සැමට විදු නැන නුවණ – Science Literacy for All

ඇන්ටාක්ටික් අයිස් තට්ටුවට යටින් මතුවන දේශගුණික හෝඩුවාවල්

ඇන්ටාටිකාවේ ගැලැසියර් තට්ටුව මුලින්ම පොළොව හා ගැටුණු මිටර් 730ක්යටින් තිබූ බොරළු කැටයක්. මේ බොරළු කැට මගින් මුහුදු මට්ටම ඉහළ දමමින් ගැලැසියරය කොතරම් වේගයකින් මුහුදුට ලුහුටා ගියේද යන්න නිගමනය කළ හැකිය.

ග්ලැසියර කොයිතරම් වේගයකින් මුහුදට රූටා යන්නේ දැයි දැන ගැනීමට අහඹු සොයා ගැනීමකින් මඟ පෑදෙයි.

ග්ලැසියර සාගරය වෙත කොපමණ වේගයකින් රූටා යන්නේදැයි දැන ගැනීමg ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුවට මීටර් 730 ට යටින් ඉතාමත් මෑතක සොයා ගනු ලැබූ පෙබළුවලින්  (Pebbles) මග පෑදිය හැකි ෙවතැයි විද්‍යාඥයෝ කියයි. ග්ලැසියර සාගරයට එක්වීමෙන් මුහුදු ජල මට්ටම ඉහළ යා හැකි බව ප්‍රකට කරුණකි. එහෙත් අහම්බෙන් මෙන් සොයා ගනු ලැබූ මෙම පෙබළු, ග්ලැසියර රූටා යන වේගය ගැන හෝඩුවාවල් සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

ලොවෙහි සාගර ඇසුරෙන් ඉතාමත් හුදකලා තැනක අයිස් තට්ටුව හරහා විදීමේදී මේ පෙබළු හමුවි ඇත. ප්‍රධාන පෙළේ ආක්ටික් මුහුදු කෙළවර කිලෝමීටර සිය ගණනක් ඈතින් මේ ස්ථානය පිහිටා තිබේ. එය මෙතෙක් කිසිම මිනිසකුගේ ඇස නොගැසුණු පෙදෙසකි. එතැනට යාම සඳහා වසර හතක් තිස්සේ සැලැසුම් කිරීමට විද්‍යාඥයන්ට සිදුවූ අතර ඉන්ධන හා මෙවලම් මෙට්‍රික් ටොන් 450ක් ද ෙයදවිණ. එහෙත් මේ අසීරු කර්තව්‍ය විද්‍යාඥයන්ට පමණක් නොව ලොව පුරා ජිවත්වන මිනිස් නොමිනිස් සියල්ලන්ටම අතිශය වැදගත් වන්නේ ඉහළ යන උෂ්ණත්වයක් හමුවේ ඇන්ටාක්ටිකාවේ අයිස්  තට්ටුවල අනාගතය පුරෝකතනය කිරීමට එම දුර බැහැර දුෂ්කර ප්‍රදේශය ඉවහල්වන හෙයිනි. එහි දැවැන්ත අයිස් තට්ටුවේ ස්ථාවර භාවය කෙරෙහි බලපෑ හැකි  පාරිසරික විපර්යාස පිළිබඳ කුතුහලය දනවන ලක්ෂණ සොයා ගැනීමට සමත් වී ඇතැයි එහි සිටි විද්‍යාඥයන් චන්ද්‍රිකා දුරකතනයෙන් දැනුම් දුන් වග ලේඛක ඩග්ලස් ෆොක්ස් පවසයි.

විද්‍යාඥයන් විදීමට පටන් ගෙන ඇත්තේ බටහිර ඇන්ටාක්ටිකාවේ සාගර මත පාවෙන දැවැන්ත ග්ලැසියර අයිස් තට්ටුවකි. රොස් අයිස් පරය  යනුවෙන් නම් කර ඇති මෙම පරය වර්ග ප්‍රමාණයෙන් ප්‍රංශයේ වපසරියට සමානය. ‘පාවෙන අයිස් තට්ටුවට යටින් මෙම ප්‍රදේශය වෙත රොස් මුහුදේ සිට එන පටු පුනීල මෝයකට අපි ළඟා වී සිටින්නෙමු.’ යයි පර්යේෂක කණ්ඩායමේ සම නායකත්වය දරන විද්‍යාඥයන් තිදෙනාගෙන් එක් අයෙකු වන උතුර ඉලිනෙයිස් සරසවියේ ග්ලැසියර විද්‍යාඥ රොස් පවල් දැන්වීය. කණ්ඩායමට මුළුමනින් විද්‍යාඥයෝ 40 ක්ද අයිස් විදුම්කරුවෝ හා තාක්ෂණ ශිල්පීහුද ඇතුළත් වෙති.

මෙම හුදකලා වූ මුහුදු ජල කුහරය පිහිටා ඇත්තේ අයිස් පරයේ ඈත පිටුපස කෙළවරක ‘බිම් ගැන්වුම් කලාපයෙහි’ (grounding zone)ය. අයිස් නොතිබුණේ නම් පැවතිය හැකි ඇන්ටාක්ටික වෙරළ තීරයේ මඩ සහිත පතුලෙන් මෙකී බිම් ගැන්වුම් කලාපය උඩට මතුවීම ඇරඹෙයි. එය අයිස් තට්ටුවට එක්වන ග්ලැසියරවල වේගය පාලනය කරමින් බිම් ගැන්වුම් කලාපය තිරිංගයක් ලෙස ද ක්‍රියා කරයි. ගෝලීය උණුසුම් වීම ගැන සලකද්දී වේගය බෙහෙවින් වැදගත් සාධකයකි. බටහිර ඇන්ටාක්ටිකාවේ මායිම් රේඛාවේ ග්ලැසියර වෙත ගැඹුරු උණුසුම් සාගර ප්‍රවාහයන් මගින් ලැබෙන තාපය වැඩිවෙමින් පවතී. මෙහිදී සිදුවන්නේ බිම් ගැන්වුම් රේඛාවේ හෙවත් ඉමෙහි අයිස් දියවීමට පටන් ගැනීමයි. එසේ අයිස් දිය වෙත් ම ‘තිරිංගය’ බුරුල් වී ග්ලැසියර ගලායාමට  මග පැදීමෙන් පාවෙන අයිස් කුට්ටි වඩාත් ඉක්මනින් සාගරයට යොමුෙවයි. මේ ක්‍රියාදාමය හේතුකොට ගෙන, බටහිර ඇන්ටාක්ටිකාවේ අමුන්සෙන් මුහුදු වෙරළ ඔස්සේ සමහර ‍ග්ලැසියර චලනය සියයට 60කින් පමණ වේගවත් වී ඇත.

බිම් ගැන්වුම් ගලාපයෙහි සිදුරු  වීදිමෙහි යෙදී සිටින පිරිසට 2015 ජනවාරි 07 දා අයිස් පරයේ පතුළ දක්වා විදීමට හැකි විය. අනතුරුව ඔවුහු මේ සිදුර දිගේ වීඩියෝ කැමරාවක් පහතට යොමු කළහ. මීටර් 715 පමණ පහතට යද්දී හදිසියේම කැමරා රූපය කළු පැහැ ගැන්විණ. එසේ වූයේ අයිස් තට්ටු හරහා විදීමේ දී උණු වූ අයිස්වලින් වෙන්වුණු රොන් මඩ සහ මැටිවලිනි. පතුල හරියේ අවසාන අඩි කිහිපය එවැනි සුන්බුන්වලින් වැඩී ඇති බව අනුමාන කෙරෙනු අතර ඒවා ග්ලැසියර වසර දහස් ගණනක් තිස්සේ රූටා යාමේදී එක්වූ ඒවාය. ටික වේලාවකින්,  කැමරාව ප්‍රවේශ වූයේ අයිස් පරයට යටින් වූ  ඉතා පැහැදිලි මුහුදු ජලය වෙතටයි. සාගරයෙහි එම කොටස මීටර් 10 ක පමණ ගැඹුරක් පෙන්නුම් කළේය. අනතුරුව කැමරාව සාගර පතුළට ළඟාවිය. එය, පෙබළු  ගහණ මඩ සහිත තැනක් බව පර්යේෂකයන්ට හෙළි විය. එමෙන්ම, (පොරිෆෝරා පවුලේ මූදු ජීවින් වන මූදු හත්ත, හෝ පණුවන් වැනි) විශාල මුහුදු ජීවීන් ගෙන් තොර පාළු නිසරු තැනකි.

පතුලේ තැන තැන විසිරී තිබූ පෙබළු අයිස් පරයට යට භෞතික පරිසරය ගැන ක්ෂණික අවබෝධයක් සැපැයිණ. මේවා සමාන්‍යයෙන් මුහුදු පතුළේ දක්නට නොලැබෙන ද්‍රව්‍යය යි පවසන පවල් ඒවා මුහුදු පත්ලට එන්නට ඇත්තේ අයිස් තට්ටුවේ යට තිබී අයිස් දිය වන්නට පටන් ගැනීමේදී බව පෙන්වා දෙයි.  මෙම සොයා ගැනීම ඔවුනට ඉතා වැදගත් කාරණයක් ඉස්මතු කර ගැනීමට උපකාරිවෙයි.  එනම් බිම් ගැන්නුම් කලාපයේදී සාගර ජලය මගින් අයිස්  පරයේ අයිස් දියකර හරින වේගයයි. තවද, මෙහිදී හමුවූ පෙබළු සමහරක් ග්රැනිට පාෂාණ (කළුගල්) සහ තිරුවාණය. ඇන්ටාක්ටිකාවේ, අයිස් යට මහද්වීපවල භූවිද්‍යා ෙතාරතුරැ ගැන දැනුමක් ඇත්තේම නැති තරම් වන අතර ඇන්ටාක්ටික ප්‍රදේශයෙන් ඔබ්බෙහි ඇති කඳුවල දී දැකිය හැකි ෙතාරතුරැවලට සමානබවක් පෙන්නුම් කරයි.

කෙසේ වෙතත් මෙතෙක් සොයා ගත් බොහොමයක් මූලික මට්ටමේ සාක්ෂියයි. පර්යේෂකයන් විසින් ඒවා  ආපසු ඇමරිකා එක්සත් ජනපදය වෙත ගෙනැවුත් සියුම්ව පරීක්ෂා කළ යුතුවේ. මෙවැනි වෙනස්කම් ඇතිවන්නට පටන් ගෙන ඇත්තේ කුමන කල වකවානුවේදීද, වෙනත් තව සාක්ෂි සොයා ගත යුතුද ආදිය ගැන නිගමනවලට එළඹීමට පර්යේෂකයන් අදහස් කරන්න් ඉන් අනතුරුවයි.

Scientific American හි Scientists Drill through 2,400 Feet of Antarctic Ice for Climate Clues ලිපිය ඇසුරිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: