විදු නැන නුවණ – Science Literacy for All

මිනිස් සිරුරේ මෘදු ස්පර්ශ දැනෙන ස්ථාන ඇතුලත් සිතියමක්

මවගෙන් ලැබෙන ස්පර්ශයේ  සිට ආදරවන්තයාගේ සිප වැළඳ ගැනීම දක්වා වූ මෘදු ස්පර්ශ වලදී උද්දීපනය වන විශේෂිත ස්නායු වර්ගයක් මනුෂ්‍ය ශරීරයේ ඇති බව සොයා ගැනේ.

සතුන් ගේ මොළයේ, ස්පර්ශ සඳහා සංවේදී ස්ථාන ඇතුළත් සිතියමක් ඇතිබව විශ්වාස කෙරේ. මනුෂ්‍ය ශරීරවල, ඇතැම් ස්ථාන මෘදු ලෙස ස්පර්ශ කළහොත්  ප‍්‍රතිචාර ලෙස හැඟීම්  උද්දීපනය වන බවත්, එම ස්ථාන ඇතුළත් භාවාත්මක  සිතියමක් ද මිනිස් මොළයේ අඩංගු වන බවත් නොවම්බර් මස මැද පැවැත්වුණු ස්නායු විද්‍යාඥයින් ගේ සංගමයේ 44 වැනි වාර්ෂික සම්මේලනයේදී හෙලිදරව් විණ.

එක්සත් රාජධානියේ ලිවර්පූල් ජෝන් මූවර්ස් සරසවියේ චර්්‍යාමය ස්නායු විද්‍යාඥ සුසෑනා වෝකර් ( Susannah Walker, a behavioral neuroscientist at Liverpool John Moores University in the United KIngdom )    සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසුවේ මිනිසුන් හා සියළු සමාජශීලී සතුන් හට, සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමට  හා පවත්වාගෙන යාමට ස්පර්ශය මගින් මූලික මෙහෙයක් ඉටු කරනු ලබන බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇත යනුවෙනිි.

ඇත්ත වශයෙන්ම ස්පර්ශයන් අඩුවීම අපගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයටද අහිතකර ලෙස බලපාන බව ඇය පැවසුවාය. කුඩා දරුවන් ගේ වැඞීම ඉක්මන්වීමට, මානසික ආතතිය අඩු වී ඔවුන්ගේ මොළයේ වර්ධනය සිදුවීමට ද ස්පර්ශය ඉතා වැදගත් බව ඇය පවසයි. නමුත් ස්පර්ශය, ස්නායු පද්ධතියට කරන බලපෑම පිළිබඳව පර්යේෂණ ප‍්‍රමාණවත් සංඛ්‍යාවක් පවත්වා නොමැති බවද ඇය කියා සිටියි.

ස්පර්ශයන්ට සංවේදී ස්නායු වර්ග ගණනාවක්ම මනුෂ්‍ය ශරීරවල අඩංගු වේ. මයලින් (myelin) නම් ඝණ පරිවාරක ද්‍රව්‍යයෙන් වට වී ඇති ඝනකමින් වැඩිි ස්නායු වලට ස්පර්ශ හා උෂ්ණත්වය පිළිබඳ තොරතුරු ඉක්මනින්ම මොළයට දැන්විය හැකිය. නමුත් පරිවාරක ද්‍රව්‍ය අඩු ප‍්‍රමාණයකින් වට වී ඇති සිහින් ස්නායු ස්පර්ශ පිළිබඳ පණිවුඩ මොළයට යවන්නේ සෙමින්ය.

සිහින් ස්නායු උපකුලයක් අනාවරණය කරගැනීමට මෑතකදී විද්‍යාඥයෝ සමත් වූහ.  C-ටැක්ටයිල් (C-tactile) යනුවෙන් හැඳින්වෙන මෙම ස්නායු ප‍්‍රතිචාර දක්වන්නේ මෘදු ස්පර්ශ සඳහා පමණි.

C-ටැක්ටයිල් ස්නායු මනුෂ්‍ය ශරීර තුළ සකස් වී ඇති ආකාරය පිළිබඳව  අධ්‍යනයක යෙදුනු වෝකර් කෙනෙකු තමාවම ස්පර්ශ කරගැනීමේ දී හා අනෙකෙකු විසින් ස්පර්ශ කරනු ලැබීමේදී දැනෙන හැඟීම් වල වෙනසක් ඇත්දැයි යන්නද සොයා බැලීය.

පර්යේෂණයට භාජනය වූවන්ගේ  ශරිරවල පසුපස පෙදෙස, අතේ ඉහළ කොටස, අතේ පහළ කොටස සහ ඔළුව යන ප‍්‍රදේශ වෝකර් ප‍්‍රමුඛ පර්යේෂකයින් විසින් ස්පර්ශ කරනු ලැබිණි. ස්පර්ශ කිරීම සිදුකෙරුණේ විවිධ වේගවලිනි. තම තමන්ගේ ශරීරවල කුමන කොටසක් ස්පර්ශයේදී වැඩි සතුටක් දැනුණි දැයි එලෙස පර්යේෂණයට භාජනය වූවන්ගෙන් විමසන ලදී. පිළිතුරු ලෙස ඔවුන් පැවසුවේ ශරිරයේ පසුපස පෙදෙස ස්පර්ශයේදී ඔවුන්ට වැඩි සතුටක්  දැනුණ බවත් අතේ පහළ ප‍්‍රදේශය ස්පර්ශයෙන් ලද සතුට අඩු බවත්ය.

ඊට හේතු වශයෙන් පර්යේෂකයින් දැක්වූයේ ශරීරයේ පසුපස පෙදෙසේ C-ටැක්ටයිල් ස්නායු සංයුතිය වැඩි බවත්, අඩුම සංයුතියක් ඇත්තේ අතේ පහළ කොටසේ බවත්ය. පර්යේෂණයට සහභාගී වූවන් සඳහන් කළේ තප්පරයට සෙන්ටිමීටර් 3 ක් 10 ත්  අතර වේගයකින් ස්පර්ශ කිරීමේදී තමන්ට උපරිම සතුටක් ලැබුණු බවයි.

පර්යේෂණයට භාජනය වූවන් හට, මිනිසුන් එකිනෙකා ස්පර්ශ කරගන්නා දර්ශණ අඩංගු වීඩියෝ පටයක් නැරඹීමට සලස්වන ලදී. නැරඹූවන් පවසා සිටියේ තමන්ව ස්පර්ශ කිරීමේ දි දැනෙන ප‍්‍රතිචාරයට සමාන හැඟීමක් ඔවුන්ට ඇතිවුණු බවයි.

මෙම සොයා ගැනීම් පිළිබඳව තවමත් විද්‍යාත්මක ජර්නලයක පල වී නැති අතර පර්යේෂකයින්ගේ අදහස වන්නේ මානව පරිණාමයේදී මෘදු ස්පර්ශ ආශ්වාදනය කර ගැනීමෙහිලා විශේෂිත වූ ස්නායු පද්ධතියක් මිනිසුන්ට ලැබී ඇති බවයි. මෙම ස්නායු මූලික කරගෙන ශරීරයේ භාවාත්මක සිතියම සකස් වී ඇති බව ද ඔවුහු තව දුරටත් ප‍්‍රකාශ කරති.

මෘදු ස්පර්ශයකට ප‍්‍රතිචාර ලෙස කෙනෙකු සිනාසීමේදී, මුහුණේ මාංශපේශී වල සිදුවන චලනයන් මැන බැලීමට අනාගතයේදී වෝකර් ප‍්‍රමුඛ ඇයගේ සගයින් තීරණය කර ඇත. මෙම සතුට ගෙනෙන හැඟීම් රස විඳීමේදී මුහුණේ මාංශපේශී වල සිදුවන චලනයන් ඉබේ හටගනීදැයි සොයා බැලීම අරමුණයි.

මෑතකදී කරන ලද වෙනත්  පර්යේෂණයකින් හෙලි වී ඇත්තේ විරුද්ධ ලිංගිකයෙකු වෙතින් ලද මෘදු ස්පර්ශය සමාන ලිංගිකයකු වෙතින් ලද මෘදු ස්පර්ශයකට වඩා ආශ්වාද ජනක බවයි.

වෝකර්ගේ අධ්‍යයනයන් වැඩි වශයෙන් යොමු වී තිබුනේ් මෘදු ස්පර්ශයේ ධනාත්මක ප‍්‍රතිඵල වෙතය. මෘදු ස්පර්ශ මගින් විවිධ පුද්ගලයන් බොහෝ විට වෙනස් මට්ටම් වලින්  විවිධ ආශ්වාද අත්විඳින බව ඈ පවසයි.

 

Emotional Map’ Reveals Where Human Body Feels Gentle Touch අැසුෙරන් සතස් කළේ චන්දන තෙන්නකෝන්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: