සැමට විදු නැන නුවණ – Science Literacy for All

වැඩිෙයන්ම උණුසුම් ඉන්දියන් සාගරයද

අප්‍රිකාවේ සාහෙල්(Sahel) ප්‍රදේශය වියැලෙන බවට මුල්ම සාක්ෂි දැක ගැනීමට 1960 ගනන් වලදී හැකිවිය. මධ්‍යම අප්‍රිකාවේ විශාල කොටසක් පුරා පැතිරෙන සාහෙල් ප්‍රදේශයට සෙනෙගාලය, නයිජීරියාව, ඉතියෝපියාව, ඉරිත්‍රියාව සහ සෝමාලියාවද අයත්ය. මේ ප්‍රදේශයේ වර්ෂාපතනය හිටි හැටියේම අඩුවී දැනට දශක හතරක් ගතවීඇත. නැවතත් සුපුරුදු මෝසම් වැස්ස සහෙල් පුදේශයට ලැබෙන බවට සැලකිය හැකි ලක්ෂණයක් තවම ඇතිවී නැත.

වර්ෂාපතනය අඩුවී යාමට පෙර වුවද සාහෙල් ප්‍රදේශයේ ජීවිතය ලෙහෙසි පහසු දෙයක් නොවීය. පස සරු වැසි සහිත පෙදෙස්වල ගොවිතැනින්යැපුණු ගොවීන්ගෙන්ද වැසිපල අඩු පෙදෙස්වල තැනින් තැන සැරිසරමින් ඔටුවන් ඇතිකල එ‍ඬේරුන් ගෙන්ද මේ ප්‍රදේශය යුක්ත විය. වර්ෂාපතණය හිටිවනම අඩුවීම මේ දෙකොට්ඨාශයටම තදින් බලපෑවේය. කලින් ඔටුවන්ට උලා කෑමට තිබූ පෙදෙස් නියම කාන්තාරයක් බවට පත්වෙමින් තිබූ අතර ගොවිතැන්කල පෙදෙස් තෙත් කිරීමට ප්‍රමාණවත් වැස්සක් නොවැටුනි. මෙහි ප්‍රතිඵල විටින් විට ලෝකයේ ජනමාධ්‍යය වලින් දිස්වුණු – කුසගින්නෙන් කේඬෑරිවූ ඔටුවන්ගේ සහ  දූවිල්ලෙන් පිරැණු නිසරු බිම්වල බලාපොරොත්තු සුන්ව අසරණ වූ ගොවීන්ගේ පින්තූර වලින්ද දැක ගන්නට ලැබුනි.

මේ ව්‍යසනයට හේතුව අධික ජනගහණය බව එකල බොහෝ විට කියැවින. දශක දෙක තුනක්ම බටහිර ලෝකයේ මතය වූයේ මේ නම් අප්‍රිකානුවන්ගේ නොසැලකිල්ල නිසා ඇතිවූ ව්‍යසනයක් බවයි. ඉවක් බවක් නැතිව ඔටුවන් විසින් තණ පැලෑටි ආහාරයට ගැනීම, දර සදහා ගහකොල කපා ගැනීම ආදිය නිසා ප්‍රදේශයේ තුනීව පැතිර ගිය ලඳු කැලෑව විනාශ වීම නිසා පොලොව නිරාවරණය වීම මෙයට මූලික හේතුව බව චෝදනා කෙරුනි. මිනිසුන් විසින් බිහි කරණ ලදැයි කියැවුණු මේ “ඉඩෝරය” දිග් ගැසුනි. නිරවරණය වූ පොලොවේ පස දූවිලි බවට පත් වී සුළඟින් ගසාගෙන ගියේය. බොහෝ පාරිසරිකයන්ගේද, ආධාර සංවිධාන වල නිලදරුවන්ගේද දෘෂ්ඨිය වූයේ එයයි. එහෙත් හැම ආකාරයකින්ම එය වැරදි අදහසකි.

අමෙරිකාවේ දේශගුණ විද්‍යාඥයන් විසින් මහත් ආයාසයක් ගෙන රැස්කල 1930 -2000 කාලසීමාව අතර සහෙල් ප්‍රදේශයේ වර්ෂාපතණ දත්ත උපයෝගී කරගෙන නිපදවූ පරිගණක මොඩලය (computer model) නිසා සහෙල් ව්‍යසනයට නියම හේතුව දැනගත හැකිවිය.

මිනිසුන්ගේ කටයුතු නිසා භුමියට සිදුව ඇති හානිය මේසා විශ්මය ජනක දේශගුණික වෙනසක් ඇති කිරීමට සමත් නොවන බව ‍පරිගණක මොඩලයෙන් අනාවරණය විය.  ඒ වෙනුවට හෙළිවුනේ මෙය සිදුවන්නේ එකම එක වෙනසක් නිසා බවයි, එනම් ඉන්දියානු සාගරයේ උෂ්ණත්වය වැඩිවීම නිසා, මෙය සිදුවු බවයි. හරිතාගාර වායු සාන්ද්‍රණය වැඩිවීම සාගරයේ උෂ්ණත්වය වැඩි වීමට හේතුවයි.

ලෝකයේ වඩාත්ම සීඝ්‍රයෙන් උෂ්ණත්වය වැඩිවන සාගරය ඉන්දියානු සාගරයයි. එය වඩා උණුසුම් වන විට  සාහෙල් පෙදෙසට මෝසම් වැසි ඇති කිරීමට අවශ්‍යය තත්ත්‍ව දුර්වල වේ. සාහෙල් කලාපය හිටිවනම වැස්සෙන් තොරවීමට හේතුව එයයි.

සහෙල් කලාපයේ මේ දේශගුණ විපර්යාසය අවසානයේදී මුළු ලෝකයටම බලපාන බවට දැනටමත් සාක්ෂි ලැබී තිබේ. ලෝකය පුරා වායුගෝලයේ අද සංසරණය වන දූවිල්ලෙන් අඩකට කිට්ටු ප්‍රමාණයක් හටගන්නේ අප්‍රිකාවේ ශුෂ්ක ප්‍රදේශවලින් බවත්, ඒ ශුෂ්ක බාවය කෙතරම් තදින් වායුගොලයට බලපාන්නේදැයි කිවහොත් වාතයේ ඇති සමස්ත දූවිලි ප්‍රමාණය තුන්ගුණයකින් ඉහලගොස් ඇති බවත් සොයාගෙන තිබේ.

වාතයේ ඇති දූවිලි වැදගත් කාර්ය භාරයක්ද ඉටු කරයි. දූවිලි අංශු නිසා සූර්ය ආලෝකය විසිරීම මෙන්ම අවශෝෂණයද සිදුවේ. මේ කාරණය නිසා  වායුගෝලයේ උෂ්ණත්වය යම් පමණකට අඩුකිරීමටද දූවිලි හේතුවෙයි. එමෙන්ම මේ දුවිලි අංශු  සාගර හා දුරබැහැර පෙදෙස්  කරා ප්ලැන්ක්ටන් හා ශාක පැලෑටි ආදීනට අවශ්‍ය පෝෂ්‍යයදායී ආහාර ද්‍රව්‍යය සංසරණය කරයි. වායුගෝලයේ දුවිලි ප්‍රමාණය අධික වීම නිශ්චය වශයෙන්ම දේශගුණය කෙරෙහි කෙසේ බලපාන්නේදැයි තවමත් කිව නොහැකි නමුත් එසේ අධික ධුවිලි ප්‍රමාණයක් ඇති විමට නම් දේශගුණ විපර්යාසය හේතුවන බව නිසැකය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: