විදු නැන නුවණ – Science Literacy for All

නියඟයට පරිණාමය වෙන ෆින්චි කුරුල්ලෝ

චිලී රටට ඔබ්බෙන් පිහිටි ගලපගෝස් දිවයින් ලෝකයාගේ විශේෂ අවධානයට ලක්වූයේ 1830 ගනන්වලදි චාර්ලස් ඩාවින් (Charles Darwin) ගේ චිරප්‍රසිද්ධ සංචාරයෙන් පසුවයි. ස්වභාවික වරණය නිසා පරිණාමය සිදුවන බවට තර්ක කල ඩාවින් සිය ප්‍රබල මතවාදය තහවුරු කිරීමට ගලපගෝස් දිවයින් වල වෙසෙන ෆින්චස් (finches) නම් කුඩා පක්‍ෂි වර්ගය යොදාගත්තේය. දුපත්වල හුදකලා බව නිසා එහි වැවුණු ගහකොල,  පක්‍ෂී, සිව්පාදි සත්වයන් වර්ධනය වුයේ එයටම ආවේනික පරිසරයක බැවින් ගලපගෝස් දිවයින් ඩාවින්ට කදිම නිරීක්ෂණාගාරයක් විය. එතැන් සිට මේ දුපත් සමුහය ජීව විද්‍යාඥයන්ගේ විවිධ පර්යේෂණ වලට තෝ තැන්නකි. දූපත් සමුහයේ වෙසෙන විවිධ සත්ව වර්ගයන්ගේ ගති පැවතුම් නිරීක්ෂණය කරන පර්යේෂණ මධ්‍යයස්ථාන කිහිපයක්ම ගලපගෝස්හි වෙයි.

1977 දි එහි එක දූපතක විමසුම් කටයුතුවල යෙදෙමින් සිටි ජිව විද්‍යාඥයෝ එකී දූපතේ විසූ කුඩා ෆින්ච් පක්ෂිවර්ගයකින් අතලොස්සක් හැරෙන්ට අනෙක් සියළුම පක්‍ෂීන් දැඩි නියඟය නිසා මරණයට පත්වනු නිරීක්ෂණය කළෝය. නියඟයට පෙර 1300 ක් පමණ සිටි පක්ෂින් අතුරෙන් අන්තිමට ඉතිරිවුයේ 180 දෙනෙකු පමණි. මේ ඉතිරිවු පක්‍ෂීන්ගේ විශේෂත්වය වුයේ උන් සියල්ලන්ටම ඒ වර්ගයේ මිය ගිය පක්‍ෂීන්ට වඩා දිගු හොටක් තිබීමයි.  දිගු හොට නිසා දැඩි ලෙල්ලක් ඇති ඇට වර්ග වුවද  විද පලා මදය අනුභව කිරිමට හැකිවීම මේ පක්‍ෂීන්ට වාසියක් විය.

මෙසේ ඉතිරිවු පක්ෂින් 180 න් 150 ක්ම පිරිමි සතුන් විය. මේ නිසා වර්ෂා කාලය නැවත පැමිණිවිට ඉතිරිව සිටි ගැහැණු සතුන් ස්වල්පදෙනා හිමි කර ගැනිම පිණිස උණුන් අතර විශාල තරඟයක් ඇතිවිය. එහිදීද වඩාම දිගු හොට ඇති පිරිමි පක්‍ෂීන් තරඟයෙන් ජය ගන්නා බව පෙනුනි.  මේ ද්විත්ව වරණය දුපතේ පක්‍ෂීන්ගේ හොට වල දිග අභිවර්ධනය කිරීමට හේතුවිය. මේ පක්ෂි වර්ගයාගේ හොට වල මිනුම් වාර්තා වසර 150ක් තිස්සේ රැස්කර තිබූ බැවින් වඩා දිගු හොටක් ඇති නව පක්ෂි ප්‍රභේදයක ආගමනයකට සාක්ෂිකරුවන්විමට ජීව විද්‍යාඥයන්ට හැකිවිය.

අචාර්ය ටිම් ෆ්ලැනරිගේ We are the weather makers නමැති පොතෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: