විදුලි බලය නිපදවීම පිණිස න්‍යෂ්ටික බලය යොදා ගැනීමට අප තවදුරටත් පසුබට විය යුතුද?

Posted by

බලශක්ති ප්‍ර‍වයන් පිළිබඳ අපේ ප්‍ර‍තිපත්තිය කුමක් විය යුතුද යන කරුණ මෙවර ඇතැම් මැතිවරණ ප්‍ර‍කාශන තුළින් කිසියම් පමණකට ඉස්මතු කර ඇත. දැනට අපේ රටේ විදුලි බලය නිපදවීමට යොදන බල ශක්තියෙන් 60% නිපදවෙන්නේ වායුගෝලයට වැඩිවැඩි වැඩියෙන් කාබන් ඩයොක්සයිඩ් එකතු කරන ගල් අඟුරු හා ඛනිජ තෙල් භාවිතා කරන බල ශක්ති ප්‍රභව යොදා ගැනීමෙනි. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සංයුතිය වෙනස් වීම ගෝලීය උණුසුම වැඩි වීමටත් හානිදායක දේශගුණ විපර්යාස වලටත් හේතුවන බව විද්‍යාඥයන් විසින් තිරසාර ලෙස පෙන්වා දී තිබේ. මේ අතර සාම්පූර්හි තවත් දැවැන්ත ගල් අඟුරු බලාගාරයක් තැනීමට තින්දු කර තිබේ. වඩා පරිසර හිතකාමී බල ශක්ති ප්‍ර‍භවයක් ලෙස න්‍යෂ්ටික බලය සැලකිය යුතු බවට ඉල්ලා සිටින ඉහළ පෙළේ සංරක්ෂණ විද්‍යාඥයන්ගේ ආයාචනයක් පාදක කර ගත් මේ ලිපිය අපේ බලශක්ති ප්‍ර‍තිපත්ති සම්පාදනයේදී අවධානයට යොමු විය යුත්තකි.

දේශගුණ විපර්යාසයේ හානිකර බලපෑම් අවම කිරීම සහ ජෛව විවිධත්වය (biodiversity) ආරක්ෂා කිරීම සඳහා බල ශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රයේදී න්‍යෂ්ටික බලය වැඩිවැඩියෙන් උපයෝගිකරගත යුතු බව ලොව පුරා වෙසෙන මුල් පෙළේ සංරක්ෂණ විද්‍යාඥයන් ඉල්ලීමක් කරති.

විද්‍යාඥයන් 60 දෙනෙකුට අධික ප්‍ර‍මාණයක් අත්සන් තබා ඇති විවෘත ලිපියක් මගින් කෙරෙන මේ ආයාචනයේ පරිසරවේදී ප්‍රජාව හුදෙක් “හරිත“ යනුවෙන් අදහස් කෙරෙන පරමාදර්ශය මත පමණක් රැඳීසිට නිගමන වලට එළඹෙනවාට වඩා විෂය මූලික සාක්ෂි සහ ප්‍රායෝගික වටිනාකම් මත විවි්ද බලශක්ති ප්‍රභේද වල වාසි අවාසි තක්සේරු කළ යුතුය යන්න අවධාරණය කරයි.

ඔස්ට්‍රෙලියාවේ අැඩිලේඩ් සරසවියේ පරිසර විද්‍යාඥයන් වශයෙන් සේවය කරන මහාචාර්ය බැරී බෘක් සහ මහාචාර්ය කොරේ බ්‍රැඩ්ෂෝ විසින් විසින් සංවිධානය කොට පල කරන මේ ලිපිය කොන්සර්වේෂන් බයලොජි නමැති ශ්‍රාස්තීය සඟරාවේ පළවූ “ලෝක ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට න්‍යෂ්ටික බලය මූලික පිටිවහලක්“ යන ලිපියේ අරමුනු වලට මුළුමනින්ම සහයෝගය දක්වයි.

මහාචාර්ය බ්‍රැඩ්ෂෝ පවසන අන්දමට දේශගුන විපර්යාසයේ විනාශකාරී බලපෑම අඩුකිරිමටනම් වහාම ලෝක විදුලි බල නිෂ්පාදන ක්ෂේත්‍ර‍ය මුළුමනින්ම විකාබනීකරණයට (decarbonization) ලක්කළ යුතුය. ජෛව විවිධත්වයට හානි පැමිනෙන්නේ කාබනික ඉන්ධන වලින් නිකුත්වන හරිතාගාර වායුව නිසා දේශගුණ රටාවන් වෙනස් වීමෙන් පමණක් නොවේ. පුනර්ජනනීය (renewable) ඉන්ධන ප්‍රභවයන් වන ජල විදුලිය සපයා ගැනීමට විශාල බිම් ප්‍රදේශ ජලයෙන් යටකිරීමේදිත්, ජීව ඉන්ධන නිපදවීමට වගා බිම් එළි කිරීමේදීත්, සූර්ය තාපය සහ සුළං බලයෙන් විදුලිය නිපදවීමට භූමි පරිහෝජනයේදීත් ජෛව විවිධත්වයට අපමණ හානි සිදුවෙයි.

“ලෝක ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට න්‍යෂ්ටික බලය මූලික පිටිවහලක්“ යන ලිපිය ලියූ විදයාඥයෝ යොදා ගන්නා ඉඩම් ප්‍ර‍මාණය, කාබන් විමෝචනය, දේශගුණය කෙරෙහි බලපෑම සහ ප්‍රාග්ධන වියදම යන කරුනු මත එකිනෙකට වෙනස් බලශක්ති සිද්ධිසමුදා (energy scenarios) තුනක් ඇගයිමට ලක් කළහ. ඒ සිද්ධි සමුදා තුන නම් දැනට ඇති සම්ප්‍ර‍දායික ක්‍ර‍මයට කාබනික ඉන්ධන යොදා ගැනීම, න්‍යෂ්ටික බලයෙන් තොරව පුනර්ජනනීය ඉන්ධන යොදාගැනීම සහ වැඩි න්‍යෂ්ටික බල ප්‍ර‍මාණයක් සමග පුනර්ජනනීය ඉන්ධන යොදා ගැනීමයි.

මිල සහ ඵල අනුව මෙන්ම පාරිසරිකයන්ගේ මතවාදී අගතීන්ද සලකමින් සුදුසු බල ශක්ති වර්ග හතක් අනුපිලිවෙලින් ලයිස්තු ගත කිරීම පිණිස ඔවුහු බහුවිධ උපමානයන්ගෙන් යුක්ත තීරණ ගැනීමේ විෂ්ලේෂණ ක්‍ර‍මයක්ද භාවිතා කළහ. ඒ අනුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද හා සැසඳු විට ආරක්ෂාව, මිල, පෘථුල කිරීමේ හැකියාව, භුමි පරිභෝජනය සහ කාබන් විමෝචනය යන කරුනු සම්බන්ධයෙන් සලකා බැලුවිට න්‍යෂ්ටික බලය එකසමාන ලෙස වාසිදායක වනවා පමණක් නොව ඇතැම් කරුනු සම්බන්ධයෙන් වඩා වාසිදායක බව මහාචාර්ය බෘක් පවසයි.

ඔහු පවසන පරිදි කාබන් විමෝචනයකින් තොර විදුලි බලය සැපයීමට අතිරේකව අනිකුත් සියලුම බලශක්ති ප්‍ර‍භව හා සැසඳුවිට මීළඟ පරම්පරාවේ න්‍යෂටික බලය අපද්‍ර‍ව්‍ය අඩු බෙහෙවින් ජෛව විවිධත්වයට හිතකර බලශක්ති ප්‍ර‍භවයක් වනු ඇත. න්‍යෂ්ටික ඉන්ධන ප්‍ර‍තිචක්‍රීකරණය කළ හැකි වැඩි දියුණු කළ න්‍යෂ්ටික තාක්ෂණය සමග ජෛව විවිධත්වයට අවම අන්දමින් බලපාන ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍ර‍භව යොදා ගැනීමේ හැකියාවක් තිබෙක බව පෙන්වා දෙන මහාචාර්ය බෘක් ඒ නිසා දැනට වඩා බෙහෙවින් යහපත් පරිසරහිතකාඹී බලශක්ති කාරයක්ෂමතාවයක් ඇති කළ හැකියැයි පවසයි.

අප දැනට දරන හරිතමතවාදයන්ගේ අගතිගාමී පූර්ව නිගමන වලින් තොරව විදුලි බලය නිපදවීමට න්‍යෂ්ටික හා පුනර්ජීවී බලශක්ති ප්‍ර‍භවයන් වල සම්මිශ්‍ර‍නයක් උපයෝගී කර ගැනීමට කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව මහාචාර්ය බ්‍රැඩ්ෂෝ පවසයි.

2012 වර්ෂය සඳහා ඇති දත්ත වලට අනුව ලෝක විදුලි බල නිෂ්පාදනයෙන් 12.3% ක් ජනිත කරවන්නේ න්‍යෂ්ටික බලය යොදා ගැනීමෙනි. 2014 මැයි මාසය දක්වා ඇති දත්ත වලට අනුව ලොව පුරා රටවල් 30 ක විදුලි බල උත්පාදනය සඳහා න්‍යෂ්ටික බලාගාර 435ක් ක්‍රියාත්මක වන අතර තවත් රටවල් 15ක න්‍යෂ්ටික බලාගාර 72ක් දැනට ඉදි වෙමින් පවතී.

සයන්ස් ඩේලි ඇසුරෙන්  සකස් කළ ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.