විදු නැන නුවණ – Science Literacy for All

රබර් ජල නළයක් වේගයෙන් ඇරිය විට දඟලන්නේ ඇයි? නිව්ටන්ගේ තුන්වැනි නියමය

සර් අයිසැක් නිව්ටන්ගේ තුන්තරා නියාම අතරින් වඩාත්ම ප‍්‍රසිද්ධ නියාමය මෙය වුවද අනෙකුත් නියාම දෙක තරම්ම එය විශද යැ‘යි කිව නොහැකියි. ක‍්‍රීඩකයෙක් පාපන්දුවකට පහර දෙන විට පන්දුව මතට බලයක් යෙදෙන බව නිසැක නමුත් පන්දුව විසින් ඒ හා සමාන බලයක් ක‍්‍රීඩකයාගේ පහරට විරුද්ධව යොදනවායැයි කීම ඒතරම් පැහැදිලි දෙයක් නොවෙන බව අපට සිතෙන්නට පුළුවන්. සිටගෙන සිටින විට ඔබේ දෙපාවලින් පොළොවට විරුද්ධව යොදන තෙරපුම් බලය තරම්ම විශාල බලයක් පොලොවේ ගුරුත්වාකර්ෂණ බලයෙන් ඔබේ දෙපාවලටද යෙදෙනවා. බෝතලයක හිරවුණු ඉස්කුරුප්පු මුඩියක් ඇරීමට දෑත යොදා තැත් කිරීමේදී ඔබේ වමත එක් පසකට කර කවන විට ඊට විරුද්ධ දිසාවට දකුණතද කැරකෙනවා. තුන් වැනි නියමයෙන් කියවෙන අන්දමට සෑම විටම බලයන් යෙදෙන්නේ එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ වූ යුගල වශයෙනුයි. එහෙත් එකී බල යුගලයට අයත් බල දෙක කි‍්‍රයාකරන්නේ එකිනෙකට වෙනස් වස්තුන් මතයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් දෙපයින් යෙදෙන තෙරපුම් බලය පොළොවට යෙදෙන අතර පොළොවෙන් යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය දෙපයට යෙදෙනෙවා. මෙහිදී දෙපය සහ පොලොව එකිනෙකට වෙනස් වස්තූන් දෙකක්. පුටුවක වාඩි වී සිටින විට ඔබ පුටුව මතට තෙරපුම් බලයක් යොදන අතර පුටුවද ඒ සමාන බලයක් ඊට විරුද්ධව ඔබේ පස්සා පැත්තට යොදනවා.

මල් වලට වතුර දැමීමට ගන්නා රබර් නල ඔබ කොතෙකුත් දැක ඇති. දඟර ගැසී බිම වැටී ඇති එවැනි නලයක කරාමය වේගයෙන් ඇරියහොත් නලය වියරුවෙන් මෙන් දඟ කැවෙමින් විරුද්ධ අතට දුවන්නට තැත්කරන බවද ඔබ දකින්නට ඇති. එය සිදුවන්නේ නලයෙන් ජලය පිටවන බලයට සමාන බලයක් නිව්ටන්ගේ තුන්වැනි නියාමයට අනුව පිටවන ජලය විසින්ද එයට විරුද්ධව නලය දෙසටද යොදනු ලබන නිසයි.

බැලූ බැල්මට එසේ යෙදෙන විරුද්ධ බලයක් නොමැති වුවද රොකට්ටුවක් අභ්‍යවකාශයේ ගමන් කරන්නේ කෙසේදැයි නිව්ටන් ගේ මේ තුන්වැනි නියාමය මගින් කදිමට විස්තර කළ හැකියි. ඒ මෙසේයි. රොකට්ටුව ගමන්කරන්නේ එහි අඩංගූ දහන වායුව රත් වී ත්වරණයට ලක්ව රොකට් යානයේ පසුපස ඇති නොසලය හෙවත් තුණ්ඩයෙන් පිටතට නිකුත්වීමෙන්. නිව්ටන්ගේ පළමුවැනි නියාමයට අනුව වායුව ත්වරණයට ලක්වීමට නම් ඒ සඳහා කිසියම් බලයක් යෙදිය යුතුයි. ඒ බලය රොකට්ටුව විසින් යෙදිය යුතු බලයක් බව නිසැකයි. එහෙත් නිව්ටන්ගේ තුන්වැනි නියාමයට අනුව වායුව මගින් රොකට්ටුවටද ඒ හා සමානව, ඒ බලයට විරුද්ධ දෙසට බලයක් යෙදිය යුතු වෙනවා. මෙසේ විරුද්ධව යෙදෙනෙ බලය නිසා රොකට්ටුව ඉදිරියට ගමන් කරනවා. රොකට්ටුවක් අභ්‍යවකාශයේ ගමන් කිරීමත් තුවක්කූවකින් උණ්ඩයක් නිකුත්වීමත් එක සමාන ක‍්‍රියාවක්. මේ දෙකේදීම සිදුවන්නේ බලය එක පැත්තකට තෙරපෙන විට ඊට විරුද්ධ පැත්තට රොකට්ටුව හෝ උණ්ඩය විසිවී යාමය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: