විදු නැන නුවණ – Science Literacy for All

නර කෙස් පහළ වන්නේ ඇයි?

කෙස් ගසේ සුළමුළ, වර්ධනය හා සුදු පැහැගැන්වීම පිළිබඳ රසවත් කතාන්දරය.

නර කෙස් පහළ වෙන්නේ තපසට යන්න කාලය පැමිණි ඇති බව සංඥා කිරීමට යයි ආදී කාලීන ඉන්දියාවේ ප‍්‍රචලිත මතයකි. දු දරුවෝ ලොකුමහත් කිරීමට වෙහෙසෙද්දී ඉබේටම හිසකෙස් සුදු වෙන්නට පටන් ගන්නේ යැයි ඇතැම් දෙමාපියෝ කල්පනා කරති. අපේ කෙස් පැහුණේ අකළට නොවෙයි. යයි සමහරු මද ආඩම්බරයෙන් පවසනවා අපි අසා ඇත්තෙමු. කෙස් පැහීම හෙවත් අව පැහැ ගැන්වීමට හේතුව ගැන ඉඟියක් මේවායින් ලබාගත හැකිය. ඒවායින් වක‍්‍රව කියැවෙන්නේ වයස් ගතවන විට කෙස් පැසෙන බවයි. එහෙත් එය සිදුවන ආකාරය ඉන් කියැවෙන්නේ නැත. ඇයි කෙස් පැහෙන්නේ? අපි විමසා බලමු. මිනිසුන්ගේ හිසකෙස් පැහෙන්නේ ඇයිද යන්න ගැන විද්‍යාඥයෝ නිරතුරුව අධ්‍යයන කරති. මෙහි දැක්වෙන්නේ එවැනි අධ්‍යයන වලින් සොයාගත් කරුණුයි.

ආරම්භක අවධියේදී සෑම කෙස් ගසක්ම සුදු පාටයි. ඊට වර්ණයක් ලැබෙන්නේ මෙලනින් (Melanin) නම් වර්ණකයෙනි. මෙලනින් සෑදීමට පටන් ගන්නේ උපතටත් පෙරය. උපතින් පසුව හිසකෙස් නොයෙක් වර්ණ ගැන්වීම අද විලාසිතාවක්ව ඇත. එහෙත් හිස කෙස්වල ස්වභාවික වර්ණය රඳා පවතින්නේ සමෙන් හෙවත් කෙස්මුල ඇති කුඩා ග‍්‍රන්ථියෙන් උඩට මතුවී තිබෙන කොටස වන කෙස් ගසෙහි (hair shaft) මැද ස්ථරයේ ඇති මෙලනින් බෙදීයාම, වර්ගය සහ ප‍්‍රමාණය මතයි.

Melanocite and Melanin

මෙලනින් සෑදී ඇත්තේ මෙලෙනොසයිට් (melanocytes) නම් වර්ණක තනන විශේෂිත ෙසෙල මගිනි. සමෙහි මතුපිටින් කෙස් ගස වැඩෙන ස්‍යුනිකා (follicles) නම් කේශ කෝෂ විවරයෙහි මෙලනසයිට් පිහිටයි. එක් එක් කෙස් ගස වැඩෙන්නේ එක් එක් ස්‍යුනිකා කෝෂයක් තුළිනි.

කෙස් වැඞීමේ ක‍්‍රියාදාමය අදියර තුනකින් සමන්විතයි.‍

  • ප‍්‍රථම අදියර Anagen යනුවෙන් හැඳින්වේ. කේශ කූපයෙහි ක‍්‍රියාකාරී වර්ධන අවස්ථාව මින් දැක්වේ. සාමාන්‍යයෙන් වසර 2-7 දක්වා කාලයක් මෙය පවතී.  ඕනෑම මොහොතක් ගෙන බැලූවොත් හිස කෙස්වලින් සියයට 80-85 පවතින්නේ  Anagen නම් රෝම ස්‍යුනිකාවේ වර්ධනීය අවස්ථාවෙහිය.
  •  ඇතැම් විටක සංක‍්‍රාන්ති අදියර ලෙස සැලකෙන  Catagen අදියර කෙස් වර්ධනය ,අවලංගුකොට නතර කෙරෙන, අවස්ථාව ලෙස ද විස්තර කළ හැක. මෙම අටස්ථාව සාමාන්‍යයෙන් දින 10-20 ක් පවතී.
  • Telogen නම් තුන්වැනි අදියරයේදී කේශ වර්ධනය මුඵමනින්ම නතර වී ඇති අතර කෙස් හැලීම ද සිදුවෙයි.  ඕනෑම

මොහොතක් ගෙන බැලූවොත් අපේ කේශ කලාපයෙන් සියයට 10-15 ක් පවතින්නේ Telogen අවස්ථාවෙහිය. එය සාමාන්‍යයෙන් දින 100 ක් පවතී. Telogen අදියර පසුකළ පසු කේශ වර්ධනය ක‍්‍රියාදාමය යළි ආරම්භ වන්නේ Anagen අදියරයෙනි.

youmg hair follicle

ඉතින්, කෙස් සෑදෙමින් පවතින අවස්ථාවේ, කෙරටීන් අඩංගු සෛලවලට වර්ණකය (මෙලනින්) මෙලනොසයිට්  මගින් එන්නත් කෙරේ. අපේ කේශ (රෝම), සම හා නිය සෑදෙන ප්‍රෝටීනය කෙරටින්ය. වසර ගණන් තිස්සේ මෙලනසයිට් මගින් කෙස්වල කෙරටීන් ෙසෙල වලට අඛණ්ඩව වර්ණක එන්නත් කරනු ලැබේ. කෙස්වල පවතින්නේ වර්ණක වර්ග දෙකක් පමණකි. එනම් eumelanin නම් තද පැහැ වර්ගය සහ phaeomelanin නමැති ළා පැහැ වර්ගයයි. ලොව පුරා මිනිසුන්ගේ හිස් කෙස්වල ඇති අති විශාල (ස්වභාවික) වර්ණ පරාසය ඇතිවන්නේ මේ වර්ග දෙකෙහි සම්මිශ‍්‍රණයෙනි.

වයසත් සමග මෙලනින් ප‍්‍රමාණය අඩුවෙයි. හිසකෙස් අවපැහැ ගැන්වී පසුව සුදුවෙයි. අපේ කෙස්වලට එසේ වන්නේ ඇයි? එංගලන්තයේ බ‍්‍රැන්ඞ්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ (University of  Bradford) සෛල ජීව විද්‍යා මහාචාර්ය ඩෙස්මන් ටොබින්ට අනුව කෙස් ස්‍යුනිකා කෝෂයේ (follicle) ඇති ප‍්‍රවේණිමය ඝටිකාව මෙලනසයිට් ක‍්‍රියාකාරිත්වය අඩුකිරීම හෝ නතර කිරීම සිදු කරයි. එවිට අපේ කෙස්වලට සැපයෙන වර්ණක අඩුවේ. මෙය සිදුවන්නේ කෙස් වැටීමට ඔන්න මෙන්න කියා තිබෙන අවස්ථාවේදීය.

old hair follicle

ඊටත් අමතරව නරකෙස් පහළ වන්නේ වයස් ගතවීම හා ප‍්‍රවේණි ලක්ෂණ අනුව බව මහාචාර්ය ටොබින්ගේ මතයයි. සෑම කේශ කෝෂයකම වර්ණක විභවය සිඳීයාම පාලනය කරන්නේ ජාන මගින් බවයි ඉන් අදහස් කෙරෙන්නේ. මෙය ඒ ඒ කේශ කෝෂය තුළ ඒ ඒ සීඝ‍්‍රතාවයකින් සිදුවෙයි. සමහරුන්ගේ එය සීඝ‍්‍රයෙන් සිදුවේ. එහෙත් තවත් සමහරුන්ගේ එය සිදුවීමට දශක කිහිපයක් ගතවෙයි.

මෙලනසයිට නිෂ්පාදනය පවත්වාගෙන යාමට මෙලනසිට් ස්ටෙම් සෛල අපොහොසත් වීම නරකෙස් පහළ වීමට හේතුව විය හැකියයි හාවඞ් විද්‍යාඥයන් පිරිසක් Science සඟරාවට ලිපියක් ලියමින් කියා සිටිති. මෙම අපොහොසත් වීමේ ප‍්‍රතිඵලයක් ලෙස කේශ වර්ණය නිපදවීමේ සංඥා බිඳවැටෙයි.

හිස කෙස් ළා පැහැ සහ තද පැහැ ආදි වශයෙන් වර්ණක ගැන්වීම කෙරෙහි බලපාන වෙනත් සාධක ද ඇත. විද්‍යාඥයෝ ඒවා අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක යනුවෙන් වර්ග කරති.

අභ්‍යයන්තර සාධක                                                    බාහිර සාධක

ජානමය දෝෂ                                                           දේශගුණය

හෝමෝන                                                               අප‍්‍රවිත‍්‍රකාරක

ශරීරයේ ව්‍යාප්තිය                                                    ධූලක(විෂ ද්‍රව්‍ය)

වයස                                                                       රසායනවලට අනාවරණයවිම

කේශ කෝෂ තුළ  හයිඩ‍්‍රජන් පෙරොක්සිඞ් කුඩා ප‍්‍රමාණ නිපදවන ආකාරය විස්තරාත්මකව පැහැදිලි කිරීමට යුරෝපයේ විද්‍යාඥයෝ 2009 වසරේ දී සමත් වූහ. මෙම රසායනය කෙස් ගස් තුළ එකතුවීමෙන් කේශ වර්ණය ක‍්‍රමයෙන් නැතිවී යා හැක.

කෙස් ගසක අරුම:

  • සාමාන්‍ය හිස් කබලක ඇති කෙස් සංඛ්‍යාව 100,000 සිට 150,000 දක්වා පමණ වෙයි.
  • කෙස් ගසක් කොපමණ ශක්තිමත් ද කීවොත් එයට ග‍්‍රෑම් 100ක බරක් දැරිය හැකිය. ඒ අනුව හිසක ඇති කෙස් එකතුවට ටොන් 10ක 15ක බරක් දැරිය හැකි නමුත් කෙස් රැඳී ඇති හිස් කබලට එවැනි බරක් දැරිය නොහැකිය.
  • ඉහළම අනූනන විභාජන(mitosis) අනුපාතිකයක්, (ඒ කියන්නේ දුහිතෘ ‍ සෛලයක වර්ණදේහ සංඛ්‍යාව මාපිය සෛලයක වර්ණදේහ සංඛ්‍යාවට සමාන වන සේ සෛල බෙදී යාමක්) ඇත්තේ හිසකෙස්වලටය. සාමාන්‍යයෙන් හිසකෙසක් මාසයකට සෙමි 1ක් වර්ධනයවේ.

The Library of Congress, අඩවියේ පළවූ Why does hair turn grey? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: