විදු නැන නුවණ – Science Literacy for All

උණුසුම මනින තුන් මිම්ම

සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය 5778ºK = 5505ºC = 9941ºF

උෂ්ණත්ව මාපකවල ඇති දර්ශක වල මිනුම් සටහන් වෙන්නේ සෙලසියස් හෝ ෆැරන්හයිට් අංශක වලිනුයිි. මේ මිනුම් දෙකෙන් කූමක් භාවිතා කළ යුතුද යන්න හුදෙක් පාවිච්චි කරන්නාගේ කැමැත්ත මත සිදුවන්නක්. එසේ නොමැතිව උෂ්ණත්වය වාර්තා කිරීමේ ‘‘නිවැරදි’’ ක‍්‍රමයක් නැහැ. උෂ්ණත්ව මාපයක් සදා ඇත්තේ පහසුවෙන් සැකසිය හැකි මාපකයක සමාන දුරකින් සටහන් කළ ලකුණු වලට අංශක යන යෙදීම පාවිච්චි කිරීමෙනුයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් C අකුරෙන් හඳුන්වන සෙල්සියස් මාපයක් සදා ඇත්තේ ජලය මිදෙන හිමාංකය 0ºCක්‍ වශයෙන්ද ජලය නටන තාපාංකය 100ºCක්‍ වශයෙන්ද සලකා ඒ අතර පරතරය සමාන කොටස් සියයකට බෙදා ඒවා අංශක යැයි නම් කිරීමෙන්. F අකුරෙන් හඳුන්වන ෆැරන්හයිට් මාපකයක් සකසා ඇත්තේද ඊට තරමක් සමාන ආකාරයකටයි. එහෙත් එහිදී මුලින්ම සිදුවුනේ 1877 දී ඩැනියෙල් ෆැරන්හයිට්ට තම පර්යේෂණාගාරය තුළ නිපදවීමට හැකි වූ අඩුම උණුසුම අංශක 32 Fවශයෙන්ද මිනිස් සිරුරේ උණුසුම අංශක 100º Fවශයෙන්ද සලකා මුල්ම ෆැරන්හයිට් මාපකය සැකසීමයිි. වර්තමානයේ ඇති ෆැරන්හයිට් මාපක ජලය මිදෙන හිමාංකය 32ºFත්‍ වශයෙන්ද ජලය නටන තාපාංකය 212ºFත්‍ වශයෙන්ද සලකන අතර මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය අප කාටත් පුරුදු 98.6ºFත්‍ වශයෙන්ද සලකනවා.
එහෙත් විද්‍යාඥයන් උෂ්ණත්වය මැනීමට භාවිතා කරන මිනුම හැඳින්වෙන්නේ කෙල්වින් මාපකය යන නමින්. K අකුරෙන් හැඳින්වෙන එය නම්කර ඇත්තේ තාපගතිකය ගැන කරුනු හැදෑරූ විද්‍යාඥයන් අතර මුල් පෙළේ විද්‍යාඥයෙකු වූ විල්හෙල්ම් තොම්සන් කෙල්වින් සාමිවරයාගේ (1824-1907) නමිනුයි. කෙල්වින් මාපකයේ අංශක සලකුණු කොට ඇත්තේ සෙල්සියස් මාපකයේ අංශක වලට සමාන ආකාරයකට වන නමුත් අනෙකුත් උෂ්ණත්ව මාපක මෙන් නොව එය නිපදවා ඇත්තේ හුදෙක් මූලික භෞතික ක‍්‍රියාවලියේ පවත්නා එකම අවම උෂ්ණත්වය පාදක කර ගෙනයි.
මේ අනුව කෙල්වින් මාපකයේ ශුන්‍ය අගය හෙවත් බිංදුව වශයෙන් සැලකෙන්නේ ස්වාභාවික පද්ධතියක් තුළ තිබිය හැකි අවම උෂ්ණත්වයයි. එය නිරපේක්ෂ ශුන්‍ය යනුවෙන්ද හැඳින්වෙනවා. සියලූම ආකාරයේ පරමාණු වල චලනය සම්පූර්ණයෙන්ම නතර වී ඇති අවස්ථාව වශයෙන් සැලකූ මෙය 19වෙනි සිය වසේදී හැඳින්වුනේ පරම ශුන්‍ය යන නමිනි. වෙනත් අන්දමකින් කිවහොත් මේ අවස්ථාවේදී ඇත්තේ සහමුලින්ම මිදුණු පරමාණුයි. එහෙත් ක්වොන්ටම් යාන්ත‍්‍රණයේ නියාමයන්ට අනුකූලව මේ අදහස දැන් තරමක් දුරට වෙනස් වී තිබෙනවා. ඒ අනුව නිරපේක්ෂ ශුන්‍යය වශයෙන් අද කාලයේ සැලකෙන්නේ යම්කිසි පද්ධතියකින් තවදුරටත් තාපය නිකුත් නොවන අවස්ථාවයි. කොහොම කළත් ශුන්‍යය යනුවෙන් අදහස් වෙන්නේ යම් වස්තුවක තිබිය හැකි සීතලම අවස්ථාවයි. සෙල්සියස් මාපකයට අනුව එම අවස්ථාව -273.16ºC ක්‍ වන අතර ෆැරන්හයිට් වලින් එය -453ºFත්‍ වේ. කෙල්වින් මාපකයට අනුව ජලය මිදෙන හිමාංකය 273.16ºK  ද, කාමරයක සාමාන්‍ය උෂ්ණත්වය 273.16º K ද වන අතර දර පත්තුවෙන උෂ්ණත්වය 650ºK පමණද වෙයි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: