශී ආදී පටක සකසයි. විවිධ වර්ගයේ සෛල ගණ හෝ සමුහ මගින් අපේ සිරුරේ අවයව සැකසේ. විවිධ අවයව එකට කණ්ඩායමකට යෙදුවිට පද්ධතියක් සැකසේ. ජීර්ණ පද්ධතිය, සංසරණ (චාක‍්‍රණ) පද්ධතිය නිදසුන්ය. මෙවැනි පද්ධති සියල්ල එක්ව ක‍්‍රියාකරකන විට නිරෝගී මිනිස් සිරුරක් සැකසේ. සෛල ජීවත්වන බව අමුතුවෙන් නොකිවමනාය. එලෙසම, සෛල මරණයටද පත්වෙති. අක්මාෙවි ෙසෙල අවුරුදු එකහමාරක් පමණ ජීවත්වන අතර රතු රුධිරාණු පවතින්නේ දින 120කි. සමෙහි සෛලවල පැවැත්ම දින 30 කි. සුදු රුධිරාණු දින 13ක් ජීවත්වෙති. බලාගෙන යනවිට මිනිස් සිරුරේ සෛල අතුරෙන් විශාල බහුතරය බැක්ටීරියාය. ඉන් හිතකර, ප‍්‍රයෝජන සහිතය. සාමාන්‍ය වැඩිහිටි අයෙකුට සෑම මිනිත්තුවක් පාසාම මිලියන 100 කට ආසන්න ප‍්‍රමාණයක් අහිමිවන බව දැනගැනීම පුදුම එළවන සුලූය. එහෙත් කාසියේ වාසි පැත්ත ලෙස එසේ නැතිව හානිවන සෛල මිලියන 100 ක වෙනුවට සෑම විනාඩියක් පාසාම සෛල විභේදනය (බෙදීම) මගින් අලුතෙන් සෛල මිලියන 100 ක් නිපදවනු ලැබීම දැක්විය හැකිය. ඇරත්, අපේ සිරුරේ සෛල ට‍්‍රිලියන ගණන් තිබෙද්දී මිලියන සියයක් යනු එතරමි සංඛ්‍යාවක්යැ?
ASK A SCIENCE TEACHER: 250 Answers to questions you’ve always had about aow everyday stuff really works අැසුරෙන් සකස් කලේ සරත් කැල්ලපොත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: