විදු නැන නුවණ – Science Literacy for All

මිනිස් අපට වගේ කතා කරන්න සතුන්ට බැරි ඇයි?

දොස්තර හොඳහිත

ජනප‍්‍රිය කතා පොත් පෙළක චරිතයක් වන දොස්තර හොඳහිත සමග නම් සතුන් කතා කරන බව ඔබත් අසා ඇති. ඒත් නිවසේ සිටින සුරතල් පුස් පැටියා ඇෙඟ් දැවටෙන විට ‘ඇයි පුසි බඩගිනි වෙලාද?’ කියලා ඇහුවාට ඌ පිළිතුරු දෙනවා නම් අප අසා නැත. මිනිසුන් හා සතුන් අතර කතා බහ නොකෙරුණත් සෑම සත්වයකුටම තමන්ගේ වර්ගයාගේ අනෙක් සාමාජිකයන්ට – ඒ කියන්නේ චිම්පන්සි, චිම්පන්සි එක්ක, මී මැස්සෝ මීමැස්සෝ එක්ක, පරෙවියෝ පරෙවියෝ එක්ක ඔය යනාදී වශයෙන් එකම වර්ගයේ සතුන් එකිනෙකා සමග කතා බහ කරන කිසියම් විදිහක් තියෙනවා. එක පෙළට ඇදෙන කූඹීන් ඉදිරියට හමුවෙන තම සගයෙකුගේ මුවට මුව තියා පවසන දේවල් අපට නොතේරුණාට, නොඇසුණාට ඔවුන්ට තේරෙනවා. ඒ විදිහට සතුන්ගේ .කතා බහ’ එක් එක් ආකාර ගන්න බව පෙණී යනවා ඇති. සමහර විට එය කිසියම් හඬක් වෙන්න පුළුවනි. ඇතැම් විට තටු සැලීමක් හෝ සතුන් කරන බොහොමයක් දේවල් අතුරෙන් තව එකක් වෙන්නත් පුළුවනි. හැබැයි ඔවුන්ට අපි කතා කරන අන්දමට කතා කරන්න බැහැ වගේම අපටත් සාමාන්‍යයෙන් ඔවුන් කතා කරන අන්දමට කතා කරන්න බැහැ. එහෙම කිව්වට සමහරු ඉන්නවා කුරුල්ලන්ගේ හඬ යස අපුරුවට හසුරුවන්න පුළුවන්. කොයිතරමි අගේට එහෙම කරනවාද කිවිවොත් තමන්ගේ වර්ගයේ තවත් කුරුල්ලෙක් කියලා රැවටෙන අවස්ථාත් තියෙනවා.

කුරුලූ හඬ අනුකරණය කරන්න පුළුවන් වුණාට එකිනෙකාට කතා කිරීම සඳහා සතුන් අනුගමනය කරන සෑම ක‍්‍රියාවක්ම හෝ චර්යාවක්ම අනුකරණය කිරීමට මිනිස් අපට බැහැ. මොනරා පිළ් විදහා ගෙන නැටුමක් නටා යමක් ප‍්‍රකාශ කළද අපට එහෙම නැටුම් පුළුවන්යැ? පුෂ්පයක් හෙවත් මලක් තිබෙන්නේ කොපමණ ඈතකින්ද, කොයි දිසාවේද, ඒ මල කුමණ වර්ගයේ එකක් ද යන්න අනෙක් මීමැස්සන්ට දැන්වීමට මීමැස්සන්ට හැකියි. ඒ කොහොමද? ඔවුන් එය කරන්නේ මිනිස් අපට අනුකරණය කළ නොහැකි සංකීර්ණ නැටුමක් මාර්ගයෙනි. ඇරත්, මී මැස්සන් එවැනි දත්ත තම සගයන්ට එ ලෙස ලබාදුන්නාට ඔවුන් කරන ආකාරයටම අපට එවැනි දත්ත ලබාදීමත් ලෙහෙසි නැහැ. භයානක සතෙක් හදි ගැහුණහම, බඩගින්නත් දැනුණහම හෝ එවැනි යමක් පැවසීමට වඳුරන්ට  විශේෂ හඬක් නැගිය හැකියි. ඔය අන්දමට අනෙකුත් සමහර සතුන් තමුන්ට  ඕන දේ කියා ගන්නවා.

මිනිස් භාෂාවේ වෙනස්කමි බොහොමයි. අනික එවැන්නක් සත්ත්ව ලෝකයේ කොහේවත් ඇත්තේ නැහැ. අනෙක් සතුන්ට ඇත්තේ සිය සගයන්ට කීම සඳහා සීමිත කාරණාවල ලැයිස්තුවක් පමණයි. ඉන් බාහිරව අළුත් අදහස් ප‍්‍රකාශ කිරීමට ඔවුනට නොහැකියි. එහෙත් මිනිසුන්ට නම් අළුත් දේවල් කියන්න පුළුවනි. මේ ලෝකයේ මෙතෙක් කිසිවෙකු නොකී දෙයක් වුණත් කියන්න හැකියාව මිනිසුන්ට තියනවා. හිතා මතා නොවුණත් දිනපතාම, දිගටම අළුත් දේවල් කියනවා.

මිනිසුන්ට පුළුවනි තරමක් දුරට අනෙක් සතුන් සමග මදක් කතා කරන්න. ඔබට බල්ලෙකු ඉන්නවා නම් .ඉඳගන්න’ කිව්වහම බිම ඉඳගන්න ඌව පුහුණු කළ හැකියි. කිසියමි දෙයක් වුවමනා වුණාහම ‘ඤාව්’ගාන්න පුසෙකුට ඉගෙන ගන්න පුළුවනි. තව තව දේවල් වුණත් උත්සාහ කළොත් පුරුදු කරන්න බැරි නැහැ. ඒත් ඔවුන්ට ඔබ කියනා දෙය ගැන ඇත්තටම වැටහීමක් නැහැ. ඒ වගේම ඔවුන්ට (මිනිස්) ළමයෙකු වටහා ගන්නා ආකාරයට අළුත් යමක් වටහා ගන්නත් බැහැ.

සමහර කුරුල්ලෝ ඉන්නවා, අනෙක් කුරුල්ලන්ගේ ගී සින්දු යස අගේට අනුකරණය කරන්න පුළුවන්. සමහරුන්ට මිනිස් අපි වහරන වචන කිහිපයක් හසුරුවන්නත් පුළුවනි. ඔය කාර්යය සඳහා ගිරවුන් නම් හොඳ හැටි පුරුදු කරන්න ඇහැකියි. ඔවුන් එහෙම කතා කරන කොට ඒවා,  මිනිස් භාෂාවේ වචන වගේ මදක් අපට ඇහුණාට ඔවුනට මානවයන් භාවිතා කරන ආකාරයට භාෂාවක් හසුරුවන්න බැහැ. අනික, අනික් සතුන්ට වගේම ගිරවුන්ටත් අළුතෙන් යමක් හිතලා ගොතලා කියන්න බැහැ.

වානරයන් ගැන යම් යම් පරීක්‍ෂණ පවත්වන ඇතැම් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මිනිස් බස මද පමණින් ඔවුන්ට ඉගැන්විය හැකිය කියලයි. ඒත් තවත් සමහර විද්‍යාඥයන් කියා සිටින්නේ වානරයන් කරන්නේ සම්පුර්ණ වෙනස් දෙයක්ය, ඒ නිසා ඉහත කිව් විද්‍යාඥයන් කරන්නේ තමන්ව රවටා ගැනීමක්ය කියලයි. මතභෝද තිබුණත් මෙය බොහොම උනන්දුව දනවන ක්ෂේත‍්‍රයක්. ඔය ගැන තවදුරටත් කියවන්න, කරුණු හදාරන්න බාගදා ඔබට  ඕනකම ඇති. ඒ වගේම කල්ගතවෙද්දී මේ කාරණය ගැන අළුත් යමක් සොයා ගන්නත් ඔබට හැකිවෙන්න ඉඩ තියෙනවා. මොකද, මානවයන්ගේ භාෂාව වගේම සත්ත්ව වර්ගයා ගැනත් අප නොදන්නාදේ එමටයි.

 

Big Questions from Little People… ග‍්‍රන්ථයේ WHY CAN’T ANIMALS TALK LIKE US? යන මැයෙන් වාග් විද්‍යාඥ හා දර්ශන විද්‍යාඥ නෝම් චොම්ස්කි ලියූ ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: