ජීවයේ පැවැත්මට සුදුසු උෂ්ණත්වයක් අපේ සෞරග්‍ර‍හ මණ්ඩලයේ අනෙක් ග්‍ර‍හයන් තුළ වෙත්ද?

Posted by

අපේ සෞරග්‍ර‍ මණ්ඩලය තුළ ජීවීන් වාසය කරන එකම ග්‍ර‍හයා පෘථිවිය බව රහසක් නොවේ. පෘථිවිය හැරෙන විට සෞරග්‍ර‍හ මණ්ඩලයේ අනෙක් ග්‍ර‍හයන් මත ජීවීන්ට හුස්මගත හැකි අන්දමේ වායු ගෝලයක් නොමැත.  එමෙන්ම ජීවය පවත්වාගෙන යාමට නුසුදුසු අන්දමට ඒවා ශීතලයෙන් හෝ උණුසුමෙන් හෝ අධිකය. සූර්යයා වැනි තාරකාවක් වටා භ්‍ර‍මණය වන ඕනෑම ග්‍ර‍හ මණ්ඩලයක ජීවීන්ට සුදුසු කලාපයක් පැවැතිය හැකිය. එවැනි ග්‍ර‍හ මණ්ඩලයක සූර්ය තාරකාවට ආසන්නව පිහිටන ග්‍ර‍හලෝක සාමාන්‍යයෙන් විලීන  විෂකුරු පරිසරයෙන් යුතු ග්‍ර‍හයන්ය. එමෙන්ම ඈතින් පිහිටන ග්‍ර‍හලෝක දැරිය නොහැකි සීතලෙන් යුතු අයිස් සහිත මිදුනු ග්‍ර‍හලෝකය.

සූර්යයාට කොතරම් දුරකින් පිහිටන්නේද යන කාරණය හැරෙන විට අනෙකුත් සාධක නිසාද ග්‍ර‍හලෝක වල මතු පිට උෂ්ණත්වය තීරණය විය හැකිය. උදාහරණ්යක් වශයෙන්ඇතැම් ග්‍ර‍හලෝක කක්ෂගතවී ඇත්තේ එක අර්ධයක් නිරන්තරයෙන්ම සූර්යයාට මුහුණ ලා සිටින අන්දමටය. එමෙන්ම සමහරක් ග්‍ර‍හලෝක අභ්‍යන්තර භුගර්භ උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවැතීම නිසා සූර්ය රෂ්මියේ බලපෑමකින් තොරව වුවද උණුසුම් පරිසරයකින් යුක්ත විය හැකිය.‍

ඉතින් අපේ සෞරග්‍ර‍මණ්ඩලයේ ඇති ලෝක කොතරම් රස්නෙද සීතලද? ජීවින්ගේ පැවැත්මට නුසුදුසු මේ පාෂාණමය ලෝක සහ දෑවැන්ත වායු ලෝක මතුපිට උෂ්ණත්වයන් මොනවගේද? අපේ ග්‍ර‍ලෝක අට අතරින් සූර්යයාට වඩාත්ම කිට්ටුවෙන් පිහිටා තිබෙන්නේ බුද ග්‍ර‍හයායි. ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවනි බුද ග්‍ර‍යාගේ මතුපිට උෂ්ණත්වය තමයි ග්‍ර‍ලෝක අතරින් ඇති වැඩිම උෂ්ණත්වය කියා. එහෙත් බුද ග්‍ර‍හයා මත වායු ගොලයක් නොමැතිවීමත් අනෙකුත් ග්‍ර‍හයන් හා සසඳන විට එහි භ්‍රමණ වේගය ඉතා අඩුනිසාත් බුද ග්‍ර‍‍හයා මත උෂ්ණත්වයේ අඩු වැඩි වීම ඉතා විශාලයි. අඩු වේගයකින් භ්‍ර‍මණය වෙන බුදග්‍ර‍හයාගේ  එක් අර්ධයක් සූර්යාට මුහුණලා සැලකිය යුතු කාලයක් ගත කරන නිසා එම අර්ධයේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් අංශක 4650 දක්වා ඉහළ යනවා. ඒ කාලය තුළ සුර්යාට පිටුපා සිටින අර්ධය ඉතා ශීතලයි. එම අර්ධයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් සෘණ -1840 දක්වා පහළ යනවා. ඒ සා විශාල ප්‍ර‍මාණයකින් උෂ්ණත්වය ඉහළ පහළ යන බැවින් අපේ සෞරග්‍ර‍ මණ්ඩලයේ උණුසුමින් වැඩිම ග්‍ර‍හයා බුද ග්‍ර‍හයා නොවෙයි.

ඝණ වායුගෝලයක් තිබීම සහ සූර්යයාට ළංව පිහිටීම නිසා සිකුරු අධික උෂ්නත්වයකින් යුතු ජීවයට අහිතකර ග්‍ර‍හයෙක්
ඝණ වායුගෝලයක් තිබීම සහ සූර්යයාට ළංව පිහිටීම නිසා සිකුරු අධික උෂ්නත්වයකින් යුතු ජීවයට අහිතකර ග්‍ර‍හයෙක්

වැඩිම උෂ්ණත්වයකින් යුතු ග්‍ර‍හයා වීමේ ගෞරවය ඇත්ත වශයෙන්ම ලැබෙන්නේ ඊළඟට සූර්යයාට ආසන්නයෙන්ම පිහිටා තිබෙන සිකුරු ග්‍ර‍හයාටයි. එහි මතුපිට නිරන්තර උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් අංශක 4600 දක්වා ඉහළ යනවා. සූර්යයාට ආසන්නව පිහිටීමට අතිරේකව මෙසේ වැඩි උෂ්ණත්වයකින් යුක්ත වීමට හේතුව උකු කාබන් ඩයොක්සයිඩ් හා ස්ලෆර්ඩයොක්සයිඩ් වායු වළාකුළුවලින් සමන්විත සිකුරු ග්‍ර‍හයාගේ ඝණ ගහන වායුගෝලයයි. සිකුරු මත පතිත වන සූර්යාලෝකයෙන් වැඩිකොටසක් මේ ඝණ වායුතරලයන් නිසා ඇතිවන හරිතාගාර ත්තවය හේතු කොටගෙන වායුගොලයතුළම සිරවෙනවා. ඒ නිසා සිකුරු ග්‍ර‍හයා මතුපිට උෂ්ණත්වයෙන් ගිනියම් වු මරුකතරක් වගෙයි. හැරත් සිකුරු ග්‍ර‍හයා මතුපිට හැමතැනකම පාහේ යමහල් සහ ලාවාප්‍ර‍වාහයන් ඇති අතර සල්ෆියුරික් අම්ල වැසිද සිකුරු මතු පිටට නිරන්තරයෙන් වැටෙනවා. මේ සියළු කරුණු අනුව සිකුරු ග්‍ර‍හයා යනු කිසිසේත්ම ජීවය පැවැතීමට හැකි තැනක් නොවෙයි.

 

සූර්යාට ආසන්නයෙන් තුන්වැනි ස්ථානයේ ඇති ග්‍ර‍හලෝකය අපේ පෘථිවියයි. අප දන්නා පරිදි සෞරග්‍ර‍හ මණ්ඩලය තුළ ජීවය පැවැතිය හැකි එකම ග්‍ර‍හ වස්තුවද එයයි. පෘථිවිය මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍ය සෙන්ටිග්‍රෙඩ් අංශක 7.20ක් පමණ වන නමුත් එය නොයෙකුත හේතු නිසා මඳක් වෙනස් විය හැකියි . උදාහරණයක් වශයෙන් ගතහොත් සූර්යා සමග බැලූවිට පෘථිවියේ අක්ෂය පිහිටා තිබෙන්නේ මඳක් ඇලවී බැවින් අවුරුද්දේ එක්තරා කාලයකදී පෘථිවියේ එක් කොටසක් අනෙක් කොටසට වඩා සූර්යයාට ළඟයි.  මෙය සෘතු විපර්යාසයට හේතුවන අතර සමකයට වඩා ළංව ඇති කොටසේ උණුසුම අනෙක් තැන් වලට වඩා ඉහළ මට්ටමක පැවතිමටත් ධ්‍රැවාසන්න ප්‍රදේශවල අධික ශීතල පැවැතීමටත් හේතු වෙනවා. ගෝලීය උෂ්ණත්වය පිළිබඳ වාර්තා පවත්වාගෙන කාලපරිච්ඡේදය තුළ මෙතෙක් පෘථිවියේ වැඩිම උෂ්ණත්වය වන සෙන්ටිග්‍රෙඩ් අංශක 70.70 වාර්තා වී ඇත්තේ ඉරානයේ කාන්තාර ප්‍රදේශයෙන්.  අඩුම උෂ්ණත්වය වන සෙන්ටිග්‍රෙඩ් සෘණ අංශක -89.20 වාර්තා වී තිබෙන්නේ දක්ෂිණ ධ්‍රැවයේ ඇන්ටාටිකාවෙන්.

අඟහරැගේ ක්ෂිතිජයේ සිට පෙනෙන මේ අඟහරු වායුගෝලය ඉතා තුනීයි. එනිසාඑයට උෂ්ණත්වය රඳවා තබා ගැනීමේ හැකියාව අඩුයි.
අඟහරැගේ ක්ෂිතිජයේ සිට පෙනෙන මේ අඟහරු වායුගෝලය ඉතා තුනීයි. එනිසාඑයට උෂ්ණත්වය රඳවා තබා ගැනීමේ හැකියාව අඩුයි.

පෘථිවියට ආසන්නව සූර්යාගේ සිට ඇති හතර වැනි ග්‍ර‍හයා තමයි අඟහරු. එහි සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් සෘණ අංශක -550 යි. එහෙත්  අඟහරු ග්‍ර‍හයා සූර්යා වටා ගමන් කරන කක්ෂය බෙහෙවින් ඹ්වලාකාර ස්වරූපයක් ගන්නා නිසා කලින් කලට සූර්යයාට ළංව සහ දුරස්ව පිහිටන ආකාරයට අනුව අඟහරුගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් අංශක 200 සිට සෙන්ටිග්‍රෙඩ් සෘණ අංශක -1530 දක්වා වෙනස් විය හැකියි. සෞරග්‍ර‍හ මණ්ඩලය තුළ ජීවය පැවැතිය හැකි කලාපය පිට අද්දර පිහිටා ඇතියැයි සැලකෙන අඟහරු ග්‍ර‍හයාගේ සාමාන්‍ය උෂ්ණත්වය කොහොම වුණත් අපේ පෘථිවියට වඩා අඩුයි. එහි වායුගෝලය බෙහෙවින් තුනී බැවින් සූර්යාලෝකය පතිත වීම නිසා ඇතිවන උෂ්ණත්වය වුවද එමත රඳවා තබා ගැනීමේ හැකියාවද අඩුයි.

 

අඟහරු ග්‍ර‍හයා ළඟට ඇති ග්‍ර‍හලෝකය බ්‍ර‍හස්පතියි. වායුඝණීභවනය වීමේන සැදී ඇති  බ්‍ර‍ස්පති ග්‍ර‍හයාට ඝන මතුපිටක් නොමැත. එනිසා මතුපිට උෂ්ණත්වයක් ඇතැයි සැලකීමද අපහසුය. එහෙත් බ්‍ර‍හස්පති ග්‍ර‍හයා මත ඇති වායු වළාකුළු වල සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් සෘණ අංශක – 1450ක් පමණ වේ. එහෙත් ග්‍ර‍හ වස්තුවේ තරමක් මැද  පෙදෙසට හරියට යන විට වායුගෝලීය පීඩනය අධික වන පමණට උෂ්ණත්වයද වැඩිවේ. බ්‍ර‍හස්පතීගේ වායුගෝලීය පීඩනය පෘථිවියේ මෙන් දස ගුණයකින් අධික වූවිට උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් අංශක 210 කි. කෙසේ වෙතත් බ්‍ර‍ස්පති ග්‍ර‍හයාගේ භූගෝලීය අභ්‍යන්තරය සෙන්ටිග්‍රෙඩ් අංශක  35.7000ක් වන තරම් අධික උෂ්ණත්වයකින් යුක්තය. ඇත්ත වශයෙන්ම එය සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයටත් වඩා වැඩි ප්‍ර‍මාණයකි.

සෙනසුරුට ඉහළින් ගමන් කළ කැසිනි චන්ද්‍රිකාවෙන් ළබාගත් මේ ඡායාරූපයෙන් සෙනසුරු වටා ඇති මුදු පැහැදිලිව පෙනේ.
සෙනසුරුට ඉහළින් ගමන් කළ කැසිනි චන්ද්‍රිකාවෙන් ළබාගත් මේ ඡායාරූපයෙන් සෙනසුරු වටා ඇති මුදු පැහැදිලිව පෙනේ.

සූර්යයාගෙන් බෙහෙවින් ඈත්ව පිහිටා ඇති සෙනසුරු අතිශයින් ශීතල දැවැන්ත වායු ග්‍ර‍හයෙකි. එහි මතු පිට උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් සෘණ අංශක – 1780 වේ. එහෙත් සෙනසුරුගේ අක්ෂ්‍ය ඇලවී පිහිටීම නිසා  සෘතු හේදයට අනුවඋත්තරාර්ධ ගොල්යේ හා දක්ෂිණාර්ධ ගෝලයේ උෂ්ණත්වය එකිනෙකට වෙනස්ය. බ්‍ර‍ස්පතී ග්‍ර‍යාගේ මෙන්ම සෙනසුරු ග්‍ර‍යාගේ වායුගෝලයේ ඉහළ කොටස අධික ශීතලෙන් යුක්ත වන අතර මතුපිටට ලංවන විට ඒ ශීතල අඩුවෙයි. කෙසේ වෙතත් බ්‍ර‍ස්පති මෙන්ම අධික පීඩනය නිසා සෙනසුරු ග්‍ර‍හයාගේ භූ අභ්‍යන්තර උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් අංශක 117000 දක්වා ඉහළ උෂ්ණත්වයකින් යුක්තය.

සෞරග්‍ර‍හ මණ්ඩලයේ ඇති ශීතලම ග්‍ර‍හයා යුරේනස් වේ. එහි වාර්තාගත වී ඇති අවම උෂ්ණත්වය  සෙන්ටිග්‍රෙඩ් සෘණ අංශක -2240 කි. සූර්යයාගෙන් ඈතින් පිහිටා තිබුනත් යුරේනස්ගේ උෂ්ණත්වයට අතිශයින් තීරක සාධකයක් ලෙස බලපාන්නේ එහි භු අභ්‍යන්තරයයි. සෞරග්‍ර‍හ මණ්ඩලයේ ඇති අනෙකුත් වායු දැවැන්තයන් මෙන්ම සූර්ය රශ්මියෙන් ලබා ගන්නා උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්ව ප්‍ර‍මාණයක් යුරේන්සට ලැබෙන්නේ එහි භූ අභ්‍යන්තරයෙනි. කෙසේ වෙතත් භූ අභ්‍යන්තර උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් අංශක 47370 වුවද බ්‍ර‍ස්පති හා සැසඳු විට යුරේනස්ට ඇත්ත වශයෙන්ම ලැබෙන්නේ බ්‍ර‍ස්පතිගේ උෂ්ණත්වයෙන් පහෙන් එකකටත් සෙනසුරුගේ උෂ්ණත්වයෙන් අඩකටත් වඩා අඩු ප්‍ර‍මාණයකි.

වොයෙජර්-2 යානයේ සිට ගන්නා ලද නෙප්ට්‍යුන් ග්‍ර‍යාගේ ඡායාරූපයක්
වොයෙජර්-2 යානයේ සිට ගන්නා ලද නෙප්ට්‍යුන් ග්‍ර‍යාගේ ඡායාරූපයක්

ඊළඟට පිහිටා ඇති නෙප්ට්‍යුන් ග්‍ර‍යාගේ වායුගෝලයේ ඉහළ කොටසේ උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් සෘණ අංශක -218කි. අනෙකුත් වායු දැවැන්තයන්ගේ මෙන්ම නෙප්ට්‍යුනගේ භූ අභ්‍යන්තරයද අධික උෂ්ණත්වයකින් යුක්තය. එය සෙන්ටිග්‍රෙඩ් අංශක 7,0000 ක් පමණ උෂ්ණත්වයකින් යුක්ත වේ.

කෙටියෙන් කිව්වොත් සෞරග්‍ර‍හ මණ්ඩලය අත්‍යන්තයන් අතර වෙනස්වන සුලු අධික ශීතල වූත් අධික උෂ්ණත්වයකින් යුක්ත වූත් ග්‍ර‍හවස්තු වලින් සමන් විතය. මේ වෙන්ස්වන සුලු උෂ්නත්ව උච්චාවචනයන් නිසා සෞරග්‍ර‍හ මන්ඩලය තුළ ජීවය ඇතිවීමට හැකි තැන් ඇත්තේ අල්ප වශයෙනි. ඒ අනුව ජීවිතය ඇතිවීමටත් පැවතීමටත් සුදුසු සමබර තත්වයකින් යුතු එකම සෞරග්‍ර‍හ මණ්ඩල සාමාජිකයා අපේ පෟථිවියයි.

 

 

 

http://www.universetoday.comවෙබ් අඩවිය ඇසුරෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.