විදු නැන නුවණ – Science Literacy for All

තාරකාවල වයස එහි භ්‍රමණයෙන් කියන්න පුළුවන්

වයස නිශ්චිත තාරකා ගොන්නක් – බීබීසී ඡායාරූපය

තාරකාවක් (ඔව්, අපේ සූර්යයාත්, තාරකාවක් තමයි.) කොපමණ වේගයකින් කැරකෙන්නේද යන්න මත එහි වයස නිවැරදිව නිගමනය කළ හැකි බව තාරකා විද්‍යාඥයෝ ඔප්පු කර සිටිති. වයස්ගත වෙත්ම තාරකා කැරකෙන (භ්‍රමණය වෙන) වේගය හීන වෙන බව දැන සිටියත්, නිශ්චිතව ගණන් හිලව් සිදුකිරීමට උපකාරීවන දත්තවල හිඟයක් මේ මෑතක් වනතුරුම දක්නට ලැබිණ. ඉතින්, ලෝකයේ ප්‍රථමවරට, ඇමරිකා එක්සත් ජනපද විද්‍යාඥයන් පිරිසක් වසර බිලියනයකට වඩා පැරණි තරු භ්‍රමණය වන වේගය මැන බලා ඇති අතර එය ඔවුන් කළින් අනාවැකි පළ කළ දෙයට ගැළපෙන බව පෙනී ගොස් ඇත. මේ සොයා ගැනීමත් සමගම දිගුකාලයක් තිස්සේ පැවැති මතභේදයක් පහව යනවා පමණක් නොව තරුවක වයස 10%ක නිවැරදිතාවයකින් යුතුව ගණන් බැලීමට ද හැකිවෙයි.

තරුවල වයස නිර්ණය කිරීම තාරකා විද්‍යාවේ කේන්ද්‍රීය කාරණාවකි. හරියට කියතොත්, පරිණාමවාදය හැදෑරීමේදී පොසිලවල දින වකවානු නියම කිරීමේ වැදගත්කම වැනිය. තාරකාවල වයස බැලීමේ වැදගත්කම අපේ සූර්යයාග්  තරමේ හෝ ඊටත් වඩා කුඩා ප්‍රමාණයන් ‘සිසිල් තාරකා’වලටත් අදාළ වේ. අපේ ක්ෂීර පථය ගැලැක්සියේ වඩාත් සුලභව ඇත්තේ එම වර්ගයේ තාරකා වන අතර ඒවා දිගු කාලයක් ද පවතී. නව සොයාගැනීමට අදාළ අධ්‍යයනයක ප්‍රතිඵල පසුගියදා සියැටල් හි පැවැති ඇමරිකානු තාරකා විද්‍යාඥ සංගමයේ රැස්වීමකට ඉදිරිපත් කෙරුණි.

‘මෙම කුඩා තාරකා අපේ ගැලැක්සියේ පැරණිතම කොටස් පවා ආලෝකමත් කරන පහන් කණු වගේයි’ අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කර්තෘ ආචාර්ය සොරෙන් මෙයිබොම් කියා සිටියි. ඔහු තාරකා භෞතික විද්‍යාව සඳහා වූ හාවඩ්-ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ විද්‍යාඥයෙකි. අපේ වැනි තාරකාවක ප්‍රමාණය, ස්කන්ධය, දීප්තිමත් බව සහ උෂ්ණත්වය වැනි ලක්ෂණ බොහොමයක් එහි මුළු ජීවිත කාලය තුළම එක ලෙස පවතී.

තරුණ තාරකාවල වයස කීම පහසුවන්නේ ඒවායේ සුවි‍ශාල සූර්ය ලප ඇති හෙයිනි. එහෙත් තරුවක වයස නිර්ණය කිරීම මේ නිසාම පහසුවන්නේ නැත. ඒ් සදහා භ්‍රමණ වේගය මැන බැලීම මුලින්ම යෝජනා වූයේ 1970 ගණන්වලදීය. එහි ප්‍රථිඵලයක් වශයෙන් එම ප්‍රයත්නය ‘විභ්‍රමණ කාලානුක්‍රම විද්‍යාව (Gyro – Chronology) ලෙස 2003 දී නම් කෙරිණි. ‘සිසිල් තාරකා තරුණ අවධියේ දී ඉතා වේගයකින් භ්‍රමණය වේ. එහෙත්, බඹරයක් කරකවන විට ක්‍රම ක්‍රමයෙන් එහි වේගය අඩාල වෙන්නට පටන් ගන්නා සේම, එවැනි තාරකා වයසට යත්ම වේගය අඩුවී යන්නේය’යි ආචාර්ය මෙයිබෝම් කියයි. ඒ කෙසේ වෙතත්, තාරකාවන් භ්‍රමණය වෙනවා දැකීම අසීරුය. ඒ වෙනුවට තාරකා විද්‍යාඥයන් යොදා ගන්නේ තාරකාවේ පෘෂ්ඨය හරහා ගමන් කරන සූර්ය ලපයි. ඒවායින් තාරකාවේ දීප්තිය අඩුවන්නේ 1% ටත් වඩා බොහොමත් අඩුවෙනි. එෙහත් මෙහිදී වයස් ගත තාරකා සම්බන්ධයෙන් ගැටලු මතුවේ. ෙමම කාරණයට අදාලව ඒවායේ සූර්ය ලප යොදා ගැනීම අසීරුය. ඊට ෙහ්තුවන්නේ පැරණි තාරකාවල සූර්ය ලප කුඩා වීම සහ ඒ්වා තිබෙන්නේද සාපේක්ෂව අඩු සංඛ්‍යාවක්වීමයි.

පර්යේෂක පිරිස සිය අධ්‍යයනය සඳහා යොදා ගන්නේ කෙප්ලර් අභ්‍යවකාශ අධි සංවේදී දුරේක්ෂයෙන් ලබා ගත් ප්‍රතිරූපයි. මෙම අභ්‍යවකාශ දුරේක්ෂය ගමන් මග ඔස්සේ යමින් සුර්යයා වටා 2009 වසරේ සිට ගමන් කරයි. වසර බිලියන 2.5ක් වයසැති යයි දන්නා සුවිශේෂී තරු පොකුරකට අයත් තාරකා 30ක භ්‍රමණ වේග මැනීමට පර්යේෂක කණ්ඩායම සමත් වූහ. තරකා භ්‍රමණ‍ය ගැන අපේ දැනුමෙහි ‘වසර බිලියන හතරක හිඩැසක්’ පිරවීමට NGC 6819  යනුවෙන් හැඳින්වෙන මේ තරු පොකුරට හැකි වෙතැයි සැලකේ.

ෙකප්ලර් මෙහෙයුමට පෙර අපට දත්ත ලබාගත හැකිව තිබුණේ බොහොම තරුණ තරු පොකුරුවල ඉතා සිසිල් තරුවලින් පමණකි. ඒවා වසර බිලියන 0.6ට වඩා පැරණි නොවන අතර සියල්ලම සැලකිය යුතු වේගයකින් (සතියකට වරක්) භ්‍රමණය වෙයි. වසර බිලියනයක් වයසැති NGC 6819  නමැති වෙනත් තරු පොකුරක් ගැන වාර්තා කිරීමට ආචාර්ය මෙයිබොම් ප්‍රමුඛ පර්යේෂකෙයා් 2011දී කෙප්ලර් ප්‍රතිරූප ෙයාදා ගත්හ. එම තරු පොකුරෙහි සිසිල් තරු සෑම දින 10කට වරක් වාගේ භ්‍රමණය වෙයි.

ඉන් එහාට, වයස හා භ‍්‍රමණ වෙගය ගැන අප නිශ්චිතව දන්නා අනික් එකම තරුව අපේම සූර්යයායි. වසර බිලියන 4.6ක්  වයසැති අපේම සූර්යයාගේ භ‍්‍රමණ කාලය දින 26කි.

‘මෙම ක්‍රමයෙන් 10%ක නිරවද්‍යතාවයකින් යුතුව අපට තරුවක වයස මිනිය හැකි වෙනවා’යි ආචාර්ය මෙයිබෝම් බීබීසී පුවත් සේවයට පැවසීය. දෝෂ සීමාන්තරය 100%ක් දක්වා ඉහළ යා හැකි වෙනත් තාරකාවල වයස ගණනය කිරීමේ ක්‍රම හා සසඳන විට මෙය විශාල ඉදිරි පිම්මක් බව හෙතෙම කියා සිටියි. ඔක්ස්ෆර්ඩ් සරසවියේ විභ්‍රමණ කාලනුක්‍රම විද්‍යාව හදාරණ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන රූත් ඇන්ගස් ‍කියා සිටින්නේ මෙය මෙම ක්ෂේත්‍රයට ඉතා වැදගත් සොයා ගැනීමක් බවයි. ‘විභ්‍රමණ කාලානුක්‍රම විද්‍යාව ක්‍රමවේදයක් ලෙස කෙතරම් වටිනවාද එමෙන්ම එම විද්‍යාව කෙතරම් වලංගුද යන්න තේරුම් ගැනීමේදී මේ තරු පොකුර ඇත්ත වශයෙන් උපකාරි වේවි’ යි ඈ කියා සිටින්නීය.

 

BBC News හි පළ වූ Age of Stars is pinned to their spin’ ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: