විදු නැන නුවණ – Science Literacy for All

අප බේරා ගැනීමට සටන් වදින ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය

ප‍්‍රතිශක්තිකරණය, ප‍්‍රතිශක්ති පද්ධතිය යන වදන් අසා පුරුද්දක් ඇතත් එම ක‍්‍රියාවලිය ගැන හෝ එහි කාර්ය භාර්ය ගැන අප බොහෝ දෙනෙකුට පැහැදිලි වැටහීමක් නැත. ප‍්‍රතිශක්ත (immune) නැති නම් ප‍්‍රතිශක්තිය ඇති යන්නෙහි අදහස ආරක්ෂිතයි යන්නයි. ඉතින් අපේ ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන පද්ධතියට ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය යනුවෙන් පැවසීම පුදුමයට කරුණක් නොවේ. අපේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සෑදී ඇත්තේ ෙසෙල, පටක සහ අවයව වලිනි. ඒ සියල්ල අපේ ශරිිරය ආරක්ෂා කිරීම සඳහා එකට එකතු වී ක‍්‍රියා කරයි.

ශ්වෙතෙසෙට හෙවත් රුධිරයේ ඇති ශ්වේතාණු (සුදු රුධිරාණු වශයෙන් හඳුන්වන්නේත් ඒවාමයි) අපේ සිරුරේ ආරක්ෂක පද්ධතියේ ඒ කියන්නේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ එක්තරා කොටසකි. විෂබීජ වලට එරෙහිව සටන් වදින මේ ෙසෙල මූලික වශයෙන් වර්ග දෙකකට බෙදෙයි.

භක්ෂ ෙසෙල(leukocytes) විෂ හෝ රෝග බීජ නාශක ෙසෙලය. නමින්ම තේරුම් යන අන්දමට ෆැගොසයිට ආක‍්‍රමණික විෂ බීජ කා දමයි. විෂ බීජ වලට එරෙහිව සටන් වදින අනෙක් වර්ගය හඳුන්වන්නේ වසා ෙසෙට හෙවත් ලිම්ෆොසයිට (lymphocytes) යනුවෙනි. කලින් අවස්ථාවක සිරුර ආක‍්‍රමණය කළ විෂ හෝ රෝග බීජ මොනවා දැයි මතක තබා ගැනීමටත් ඒවා හඳුනා ගැනීමටත් ඉඩ සලසන්නේ ලිම්ෆොසයිටය. මේ දෙවර්ගයෙන් සැදුම්ලත් අවයව  ශරීරයේ බොහෝ තැන්වල දී දැකිය හැකිය. කට වහරේ බඩදිව වශයෙන් හඳුන්වන පිලාව (spleen) ඉන් එක අවයවයකි. කුස තුළ ඇති මේ අවයවයෙන් ලේ පෙරෙන අතර ආසාදන වලට එරෙහිව සටන් වදියි. ඇට මිදුලූ (bone marrow)  තුළ ද ශ්වෙතෙසෙට දැකිය හැකිය. ඇට මිදුලූ යනු අපේ සිරුරේ අස්ථි ඇතුළත ඇති ඝන, ස්පොන්ජ් වැනි ජල්ලියකි.

අපේ වසා පද්ධතියෙහි ද (lymphatic system) විෂ බීජ හා සටන් වදින ෙසෙල අඩංගුය. සාමාන්‍ය වහරේදී ‘‘සෙම් ගෙඩි’’ වශයෙන් අප හඳුන්වන උගුරේ අසහනකාරී තත්ත්වය ඇති වූ විට අපේ වසා පද්ධතිය අත් දැකීමෙන් හඳුනා ගන්න අපට අවස්ථාව සැලසේ. ඔබේ බෙල්ල දෙපැත්තේ මෙම ‘‘ගෙඩි’’ හෙවත් ඉදිමුණු ‘‘ග‍්‍රන්ථි’’ එවැනි අවස්ථා වලදී ඇඟිලිවලට දැනේ. ඒවා අපි ‘‘ග‍්‍රන්ථි’’ වශයෙන් හැඳින් වුවත් ඇත්තටම ඒවා වසා ගැටිති වේ(lymph nodes)’  (ව්‍යවහාරයේදී කුද්දටි ලෙස ද දැක්වේ) ඒවා තුළ ප‍්‍රතිශක්ත පද්ධති ෙසෙල පොකුරු අඩංගු වේ. වසා ගැටිති වටකුරු බොංචි ඇටයක් බඳුය. කුඩාය. සාමාන්‍යයෙන් ඒවා අපට නිරීක්ෂණය වන්නේ නැත. එහෙත් ඒවා ඉදිමී ඇති නම් ඉන් පැවසෙන්නේ ඔබේ ප‍්‍රතිශක්ති පද්ධතිය හරිහැටි ක‍්‍රියාකාරී වී ඇත යන්නයි.( ගෙල තුළ පිහිටි වසා ගැටිති ගැන විස්තරයක් මෙම චිත‍්‍රයේ දැක්වේ)

අප රෝගී තත්ත්වයට පත් කළ හැකි මූලයන් (විෂ හෝ රෝග බීජ) ඉවත් කිරීම පිණිස වසා ගැටිති පෙරහනක්(filter) ලෙස ක‍්‍රියා කරය.ි වසා ගැටිති තුළ මෙන්ම ඒවා එකට එකතු කරන ඉතා කුඩා නාල තුළ ද වසා තරලය (lymph) අඩංගුය. වසා තරලය කියන්නේ සුදු රුධිර ෙසෙල සහිත අවර්ණ ද්‍රව්‍යයකි. අපගේ ගෙලෙහි හැරුණු කොට වසා ගැටිති සිරුරේ වෙනත් තැන් වල ඇත්තේ නැද්ද? පිළිතුර තිබේ යන්නයි. අපගේ දණ හිස පිටුපස, කිහිල්ල තුළ, කට වචනයේ බෝක්කු සන්ධිය ලෙස කියැවෙන කටිය හෙවත් ඉකිලිය(groin)  අධෝ කුහරයේ හෙවත් උකුල් පෙදෙස, උදරය වසා ගැටිති ඇති ස්ථාන අතර වේ.

මේ අන්දමට බලන විට අපව රෝගවලින් බේරා ගැනීම සඳහා ශක්තිමත් පද්ධතියක් අප සිරුර තුළ ස්ථාපිත කර තිබෙව බව අපට පෙනී යයි. එසේ නම් රෝගී නොවී සිටීමට අපට මේ පද්ධතිය ප‍්‍රමාණවත්ද? අප සියළු දෙනාම ඇතැම් අවස්ථාවල රෝගවලට ගොදුරු වේ. එහෙත් අපට නැවත නිරෝගී වීම පිණිස අපේ ප‍්‍රතිශක්ති පද්ධතිය උපකාරී වේ. ඉතින් අපේ ප‍්‍රතිශක්ති පද්ධතියට පමණක් තනිව සටන් කිරීමට අසීරු අවස්ථාවල දී අපට උදව්වට එන්නේ ප‍්‍රතිශක්තිකරණය සඳහා යොදා ගන්නා එන්නත් හෙවත් වැක්සීනයි. උදාහරණයක් ලෙස ඔබ සරම්ප රෝගයට එරෙහි එන්නත නිසි පරිදි ලබා ගෙන ඇත්නම් සරම්ප වෛරසයට ඔබ අනාවරණය වුවත් රෝගය වැළඳීමෙන් ආරක්ෂා විය හැකි වේ.

ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටළු

ඇතැම් විට කෙනෙකුගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ගැටළු මතුවිය හැකි වේ. අසාත්මිකතා (allergies) හෙවත් යම් යම් දේට දක්වන අසාමාන්‍ය සංවේදීතාව එක්තරා අන්දමක ගැටළුවකි. අසාත්මිකතා වලින් ගැටළුවක් ඇති වන්නේ අපේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය හානි කර නොවන දෙයකට අපි හිතමුකෝ රටකජු වලට කියලා එවැනි හානියක් රහිත දෙයකට සිරුරට සැබැවින්ම අහිතකර දෙයක් හැටියට සලකා වුවමනාවට වඩා ප‍්‍රතිචාර දැක්වීමයි.

ලියුපසය (lupus) හෙවත් දද වැනි සමේ රෝග, බාලක රුමැටොයිඞ් පර්වප‍්‍රදාහය (juvenile rheumatoid arthritis) රක්තවාතාකාර හන්දි ඉදිමීම වැනි ඇතැම් අයහපත් සෞඛ්‍ය තත්ත්ව ඇති වූ කල, රෝග බීජයට එරෙහිව සටන් වැදීම වෙනුවට අපේ ප‍්‍රතිශක්ති පද්ධතිය (නිරෝගී) හොඳ ෙෙසල වලට එරෙහිව සටන් වැදීමෙන් ගැටළු ඉස්මතු වෙන අවස්ථා ඇත. එච් අයි වී /ඒඞ්ස් හෝ පිළිකා වැනි රෝග නිසා ද ප‍්‍රතිශක්තිකරණ පද්ධතියෙහි ගැටළු පැන නගී.

ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ අවුල් (හෝ ආබාධ) බොහොමයක් වළක්වා ගත නොහැකිය. එහෙත්, එවැන්නක් හට ගත් විට ඖෂධ මගින් හෝ වෙනත් ආකාරයකින් ප‍්‍රතිකාර කිරීමෙන් අදාල පුද්ගලයාට නැවත යථා සෞඛ්‍ය තත්ත්වයට පත් වීමට උපකාරී විය හැකි වේ. කෙනෙකුට ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටළුවක් ඇත්නම් එම අයගේ ආරක්ෂාව සලසා ගන්නා ආකාරය ගැන වෛද්‍යවරයාට ඔබට උපකාර කළ හැකි වේ. එමඟින් එම අයට ශක්තිමත්ව සිටිමින් රෝග වලට එරෙහිව සටන් කර පළවා හැරිය හැකිවේ. ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටළු ගැන විශේෂඥතාවයක් සහිත වෛද්‍යවරු හඳුන්වන්නේ ප‍්‍රතිශක්තිවේදීන් හෙවත් රෝග නිරෝධවේදීන් (Immunologists) හැටියටයි.

ඉතින් අපට, විශේෂයෙන්ම ළමුන්ට සිය ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ප‍්‍රශස්ත මට්ටමක පවත්වගෙන යාමට සහය විය හැකි නේද? ඔව්, බෝවෙන රෝග වළක්වා ගැනීම සඳහා නිරතුරුව අත් සේදීම, පෝෂ්‍යදායි ආහාර ගැනීම, හැකි තරම් ව්‍යායාම කිරීම, ප‍්‍රමාණවත් ලෙස නිදා ගැනීම සහ සමාකාරව වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් වීම එසේ කළ හැකි පියවර අතර වේ. ඔබ මේ මොහොතේ රෝගාබාධයකින් තොරව මනා සෞඛ්‍යයෙන් පසු වන්නේ නම් ඔබ, ස්තූතිවන්ත විය යුත්තේ ඔබේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතියටයි.

KidsHealth.org අඩවිෙය් පළවූ  Your Immune System ලිපිව අැසුෙරනි

වැඩි විස්තර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: