මුළු ලෝකයම ගත් විට, නව ජාතයන් (අළුත උපන් අය) අතර ලිංගික අසමතුලිතාවතම රටෙහි ‘‘බරපතල එමෙන්ම දිග්ගැසුණු’’ ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි චීන සෞඛ්‍ය බලධාරීහු කියා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ ගැටළුව, එක් දරුවකු පමණක් යනුවෙන් රටේ දැඩි ලෙස කි‍්‍රයාත්මක පිළිවෙත නිසා හටගත් පටලැවිල්ලක් බවයි. ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රටෙහි දැනට කි‍්‍රයාත්මක සියළු ආකාරයේ පවුල් සැලසුම් සීමා ඉවත් කරන්නැයි රජයට කෙරෙන බලපෑම්වලට මේ ප්‍රකාශයෙන් ශක්තියක් ලැබෙතෙයි අපේක්ෂා කෙරේ. මෙම සීමා ඉවත් නොකළහොත් චීනයට ජනවිකාශ විද්‍යාත්මක අර්බුදයකට මුහුණ පෑමට සිදුවෙතැයි විද්වත්හු අනතුරු හඟවති.
ආසියාවේ බොහෝ රටවල් වාගේම චීනයෙහි ද පිරිමි දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වැඩි කැමැත්තක් පළවේ. තම එකම දරුවා පුතෙකුවීම සහතික කිරීම පිණිස බොහෝ පවුල් ගැහැණු භ්රෑණයා (fetuses) හෙවත් කලලය ගබ්සා කරන අතර ගැහුණු දරුවන් අත්හැර දමති. මේ ආදී හේතු නිසා චීනයේ සෑම ගැහැණු දරු උපත් 100 ටම පිරිමි දරු උපත් 118 ක් වාර්තා වේ. ලෝක සාමාන්‍ය ගතහොත් මෙම අනුපාතය ගැහැණු දරු 107 කට පිරිමි දරු 103 කි.
භ්රෑණයාගේ ස්තී‍්‍ර පුරුෂ භාවය සොයා බැලීමේ පරීක්ෂාවන් චීනයේ නීතියෙන්ම තහනම් කර ඇත. එහෙත් තම දරුවා පිරිමි දරුවෙකු ද නැද්ද යන්න කලින් සොයා ගැනීම පිණිස ගැබණි මාතාවන් ලේ සාම්පල පිටරට යවන බව නොරහසකි. එහෙත් මෙය තදින් අධීක්ෂණයට ලක් කරන බව චීනයේ සෞඛ්‍ය හා පවුල් සැලසුම් කොමිසම ජනවාරි 21 දා ප්‍රකාශ කළේය. ලිංගික අනුපාතය දැඩි ලෙස ඉහළ යාම රටේ අස්ථාවරයට බලපාන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. කසාද නොබඳින පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළයාම සමාජ විරෝධී මෙන්ම ප්රචණ්්ඩකාරී චර්යාවන්ට තුඩු දීමේ අවදානමක් ඇති කළ හැකි බව ඔවුන්ගේ අදහසයි. රටේ එක් දරු පිළිවෙත නිසා ශ්‍රම සංචිතය පහත වැටී ආර්ථිකයට පහර එල්ල වී ඇති බව ද විශ්්ලේශකයෝ පෙන්වා දෙති. 2013 වසරේ අගභාගයේදී, දශක ගණනාවක් තිස්සේ පැවති පිළිවෙතෙහි වෙනසක් සිදු කරමින් පවුලකට දරුවන් දෙදෙනෙකු ලැබීමට අවකාශ ලබා දෙන තීරණයක් ගනු ලැබීය.
එහෙත් කලින් අනුගමනය කළ දැඩි පිළිවෙතෙහි වෙනස පමාවී මෙන්ම සුළුවෙන් සිදු කර ඇතැයි පෙන්වා දෙන විචාරකයෝ එයින් ආර්ථිකය හා සමාජය කෙරෙහි ඇතිවන අහිතකර ප්‍රතිඵල කෙරෙහි බලපාන්නේ සුළු වශයෙන් බව ප්‍රකාශ කරති. පොහොසත් වීමට පෙර වයස්ගත වන ලෝකයේ ප්‍රථම රට බවට චීනය පත්වෙතැයි ඔවුහු පෙන්වා දෙති. ඒ මතුද නොව, එක් දරු පිළිවෙත ලිහිල් කළ ද දෙවැනි දරුවෙකු ලබා ගැනීමට අවසර ඉල්ලා සිටින පිරිස සිතුවාට වඩා අඩු යයි බලධාරිහු ප්‍රකාශ කරති.
Scientific American හි China Says Its Gender Imbalance "Most Serious" in the World ලිපිය අැසුෙරනි