මිනිස් ක්රියාකාරීකම් අතින් වැඩිම කාබන් ප්‍රමාණයක් වායුගෝලයට එක්වන්නේ යාන වාහන, යන්ත්‍ර සූත්‍ර ආදිය සඳහා අප විසින් දවා ලනු ලබන අති මහත් කාබනික ඉන්ධන ප්‍රමාණය මගිනි. වර්ෂ 2002 දී පමණක් අපවිසින් දවන ලද කාබනික ඉන්ධන නිසා වායුගෝලයට එක්වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් බිලියන 21 කි. මේ ප්‍රමාණයෙන් 41% ගල් අඟුරු දහනයෙන්ද, 39% ක් ඩීසල් සහ පෙට්‍රල් ආදී ඛනිජ තෙල් දැවිමෙන්ද තවත් 20% ක් ගෑස් වායු දැවිම නිසාද වාතයට එක්විය.
කාබනික ඉන්ධන දැවීමේදී ශක්තිය නිකුත්වන්නේ ඒවායේ අඩංගුව ඇති කාබන් සහ හයිඩ්රජන් නිසාවෙනි. මේ අතුරින් කාබන් දේශගුණ විපර්යාසයට වඩාත්ම හේතුවන බැවින් අධික කාබන් සංයුතියක් ඇති ඉන්ධන වර්ග මිනිසාගේ අනාගතය අවදානමට ලක් කිරිමේ ලා වැඩි තර්ජනයක් එල්ල කරයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ඇන්ත්රසයිට් නමින් හැඳින්වෙන තද කළු ගල් අඟුරුවල මුළුමනින්ම පාහේ ඇත්තේ කාබන්ය. හුදෙක් ඉන් ටොන් එකක් දැවීමෙන් වායුගෝලයට එක්වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් 3.7 කි.
ඛනිජ තෙල්වල ඇති එක කාබන් පරමාණුවකට හයිඩ්රජන් පරමාණු දෙකක් ඇත. කාබන් වලට වඩා වැඩි තාප ප්‍රමාණයක් හයිඩ්රජන් දැවෙන විට නිකුත්වන නමුත් මේ දහන ප්‍රතික්‍රියාවේදී හයිඩ්රජන් මගින් නිශ්පාදනය වන්නේ ජලය පමනි. මේ නිසා ගල් අඟුරු හා සමකල විට ඛනිජ තෙල් වලින් නිකුත් කරන්නේ අඩු කාබන් ප්රමාණයකි.
කාබනික ඉන්ධන අතුරින් අඩුම කාබන් ප්‍රමාණය නිකුත්වන්නේ මීතේන් ගෑස් වායුව දහනය කිරීමේදීය. මෙයට හේතුව මීතේන් අණුක ව්‍යුහයේ ඇති හැම හයිඩ්රජන් පරමාණු හතරකටම ඇත්තේ එක කාබන් පරමාණුවක් බැවිනි.
මේනිසා දේශගුණයට කෙරෙන බලපෑම පැත්තෙන් බැලූවිට ගල් අඟුරු හා ගෑස්වායු දහනය නිසා ඇතිවෙන හානිය එකිනෙකට බෙහෙවින් වෙනස්ය.
අචාර්ය ටිම් ෆ්ලැනරිගේ We are the weather makers නමැති පොතෙන්
I have been so belredwied in the past but now it all makes sense!