විදු නැන නුවණ – Science Literacy for All

අපතේ යන තාපය විදුලිය බවට හරවන බැටරියක්

අවට පරිසරයෙන් තාපය ලබාගෙන ආරෝපණය වී, විදුලිය ලබා දෙන නව ආරේ බැටරියක් නිපදවීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වෙති.

තාපය මගින් ආරෝපණය වන මේ ආකාරයේ වෙනත් බැටරි නිපදවා ඇතත් ඒවා ආරෝපණය කිරීම සඳහා සෙන්ටිග්‍රෙඞ් අංශක 300 ක පමණ උෂ්ණත්වයේ පවතින තාප ප‍්‍රභවයන් හෝ බාහිරින් ආරෝපණ පරිපථ සම්බන්ධ කිරීම අවශ්‍ය වෙයි. නමුත් මෙම නව තාප බැටරිය ආරෝපණය වීම සඳහා ප‍්‍රයෝජනට ගන්නේ සෙන්ටිග්‍රෙඞ් අංශක 100 ට අඩු අපතේ යන තාපයයි.

එබැවින් මෙම සොයාගැනීම තාපය මඟින් ආරෝපණය වන බැටරි සම්බන්ධයෙන් වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකේ. ‘‘අපතේ් යන තාපයෙන් ප‍්‍රයෝජනවත් විදුලිය නිපදවීමට හැකිවීම ඉතා වැදගත් අදහසක්’’ යනුවෙන් සිඞ්නි විශ්ව විද්‍යාලයේ පුනර්ජනනීය (නැවත නැවත ලබාගත හැකි ) බලශක්ති දෙපාර්තමේන්තුුවේ ඩෙල්ටා විදුලි අංශ ප‍්‍රධානී ඇන්තනී වැසැල්ලෝ (Anthony Vassallo, Delta Electricity Chair in Sustainable Energy Development at The University of Sydney)  පැවසීය.

මෙම නව තාප බැටරිය සඳහා අමුදුව්‍ය වශයෙන් පර්ශියන් නිල් නැනෝ අංශු සහ ෆෙරෝ්සයනයිඞ් ( Prussian blue nanoparticles and ferrocyanide) යොදා ගනී. සෙන්ටිග්‍රෙඞ් අංශක 60 ක   පමණ ඉහළ උෂ්ණත්වයකදී මෙම කෝෂය ආරෝපණය වෙයි. උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඞ් අංශක 15 ට පමණ අඩු කල විට මෙම කෝෂය මඟින් විදුලිය ලබාගත හැක. තව දුරටත් අඩු උෂ්ණත්ව වලදී කෝෂය ආරෝපණය වීමට ලබාගත් ශක්තියටත් වඩා වැඩි ශක්තියක් පිට කරයි. කෝෂය මඟින් තාපය විදුලිය බවට පරිවර්තනය කරන්නේ මේ ආකාරයටයි.

බැටරිය මඟින් නිපදවන විද්යුත් ශක්ති ප‍්‍රමාණය උෂ්ණත්වය සහ කානොට් සීමාව (Carnot limit)  මත රඳා පවතී. (කානොට් සීමාව යනු විද්යුත් බැටරිය මගින් ශක්තිය බවට පරිවර්තනය කරගත හැකි උපරිම නිරපේක්ෂ තාප ශක්ති ප‍්‍රමාණයයි. )

විද්‍යාඥයින් විසින් නිපදවන ලද පළමු නව තාප බැටරි ආකෘතියේ කාර්යක්ෂමතාව 2% කි. (එනම්  ශක්ති ඒකක 100 ක තාපයක් බැටරියට ප‍්‍රදානය කල විට බැටරිය ආපසු ලබා දෙන්නේ  ශක්ති ඒකක 2 ක විදුලියකි)

තාප ගති විද්‍යාවේ මූලධර්ම වලට අනුව, නව තාප බැටරිය ක‍්‍රියාත්මක වන උෂ්ණත්වය වැනි අඩු උෂ්ණත්ව වලදී, වැඩි කාර්යක්ෂමතාවයක් බලාපොරොත්තු විය නොහැකි වුවත් මෙම නව බැටරිය තව දුරටත් වැඩි දියුණු කිරීම මගින් බැටරියේ කාර්යක්ෂමතාවය වැඩිකරගත හැකි වෙතැයි මහාචාර්ය වැසැල්ලෝ බලාපොරොත්තු පල කරයි.

මොනැෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ ඉංජිනේරු, සහය මහාචාර්ය ඩැමන් හොනරි (Damon Honnery – a research engineer at Monash University ) පැවසුවේ, මෙවැනි පහල ශක්ති පරිවර්තන කාර්යක්ෂමතා සහිත ක‍්‍රියාකාරකම් වලදී තාක්ෂණික බාධා පැනනැගීම හේතුවෙන්, පද්ධතියේ ශක්ති හානිවීම් වලක්වා ගැනීම අපහසු බවයි.

අඩු බල විදුලි ප‍්‍රභව සඳහා අද වැඩි ඉල්ලූමක් පවතින බවත්, වැඩි බල විද්යුත් සැපයුම් අවශ්‍ය නොවන කුඩා උපකරණ සඳහා මෙම නව බැටරි යොදා ගත හැකි බවත් හොනරි වැඩි දුරටත් පැවසීය.

දුරස්ථ ප‍්‍රදේශ වල විදුලි අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම නව තාප බැටරි තාක්ෂණය යොදා ගැනීම පර්යේෂකයින්ගේ අදහසයි. නමුත් දුරස්ථ ප‍්‍රදේශ වල දැනට පවතින විදුලි ඉල්ලූම වඩා කාර්්‍යක්ෂම සූර්ය පැනල විසින් සපුරාලයි. එබැවින් මෑත අනාගතයේදී නව තාප බැටරි තාක්ෂණය, සූර්ය පැනල ඉල්ලූම අභිබවා යැතැයි උපකල්පනය කල නොහැක.

නව තාප බැටරිය භාවිතයෙන් විදුලිය ලබාගැනීමට එකිනෙකට වෙනස් උෂ්ණත්ව මට්ටම් වල පවතින තාප ශක්ති ප‍්‍රභව දෙකක් අවශ්‍ය නිසා, පරීක්ෂණාගාරයෙන්  පිටතදී විදුලිය ලබාගැනීමට නම් තරමක් විශාල උෂ්ණත්ව වෙනස්වීම් සිදුවන පරිසරයක් පැවතීම අවශ්‍ය වෙයි.

සීඝ‍්‍ර විසර්ජන සිදු නොවන පැය 24 කාල චක‍්‍ර නව තාප බැටරිය සඳහා යෝග්‍ය නමුත් දවස පුරා නිපදවිය හැක්කේ කුඩා විදුලි ප‍්‍රමාණයක් වීම ගැටළුවකි.

ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ඇඩම් බෙස්ට් ( Adam Best, a senior research scientist at CSIRO)  පවසන්නේ තාප බැටරි සඳහා වඩා හොඳ අමුද්‍රව්‍ය යොදා ගැනීමෙන් දැනට වඩා කාර්යක්ෂම ලෙස තාපය විදුලිය බවට පරිවර්තනය කරගත හැකි වනු ඇති බවයි.

නව තාප බැටරි තාක්ෂණය කර්මාන්ත සඳහා යොදා ගැනීමෙන් හෝ අනෙකුත් බලශක්ති ක‍්‍රම සමග සම්බන්ධ කිරීම මගින් බලශක්ති නිෂ්පාදනය තවදුරටත් වර්ධනය කිරිම වඩා සුදුසු බව බෙස්ට් යෝජනා කරයි.

 

Flat battery? New prototype turns waste heat into electricity ඇසුරෙන් සකස් කළේ චන්දන තෙන්නකෝන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: