විදු නැන නුවණ – Science Literacy for All

කාලයාගේ ඇවෑමෙන් මිනිස් අැටසැකිල්ල සැහැල්ලු වෙලා

චිම්පන්සියකුගේ ඇටසැකිල්ලක් සහ නූතන මානවයෙකුගේ ඇට සැකිල්ලක් (අස්ථි පඤ්ජරය) සංසන්දනය කළහොත් එක්තරා වෙනසක් ක්ෂණිකව කැපී පෙනී යා යුතුය. ඉස්පොන්ජි අස්ථි ලෙස හඳුන්වන පියවි ඇසට නොපෙනෙන ඉතා සියුම් ව්‍යුහයන්ගෙන් චිම්පන්සි අස්ථි ඝනව පොදි ගැසී ඇති බව දැකිය හැකි වෙතත් මානව අස්ථි එසේ නොවේ. සාපේක්ෂව සලකතොත් ඉස්පොන්ජි අස්ථි නොමැතිකම නිසා අපේ අස්ථි පඤ්ජරය බරින් අඩුය. එහෙත් එම හේතුව නිසාම අස්ථි බිඳීමේ හෝ අස්ථීන් කීරි ගැසී කැඞී බිඳී යාමේ අවදානම වැඩිවේ. එහෙත් දුර්වල ඇටසැකිලිි, අස්ථි බිඳීයාම් වලින් සළකුණුු වන්නේ පරිණාමයේ සාධනීිය ලක්ෂණ නොවේ. එසේ නම් අපත් අපේ ඥාතී සොහොයුරන් වන චිම්පන්සියන් අතර මේ වෙනස ඇතිවන්නේ ඇයි?

මේ ගැන විද්‍යා ජාතික ඇකඩමියේ අන්තර්ජාල අඩවියේ පළ වූ විද්‍යා ලේඛන දෙකක් මගින් පැහැදිලි කිරීම් දෙකක් ඉදිරිපත් කර තිබේ. මුල් ලේඛනයෙහි නූතන චින්පන්සීන්ගේ ඇටසැකිලි ආදී මානව මුතුන් මිත්තන් සේ සැලකෙන (අප‍්‍රිකාවේ දී ෆොසිල ලෙසින් හමු වූ වානර හා මිනිස් ලක්ෂණ වලින් යුත් වඳ වී ගිය දෙපාවෙකු වන) ඔස්ට‍්‍රලොපිතකස්, ඇප්රිකානොස්, නියැන්ඩර්තාල්, ආදී හෝමො සේපියන් මෙන්ම නූතන මානවයන්ගේ් ඇට සැකිලි ලේඛනයේ කර්තෘවරුන් විසින් සංසන්දනය කරනු ලැබ ඇත. ඔවුන්ට ඒ අනුව පෙනී ගියේ ඔස්ට‍්‍රලොපිතකස්, නියැන්ඩර්තාල් හා මුල් නූතන මානවයන්ගේ ඇට සැකිලි වල ඉස්පොන්ජි අස්ථි ඝනත්වය නූතන මානවයන්ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක වූ බවයි.

Skeleton Photo 2

 චිත‍්‍රයෙහි දක්වා ඇත්තේ මෙම එක් එක් විශේෂයෙහි අත්වල අස්ථි වෙනස්වන ආකාර සීටී ස්කෑන් මගින් දැක්වෙන අන්දමයි.

මේ අනුව අනුමාන කළ හැක්කේ අස්ථි ඝනත්වයේ වෙනස ඇතිවන්නට බල පෑ ප‍්‍රධාන සාධකය වන්නට ඇත්තේ වාඩි වී ගත කරන ව්‍යායාමයෙන් තොර ජීවිත රටාවයි. ගොදුරු හඹා යාම සඳහා හෝ ආහාර සොයා යාම සඳහා හෝ දැඩි සේ වෙහෙසවීීමට සිදුනොවීම නිසා අස්ථි ශක්තිමත් කෙරෙන ව්‍යායාමයෙන් ලැබෙන වාසිය අහිමිවයාමයි.

දෙවැනි ලේඛනයෙන් ද මෙම උපන්‍යාසය හෙවත් කල්පිතය තහවුරු වෙයි. ඒ සඳහා කරන ලද අධ්‍යයනයේ දී සංසන්දනය කරනු ලැබ ඇත්තේ මානවයන් නොවන ප‍්‍රිමාටේස්, දඩයමේ හා ආහාර රැස් කරමින් ජීවත් වූ ආදීතමයන්(hunter-gatherers) සහ ආදී ගොවියන්ගේ උකුල් සන්ධියේ ඉස්පොන්ජි අස්ථි වල ඝනත්වයයි.

දඩයමින් හා ආහාර රැස් කරමින් ජීවත් වූවන්ගේ උකුල් සන්ධි වානරයන්ගේ තරමටම සවිමත්ව තිබූ බව පෙනී ගිය අතර ගොවිකමින් ජීවත් වූ ආදී මිනිසුන්ගේ උකුල් ඉස්පොන්ජි අස්ථි වල කැපී පෙනෙන දුර්වලතා පෙන්නුම් කරන බව හෙළි විය. එහෙයින්, පර්යේෂකයන්ගේ නිගමනය වන්නේ නූතන මානවයන්ට දුර්වල අස්ථි තිබීමට බලපා ඇත්තේ සැහැල්ලූ ඇට සැකිලි ඇති වීම කෙරෙහි වූ පරිණාමීය ක‍්‍රියාදාමයක් නොව ප‍්‍රමාණවත් ආකාරයෙන් ව්‍යායාමවල නොයෙදීම බවයි.

නිරතුරුව වාඩි වී කල් ගත කිරීම ස්ථුල භාවයට හා හෘද රෝග වලට මග පාදන බව විද්‍යාඥයන් කලක සිටම දැන සිටියහ. (තතු හි නොවැම්බර් මස පළ වූ මරු කැඳවන පුටු ලිපිය කියවන්න) එහෙත් නව අධ්‍යයන දෙකකින් පැහැදිලි වන්නේ ව්‍යායාමයෙන් තොර ජීවන රටාව මානවයන්ගේ අස්ථි දුබල වීමට බල පෑ ඇති බවයි. අපේ පරිණාමීය ඉතිහාසය ගතහොත් මානවයන් තූළ සැහැල්ලූ අස්ථි වර්ධනය වන්නට පටන් ගෙන ඇත්තේ සාපේක්ෂව මෑතක බව හෙළි වී ඇත. ඒ ශාරීරික ව්‍යායාමයන් අඩු වීමට අනුකුල වශයෙනි.

නූතන මානවයන්ගේ අස්ථි පඤ්ජරය වඩා දිග, සිහින් සහ සාමාන්‍යයෙන් ගත් කළ දුබල එකක් බව විද්‍යාඥයන් දැන සිටියත් ඊට හේතූ සාධක මොනවා දැයි මේ අධ්‍යයන සිදුකරන තුරු කිසිවකුත් දැන සිටියේ නැත. එය පරිණාමීය සාධකයක් නොව ජීවන රටාවේ බලපෑමෙන් සිදුවන්නක් බව මෙම අධ්‍යයනවලින් පැහැදිලි වන හෙයින් අපටත් ශක්තිමත් අස්ථි පෙළක් ලබා ගැනීමට නම් කළ යුත්තේ දඩයමින් හා රැස් කරමින් ජීවත් වූවන් සේ දැඩි ලෙස ව්‍යායාමයන්හි යෙදීමයි.

Science 31 Dec 2014 කලාපයෙහි පළවු Human skeleton has become lighter over time ලිපිය අැසුෙරන්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: