එකිනෙක වටා කැරකෙන දැවැන්ත තාරකා යුගලයක් අනුක්රමයෙන් ඒකාබද්ධ වන ආකාරය තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් වාර්තා කර තිබේ.
පර්යේෂණ වලට යොදා ගැනෙන න්‍යායයික මොඩලයන් මගින් මීට පෙර පේන්වා දී ඇති පරිදි බොහෝමයක් දැවැන්ත තාරකා සැදී ඇත්තේ තුඩා තාරකා එකිනෙක හා එක්වීමෙනි. මුලින්ම මෙවැනි තාරකා යුග්ම තාරකා හෝ බහුවිධ තාරකා පද්ධතීන් වශයෙන් බිහිවේ. මේ තාරකා පද්ධතීන් තාරකා යුගලයක් හෝ කිහිපයක් පොදු මධ්‍ය ලක්ෂයක් කේන්ද්‍රකොට එකි නෙකා වටා භ්‍රමණය වීම ඇතැම් විට දක්නට ලැබෙන දෙයකි.
ඒකාද්ධ වීමට නියමිත මේ තාරකා යුග්මය මෙතෙක් සොයාගත් විශාලතම තාරකා යුග්මය බව විද්‍යාඥයෝ පවස්ති. මේ තාරකා දෙකම ඉතාමත් ක්‍රියාකාරී ලෙස තම ඉන්ධන දවමින් පවතින තාරකා යුග්මයකි. MY කැමිලෝපර්ඩාලිස් (MY Camiloardalis) යනුවෙන් නම්කර ඇති මේ යුග්ම තාරකා එකිනෙක වටා භ්‍රමණය වන්නේ ඉලිප්සීය ආකාරයටයි. එකිසා පෘථිවියේ සිට බලන ඇතැම් අවස්ථාවලදී ඒවා එකිනෙකින් මුවාවන බව Astronomy and Astrophsics සඟරාවට තම සොයා ගැනීම පිළිබඳ වාර්තා කරන විද්‍යාඥයෝ පවසති.
ආධුනික අභ්‍යවකාශ නිරීක්ෂකයන්ගේ නිරන්තර සහය ලැබ නොකඩවා මේ තාරකා යුග්මය නිරීක්ෂණයට ලක් කළ තාරකා විද්‍යාඥයන් පවසන අන්දමට මේ තාරකා දෙක දැනටමත් එකිනෙක හා ඒකාබද්ධ වීම ආරම්භකර ඇත. ඉන් එක් තාරාකාවක් සූර්යයා මෙන් 38 ගුණයක් විශාලවන අතර අනෙක සූර්යයා මෙන් 32 ගුණයක් විශාලය. එහෙත් ඒ තාරකා දෙකටම එකිනෙක වටා භ්‍රමණය වීමට ගතවෙන්නේ පෘථිවි දවස් 1.2ක පමණ වූ කාලයක් පමණි.
මේ තාරාකා දෙකම අයත්වන්නේ “O” වර්ගයටයි. එහි තේරුම ඒවා දීප්තිමත්ම, ස්කන්ධයෙන් හා උෂ්ණත්වයෙන් අධිකතම නීලවර්ණ තාරාකා බවයි. තාරාක දෙකම තරqණ වියේ පසුවන බවත් බිහිවිමේදීම එකිනෙක හා ඉතා කිට්ටුවෙන් ස්ථානගත වී ඇති බවත් තාරකා විද්‍යාඥයෝ පවසති. ස්පාඤ්ඤයේ අලිකන්ටේ සරසවිය හා සම්බන්ධ මේ පර්යේෂකයන් පවසන අන්දමට අපේ සූර්යයා ස්ථානගත වි ඇති අන්දමට ගැලැක්සි තුළ හුදකලාව පිහිටන තාරාකා සාමාන්‍යයෙන් විරලය. බොහෝ තාරකා ස්ථාන ගතවන්නේ වෙනත් සහායක තාරකාවක හෝ තාරකා සමූහයක ගුරුත්වාකර්ෂණ පථයේ බලපෑමට හසුවන අන්දමටයි.
ජිරාෆ් තාරකා මණ්ඩලයට අයත්වන MY කැමිලෝපර්ඩාලිස් තාරාකා යුග්මය එම තාරාකාමණ්ඩලයේ අලිකන්ටේ-1 යනුවෙන් හැඳින්වෙන තාරාකා ගොන්නේ ඇති දීප්තිමත්ම තාරකා යුග්මයයි. පර්යේෂණ කණ්ඩායම පවසන අන්දමට මේ තාරකා ගොන්න තාරීය තෝතැන්නක් (stellar nursary) හෙවත් තාරාකා වැවෙන තවානක් වැනිය.
අඩසිය වසරකට කිට්ටු කාලයක් තිස්සේ MY කැමිලෝපර්ඩාලිස් හඳුනාගෙන තිබුනේ තනි තාරකාවක් වශයෙනි. එහෙත් මින් දසවසරකට පෙර සිට එය ඉලිප්සීයාකාරව එකිනෙක වටා භ්‍රමණය වන තාරකා යුග්මයක් වශයෙන් හඳුනාගන්නා ලදී. මේ ඉලිප්සීය භ්‍රමණය නිසා විටින් විට එක් තරුවක් අනෙක් තරුවෙන් වැසී යනවිට තාරාකා පද්ධතියෙන් නිකුත්වන ආලෝකයේ වෙනස්විම තාරකා යුග්මය මැනවින් පරීක්ෂාකර බැලීමට පහසුවක් විය.
එසේ වෙනස්වන තාරකා එළිය ස්පාඤඤඤයේ පිහිටි කලාර් අල්ටෝ තාරකා නිරීක්ෂණාගාරයේ පිහිටි ස්පෙක්ට්රොග්රාප් නමැති උපකරණයෙන් විශ්ලේෂණය කරන ලදී. මෙහිදී තාරාකා එළියේ වෙනස්වීම් නොකඩවා වාර්තාකිරීමට ආධුනික තාරකා විද්‍යාඥයන් ගෙන් ලැබුණු සහය පර්යේෂණ කණ්ඩායම බෙහෙවින් අගය කළේය.
ඒ හැර මේ තාරකා යුග්මය මතු පිට ඇති ලක්ෂයන් තත්පරයකට කිලෝමීටර 16,000 කට කිට්ටු අධික වේගයකින් සංචලනය වන බැවින් තාරාකාවල මතුපිට ස්තරය තවමත් මිශ්‍රණය වෙමින් පවතින බවත් ඒ අනුව තාරාක යුග්මයේ වයස අවුරුදු මිලියන දෙකකට නොවැඩි බවත් විද්‍යාඥයෝ පවසති. මේ නිසා උත්පත්තියේ සිට මුළුමනින්ම පරිණාමය වීමට තරම් කාලයක් මේ තාරකා යුග්මයට තවම ලැබී නැත.
මේ තාරාකා යුග්මය ඒකාබද්ධවන බව පෙනෙන නමුත් එහි අවසානය කුමක් විය හැකිදැයි තවම කිව නොහැක. ඇතැම් මතයකට අනුව මේ ඒකාබද්ධ ක්‍රියාවලිය අතිශය වේගයකින් සිදුවන දැවැක්ත ශක්ති ප්‍රමාණයක් නිකුත් කරන අතිවීශාල පිපිරීමකින් අවසන් විය හැකිය. තවත් මතයකට අනුව එය විචිත්‍ර දර්ශයනයක් විය හැකි නමුත් ඒ තරම්ම චණ්ඩ පිපිරීමකින් තොරව සිදුවන ඒකාබද්ධ වීමක් විය හැකියි.