ඔබේ සිරුරේ උස මනින විට කෙලින් සිටගෙන උස මනිනවාට වඩා අල්පයක් හෝ වැඩි අගයක් තිරස් අතට බිම දිගාවී ඔබේ උස මැන්නොත් ඔබට ලැබේවි. ඊට හේතුව ගුරුත්වාකර්ෂණයේ බලපෑමයි. තිරස් අතට දිගාවී සිටිනවාට වඩා කෙලින් සිටින විට ගුරුත්වාකර්ෂණයේ බලපෑම නිසා ඔබේ සිරුරේ සැකිල්ල පොළොවට ඇදී තෙරපී අල්ප මාත්‍රයකින් හෝ මිටිවෙයි. ඉතා ප්‍රවේසමෙන් මැන බැලොවොත් මෙය ඔබට හොඳින් බලා ගත හැකියි.
බිම මතට පතිත වෙමින් එන ඇපල් ගෙඩියක් සෘජුවම බිමට වැටෙන්නේ භෞමික ගුරුත්වාකර්ෂණය නිසා බව මුලින්ම පෙන්වා දුන්නේ අයිසැක් නිව්ටන් (1642-1727)නමැති මහා විද්‍යාඥයා. ඇපල් ගෙඩියක් ඉවතට වීසි කළ විට ගුරුත්වාකර්ෂණය නිසා එය චාපානුකූලව ගමන් කොට නැවත පොළොවට පතිත වෙනවා. වඩා වැඩි වේගයකින් ඇපල් ගෙඩිය වීසි කළත් එය කලින්ට වඩා වැඩිදුරකදී පොළොවට පතිත වෙන්නේ චාපානුකූල වු මාර්ගයක් ඔස්සේමයි. ඔය අන්දමින් ඉතාමත් ඉහළ වේගයකින් ඇපල් ගෙඩිය වීසි කළොත් එය පෘථිවිය වටා ගමන් කරන්නත් පුළුවන්. අප වාතයේ ඝර්ෂණය නොසලා හැරියොත් එසේ වරක් පෘථිවිය වටා ගමන් කරන ඇපල් ගෙඩියක් සදාකාලිකවම පෘථිවිය වටා වට රවුමක ගමන් කරමින් සිටින්නට පුළුවන්. ඇත්තටම බැලූවොත් චන්ද්‍රයාගේ ගමන සිදුවන්නේ මේ ආකාරටයි. පෘථිවිය වටා ගමන් කරන කෘතිම චන්ද්‍රිකාද නොකඩවා ගමනේ යෙදි සිටින්නේ ඊට සමාන ආකාරයකටයි. මෙහිදී සෘජු රේඛාවක් ඔස්සේ ගමන් කරනවා වෙනුවට චන්ද්‍රයා පොළොවට සමාන්තරව වක්රාකාරවූ මාර්ගයක ගමන් ගන්නේ චන්ද්‍රයා මත පෘථිවියෙන් යෙදෙන ගුරුත්වාකර්ෂණය බලය නිසයි. ඒ ගුරුත්වාකර්ෂණයමයි ඇපල් ගෙඩිය බිමට පතිත වීමටත් බලපාන්නේ. මේ අන්තර්ඥාණය සමග එතෙක් දෙව්ලොව වශයෙන් සැලකූනු ඛගෝලය සහ මිනිස්ලෝකය වශයෙන් සැලකුනු භූගෝලය අතර කාලාන්තරයක් තිස්සේ පැවැති කෘතිම බෙදුම අවලංගු වන බවද, ඒ දෙකම නවීන විද්‍යාත්මකව අධ්‍යනය කළ හැකි බවද නිව්ටන් පෙන්වා දුන්නා.
තවදුරටත් කරුනු විමසා බැලූ නිවිටන් ගුරුත්වාකර්ෂණ බලය යෙදෙන ආකාරය නිවැරදියට විස්තර කරන ගණිතමය සූත්‍රයද නිගමනය කොට ඉදිරිපත් කලා. එයට අනුව එක් වස්තුවකින් තවත් වස්තුවක් මත ඇතිවෙන ගුරුත්වාකර්ෂණ බලය තීරණය වන්නේ මුලික වශයෙන් කරුණු තුනක් මතයි. ඒ කරුණ තුන වෙන් වෙන් වශයෙන් ගත් වස්තු දෙකේ ස්කන්ධ ප්‍රමාණ සහ එකී වස්තු දෙක අතර ඇති දුර ප්‍රමාණයයි. මේ නිගමනය ගුරුත්වාකර්ෂණය පිලිබඳ වු නිවිටන්ගේ විශ්ව නියාමය යනුවෙන් මෙසේ හැඳින්වෙනවා.
ඕනෑම වස්තු දෙකක් එකිනෙක හා ආකර්ෂණය වෙයි. ඒ ආකර්ෂණ බලය එම වස්තු දෙකේ ස්කන්ධ දෙක වෙන්ව ගෙන වස්තු දෙක අතර ඇති දුර ප්‍රමාණයේ වර්ගයෙන් බෙදුවිට ලැබෙන ප්‍රතිඵලයෙන් සමානුපාතිකව පිළිබිඹුවේ.
මේ ගුරුත්වාකර්ෂණ නියාමයේ ප්‍රතිඵල බෙහෙවින් ආකර්ශනීයයි. බැලූ බැල්මටම විශාල ස්කන්ධයක් ඇති වස්තුවලට වැඩි ගුරුත්වාකර්ෂණ බලයක් ඇති බව පෙනුනත් මේ නියාමයට අනුව විශාල සහ කුඩා වස්තු අතර ඒ සම්බන්ධයෙන් විශේෂ වෙනසක් නැති බවයි කියන්නේ. පෘථිවියෙන් ඇපල් ගෙඩියට ආකර්ෂණ බලයක් යොදන නමුත් ඇපල් ගෙඩියද පෘථිවියට ආකර්ෂණ බලයක් යොදනවා. ඇත්තටම බැලූවොත් මේ බල දෙකම ප්‍රමාණයෙන් එකයි. ඇපල් ගෙඩිය පොළවට වැටෙන බව අප කියන්නේ පොළොවට වඩා බෙහෙවින් කුඩා ඇපල් ගෙඩියෙන් යෙදෙන බලයට අනුකූලව ඇපල්ගෙඩිය වැඩියෙන් ත්වරණයට ලක්වෙන බැවිනුයි. මෙහිදි ඇපල් ගෙඩිය අඩි 15 ක උසක සිට පොළොවට පතිත වන විට දැවැන්ත ස්කන්ධයක් ඇති පොළොවද පරමාණුවක න්යෂ්ථියක විෂ්කම්භය තරම් ඉතා අල්ප වූ ප්‍රමාණයකින් වුවද අනිවාර්යයෙන්ම ඇපල් ගෙඩිය දෙසට ආකර්ෂණය වෙනවා.
ගුරුත්වාකර්ෂණ නියාමයට අනුව විශ්වයේ ඇති සෑම වස්තුවක්ම මේ මොහොතේ ඔබ වෙත ගුරුත්වාකර්ෂණ බලය යොදනවා. ඒ අතරින් ඔබ කෙරෙහි වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් පාන්නේ පෘථිවිය වුවද ඈත ඈත අහසේ ඇති තාරකා, ගැලැක්සි මෙන්ම ඔබ අසලින් සිටින අයගෙන්ද ගුරුත්වාකර්ෂණ බලයක් ඔබ වෙත යොමුවෙනවා. කෙසේ වෙතත් ප්‍රායෝගික වශයෙන් ගත්තොත් ඔබ ආසන්නයේ ඇති ගොඩනැගිලි වලින් යොමුවන ගුරුත්වාකර්ෂණ බලයට වඩා වැඩි ගුරුත්වාකර්ෂණ බලයක් ඔබ වෙත යොමුවෙන්නේ ආකාශ වස්තු අතරින් දැවැන්ත සූර්යාගෙන් සහ අපට ආසන්නයේ පිහිටි චන්ද්‍රයාගෙන් පමණයි. අනෙක් ග්‍රහ වස්තු වලින් ඔබ ආසන්නයේ ඇති ගොඩනැගිලි වලින් ඇතිවෙන තරම් ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ. අනෙක් බොහෝ තරුණු අතර ජ්‍යෝතිෂයට විද්‍යාත්මක පදනමක් ඇති බවක් විද්‍යාඥයන් පිළිනොගැනීමට එක් සරල හේතුවක් වන්නේද එයයි.