විදු නැන නුවණ – Science Literacy for All

නොදුටු ග‍්‍රහතරු ගෙන එන නාසා (NASA) නවතම අභ්‍යවකාශ දුරේක්‍ෂය

ඉමහත් ප‍්‍රසිද්ධියක් ලැබෙන ජේමිස් වෙබ් අභ්‍යවකාශ ටෙලස්කෝපය බහීර්ග‍්‍රහ විද්‍යාව විප්ලවීය වෙනසකට ලක්කරතැයි අපේක්‍ෂා කෙරේ.

වැඩි කලක් නොව මෙයට වසර විස්සකට පෙර ගත්තොත් විශ්වයේ අප දැන සිටි ග‍්‍රහයන් සංඛ්‍යාව අත් පා දෙකෙහි ඇඟිලි වලින් ගැන මැන බැලීමට පුළුවන්කම තිබුණි. ඒවායේ නම් පවා අපට මතකයෙන්ම කිව හැකිවිය. එහෙත් අද කැල්කි්‍යුරේටරයක් හා ක්‍ඍ පොතක් නොමැතිව එය කළ නොහැකි වේ. අපේ ක්‍ඍ පොත පිරී යන්නේ බහීර් ග‍්‍රහයන් දහස් ගණනිනි. ඒ වදිවට, තවත් එවැනි බහීර්ග‍්‍රහයන්  – ඒ කියන්නේ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් බාහිර තරු වටා ගමන් කරන ග‍්‍රහයන් – තවත් දස දහස් ගණනින් සෙවීමට තාරකා විද්‍යාඥයෝ පෙළ ගැසී සිටිති.

මේ නුහුරු අළුත් ලෝක බොහොමයක්ම අධික උෂ්ණත්වයෙන් යුතුය. සැප විහරණය නොසපයන වාසයට නුසුදුසු ස්ථානය. එමෙන්ම, එකිනෙකට බෙහෙවින්ම වෙනස් විවිධාකාර වායුගෝලයන්ය. එසේ වුවත් සමහරක් අපේ පෘථිවියේම සුවිසාල අනුපිටපත් බඳුය. ඒ කියන්නේ පාෂාණමය, සෞම්‍ය සමගීතෝෂණ සුපිරි පෘථිවිය වේ. ප‍්‍රමාණය, ස්කන්ධය හා කක්ෂය යන මුලික සාධක ගතහොත් මේ බහීර්ග‍්‍රහයන්ගෙන් අතළොස්සක් පෘථිවියේ ඡායා පිටපත් සේ දැකිය හැකිය. සංඛ්‍යා ලේඛන දැඩිසේ ඉඟිකරන්නේ සෑම තාරකාවක් වටාම ග‍්‍රහයන් ගමන් කරන බවකි. කොටින්ම, පෘථිවිය බඳු ආසන්නම ග‍්‍රහයා ආළෝක වර්ෂ විස්සකට තිහකඩ වඩා ඈතක නොවේ යයි ද ඉඟි කෙරේ. විශ්වයේ විශාලත්වය ගත් කළ අල්ලපු වත්තේ සිටිනා තරම් ළගපාතකය. එහෙත් ග‍්‍රහ ගවේෂකයන් මෙවැනි අද්භූත නිවුන් ලෝක පවතින බවක් ස්ථිරසාරවම දන්නේ නැත. ඔවුන් ඒවා කවදා කෙලෙස සොයා ගනීවිද යන්න තීරණය වන්නේ, ගෙට අනිද්දා ගන්නා තීරණ මතය.

මේ සම්බන්ධයෙන් සිත් අළවන සොයා ගැනීම් අතුරෙන් බොහොමයක් ලැබී ඇත්තේ නාසා ආයතනයේ ග‍්‍රහ ගවේෂක කෙප්ලර් මෙහෙයුමෙනි. එහෙත් පහසුවෙන් පසුවිපරම් කිරීම දුෂ්කරවන අයුරින් එම දුරේක්‍ෂයෙන් පෙන්නුම් කරන ලෝක අ`දුරුය. පිහිටි දුර වැඩිය. කෙප්ලර් මෙහෙයුමේ අළුත්ම අදියර වන K2 මගින් දැන් වඩාත් ආසන්නයේ පිහිටි දීප්තමත් ගැන සොයා බලනු ලැබේ. එහෙත් එම ගවේෂණය මගින් වැඩිදුර ගමනක් යා හැකිවන්නේ 2017 වසරේ සිටය. ඒ කෙප්ලර් අනුප‍්‍රාප්තික මෙහෙයුම ක‍්‍රියාත්මක කළවිටයි. සංක‍්‍රාන්තික බහීර්ග‍්‍රහ සමීක්ෂණ චන්ද්‍රිකාව (Transiting Exoplanet Survey Satellite – TESS)යනුවෙන් නම් කර ඇති මෙම මෙහෙයුම මගින් ද සිය සූර්යයා හරහා ‘සංක‍්‍රමණය‘ වන අදුරු ලෝක ගැන සොයා බලනුලැබේ. ටෙස් (TESS) මගින් අසල්වැසි ග‍්‍රහයන් දහස් ගණනක් සොයා ගැනීමට බොහෝ ඉඩකඩ ඇති අතර ඉන් සිය ගණනක් කුඩා පාෂාණමය ඒවා විය හැකිය. මේ කුඩා පාෂාණමය ග‍්‍රහයන්ගෙන් ස්වල්පයක් තමන් කක්ෂගතව සිටින අඳුරු ඵ වාමන තාරකාවල එළියෙන් ප‍්‍රමාණවත්ව නැහැවෙන නිසා ඒවායේ මතුපිට ජලය ද්‍රව ස්වරූපයෙන් තිබෙනු ඇත. ඒ කියන්නේ, ජීවයට සුදුසු හෝ දැනටමත් ජීවය ඇති අසල්වැසි ග‍්‍රහයන් අතලොස්සක් සොයාගනු ලබන බවයි. ඒවා ගැන තවදුරටත් අධ්‍යයනය කිරීමට නම් තාරකා විද්‍යාඥයන්ට දුර සිට ඒ සෑම ලෝකයකම වායුගෝලය නිරීක්‍ෂණය කිරීමට, වර්ණාවලීක්‍ෂයක් (ආකාශ වස්තූන්ගෙන් නිකුත් කෙරෙන කිරණ විශ්ලේෂණය කිරීම සඳහා යොදා ගන්නා උපකරණයකි) මගින් ජලවාෂ්ප හා කාබන්ඩයක්සයිඞ් සහිත සෞම්‍ය දේශගුණයක් ඇත්දැයි හඳුනාගැනීමට හා ශාකවල ප‍්‍රභාසංශ්ලේෂණය හේතුවෙන් ඇතිවන ඔක්සිජන නිසා හෝ බැක්ටීරියාවෙන් ඇතිවන මීතෙන් නිසාවෙන් ජීවයක ලකුණු පවා ඇත්දැයි දැනගැනීමට ක‍්‍රියාකිරීමට සිදුවේ.

2020 ගණන් වන විට මීටර් 30කට හෝ ඊට වැඩි විෂ්කම්භය සහිත දර්ශණ ඇති, භූමිය පාදක කරගත් සුවිසාල දුරේක්‍ෂ ප‍්‍රයෝජනයට ගත හැකිවේ. ටෙස්  සහ වෙනත් මෙහෙයුම් මගින් සොයාගනු ලබන ඉතා දීප්තිමත්ම මෙන්ම ඉතා ආසන්නතම, වාසයට සුදුසුකම් ඇති බහීර් ග‍්‍රහයන් කිහිපදෙනෙකු ගැන සොයා බැලීමට උදව් කර ගත හැකිවේ. එහෙත් ජීවයක ලකුණු ඇත්දැයි සොයා බැලීමට සුදුසුම ස්ථානය අභ්‍යවකාශය බව තාරකා විද්‍යාඥයන් අතර පොදු පිළිගැනීමයි. ඉතින් නුදුරේදී ටෙස් මාර්ගයෙන් සිදුකෙරෙන සිත් ආකර්ශණීය සොයාගැනීම් ගැන පසු විපරම් කිරීම සඳහා බලාපොරොත්තු විය හැකි එකම මෙහෙයුම නාසා ආයතනය මගින්, 2018 දී දියත් කිරීමට නියමිත ඩොලර් බිලියන 9 කට ආසන්නව වැයවෙන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ ටෙලස්කෝපය ම  පමණකි.

‘M වාමන තාරකා වටා කක්ෂ ගත, උණුසුම්, සුපිරි පෘථිවි ආකාර ලෝකවල වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ්, මීතේන් සහ ජල වාෂ්ප වැනි අණු මැනීමට අපට වෙබ් දුරේක්ෂය යොදා ගත හැකිවෙනු ඇතැ‘ යි අභ්‍යවකාශ දුරේක්ෂ විද්‍යා  ආයතනයේ ව්‍යාපෘති විද්‍යාඥ ජේසන් කලිරායි පවසයි.

Scientific American හි  NASA’s Next Space Telescope Promises the Stars—and Planets, Too   ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: