විදු නැන නුවණ – Science Literacy for All

අභ්‍යවකාශයේ කළු කුහර (black holes)අධ්‍යයනයට සාගර දියසුළි පිහිට

ඈත අභ්‍යවකාශයේ දැවැන්ත මෙගලනික් වලාකුළක් ඉදිරියේ ඇති කළුකුහරයක් පිළිබඳ සමාකරණයක්.

මතුපිටින් සලකා බැලූවත්, සාගර දියසුළි හා black holes හෙවත් කළුකුහර (විශාල ප‍්‍රමාණයේ තරු විනාශ වීමෙන් අවසානයේ  කළු කුහර ඇතිවන බව කියැවේ) අතර සමානත්වයක් පවතින බවක් පෙනී යයි. මේ දෙවර්ගයම තම ආසන්නයට පැමිණෙන කුමන හෝ දෙයක් තමන්ගේ ග‍්‍රහණයට ගැනීමට, නැතහොත් ඇද ඇතුළට ගැනීමට සමත් වෙයි. එහෙත් මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරින් සලකා බලන විට වුව මේවා අතර සමානත්වයක් පවතී. සාගරවල හටගන්නා දියසුළියක  ඕවලාකාර මායිමේ පවතින ජලය සහ කළු කුහරයක් වටා ඇති සීමාවේ පවතින ආලෝකය, එකම ගණිතමය සමීකරණ මගින් පැහැදිලි කළ හැක.

කළු කුහර(black holes) යනු අගාධ අභ්‍යවකාශය තුළ ආලෝකයද ඇතුළු ඹ්නෑම දෙයක් ඉන් පිටපතට යාම වලක්වන අවකාශකාලයේ ඇති ප්‍රදේශයකි. අවකාශකාලය යනු අවකාශයේ ඇති දිග පලල අස යන ත්‍රිමානයට අතිරේකව කාලයද සිව්වෙනි මානයක් වශයෙන් සලකන විද්‍යාත්මක සංක්ල්පයකි. අයින්ස්ටයින්ගේ  සාමාන්‍ය සාපේක්ෂතාවාදය පිලිබඳ නියාමයට අනුව, විනාශවී තමන් තුලටම කඩා වැටෙන තාරකාවක් වැනි, ප්‍ර‍මාණවත් තරමින් ඝන සංගත වූ ස්කන්ධයක් නිසා විකෘතිවන අවකාශකාලය කළු කුහර උද්ගත වීමට හේතුවේ.

සාගර සුළි යනු ස්වභාවික ලෝකයේ  සැඟව පවත්නා බලයන් වේ. සාගර සුළි , උණුසුම් ජලය හා අපද්‍රව්‍ය ග‍්‍රහණය කරගන්නා අතර උතුරු දිශාවට උණුසුම් ජලය  රැගෙන ගොස් උත්තර ධ‍්‍රැවයේ ඇති හිම දිය කර දැමීමට අනුබල දෙයි.

ඇතැම් සාගර සුළි, සැතපුම් අනූවක පමණ විශ්කම්භයකින්  යුක්ත වෙයි. නමුත් සාගර වල විශාලත්වය සමග සසඳන විට, මේවා සාගර වල පවත්නා ඉතා කුඩා අංගයන් ලෙස සැලකිය හැකිය. චන්ද්‍රිකා දත්ත අතරින් පමණක් පවා මෙවැනි දිය සුළි වල ස්වාභාවය අනාවරණය කර ගැනීම අපහසු ඒ නිසාවෙනි.

සුරිච් නුවර ස්විස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ගණිතඥ ජෝර්ජ් හෝලර්(George Haller, an applied mathematician at the Swiss university ETH Zurich) සාගර දියසුළි වල ස්වභාවය, ඒවායේ ලක්ෂණ හා චලනයන් ගැන වැඩි අවබෝධයක් ලබා ගැනීම පිණිස අධ්‍යයන කටයුතුවල නිරත වූවෙකි. සාගර දියසුළි වටා අදෘශ්‍යමාන, වෘත්තාකාර එකට අැලූණු හෙවත් සංසක්ත(coherent) ජල මායිම් පවතින බව ප‍්‍රකාශ කරන  හෝලර් එම මායිමකට පැමිණෙන ද්‍රව්‍ය, මායිම තුළම වෘත්තාකාරව කැරකෙනවා මිස ඉන් ඇතුලතට යාමක් හෝ පිටතට පැනීමක් සිදු නොවන බව පැහැදිලි කරයි

තාරකා විනාශ වීමෙන් ඇතිනක කළු කුහරවල ද සංසක්ත මායිම් පවතී.  මතුපිට යාන්තමට ස්පර්ශ කරන ආකාරයට අලෝක ධාරවක් කළු කුහරයකට යොමු කළහොත්, ආලෝකයේ ෆෝටෝන අංශු වේගයෙන් සංසක්ත මායිම අවට එක් රැස් වී ෆෝටෝන ගෝලයක් සැකසෙන බව ඔහු පවසයි.

මෙම සංසිද්ධි දෙකෙහිම ගණිතමය වශයෙන් එකිනෙකට ගැලපීමක් සොයා ගැනිමට ද සමත්ව සිටින හෝලර්. ‘‘ඇත්ත වශයෙන්ම ඒවා එකම ආකාරයේ ගණිතමය සමීකරණය’’ යි කියා සිටී.

හෝලර් සහ මියාමි සරසවි ඔහුගේ  සහයකයා මෙම ගණිතමය සොයාගැනීම ප‍්‍රායෝගිකව භාවිතයට ගනිමින් දකුණු අත්ලාන්තික් චන්ද්‍රිකාවෙන් ලබා ගන්නා ලද දත්තයන් මගින් දියසුළි වල, තුනී සීමා මායිම් හැසිරෙන්නේ කළු කුහර වල සීමා මායිම්  හැසිරෙන ආකාරයටම බව පෙන්වා දෙති.

හෝලර් විසින් විස්තර කළ ආකාරයේ කැලඹීම් සහිත ‘‘කළු කුහර ’’ කිහිපයක් ගණිතමය සමීකරණ සාර්ථකව භාවිතයෙන් සාගර තුළ සොයා ගනීමට ද ඔවුහු සමත්ව  සිටිති.

ඔවුන් ගේ එම සොයා ගැනීම, විද්‍යාඥයින්ට, සාගර දිය සුළි මගින් අපද්‍රව්‍ය හා උණුුසුම් ජලය, සීතල ප‍්‍රදේශ කරා ප‍්‍රවාහනය කරන ආකාරය පිළිබඳව සොයා බැලීමට නව මගක් විවර කලේය. ඒපමණක් ෙනාව හෝලර්ට අනුව, එම සොයාගැනීම ද්‍රව යාන්ත‍්‍රික විද්‍යව පිළිබඳව ගැඹුරු සේම ඉතා වැදගත් අවබෝධයක් ගෙන දීමට සමත් ෙවයි. එමෙන්ම ඈත අභ්‍යාවකාශයේ සිදුවිය හැකි අපූරු ජ්‍යාමිතික ක‍්‍රියාවන් පිළිබඳව යම්කිසි දැනුවත් වීමක් පොලොවේ සිටම ලබා ගැනීමට ද හැකියාවක් එමගින් ලැබෙයි.

DISCOVER  සඟරාවේ 2014 අගොස්තු කළාපය  අැසුෙරන් සකස් කෙළ් චන්දන තෙන්නකෝන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: