විදු නැන නුවණ – Science Literacy for All

පෘථිවියත් මතු කලෙකදී වීනස් ගිය මග ම යයිද?

වීනස් ග්‍ර‍හයා – නාසා ආයතනයේ ඡායාරූපයක්

වේගය පැයට කිලෝමීටර් 360 ඉක්මවා  අහස සිසාරා හමන නිරන්තර සුළි සුළගින්ද ඊයම් උණු කරන තරම් උණුසුමකින් යුතු වූ භූමි උෂ්ණත්වයකින්ද කිලෝමිටර් 0.6ක් පමණ ගැඹුරු වූ මුහුදු පත්ලකට සමාන වූ මතුපිට වායුපීඩනයකින් ද සමන්විත වීනස් ග්‍ර‍හයා සෞර ග්‍ර‍හ මණ්ඩලයේ ඇති පෘථිවියට බෙහෙවින්ම සමාන මෙන්ම අසමාන ග්‍ර‍හයා ද වෙයි. කිසිදු ජීවියෙකුට විසිය නොහැකි වීනස් ග්‍ර‍හයා වර්තමානයේදී අපායක් බඳු වුවද හැම කලෙකම එය එසේ නොවූ බවට සාක්ෂි එමටය.  වීනස් වටා කක්ෂගතවී ඇති වීනස් එක්ස්ප්‍ර‍ස් චන්ද්‍රිකාවෙන් සොයාගත් තොරතුරු වලට අනුව දැනට වඩා අඩු සූර්ය රශ්මියක් පැවැති වසර බිලියන 4කට පමණ ඉහත අතීතයේදී වීනස් ග්‍ර‍හයා මත ද්‍ර‍ව සාගරයක් පැවැති බව අනාවරණය වී අත. ලැබි ඇති චන්ද්‍රිකා දත්ත වලට අනුව එකල වීනස් බොහෝ දුරට පෘථිවියට තරමක් සමාන දේශගුණයකින් යුක්ත වන්නට ඇතැයි සැලකිය හැකිය. ජීවින්ට පැවැතිය හැකි වාතවරණයක් එකල වීනස් මත පැවතියේද යන්න නිශ්චයටම කිව නොහැකි නමුදු  එහි ඇති තරම් ජලය පැවැතුනු බව පෙනේ. එය එසේනම් කලෙක පෘථිවියේ නිවුන් සොහොයුරෙකු මෙන් පැවැති වීනස් පසු කළෙක පෟථිවියෙන් බෙහෙවින් වෙනස් වූයේ කෙසේද? පෘථිවියේ එකම නිවුන් සොහොයුරා ලෙස සැලකිය හැකි වීනස්ගේ වර්තමාන ස්වරූපය පෘථිවියේ අනාගත ස්වරූපය පිළිබිඹු කරන්නක් බඳු නොවේද?

විශාලත්වය සැලකුවොත් වෙනත් කිසිදු ග්‍ර‍හවස්තුවකට වඩා වීනස් ප්‍ර‍මාණයෙන් පෘථිවියට සමීපය. ග්‍ර‍හ වස්තු දෙකේම ස්කන්ධයද බොහෝ දුරට එක සමාන වන අතර පෘථිවියේ අරය වීනස්ගේ අරයට වඩා වැඩිවන්නේ කිලෝමීටර් 326 කින් පමණි. විනස් සහ පෘථිවියේ ඝනත්වයද බොහෝ දුරට එක සමානය.  වීනස් මත ඇති ගුරුත්වාකර්ෂණය පෘථිවියේ ගුරුතුවාකර්ෂණයට වඩා අඩු වන්නේ 9% කින් පමණි. ඒ අනුව ඔබේ බර පෘථිවියේදී කිලෝග්‍රෑම් 80ක් නම් වීනස් මතදී ඔබ කිලෝග්‍රෑම් 73ක් බර වනු ඇත. ඒ තාක් දුරට අපූරු සමානත්වයක් තිබුනත් ග්‍ර‍හලෝක දෙක අතර ඇති වූ අසමානත්වය අනිකුත් පැති වලින් බැලූවිට එන්න එන්නම වැඩි වී ගිය බව පෙනීයයි.  ඊට හේතුව අති හරිතාගාර විපාකය (runaway greenhouse effect) නමින් හැඳින්වෙන ක්‍රියාවලියට වීනස් ග්‍ර‍හයා ගොදුරු වීමයි. වායුගෝලීය හරිතාගාර වායුප්‍ර‍මාණය පමණ ඉක්මවා වැඩිවූ විට උණුසුම ඉහළ යාමේ ප්‍ර‍තිපලයක් වශයෙන් පාලනය කරගත නොහැකි ලෙස පුන පුනා  හරිතාගාර වායුව වැඩිවීම අති හරිතාගාර විපාකය යනුවෙන් හැඳින්වේ. අභ්‍යවකාශයේ සිට බලන විට පෘථිවිය මෙන්ම වීනස්ගේ අහසේ ද වළාකුළු තිබෙන බව පෙනේ.  වෙනස පෘථිවි වළාකුළු වල තැනින් තැනින් මහපොලොව දැකගත හැකි නමුදු අති හරිතාගාර විපාකයට ගෙදුරු වූ විනස්ගේ අහස සදාකාලික ගිනියම් ඝන වළාකුළු තට්ටුවකින් වැසී ඇත.  දැන් වීනස් තමන්ගේම අක්ෂය වටා කරකැවෙන්නේ ඉතා සෙමිනි. සූර්යා වටා ගමන් කිරීමට විනස්ට පෘථිවි දින 224.7 ක්ගතවෙන අතර තමන්ගේම අක්ෂය වටා භ්‍ර‍මණය වීමට විනස්ට පෘථිවි දින 243ක් ගතවේ. මේ අනුව ඇත්තටම විනස්ගේ එක දවසක් වීනස්ගේම අවුරුද්දකට වඩා දිගුය.  ගෝලීය උණුසුම අතිශයින්ම ඉහළ යාම ජලයෙන් වියුක්ත වූද  නොකඩවා  සුළි සුළං මාරුත සහිත වූද ගිනියම් මරුකතරක් බවට විනස් පත් කළේය.

All about space සඟරාව ඇසුරෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: