විදු නැන නුවණ – Science Literacy for All

වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් මට්ටම තවත් ඉහළ යමින් 2015 ඇරඹෙයි.

වායුගෝලයට හරිතාගාර වායුව එකතුවීම අඛණ්ඩව ඉදිරියට යයි.

2014 වසරේ දෙසැම්බර් මුල සිට 2015 ජනවාරි  මුල දක්වා හවායි දූපත්වල මවුනා ලොආ මුදුනෙහි දී මැන බලන අවස්ථාෙව් සාමාන්‍ය CO2 (කාබන් ඩයොක්සයිඩ්) මට්ටම සෑම මිලියනයකටම කොටස් 400 සීමාව (400 ppm – parts per million පැති සටහන බලන්න.) අභිබවා ඉහළ නැග ඇති බව හෙළි වෙයි.

වායුගෝලයේ ඇකි කාබන් ඩයොකස්යිඩි ප්‍ර‍මාණය මනිනු ලබන්නේ වායුගොලීය කොටස් මිලියනයක් ගත්තොත් එහි කාබන් ඩයොක්සයිඩ් කොටස් කියක් තිබේද යන කරුණ නිශ්චයකිරීමෙනි.වර්ෂ 1880දී එනම් යුරෝපීය කාර්මික විප්ලවයේ මුල්අවධියේදී වායුගෝලීය කොටස් මිලියනයක ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කොටස් 280ක් විය. මේ ප්‍රමාණය වායුගෝලයේ ඇති කාබන් බර වශයෙන් ගතහොත් ගිගාටොන් 586කි. වායුගොලීය කොටස් මිලියනයක ඇති කාබන් කොටස් ප්‍ර‍ාණය 280ක් යයැ කියූවිට එය ඉතා අල්ප ප්‍ර‍මාණයක් වශයෙන් පෙනිය හැකි නමුත් ඒ ප්‍ර‍මාණය සුළු වශයෙන් වැඩිවුවද ඇතිවිය දේශගුණය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම අති විශාල විය හැකිය. වායුගොලයට කාබන් ඩයොක්සයිඩ් නිකුත් කිරීම පැලනය නොකළ හොත් වසර 2100 වනවිට වායුගෝලයේ කාබන් ප්‍රමාණය ගිගා‍ටොන් 1100 ක්වෙනු ඇතැයි ඇතැම් විද්‍යාඥයෝ අනතුරු හඟවා තිබෙි. වායුගෝලීය කොටස් මිලියනයක ඇති සංයුතිය වශයෙන් ගත්තොත් මෙය කාබන් ඩයොක්සයිඩ් කොටස් 550 කි.  එනම් අපේ වාසයට මහපොලොව නුසුදුසුවන තරම් ව්‍යසනික මට්ටමකට එළඹීමට ඔන්න මෙන්න වාගේය.

නව වසරක් ආරම්භ වන අවස්ථාවේ ම මේ සීමාව පැන්නීෙමන් ෙපන්නුම් කරන්නේ එක දිගට ඉදිරි මාස කිහිපය තුළ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එළිපත්ත පනිනු ඇති බව යයි විශේෂඥයෝ  පළ කරති. සාගර විද්‍යාව පිළිබඳ ස්ක්‍රිප්ස් ආයතනයේ වාර්තා දක්වන අයුරු වායුගෝලීය කාබන්ඩොක්සයිඩ් සීමාව ජනවාරි 1 දා ම ඉක්ම වූ අතර ජනවාරි 9 දා දක්වා දිනපතා සාමාන්‍යය මෙම මට්ටමේ හෝ ඊට ඉහළින් පැවතිණ. කාලගුණ පද්ධතියේ විපර්යාසය මගින් සිදුවන බලපෑම් නිසා මේ මට්ටමේ අඩුවැඩි වීම් (උච්චාවචනයන්) ඇති විය හැකිවුවත්, 2015 වසරේ දී මාස කිහිපයක් තුළ මෙම ඉහළ මට්ටම පවතිනු ඇතැයි යන්න විශේඥයන්ගේ අදහසයි.

CO 2 Two

මේ අවස්ථාවේ, එනම් ජනවාරියේ ඉහළ යාමේ අගය එතරම් වැඩි නොවුවත් ඉදිරිය ගැන නිශ්චිතවම කීමට දැන්ම අපහසුය යි මවුනා ලොආ මුදුනේ CO2 මට්ටම නිරික්ෂණය කරන කණ්ඩායම බාරව සිටින විද්‍යාඥ කීලිං පවසයි. (1958 දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ කීලිංගේ පියා විසිනි. CO2  මට්ටම දශක ගණනාවක් තිස්සේ ඉහළ යන අන්දම දැක්වෙන ප්‍රස්ථාරය නම් කර ඇත්තේ ද ”කීලිං චක්‍රය” යන නිර්මාණයකට හෝ සොයා ගැනීමකට හෝ දෙන නාමයෙනි).

400ppm මට්ටම මුලින්ම ඉක්මවන ලද්දේ 2013 මැයි 9 දායි.  2014 දී ඊ මැයි මාසයට මාස දෙකකට කලින්ම සීමා එළිපත්ත ඉක්මවීම ආරම්භ විය. 2014 වසරේ මාර්තු, අප්‍රියෙල් හා ජූනි යන මාස තුනෙහි දිම සාමාන්‍ය CO2 මට්ටම 400ppm ඉක්මවීය. 400ppm මට්ටම හුදෙක් සංකේතාත්මක ඉමක් ලෙස (ඔව් 399 ppm සහ 400ppm අතර වෙනස ඉතා සුළු තමයි.) සැලකුණත්, කාර්මික විප්ලවයට පෙර තිබූ CO2 වායුගෝලයේ සාන්ද්‍රණය හා සසදන විට මෙය විශාල වැඩිවීමකි. පූර්ව කාර්මික විප්ලව CO2 ප‍්‍රමාණය 280 ppm මට්ටම වටා පැවතිණ. වසර මිලියන 8 ලක්ෂය හා 15 අතර කාලයකදී අත්නොදුටු CO2 මට්ටමෙහි ප්‍රගාමී වර්ධනය පෙන්නුම් කරන්නේ, අඩුවකින් තොරව මානවයන් වායුගෝලයට උෂ්ණත්වය අවුරණ වායු දිගටම විමෝචනය (මුදාහැරීම) වළක්වා ගත නොහැකි ලෙස දිගටම සිදු වන බවයි. CO2 සහ අනෙකුත් හරිතාගාර වායුවල මෙකී ඉහළයාම නිසා 20 වැනි සිව වසෙහි මුල සිට පෘථිවියෙහි සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1.6කින් වැඩිකිරීමට බලපා ඇත. ෙද්ශගුණ විපර්යාසයන්ගේ දරුණුතම ප්‍රථිඵල මගහරවා ගැනිමට නම් පෘථිවිය උණුසුම් වීම ෆැරන්හයිට් අංශ 3.6ට (සෙන්ට්‍රිගේඩ් අංශක 2ට) අඩුවෙන් පැවතිය යුතු බව ඇතැම් විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

CO 2 One

ශාකවල (ගස්වැල්) වාරික කොළ හැලීමේ රටාව හෙවත් චක්‍රය අනුව වායුගෝලයේ CO2 සාන්ද්‍රණය අඩුවැඩි වේ. ශරත් ඍතුවේ අග උතුරු අර්ධ ගෝලයේ ගහකොළ හෙවත් වෘක්ෂලතාදිය මිය යද්දී වායුගෝලයට එකතුවෙන (මුදාහරින) CO2 ඉහළ යයි. එය මැයි මාසය වන විට උපරිමයට පත්වෙයි. ඉන් අනතුරුව, වසන්ත හා ග්‍රීෂ්ම ඍතුවල ගහ කොළ නැවත පණ ලබා වැඩෙද්දී වායුගෝලයට එක්වන CO2 ප්‍රමාණය පහළ යයි. (ඔබ දැනටමත් දන්නා අන්දමට ගහ කොළ CO2 වායුව අවශෝෂණය කර උරා ගන්නාගන්නා අතර ඔක්සිජන් ප්‍රශ්වාස කරයි.) වායුගෝලයේ CO2 සංයුතිය  පිළිබඳව මෙතෙක් ලබාගෙන ඇති වඩාත්ම විස්තරාත්මක ‘චිත්‍රය’ සැකැසීමට නාසා ආයතනයේ (NASA) OCO2 චන්ද්‍රිකා මෙහෙයුම මේ මෑතකදී සමත් විය. CO2 නිකුත්වෙන මෙන්ම අවශෝෂණය කෙරෙන මුලයන් මොනවාදැයි නිශ්චිතවම හඳුනා ගැනීමට මෙය උපකාරී වෙන බව මෙහෙයුම් විද්‍යාඥ, කොලරාඩෝ  සරසවියේ ක්‍රිස්ටෝපර් ඔ-ඩෙල් පවසයි.

මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තුළින් වායුගෝලයට නිකුත්වන CO2 ප්‍රමාණය දිගටම ඉහළ යමින් පවතිද්දී ඕනෑම ඍතුවකදී වෘක්ෂලතාදියට උරාගත හැකි වන්නේ වායුගෝලයේ CO2 වලින් සීමිත ප්‍රමාණයකි. මේ අනුව, සෑම වසරක් පාසාම CO2 2ppm ප්‍රමාණ‍යක අතිරික්තය වායුගෝලයට එක්වෙයි.  ඒ මගින් අදහස් වෙන්නේ, වසරක් තුළ එන්න එන්නම 400ppm සීමාවට පිවිසෙන බවයි. තව වසරක් හෝ දෙකක් යන විට වසර පුරාම 400ppm මට්ටමේ  පවතිනු ඇත. මම නම් පුදුම වෙන්නේ නැහැ නිරන්තරව මේ සීමාවට ළඟාවෙන එක ගැන. ලබන වසරේ දී බාගදා නොවැම්බරයේම 400ppm මට්ටමට පිවිසේවි යැයි ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනයේ දේශගුණ විද්‍යාඥ පීටර් ටෑන්ස් කියා සිටියි.

කක්ෂගත කාබන් නිරීක්ෂණාගාරයේ ප‍්‍රධාන පරීක්ෂක ආචාර්ය ඩේවිඩ් ක‍්‍රිස්ප් මෙසේ ප‍්‍රකාශ කරයි: “එක්තරා අන්දමකට 400 ppm කියන්නේ සෑම වසරකටම 2ppm බැගින් අප මේ  ඉවක් බවක් නොමැතිව පසුකරගෙන යන තවත් කඩ ඉමක් පමණක් ලෙස සලකන්න පුළුවනි.  ඒත් කලක් ගතවන විට මෙම සංඛ්‍යාවට අතිරේක බරක් එක්වෙනවා.  එයින් ඒත්තු ගැන්වෙන්නේ ෆොසිල ඉන්ධන දහනය, ඉඩම් පරිහරණ රටා සහ මානව ක‍්‍රියාකාරකම් නිසා පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද‍්‍රණය මා ඉපදුන දා සිට අද වන විට සියයට 20කින් ඉහළ ගොස් ඇතිබවයි. අහෝ!”

ටෑන්ස් මුලින් අදහස් කළේ වසරේ පෙබරවාරියේදී මුල්වතාවට 400ppm සීමාවට ළඟාවෙනු ඇත කියාය. එහෙත්, ප්‍රවේශ ලක්ෂය හෙවත් එළිපත්ත සම්බන්ධයෙන් අනාවැකි පළකිරීම අසීරු කාරණයකි. ඊට හේතුව CO2 සාන්ද්‍රණය ඒවා විමෝචනය වීම (නිකුත්වීම) මෙන්ම ස්වාභාවික පරිසර පද්ධති ක්‍රියාදාමයන් මත රඳා පැවතීමයි. ඒවා කෙරෙහි  එල් නිනෝ දක්ෂිණ දෝලන චක්‍රය වැනි කාලගුණික සංසිද්ධි බලපාන බව ටෑන්ස් පෙන්වා දෙයි. වසරේ කොයි කාලයේ එය සිදුවේදැයි යන්න නොසලකා හැරියත් 400ppm සීමාව යනු පෘථිවියේ දේශගුණය මිනිසා විසින් වෙනස් කිරීමේ තාක්ෂණයෙහි එක සංකේතයක් පමණි. CO2 මගින් වන ගිනියම්වීම තුළින් ඇතිවන අයහපත් ප්‍රතිඵල සලකන වට, අපේ අනාගත පරපුරට යහතින් ජීවත්විය හැකි දේශගුණයක් දායාද කර දීමට නම් තවදුරටත් පවා නොවී වහාම ක්‍රියාත්මක විය යුතු බව ඔ-ඩෙල් කියා සිටියි. CO2 වායුගෝලයට වැඩියෙන්ම නිකුත්කරන රට වශයෙන් සැළකෙන චීනය තව අවුරුදු 14කටවත් CO2 විමෝචනය නතර කිරීමට අදහස් නොකරයි. අංක 3 ස්ථානයේ හිමිකරගෙන සිටින රට වන ඉන්දියාව වසරක් පාසා CO2 විමෝචනය පාලනය කිරිමට තවත් වසර 25 ක් අඩුතරමින් ගත වෙනු ඇත. එලෙස බැලුවොත් නම් වසරින් වසර CO2 මට්ටමේ ඉහළ යාම වළක්වා ගැනීම අසීරු බවක් පෙනී යනු ඇත.

Scientific American හි 2015 Begins with CO2 above 400 PPM Mark  ලිපිය ඇසුරිනි

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: