විදු නැන නුවණ – Science Literacy for All

විද්‍යාත්මක දැනුම බොහෝවිට අමෙරිකානු පර්යේෂණ ආයතනවලින් බිහිවෙන්නේ ඇයි?

අමෙරිකාවෙ සුපතල මැසචූසෙට් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (MIT)  නමැති විශවවිද්‍යාල අනුබද්ධ ආයතනයේ ශිෂ්‍යයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය හෞතික විද්‍යා මහාචාර්යවරයෙකූ ලෙස කටයුතු කළ වොල්ටර් ලෙවින් වයස 74 ක් වී මෑතදී විශ‍්‍රාම ගත්තා. ඔහු සිය ඉගැන්විම් කටයුතු ඇසුරෙන් For the Love of Physics හෙවත් ‘භෞතික විද්‍යාවට ඇති ආදරය නිසා’ යනුවෙන් ඉතා රසවත් සරල පොතක් ලියා මෑතදී පළ කළා. මේ ඒ පොතෙන් උපුටා ගත් කොටසක්.
නෙදර්ලන්ත ජාතිකයෙකු වූ වෝලටර් ලෙවින් තමන්ගේ විද්‍යා අධ්‍යාපනය ආරම්භ කළේ නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් විශ්ව විද්‍යාලයෙන්. එහෙත් ඔහු කියන විදියට මැසචූසෙට් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි MIT ආයතනයට සම්බන්ධ වීමට ලැබුණු එක ඔහුගේ මහත් වාසනාවක්. විද්‍යාඥයෙකු වෙන්නනම් ඊට අවශ්‍ය කරන නිදහස් පරිසරයේ ඇති වැදගත් කම ඔහු කියන්නේ මෙහෙමයි.
‘‘MIT එකේදි තමුන්ට කැමැති ඕන දෙයක් කරන්න පුළුවන්. තමන්ට මොකක් හරි අදහසක් තියෙනව නම්, ඒ අදහස ගැන අනිත් අයගේ උනන්දුව ඇති කරන්න පුළුවන්නම් ඒ සඳහා අවශ්‍ය කරන ඕනැම දෙයක් MIT එකේදි සපුරා ගන්නට පුළුවන්. නෙදර්ලන්තෙට වඩා ඒක මොනතරම් වෙනස් කමක්ද!. නෙදර්ලන්තෙ විශ්ව විද්‍යාලවල තියෙන්නෙ කිසිසේත්ම නොනැමෙන අහංකාර ධුරාවලියක්. එහෙදි පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට සැලකුවෙ දෙකේ පන්තියට දාල. විශ්ව විද්‍යාල මහාචාරය වරුන් ලඟ විතරයි පරීක්ෂණාගාර වල යතුරු තිබුණේ. හවස පහෙන් පස්සේ පර්යේෂණ වැඩකරන්න ඕනෙනෙම් ඒකට හේතු පැහැදිලි කරල විශේෂ ෆෝරමයක් පුරවන්න ඕනැ. හැම දාම වගේ මට එය ඉටු කිරීමට සිද්ධ වුණා. ඒක මොනතරම් කරදරකාරී නිලධාරිවාදී පාලනයක්ද!?

පර්යේෂණ වලට අවශ්‍ය සමස්ථානික ද්‍රව්‍ය ලබාගන්න මට විටින් විට ඇමස්ටර්ඩෑම් නුවරට යන්න සිද්ධ වුණා. ඒ ගමන් වලිදි කෝපි කොප්පයක් බීමට සත 25කුත් දවල් කෑමට ගිල්ඩර 1.25කුත් වියදම් කරන්න මට අවසර තිබුණා. ඒ කාලේ ගිල්ඩර 1.25ක වටිනාකම ඇමෙරිකානු ඩොලරයකින් තුනෙන් පංගුවක් විතර ඇති. ඒත් කෝපි බීම සහ දවල් කෑම ගැන වෙන වෙනම බිල්පත් සැපයිය යුතුයැ’යි මට නියෝග කරලා තිබුණා. හැම තිස්සෙම වගේ කොපි බිව්වෙ කෑම කාලා නිසා නිසා මං ඇහුව කෝපි කෝප්පෙ මිලයි කෑම මිලයි දෙකම එකට සදහන් කරපු එක බිලක් විතරක් ඉදිරිපත් කරන්න මට පුළුවන්ද කියලා. මගේ දෙපාර්තමේන්තුවෙ ප‍්‍රධානියා මහාචාර්ය බ්ලේස් මට ලියුමක් ලියල කිව්ව ඔහේට සුඛොපභෝගී කෑම වෙලක් කන්න ඕනෙනම් ඔහේගෙම වියදමින් ඒක කරගන්න පුළුවන් කියලා.

ඉතිං MIT  එක වගේ තැනකට එන්න ලැබීම මොනතරම් වාසනාවක්ද. MIT එකේ මූලික අරමුණම ශිෂ්‍යන්ගේ පර්යේෂණ කටයුතුවලට අතහිත දෙන එක. ඉගෙන ගැනීමට උනන්දුකරන එක.’’

උසස් විද්‍යාඥයන් බිහිකීරීම මූලික අරමුණ කරගත් පර්යේෂකයන් පොළඹවන පරිසරයකින් යුත් MIT වැනි සුපතළ උසස් අධ්‍යාපන ආයතන රැුසක්ම අමෙරිකාවේ තිබෙනවා. විද්‍යා විෂයයන් සම්බන්ධයෙන් තවමත් වැඩිම නෝබල් ත්‍යාග ප‍්‍රමාණයක් ලබාගන්නේත් වැඩිම පේටන්ට් බලපත් සංඛ්‍යාාවකට හිමිකම් කියන්නේද අමෙරිකානු විශව විද්‍යාල වලින් බිහි වූ විදයාඥයන් වීම ඉතිං පුදුමයක්ද?

අමෙරිකාවේ කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ සඳහා වැඩිම මූල්‍යාධාර ප‍්‍රමාණයක් සැපයෙන්නේ රජයෙන්. විද්‍යා විරෝධී දේවගැති කල්ලිවල විවිධ බලපෑම් නිසා ජෝර්ජ් බුෂ්ගේ පාලන සමයේදී විද්‍යා කටයුතු වලට ලැබුන රාජ්‍යාධාර ප‍්‍රමාණය අඩුවුනා. එහෙත් 2007 දී අමෙරිකානු රජය විද්‍යා පර්යේෂණ වලට ඩොලරි බිලියන 130ක් වැය කළා. මේ අතරින් ආරක්ෂක කටයුතු ආශ‍්‍රිතව කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ හැරෙන කොට වැඩිම මූල්‍යාධාර ප‍්‍රමාණයක් යොදන්නේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ සඳහායි. ඒය වාර්ෂිකව ඩොලර් බිලියන 30කට ආසන්නයි. ජාතික විද්‍යා පදනම මෙහෙයවන විවිධ විද්‍යා පර්යේෂණ සඳහා වෙන්කරන ලද වාර්ෂික මුල්‍යාධාර ප‍්‍රමාණය ඩොලර් බිලියන5 ක් පමණ වෙනවා. ඒ හැරෙන විට බලශක්ති දෙපාර්තමේන්තුව, පරිසර සංරක්ෂණ ඒජන්සිය, ජාතික අභ්‍යවකාශ කටයුතු ආයතනය වැනි රාජ්‍ය ආයතනද තම තමන්ගේ ක්ෂේත‍්‍රවලට අයත් විද්‍යාත්මක සම්පරීක්ෂණ සඳහා වෙනම ආයෝජන වෙන් කරනවා. මීට අතිරේකව විශේෂ විද්‍යා ව්‍යාපෘති ස\හා ඇමෙරිකානු කොන්ග‍්‍රස් සභාව විශේෂ වැය ශීර්ෂද සම්මත කරනවා. මේ සා විශාල ආයෝජන ප‍්‍රමාණයක් සහතික කිරිමෙන් තොරව කිසිසේත්ම සංකීර්ණ විද්‍යාත්මක පර්යේෂණ ඉටු කළ නොහැකියි. මේ පර්යේෂණ වල ප‍්‍රතිඵලවල ඵල ප‍්‍රයෝජන අමෙරිකානු විද්‍යඥයන්ට පමණක් නොවෙයි අනෙකුත් රටවල විද්‍යාඥයන්ගේ අධයන කටයුතු වලටද අතිශයින් වැදගත්.

විද්‍යා පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් වෙන් කරන්නේ සිය පර්යේෂණ කටයුතු වල වැදගත් කම විස්තර කරමින් එක් එක් විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ව්‍යාපෘති යෝජනා මතයි. ආධාර සපයන ආයතන විෂය පිළිබඳ විශේෂඥ ස්වාධීන කමිටු වලට මේ යෝජනා ඉදිරිපත් කොට ඒ කමිටුවල නිර්දේශවලට අනුව යෝජනා වලට ලැබෙන ප‍්‍රමුඛත්වය තීරණය කරනවා. ඒ අනුව තත් වර්ෂය ස\හා වෙන්කර ඇති ආධාර මුදල් වලින් හැකි තරම් යෝජනා සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා දෙනවා. ඇතැම් පර්යේෂණ ස\හා පෞද්ගලික අංශයේද අධාර ලැබෙන මුත් පර්යේෂණ මගින් ලැබෙන දැනුම පොදු වස්තුවක් ලෙස සිය`ථ විදයාඥයන්ට භාවිත කල හැකි වනසේ බෙදා ගැනීමට හැකිව ඇත්තේ මහජන මුදල් වැය කොට පර්යේෂණ පවත්වාගෙන යාමට හැකි රජයේ මූල්‍යාධාාර ක‍්‍රමය නිසයි. මේ මූල්‍යාධාර නිසා පර්යේෂණ සඳහා අවශ්‍ය නවීනතම උපකරණ ලබා ගැනීමටත් පර්යේෂකයන්ගේ වැටුප් දීමනා මෙන්ම පර්යේෂණ සහායකයන් වශයෙන් යොදාගන්නා පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට සුදුසු දීමනා ගෙවීමටත් හැකි වී තිබෙනවා. මෙවැනි තිරසාර රාජ්‍යාධාර ක‍්‍රමවයක් නොවන්නට අමෙරිකානු එක්සත් ජනපදයේ වැදගත් විද්‍යා පර්යේෂණ කටයුතු මුලූමනින්ම ඇනහිටීමට ඉඩ තිබුනා. බොහෝ විද්‍යාත්මක පර්යේෂණ කටයුතුවල ප‍්‍රතිඵල වහා ලාභ ලැබිම සඳහා කඩිමුඩියේ යොදා ගැනීමට නොහැකි නිසා සැලකියයුතු මහජන අරමුදල් ප‍්‍රමාණයක් ආයෝජනය කිරීමෙන් තොරව කිනම් රටකටවත් විද්‍යාත්මක දැනුම දියුණු කර ගැනීමට නොහැකියි. අමෙරිකාවට මෙන් නොව වෙනත් බොහෝ රටවලට විශාල ප‍්‍රමාණයේ ආයෝජන විද්‍යා පර්යේෂණ සඳහා වෙන් කිරීම අසීරු කටයුත්තක්ි. මේ නිසා යුරෝපා සංගමය වැනි කලාපීය සංවිධාන තුළින් ඇතැම් රටවල් විද්‍යා දැනුම දියුණු කර ගැනීම පිනිස සාමූහික අරමුදල් යෙදීමට පෙළඹී තිබෙනවා.

2 Responses to “විද්‍යාත්මක දැනුම බොහෝවිට අමෙරිකානු පර්යේෂණ ආයතනවලින් බිහිවෙන්නේ ඇයි?”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: