විදු නැන නුවණ – Science Literacy for All

ඕලන්ද සිසු පිරිසක් නිපදවා ඇති අනාගතවාදී සූර්ය බල මෝටර් රථය

‘‘සූර්යාලෝකයෙන් ක‍්‍රියා කරන මෝටර් රථයක් නිපදවීමට  ඕලන්දයේ සිසුන් කණ්ඩායමක් සමත්ව සිටිති’’යි යන්න පුවත් වාර්තාවක් ලෙස  එතරම් ප‍්‍රවෘත්තිමය අගයක් නොගැනීමට ඉඩ ඇති බව සත්‍යයකි. එහෙත් මේ තරුණ පිරිසේ ප‍්‍රයත්නයෙහි සුවිශේෂි බවක් නිසා එහි නැවුම් ගතියක් ඇති බව කිව යුතුවේ. සාමාන්‍යයෙන් මෙවැනි මොටර් රථ ධාවනය පිණිස සූර්ය බලය යොදා ගන්නා නමුත් මෙම රථය නවතා තිබියදී ද බලශක්තිය ජනනය කිරීමට සමත් වීම එහි සුවිශේෂීත්වයයි. මෙම මූලාකෘතිය නම් කර ඇත්තේ ස්ටෙලා(Stella) යනුවෙනි.

සූර්යාලෝකයෙන් ලැබෙන බලශක්තිය සඳහා ජනන වියදමක් වැය නොවන නිසාත්, ෆොසිල ඉන්ධන(fossil fuels) මෙන් පරිසරයට හානිකර නොවන නිසාත්, සූර්ය බලයෙන් ක‍්‍රියා කරන මෝටර් රථ අද ලොව පුරා ජනප‍්‍රිය අදහසක් බවට පත්ව ඇත. මෙවැනි රථවල සැකිල්ල සැහැල්ලූය. සූර්යාලෝකය බලශක්තිය බවට පරිවර්තනය කරන සූර්ය පැනල කාර්යක්ෂමය. ඒවා මගින් නිපදවන බලශක්තිය ගබඩා කිරීම සඳහා ඇති විදුලි කෝෂ(බැටරි) එන්න එන්නම කුඩාවීමටත් සැහැල්ලූවීමටත් පටන් ගෙන තිබේ. මෙම වැඩි දියුණු කිරීම් සමගම එම රථවලට වැඩි දුරක් යාමටත්, වැඩි වේගයෙන් යාමට මෙන්ම, වෙනදාටත් වඩා වැඩි බරක් රැුගෙන යාමටත් මග පෑදි තිබේ.

ස්ටෙලා නම් මෙම සූර්ය බල රථයේ වහලය මත සවිකර ඇති සූර්යබල පැනලය වර්ග අඩි 65 කි. එමගින් සූර්ය බලය එකතු කර ගබඩා කිරීම කොපමණ කාර්යක්ෂම ඉටු කරන්නේද යත්, ස්ටෙලා රථය ‘‘බලශක්තිය අතින් ධනාත්මකය’’ යි හැඳින්වේ. එයින් අදහස් කරන්නේ පාවිච්චි කරන බලශක්තියට වඩා වැඩි ප‍්‍රමාණයක් එමගින් නිපදවන බවයි. ඒ කියන්නේ එම අතිරේක බලය වෙනත් කාර්යයකයට යෙදවිය හැකිය යන්නය.

වර්තමාන ස්වරූපයෙන් ගතහොත් ස්ටෙලා රථයෙහි පෙනුම මදක් ‘‘අමුතුය’’ (ඡායාරූපය බලන්න) එය එපමණ උස නැත.  පිටුපස උල් වී ඇත. වාහනයේ ඉදිරිපස වීදුරුව හෙවත් වින්ඞ්ස්ක‍්‍රීනය රවුම් හැඩයක් ගනී. මේ හැඩය හා සැලසුම වා ප‍්‍රතිරෝධය අවම කිරීමට සමත් වන අතර වටින බලශක්තිය ඉතිරි කර දීමටද මග පාදයි. එපමණක් නොව සෑදීමට යොදාගෙන ඇත්තේ බොහෝ සෙයින්ම සැහැල්ලූ ස්ඵටිකමය කාබන් කෙඳි( carbon fibre), ඇලූමිනියම් වැනි ද්‍රව්‍යයයි. ඒ නිසා ස්ටෙලා හි බර රාත්තල් 840 ක් පමණ වේ. මෙය සංසන්දනයට නිදසුනක් ලෙස ටෙස්ලා මෝටර්ස් සමාගමේ S  ආකෘතියේ, නැවත ආරෝපණය කළ හැකි විදුලි මෝටර් රථය ගතහොත්, එහි බර රාත්තල් 4,464 කි. (සම්ප‍්‍රදායානුකූල විදුලි මෝටර් රථ බැටරි බෙහෙවින් බර අධිකය)

ස්ටෙලා රථයෙහි බැටරි වරක් ආරෝපණය කළ පසු සිව් දෙනෙකුව සැතපුම් 420 දක්වා වූ චාරිකාවක රැුගෙන යා හැකිය. (සංසන්දනාත්මකව ගතහොත්, ටෙස්ලා මෝටර්ස් සමාගමේ ී අකෘතියේ රථයෙන් වරක් ආරෝපණය කළ විට යා හැක්කේ සැතපුම් 240 ක දුරකි) ඇත්තටම මේ ගැන සඳහන් කරද්දී කිව යුතුම කරුණක් ඇත:  ඕස්ටේ‍්‍රලියාවේදී පැවති, සූර්යාලෝකයෙන් පමණක් බලගැන්වී ධාවනය වන විදුලිය මෝටර් රථ තරඟයකදී ස්ටෙලා රථයට මුල් තැන හිමි විය.

කලින් ද සඳහන් කළ පරිදි, ස්ටෙලා මූලාකෘතියකි(prototype ) එහි කොටස් එකිනෙක, යන්ත‍්‍රානුසාරයෙන් තොරව අතින්ම එකලස් කරමින් නිම කර තිබේ. සියල්ල අපේක්ෂා කළ අන්දමට ඉටු වුවහොත්, සියළු දෙනාටම මිළට ගැනීමට හැකිවන පරිදි ස්ටෙලා මහා පරිමාණයෙන් නිපදවීමට හැකිවන දිනය ද ඈතක නොවෙනු ඇත.

KIDS DISCOVER හි This Futuristic Solar Car Is a Dutch Treat for the Environment ලිපිය ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: