විදු නැන නුවණ – Science Literacy for All

ඕනෑම අතකට නැමෙන ඇට නැති දිව

අපේ සිරුරේ වැදගත් අංග ගැන මතක් කරද්දී එකවර සිහියට නොඒන අවයවයක් තමයි දිව. එහෙත් දිව අපට කෙතරම් නම් ප‍්‍රයෝජනවත් ද යන්න පැහැදිළි වෙන්නේ දිව ගැන සොයා බලන විටයි. උපන් දා සිට මිය යන තුරු අතරක්, විවේකයක් නොමැතිව අපට සේවය කරන ශරීරාංගයකි දිව. දිව කොපමණ නම් කාර්ය්‍යන් සඳහා අපට අවශ්‍ය වෙනවාද? කන්න, ලෙවකන්න පමණක් නොවෙයි හපන්න ගිලින්න පවා අපට දිව අවශ්‍ය වෙනවාමයි. ඇයි කතා කරන්න, රසබලන්න? බොරු කියන්න, ඇත්ත කියන්න වගේම කවියක්, ගීතයක් ගායනා කරන්නත් දිව  ඕනැවෙයි.

ඔබේ දිව (මාංස) පේශියක් යයි කීවොත් ඔබ එය පිළිගන්නවාද? උත්තරය ඔව් නැහැ යන දෙකමය. ඊට හේතුව දිව එක් තනි පේශියක් නොව පේශි කාණ්ඩ ගණනාවක එකතුවක් වීමයි. දිවට පැවරී ඇති විවිධ කාර්යයන් ඉටු කිරීමේදී මේ පේශි එක් එක් දිශාවට ගමන් කරයි.

දිවෙහි ඉදිරි කොටස ඉතාමත් නම්‍යශීලියි. දත් හා එක්ව විවිධ වචන ගෙතීමට ශබ්ද නැගීමට ඒ මේ අත ඇඹරෙන්නේ දිවෙහි ඉදිරි කොටසයි. ඔබ ආහාර හපන විටදී මුඛයෙහි ඒ මේ අත කෑම එහාමෙහා ගෙනයාමට උදව් වෙන්නෙත් මෙම කොටසයි. ඔබේ දිව, ඒහි පසුපස තැන් වෙත ආහාර යොමු කරන්නේ ඒවා ඇඹරීමටය.

ඇතැම් ශබ්ද නැගීමට උපකාරී වන්නේ දිවෙහි පසුපස කොටසයි. .ඛ. .ඝ. අක්ෂර ශබ්ද කර බලන්න. එවැනි මුර්ධජ අක්ෂර කියවද්දී දිවෙහි පසුපස කොටස උඩු තල්ලෙහි ගෑවෙනු දැෙනනුනු ඇත. ආහාර ගැනීමේදී ද දිවෙහි පසුපස කොටස වැදගත් වෙයි. කටට ගත් කෑම දත් වලින් හොඳට අඹරා ඛේටය (කෙළ) සමග මිශ‍්‍ර කෙරුණු පසු ක‍්‍රියාත්මක වන්නේ දිවෙහි පසුපස කොටසෙහි මාංස පේශියි. එම පේශි ආහාර කුඩා ප‍්‍රමාණයක් කෙළ සමග අපගේ අන්නස්‍රෝතයට (උගුරේ සිට ආමාශයට ඇති නාලික කොටසට) තල්ලූ කරයි.

පිපාසය අධිකව දැනෙන විටක, දිව ගිලෙන්න එනවා තිබහේ බැහැ, යයි කීවාට දිව ගිලූන කෙනෙකු ගැන ඔබ අසා තිබේද? තමන්ටම තමන්ගේ දිව ගිලීම වළක්වන්නේ කුමකින් දැයි විමසිලිමත් වී ඇත්ද? කැඩපතක් ඉදිරියට ගොස් දිව උඩට උස්සා දිව යට ඇත්තේ කුමක්දැයි බලන්න. එවිට ඔබට ඔබේ දිව මුඛයේ පහළට සම්බන්ධ කෙරෙන පටක තුනී ස්තරයක් හෙවත් පටලයක් දැකීමට පුඵවන. මෙය හැඳින්වෙන්නේ වාගීකාව හෙවත් ප්‍රෙනියුලම (frenulum) වශයෙනි. ඇත්ත වශයෙන්ම ඔබේ දිවෙහි පාදකය මුළුමනින්ම මුඛයෙහි පත්ළට හොඳාකාරව සවිවී ඇත. ඒනිසා ඔබ උත්සාහ කළේ වී නමුත් කිසිදිනක දිව ගිලෙන්නේ නැත.

කැඩපත තවමත් ඔබේ අතේ නම් තවත් වාරයක් ඉන් ඔබේ දිව දෙස බලන්න. මෙවර ඔබ වඩා හොඳින් බැලිය යුත්තේ දිවෙහි උඩ පැත්ත දෙසයි. එය දිවෙහි යට කොටස මෙන් සිනිඳුවට නොපෙනේ. රළු ස්වභාවයක් ගනී. ඊට හේතුව උඩ කොටස සිහින් හොඩැලිවලින් වැසී තිබීමයි.  දිවෙහි උඩ ඇති මෙම බිබිලි වැනි පේශිමය නෙරුම් හඳුන් වන්නේ පිටිකා හෙවත් පැපිලා (papila) යනුවෙනි. ඔබ කෑම හපන විට ඒවා ඒ මේ අත ගෙනයාමට උදව් වන්නේ මේ පිටිකාය. එපමණක් නොව ඔබේ රසාංකුර ඇත්තේ ද ඒවායෙහිය. අයන්නේ සිට අං, අ: දක්වා  ඕනෑම අකුරකින් පටන් ගන්නා ආහාරයක රස දැනෙන්නේ රසාංකුර වලිනි. අප උපදින විට උපදින්නේ රසාංකුර 10,000 ක් ඇතිවයි. එහෙත්, වයසට යත්ම ඉන් සමහරක් මිය යන්නේය. ඒ අනුව වයසක පුද්ගලයෙකුගේ රසාංකූර සංඛ්‍යාව 5,000 දක්වා අඩුවීමට ඉඩ ඇත. ළමයින්ට ඇතැම් ආහාර වල රස වැඩිහිටියෙකුට වඩා තදින් දැනෙන්නේ ඒ නිසයි. රසාංකූර වලට පැණිරස, තිත්ත, ඇඹුල් සහ ලූණු සහිත රස දැනේ.

ඉතින් එක එක රස ඔබේ දිවට දැනෙන්නේ කෙසේද? සෑම රසාංකූරයක්ම සෑදී ඇත්තේ රස ෙසෙල වලිනි. ඒවායේ මයික්‍රොවිලායි (microvi llai) යනුවෙන් හැඳින්වෙන සංවේදී, ඉතා සියුම් පියවි ඇසට නොපෙනෙන කේසර ඇත. එම ක්‍ෂුද්‍ර කෙස් මගින් මොළයට පණිවුඩ යවනු ලබන අතර මොළය ඒවා විග‍්‍රහ කොට රසය කුමක්දැයි ඔබට හඳුන්වාදෙයි. එලෙස මොළය රස හඳුනා ගනු ලබන්නේ ඔබේ මුවට ඇතුල් වන්නේ කුමක්දැයි දැනුම්දීමටයි. ඔබ කල්ගතවී නරක්වු කිරි ටිකක් කවදා හෝ කටට ගෙන ඇත්ද? එම කිරි රසාංකූරවල වැදුණු සැනින් ඒවා මොළයට පණිවුඩයක් යවයි: ,මේ කට ගත් කිරි අමුතු රසයක් දැනේ, ඔබේ මොළය එම ස්නායු තේරුම් ගත්විට එය නොහොබිනා පානයක් බව වටහා ගනී. එය පානය නොකළ යුතු බව ඔබ දැන ගනියි. අධික ශීතල ආහාර වැනි සමහර දේවල් නිසා රසාංකූර ප‍්‍රතිග‍්‍රාහකවල සංවේදීතාව අඩුවේ.

රස බැලීමේදී ඔබේ දිවට නාසයේ සහාය ද ලැබේ. ඒ ආහාර මුව තුළට යාමට පෙර මෙන්ම ඒවා ටික ගිලදැමීමේදී ආහාර වල ගඳ සුවඳ බැලීමෙනි. ඉතා දැඩි ගන්ධයන් ඔබේ රසාංකූර නොමග යැවීමට පවා සමත්වේ. පෙති ගැසු සුදුලූණු ටිකක් නාසය අසළ තබාගෙන කේක් කෑල්ලක් කෑමට උත්සාහ කරන්න. රසය වෙනස් ෙස් දැෙනනවා නේද? තද දුඟදක් ඇති තැනකදී අපට ආහාර අරුචියක් දැනේ.

දිවේ කාර්යයන් ඉටු කිරීමට දත් ද සහාය වේ. ආහාර හැපීම, ඇඹරීම සඳහා දිව ඒවා යවන්නේ දත් වෙතය. එමෙන්ම, භාෂාවේ විවිධ ශබ්ද උසුරුවීමට දිවට දත් මෙන්ම තොල් හා මුඛයේ මුදුන උපකාරීවේ. දිව තෙත්ව තබාගැනීමට උපකාරී වන්නේ ඛේටය හෙවත් කෙළය. ආහාර තෙත් කිරීමෙන් ඒවා ගිලීමට දිවෙහි පසුපස කොටසට උදව් වන්නේද කෙළය. එමන්ම දිවෙහි එම පිටුපස කොටසෙහි ඇති Lingual tonsils නමින් දැක්වෙන කුඩා පටක සමුහය තුළ, සිරුර ආක‍්‍රමණය කරන ඇතැම් හානිකර විෂබීජවලට එරෙහිව සටන් කරන ෙසෙල අඩංගුය.

ඉතින්, කතා කිරීමට, ආහාර කවලම් කිරීමට, රස බැලීමට, ගිලීමට පමණක් නොව විෂබීජ වලට එරෙහිව සටන්වැදිමට පවා උපකාරවන  දිවට ඇත්තටම විවේකයක් ලැබෙන්ෙන් නැද්ද? නැත. ඔබ නිදාගෙන සිටියදී පවා කෙළ ආපසු උගුරට තල්ලූ කිරීම පිණිස දිව වෙහෙසෙයි. (කුණු කෙළ කොට්ටයට බේරීම වළකින්නේ ඒ නිසාය) ඉතින් දත් මෙන්ම මුඛයේ දිව ද පරිස්සමෙන් රැකබලා ගත යුතු මුඛයේ වැදගත් අංගයකි.

KIDSHEALTH from Nemours (KidsHealth.org): Your Tongue ලිපිය අැසුෙරන් සකස් කළේ සරත් කැල්ලපොත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: